ඉරාජ් සහ කාන්තා සමලිංගිකත්වය
ඉරාජ්ට දශක ගණනකට කලින් කාන්තා සමලිංගිකත්වය ගැන ගී ලියූ ප්‍රේමකීර්ති
මේ දවස්වල ඉරාජ්ගේ ගීයක් ගැන කතා වෙනවානේ. ගිනියම් රෑ ලෙස නම් කර ඇති එම සංගීත වෙළඳ භාණ්ඩය සමග ආ වීඩියෝවෙහි කාන්තා සමලිංගික දර්ශන ඇතුළත් වන බවක් කියවෙනවා. මමත් ඒක ටිකක් බැලුවා. මට නම් ඒක කිසිම හැඟීමක් නො දැනෙන, මොන ම කලා රසයක්වත් නැති නියඟලා අලයක් වගේ බඩකඩුත්තුව ඇති කරන මගුලක්.
මම නම් හිතන්නේ ස්ත්‍රී සමලිංගිකත්වය සිංහල ගීතය විසින් ස්පර්ශ කළේ මීට දශක ගණනාවකට කලින් කියලායි. ඒ මෙන්න මේ ගීතයෙන්.
ආදර සුබා වාසනා වේවා
ඔහු ඒවි ඔබ යාවි පතිනිය වී
ඔබෙ යෙහෙළි තනි වේවි මුකුළිත වී
බාල වියේ සිහින ලොවේ මේ ගුරු පාරේ
දෑත බැඳන් පිය මැනලා එකට පාසලේ
අකුරු කියවලා
අතුරු මිතුරු වී
හා හා
තරුණ වියේ අමොද සුවේ පාවෙන මොහොතේ
කඳුළු බිඳී දෙනෙත තෙමී එය තුටු පහනේ (ඇහෙන විදියටයි ලිව්වෙ)
නැවත එනු සොයා
දෙදෙන තිදෙන වී
මා සොයාලා
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: සරත් බාලසූරිය
ගායනය: ශ්‍රීමතී තිලකරත්න
මෙය සමස්තයක් ලෙස ගත් විට එතරම් හොඳ ගීත රචනයක් නෙමෙයි. සක්ක පද, ප්‍රහේලිකා ලක්ෂණ ආදිය තිබුණාට පහත සඳහන් මාර්ගෝපදේශ ඔස්සේ මේ ගීතය ගැන හිතන්න ය කියලා මම ඔබට ආරාධනා කරනවා.
යෙහෙළිය මුකුළිත වන්නේ ඇයි? තුරුණු වියේදී සාමාන්‍ය යෙහෙළියක විවාපත් වීම දරා ගත නො හැකි තරම් ශෝකය දනවන සිදුවීමක් නො වේ.
පළමුවෙනි අන්තරා කොටසේ අකුරු කියවලා - අතුරු මිතුරු වී කියලා ඊට පස්සෙ අර හා හා කියන්නෙ මොක ද? එය වර්තමාන ඉංග්‍රීසි ව්‍යවහාරයේ එන බ්ලා බ්ලා වැනි පදයක් විය හැකි ය. නැතිනම් වචනයෙන් කිව නො හැකි දෙයක් ගැන යොදන හඬක් විය හැකි ය.
දෙවන අන්තරා කොටසෙහි යෙදෙන‘අමොද’ යනු සංස්කෘත ‘ආමෝද’ යන වදනින් බිඳ ගත් වචනයකි. එහි අරුත පී‍්‍රතිය, සතුට, සොම්නස යනාදියයි. තුරුණු වියේ අමොද සුවේ පාවීම යනු කුමක් ද? කඳුළු බිඳී දෙනෙත තෙමී එය තුටු පහනේ යන යෙදුම නම් සක්ක පද යෙදූ අපැහැදිලි ප්රකාශනයකැයි මට සිතේ. එහෙත් ඒ මට ඇසුණු හැටියට ය.
ස්ත්‍රී සමලිංගිකත්වය ගැන වර්තමානයේ තරම්වත් කතා කළ නො හැකි ඒ කාලේ මෙවැනි පෙම්වතියන්ගේ උරුමය වෙන් වීම විතරමයි. එහෙම වෙන් වෙලා සාමාන්‍ය විෂම ලිංගික නීරස කුටුම්බයට හැඩගැසෙන්නට ඔවුන්ට සිදු වෙනවා. අවසානයේදී ඉතිරි වන්නේ සාමාන්‍ය මිතුරුකමක් විතරයි. ඒකවත් ඉතිරි කර ගනිමු කියලා යි මේ ශෝක භරිත පෙම්වතිය කියන්නේ.
w3lanka.com