ඉස්කෝලෙදි ඉගෙන ගත්තු බොරු 10ක්!

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
අපට අපි අවට පරිසරය දැනෙන්නේ ඉන්ද්‍රියන් පහකින් කියල තමයි අපට ඉස්කෝලේ උගන්වන්නේ. විද්‍යාවට වගේ ම බෞද්ධ ළමයින්ට නම් බුද්ධාගමටත් උගන්වනවා ඇස, කණ, නාසය, දිව, ශරීරය කියල ඉන්ද්‍රියන් පහක් ගැන. ඒ අතර සමහරු ගොඩක් උනන්දුයි ‘6 වන ඉන්ද්‍රියක්’ ගැන. (6th Sense කියල චිත‍්‍රපටියකුත් තියනේනෙ) ඒත් ඇත්තට ම නම් 6ක් නෙවෙයි අපට අඩු තරමේ සංවේදන වර්ග 9ක් විතර දැනෙනවා. සමහර විද්‍යාඥයෝ කියන විදියට නම් මේක 21ක් විතර වෙන්නත් පුළුවන්.
මේ පංචේන්ද්‍රිය කතාව එන්නේ ඇරිස්ටෝටල්ගෙන්. බෞද්ධ පොත්පත්වලත් පසිඳුරන් ගැන කියවෙනවා. ඒත් මේ කියන පෙනීම, ඇසීම, ගන්ධය, රස සහ ස්පර්ශය කියන පහට අමතර ව සමබරතාව, වේගය, වේදනාව, අපේ ශරීරාංග තියෙන තැන් වගේ ම සාපේක්‍ෂ උෂ්ණත්වය යන දේවලූත් අපට දැනෙනවා. මීට අමතර ව කාලය, කැසිල්ල, පීඩනය, බඩගින්න, තිබහ, බඩපිරුණු ගතිය, මළ-මුත‍්‍ර පිටකිරීමේ අවශ්‍යතාව වගේ තව ගොඩක් දේවලුත් අපට දැනෙන දේවල් ගණයට ගන්න පුළුවන් කියල තමයි නූතන විද්‍යාඥයෝ කියන්නේ.

මේකට එකඟ නෑ. මෙතන සංවේදන ගොඩක් නෑ. මේ සියල්ල අපිට පහකින් දක්වන්න පුළුවන්.

සමබරතාව = මේක වෙන්නෙ කනෙන්.
වේගය, වේදනාව, ශරීරාංග තියෙන තැන්, සාපේක්‍ෂ උෂ්ණත්වය, කැසිල්ල, පීඩනය, බඩගින්න, තිබහ, බඩපිරුණු ගතිය, මළ-මුත‍්‍ර පිටකිරීමේ අවශ්‍යතාව = මේ ඔක්කොම ශරීරය ට අයත් දේවල්

කාලය = මේක නම් පන්ච ඉන්ද්‍රියන් නෙවේ. සිත ට අදාල දෙයක්.

Rep +++
 
Last edited:

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,394
    100,318
    113
    8 වෙනි එකට බුද්ධාගමේ තියෙන පංචේන්ද්‍රිය ඇතුලත් කරපු එක නන් නොදන්නා කමට කරපු දෙයක්. ශරීරය කියන ඉන්ද්‍රිය ඇතුලෙ තමා ඔය කියන ඔක්කොම බුදුදහමට අනුව අඩංගු වෙන්නෙ. බුද්ධාගම විද්‍යාවට සමාන කරන්න ගියාම තමා ඔහොම අවුල් වෙන්නෙ. සමහර අය හරි කැමතියිනෙ බුද්ධාගමෙන් කියන දෙයක් වගේ එකක් විද්‍යාවෙන් ඔප්පු වෙනව පේනකොට. පස්සෙ ටික කාලෙකින් විද්‍යාවෙ හොයාගත්ත දේ බොරු වෙනකොට ඉබේම බුද්ධාගමෙන් අරගෙන විද්‍යාවට සමානයි කියපු කොටසත් බොරු වෙනව වගේ පේනව ඇත්තටම වෙන්නෙ අපි හිතාගත්ත දේ බොරු උනා මිසක් බුද්ධ දේශනාව බොරු වීම නෙවෙයි. විද්‍යාඥයන් හදුන්වන පංචේන්ද්‍රියේ සහ බුද්ධ දේශනාවෙ තිබෙන පංචේන්ද්‍රිය අතර ලොකු වෙනසක් තියෙනව.

    ආරම්භයම බලන්න මේ ලිපියෙ

    http://www.lakehouse.lk/budusarana/2010/07/18/PrintPage.asp?REF=vision02
     
    • Like
    Reactions: Chikamawa

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    හෙළයෙක්;20139668 said:

    Correct