ඉම්රාන් ඛාන් ඉල්ලා අස්වීමට ජාතිය අැමතීමට සූදානම්?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට විපක්ෂය විසින් ගොනු කළ විශ්වාසභංගයේදී පාර්ලිමේන්තුවේ බහුතර බලය විපක්ෂය වෙත ප්‍රකාශ වී තිබෙනවා.

    මේ හේතුවෙන් අද සවස ජාතිය අමතා සිය තනතුරින් ඉල්ලා අස්වීමටයි පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත්තේ. මේවන විට පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මූලිකත්වය දරන විශේෂ කැබිනට් රැස්වීමක් ද පැවැත්වෙනවා.

    පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා රට බරපතල වශයෙන් අගාධයකට ඇද දැමූ බව පවසමින් පකිස්ථාන ප්‍රධාන විපක්ෂය වන මුස්ලිම් ලීගය ප්‍රමුඛව අනෙක් දේශපාලන පක්ෂ මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආවා. මේවන විට ලොව වැඩිම උද්ධමන වේගය ඇති රටවල් අතර 11 වන ස්ථානයේ පසුවන පකිස්ථානය අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පාලනය යටතේ දැඩි ලෙස චීනයට නැඹුරු ප්‍රතිපත්තියක් අනුගමනය කළා.

    කෙසේවෙතත් පකිස්ථාන මාධ්‍ය වාර්තා කරන්නේ එරට ඊළග අගමැතිවරයා බොහෝ විට පකිස්ථාන මුස්ලිම් ලීගය නියෝජනය කරන නායකයෙකු විය හැකි බවයි. කෙසේවෙතත් මේ දක්වා නව අග්‍රාමාත්‍යවරයා කවුරුන් ද යන්න ඉඟි පළවී නැහැ
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඒකට අපේ රටේ පකයලට තවම මල් තියල වදිනවා අපේ උන්..

    තව කෙලවුනා මදි කියන්නේ ඒකනේ
    සාටකයක් දිහා හැරිලා බලන්නේ නැතිවෙන්න කෙලවෙන්න ඕනි
    නැත්තං නාමලයත් ජනාධිපති වෙනවා 😞
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    තව කෙලවුනා මදි කියන්නේ ඒකනේ
    සාටකයක් දිහා හැරිලා බලන්නේ නැතිවෙන්න කෙලවෙන්න ඕනි
    නැත්තං නාමලයත් ජනාධිපති වෙනවා 😞
    වෙනෝ නෙවෙයි, වෙලා නවතින්නේ නාමල් ජනාදිපති වෙලා කවද හරි,
    ඒ එක්කම මීහරක් පුතා සජියත් මේ රටේ ජනාදිපති වෙනවා අනිවාර්යයෙන් කවද හරි.. බොරුද බලපන්..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,092
    113
    Dubai
    පාකිස්තානේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.. :lol: