අපට අපි අවට පරිසරය දැනෙන්නේ ඉන්ද්‍රියන් පහකින් කියල තමයි අපට ඉස්කෝලේ උගන්වන්නේ. විද්‍යාවට වගේ ම බෞද්ධ ළමයින්ට නම් බුද්ධාගමටත් උගන්වනවා ඇස, කණ, නාසය, දිව, ශරීරය කියල ඉන්ද්‍රියන් පහක් ගැන. ඒ අතර සමහරු ගොඩක් උනන්දුයි ‘6 වන ඉන්ද්‍රියක්’ ගැන. (6th Sense කියල චිත්‍රපටියකුත් තියනේනෙ) ඒත් ඇත්තට ම නම් 6ක් නෙවෙයි අපට අඩු තරමේ සංවේදන වර්ග 9ක් විතර දැනෙනවා. සමහර විද්‍යාඥයෝ කියන විදියට නම් මේක 21ක් විතර වෙන්නත් පුළුවන්.
මේ පංචේන්ද්‍රිය කතාව එන්නේ ඇරිස්ටෝටල්ගෙන්. බෞද්ධ පොත්පත්වලත් පසිඳුරන් ගැන කියවෙනවා. ඒත් මේ කියන පෙනීම, ඇසීම, ගන්ධය, රස සහ ස්පර්ශය කියන පහට අමතර ව සමබරතාව, වේගය, වේදනාව, අපේ ශරීරාංග තියෙන තැන් වගේ ම සාපේක්ෂ උෂ්ණත්වය යන දේවලූත් අපට දැනෙනවා. මීට අමතර ව කාලය, කැසිල්ල, පීඩනය, බඩගින්න, තිබහ, බඩපිරුණු ගතිය, මළ-මුත්‍ර පිටකිරීමේ අවශ්‍යතාව වගේ තව ගොඩක් දේවලුත් අපට දැනෙන දේවල් ගණයට ගන්න පුළුවන් කියල තමයි නූතන විද්‍යාඥයෝ කියන්නේ.
මේකට එකඟ නෑ. මෙතන සංවේදන ගොඩක් නෑ. මේ සියල්ල අපිට පහකින් දක්වන්න පුළුවන්.
සමබරතාව = මේක වෙන්නෙ කනෙන්.
වේගය, වේදනාව, ශරීරාංග තියෙන තැන්, සාපේක්ෂ උෂ්ණත්වය, කැසිල්ල, පීඩනය, බඩගින්න, තිබහ, බඩපිරුණු ගතිය, මළ-මුත්‍ර පිටකිරීමේ අවශ්‍යතාව = මේ ඔක්කොම ශරීරය ට අයත් දේවල්
කාලය = මේක නම් පන්ච ඉන්ද්‍රියන් නෙවේ. සිත ට අදාල දෙයක්.
Rep +++
Last edited:

