ඉවසන්න බැරි-ව හිටපු ගුවන් සභාපති
[FONT=Malithi_Web]පැය 1 1/2 ක් ඉවසන්න බැරිව හිටපු සභාපති ගුවන් යානයක් හරවා සිංගප්පූරුවට ගෙන්වා ගත්තා - ශ්‍රී ලංකන් මෙහෙයුම් කළමනාකරු කියයි
[/FONT][FONT=Malithi_Web]
ශිS්‍ර ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ගුවන්තොටුපලේ විනාඩි 90 ක් බලා සිටීමට නොහැකිව 2014 ජනවාරි 14 වැනිදා මැලේසියාවේ ක්‌වාලාලාම්පූර් නගරයේ සිට කොළඹ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් හරවා සිංගප්පූරුවට ගෙන්වා ගත් බවත් තමාගේ රාජකාරී කාලසීමාවේ එවැනි සිදුවීමක් කිසිවිටෙකත් සිදුව නැති බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් පාලන කළමනාකරු ගෝපිත ඉන්ද්‍රජිත් රණසිංහ මහතා කීවේය.
ගුවන් යානා මෙහෙයුම් කටයුතුවලට සභාපතිවරයෙක් මැදිහත් වීම සාමාන්‍යයෙන් සිදු නොවන දෙයක් බව ද ශ්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් රණසිංහ මහතා ඊයේ (08) හෙළි කළේය.
ඉතා වැදගත් රජයේ නියෝජිත කණ්‌ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින බව කියා එම ගුවන් යානය හරවාගෙන නිශාන්ත වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවට ගෙන්වා ගත් බවද එහෙත් පසුව අනාවරණය වූයේ එම ගුවන් යානයේ සිංගප්පූරුවේ සිට පැමිණ ඇත්තේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, ඔහුගේ බිරිඳ සහ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා පමණක් බව යෑයිද හෙතෙම කියා සිටියේය.
තමාගේ දැනුම අනුව ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් ගුවන් යානයක් ඉක්‌මනින් සිංගප්පූරුවට එවන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ඉල්ලීමක් කර නොතිබූ බවද අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතා විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ගෝපිත ඉන්ද්‍රජිත් රණසිංහ මහතා කොමිසමට කීවේය.
රජයේ නියෝජිත කණ්‌ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට සිටින බව කීවත් නිශාන්ත වික්‍රමසිංහ මහතා ඒ කවුදැයි ප්‍රකාශ නොකළ බවද ඒ නිසා රජයේ වැදගත් නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්‌ෂාවෙන් සිංගප්පූරුවේ සිටින බව තමා ඇතුළු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් සිතූ බවද රණසිංහ මහතා කීවේය.
එදින සිංගප්පූරුවට යැමට නියමිතව තිබූ යූ. එල්. අංක 306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය ඉන්ධන කාන්දුවක් නිසා ගුවන්ගත වීමෙන් පසු නැවත කටුනායක ගුවන් තොටුපළට පැමිණීම නිසා යම් ප්‍රමාදයක් වූ බවත් ඒ බව සිංගප්පූරුවේ සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නේවාසික කළමනාකරු මගින් නිශාන්ත වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බවත් රණසිංහ මහතා කොමිසමට කීවේය.
ඉංජිනේරු අංශයේ නඩත්තු කටයුතුවලින් පසු යූ. එල්. 306 ගුවන් යානයේ ඉන්ධන කාන්දුවක් නොමැති බව තහවුරු කර ගැනීමෙන් පසු නැවත එම ගුවන් යානය සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ බවත් රණසිංහ මහතා සඳහන් කළේය.
එහිදී ඉක්‌මනින්ම එවිය හැකි ගුවන් යානය සිංගප්පූරුවට එවන ලෙස හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බවත් ක්‌වාලාලම්පුර් නුවර සිට කටුනායකට සෘජුව පැමිණෙමින් තිබූ ගුවන් යානය හරවා සිංගප්පූරුවට යෑවීමට සිදු වූයේ වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව බවත් සාක්‌ෂිකරු කීවේය.
මේ අනුව තමන් සතුව පැවති විකල්ප දෙකෙන් හොඳම විකල්පය වූයේ නියමිත ගුවන් යානය (යූ. එල්. අංක 306) සිංගප්පූරුවට ගිය පසු නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසට ගුවන් ගමන සඳහා පහසුකම් සැලසීම වුවත් එම විකල්පය වෙනුවට දෙවන විකල්පය එනම් ක්‌වාලාලම්පුර් සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ ගුවන් යානය සිංගප්පූරුවට ගොඩ බස්‌වා නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස ගෙන්වා ගැනීමට සිදු වූ බවද ඒ සඳහා ගුවන් සමාගමට අතිරේක වියදම් දැරීමට සිදු වූ බවද සාක්‌ෂිකරු කීවේය.
ප්‍රමාද වී පැමිණෙන යූ. එල්. අංක 306 දරණ යානය පැමිණෙන තෙක් නොසිට යූ. එල්. අංක 319 දරණ ක්‌වාලාලම්පුර් සිට පැමිණෙමින් තිබූ ගුවන් යානය හරවා සිංගප්පූරුවට ගෙන්වා ගත්තේ විනාඩි 90 ක (පැය එකහමාරක) වාසියකට බවද සාක්‌ෂිකරු කොමිසම කළ ප්‍රශ්න කිරීම්වලදී පිළිගත්තේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[/FONT]

ගහපල්ල අප්පුඩියක් පොන්න රනිලට..