ඉරාන මුහුදු බෝම්බ

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඉරාන මුහුදු බෝම්බ

    BJTMHGv.jpg

    Iran Ajr හෙවත් කලින් Arya Rakhsh නමින් හැදින්වූ ජපානයේ නිපදවු උභයචර ගොඩබැසීමේ නෞකාව ඉරාන-ඉරාක යුද්ධයේදී ඉරානය යොදාගත්තේ පර්සියන් බොක්කේ මුහුදු බෝම්බ ඇතිරීමටයි.ටොන් 614ක් බර මීටර් 54ක් දිග මෙම නෞකාව ලෝක අවධානය දිනාගත්තේ Operation Earnest Will නම් මෙහෙයුමේ රහසිගත කොටසක් ලෙස ක්‍රියාත්මක වූ Operation Prime Chance මෙහෙයුම අතරතුර ඇමෙරිකාවේ භාරයට පත්වීමයි.පර්සියන් බොක්ක ආශ්‍රිත මුහුද ඔස්සේ යාත්‍රා කරන ඇමෙරිකානු තෙල් නෞකා ආරක්ෂා කිරීම ඇමෙරිකානු මෙහෙයුමේ කාර්යය විය.

    tGL0d5t.jpg

    1987 සැප්තැම්බර් මස 21 දා මෙම නෞකාව ඉරාන මුහුදු තීරයෙන් එපිටට යාත්‍රා කරනවා එක්සත් ජනපද හමුදා නිරීක්ෂණය කලෝය.ඇමෙරිකානුවන් වහාම හමුදා හෙලිකොප්ටර් එම ප්‍රදේශයට යවන ලදි.ඒවාහි සිටි නිරීක්ෂකයෝ දුටුවේ Iran Ajr නෞකාව පර්සියානු බොක්කේ මුහුදු බෝම්බ අතුරන බවයි.ඉන්පසු පර්සියානු බොක්කේ එක්සත් ජනපද අණදෙන නිලධාරියා නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේ වහාම බෝම්බ ඇතිරීම වළක්වන ලෙසයි.නියෝග අනුව ක්‍රියාත්මක වූ ඇමෙරිකානු හෙලිකොප්ටර්වල සිටි භටයන් නෞකාවට වෙඩි තබන ලදි.එහිදී නෞකාවේ සිටි ඉරාන නාවිකයන් කිහිපදෙනෙක් මියගියේය.ඉතිරිය මුහුද පනින ලදි.Navy SEAL කොමාන්ඩෝ සෙබලුන් නැවට ඇතුලුවී මුහුදු බෝම්බ තිබෙන බව තහවුරු කරන ලදි.එහි සිටි ඉරාන ජාතිකයන් ඇමෙරිකානු අත් අඩංගුවට පත්විය.

    1987 සැප්තැම්බර් මස 26 දා SEAL කණ්ඩායම විසින් ජාත්‍යන්තර මුහුදේදී මෙම නෞකාව ගිල්වා දමන ලදි.අත් අඩංගුවට පත්වූවන් ඕමාන් ගුවන් තොටුපොලකදී ඉරාන C-130 ගුවන් යානයකට භාර දෙන ලදි.​

    16qCbzA.jpg
    USS Samuel B. Roberts (FFG 58) නෞකාව​

    1988 වසරේ අප්‍රේල් මාසයේදී USS Samuel B. Roberts (FFG 58) නෞකාව මුහුදු බෝම්බයට අහුවූ අතර එම ස්ථානයේදී හමුවූ පිපිරී නොගිය බෝම්බවල කාණ්ඩ අංක Iran Ajr නෞකාවේ තිබී හමුවූ බෝම්බවලට සමාන වන බව පුපුරණද්‍රව්‍ය විශේෂඥයින් විසින් සොයාගන්නා ලදි.ඒ සමග ඊට ප්‍රතිචාර ලෙස 1988 අප්‍රේල් 18 දා එක්සත් ජනපද විසින් Operation Praying Mantis නමින් ඉරානයට එරෙහිව යුදමය ක්‍රියාමාර්ගයක් ගන්නා ලදි.


    ඉරාන සතුව තිබූ මුහුදු බෝම්බ අතුරන Iran Ajr නෞකාව - 1987 සැපැතැම්බර් මස 22

    7YLKEra.jpg





    Iran Ajr නැව් තට්ටුව මත මුහුදු බෝම්බ තිබෙන අයුරු

    latH4WY.jpg





    ඇමෙරිකානු නාවිකයෝ ඉරාන නෞකාවට ඇතුලුවන අයුරු -1987 සැප්තැම්බර් මස 22

    3LFHkyO.jpg





    ඉරාන Iran Ajr නෞකාව සහ ඇමෙරිකානු නාවිකයන් පැමිණි බෝට්ටුවක්

    qXUoOef.jpg





    M-08 වර්ගයේ මුහුදු බෝම්බ Iran Ajr නෞකා තට්ටුවේ තිබෙන අයුරු

    dPzcjYY.jpg





    M-08 බෝම්බ වල සමීප දර්ශනයක්

    tyL9Kn6.jpg




    එක්සත් ජනපද නාවික හමුදා මුර සංචාරක බෝට්ටුවක්(Mark 3 ) වෙතට ඉරාන ජාතිකයන් ගෙන්වා ගන්නා අයුරු

    kCLytyL.jpg





    Mark 3 බෝට්ටු දෙකක්

    e9KdtkS.jpg





    මුර සංචාරක Mark 3 බෝට්ටුවක් ජීවිතාරක්ෂක පහුරක් අසල

    fqr26iQ.jpg





    ඉරාන නෞකාවේ සිට ගෙන ආ ඉරාන ජාතිකයෙන් සමග USS Raleigh (LPD 1) නෞකාවේ සිටින සන්නද්ධ ඇමෙරිකානු නාවිකයෙක්

    MVJ4rLb.jpg




    USS Raleigh (LPD 1) නෞකා තට්ටුවේ නවත්වා ඇති CH-46 හෙලිකොප්ටරයක් වෙත ඉරාන සිරකරුවන් ගෙන යන සන්නද්ධ නාවික සෙබලුන්​

    CJgiZHz.jpg


    wJy2ATU.jpg





    ඉරාන සිරකරුවෙකුට වෛද්‍යාධාර සපයන ඇමෙරිකානු නාවිකයෝ

    xENChFi.jpg





    සන්නද්ධ ඇමෙරිකානු නාවිකයෝ ඉරාන සිරකරුවන් USS Raleigh (LPD 1) නෞකාවේ තට්ටුව වෙත ගෙන යන අයුරු

    DHqPYLy.jpg





    ඉරාන සිරකරුවන් CH-46 හෙලිකොප්ටරයකට ගෙන යන අයුරු

    16Cpkaw.jpg





    හෙල්මට් සහ ශ්‍රවණාරක්ෂක පළඳවා සිටින ඉරාන සිරකරුවන් හෙලිකොප්ටර් ආධාරයෙන් La Salle නෞකාවට ගෙන යෑමය සූදානමින්

    rzKZPy6.jpg





    La Salle නෞකාවේ තට්ටුව මතට ගෙන ආ ඉරාන සිරකරුවන්

    ATAGNHn.jpg





    ඉරාන සිරකරුවන් La Salle නෞකා තට්ටුව මත

    5CWZgrO.jpg





    ඉරාන සිරකරුවන් La Salle නෞකාවේ

    uKA5JTt.jpg





    ඉරාන සිරකරුවන්ට La Salle නෞකාව තුල පහසුකම් සලසා ඇති අයුරු

    HVYNtuK.jpg


    2OG3KgD.jpg




    Source:Navybook.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: asylum and PDUT

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලංකාවේ මෙහෙයුම් ගැන හොයාගන්න පුළුවන් කමක් නැද්ද ...... අපිට මේ වගේ දැනුම ලබාදෙන අතරම ..........

    කලින් රේප් දීලා නිසා වටේ ගිහින් එන්නලු
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    good post rep add
    Thanks :)

    Thanks :)

    Thanks :)

    ලංකාවේ මෙහෙයුම් ගැන හොයාගන්න පුළුවන් කමක් නැද්ද ...... අපිට මේ වගේ දැනුම ලබාදෙන අතරම ..........

    කලින් රේප් දීලා නිසා වටේ ගිහින් එන්නලු
    Thanks :)

    :no::no:
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    උබට රෙප් දෙන්න බෑලු මචන් :no: .. ගොඩාක් ස්තූතියි ලිපියට :) ..
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    TFS machan
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.