ඉස්කෝලෙදි ඉගෙන ගත්තු බොරු!!

Jun 2, 2016
154
119
0
Sri Lanka
ඉස්කෝලෙදි ඉගෙන ගත්තු බොරු!!

මහවැළි, කැළණි, වලවේ, කළු යන ගංගා සමනළ කන්ද මුදුනේ සිට පැන නැංගා

yimg_GItKB2-640x480.JPG

පී. බී. අල්විස් පෙරේරාගේ මේ කවි පෙළ අපි ඉගෙනගන්නෙ ඉස්කෝලෙ පොඩි පන්තිවලදිමයි. අල්විස් පෙරේරා කියන්නෙ හිටපු දක්‍ෂ කවියෙක්. ඒත් කරුණු හැටියට ගත්තොත් නම් මේ කවියෙන් කියන්නෙ පට්ටපල් බොරුවක්. මහවැළි, කැළණි, වලවේ කියන ගංගා පටන්ගන්නෙ සමනල කන්ද හෙවත් ශ‍්‍රීපාද කන්දෙන් නෙවෙයි!

සාමාන්‍යයෙන් ගංගාවක් හැදෙන්නෙ එකඑක තැන්තැන්වලින් එන පොඩිපොඩි දිය පාරවල් ගොඩක් එකතුවෙලා මිස එක තැනකින් ටැප් එකක් ඇරියා වගේ පටන්ගන්නේ නෑ. ඒ වුණත් ඒ අතරින් ප‍්‍රධාන මූලාශ‍්‍රය ඒ ගංගාවේ ආරම්භය කියල ගන්න එකෙත් වරදක් නෑ.

ඒත් එහෙම බැලූවත් ඔය ගංගා හතරෙන් සමනල කන්දෙන් පටන්ගන්නෙ කළු ගඟ විතරයි. කැළණි සහ වලවේ ගංගා පටන්ගන්නේ හෝටන් තැන්නෙන්. මහවැලි ගගේ ප‍්‍රධාන මූලාශ‍්‍රය වන කොත්මලේ ඔය පටන්ගන්නෙත් හෝටන් තැන්නෙන්.

අයිසැක් නිව්ටන්ගේ ඔලුවට වැටුනු ඇපල් ගෙඩිය හා ගුරුත්වාකර්ෂණය පිලිබඳ න්‍යාය.

yimg_uGsgBA-640x469.jpg

අයිසැක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය පිළිබඳ න්‍යාය (Universal Law of Gravitation) ගොඩනැගුවේ ඇපල් ගහක් යට වාඩිවෙලා ඉද්දි ඔළුවට වැටුණු ඇපල් ගෙඩියක් නිසා කියලයි අපි හැමෝම අහල තියෙන්නේ. ඒත් ඇත්තට ම ගුරුත්වාකර්ෂණය පිළිබඳ න්‍යාය එහෙම එකපාරට එයාගේ ඔළුවට ආපු එකක් නෙවෙයි. නිව්ටන්ට ඒක හදන්න අවුරුදු විස්සක් විතර ගිහින් තියෙනවා. ඒ වගේ ම ක‍්‍රිස්ටෝපර් වී‍්‍රන්, රොබර්ට් හුක් , එඩ්මන්ඩ් හැලී වගේ ගොඩදෙනකුගේ අදහස් හා න්‍යාය උපකාරී කරගෙන ගුරුත්වාකර්ෂණය පිළිබඳ න්‍යාය ගොඩනගලා තියෙන්නේ.

උදාහරණයක් විධියට ගත්තොත් එඩ්මන්ඩ් හැලී (හැලීගේ වල්ගා තරුව) නිව්ටන්ට ඔහුගේ විශ්වකීර්තියට පත්වූ "ෆිලෝසොෆීයේ නැචුරාලිස් ප්‍රින්සිපියා මැතමැටිකා" පොත ලියන්න මුදලිනුත් ආධාර කරලා තියෙනවා. ඒවගේම යොහැන්නස් කෙප්ලර්ගේ ග්‍රහවස්තූන්ගේ චලිතය පිලිබඳ නියමය (Kepler's laws of planetary motion) හා ඒ ආශ්‍රිත පර්යේෂණ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය ගොඩනගන්න උපකාරී වුනා.

මෙන්න මේ නිසා තමයි නිව්ටන් සිය සොයාගැනීම් වලට ලෝකයාගේ ගෞරවය පාත්‍ර වෙනකොට, එම ගෞරවය තමන්ට පමණක් අයිති නැති බව පෙන්වන්න මේ වගේ ප්‍රකාශයක් කරලා තියෙන්නේ "If I had seen further, it is because I stood on the shoulders of giants (මම අන් අයට වඩා ඈත දුටුවානම් ඒ මා යෝධයින්ගේ කරමත සිටගෙන බැලූ නිසාය)"

ඔහු මේ ප්‍රකාශය 1676 පෙබරවාරි 15 වැනිදා ඔහුගේ මිතුරු විද්‍යාඥ රොබට් හූක් වෙත යැවූ ලිපියක සටහන් කොට තිබෙනවා.

ජලය අවර්ණයි

yimg_5f2mqB-640x480.jpg

පොඩි වීදුරුවකට වගේ පිරිසිදු වතුර ටිකක් දැම්මොත් නම් ඒක අවර්ණයි වගේ තමයි පේන්නේ. ඒත් වතුර ගොඩක් තියෙන වැව්, පොකුණු නැත්නම් මුහුද අපට පේන්නේ නිල් පාටට. ගොඩක් වෙලාවට පොඩි කාලෙ මේ ප‍්‍රශ්නෙ ඇහුවම අපට ලැබෙන්නේ, ‘‘අහසේ ඡායාව වැටෙන නිසා,’’ ‘‘ඒ තැන්වල වතුර පිරිසිදු වතුර නොවන නිසා’’ වගේ උත්තර.

ඒත් ඇත්තම කතාව තමයි පිරිසිදු වතුර ස්වභාවයෙන් ම නිල් පාටයි. ඒත් ගොඩක් ලා නිල් පාටක්. ඒකයි වතුර පොඩි ප‍්‍රමාණයක් තියෙද්දි අවර්ණයි වගේ පේන්නේ.

මේ නිල් පාටට හේතුව ජලය මතට සුදු සූර්යාලෝකය වැටුනහම එහි ඇති නිල් පාට හැරුණකොට අනෙක් සියලුම පාටවල් අවශේෂණය කරගැනීම. ඒ නිසා තමයි සුදුපාට ටයිල් අල්ලපු පිහුණුම් තටාකයක ඇති පිරිසිදු වතුර ලස්සන නිල් පැහැයක් ගන්නේ.

වතුර වල පාට වෙනස්වෙන්නේ වතුරේ වෙන දේවල් මිශ්‍රවෙලා තිබුණහම. උදාහරණයක් විදියට වැව් ජලය තද කොළ පාටට හුරු පාටක් වෙන්නේ ඇල්ගී හා වෙනත් ද්‍රව්‍ය නිසයි.

අපි පාවිච්චි කරන්නේ මොළයෙන් 10%යි

yimg_k8zVfE-640x426.jpg

මේක චිත‍්‍රපටිවලට පවා තේමාවෙලා තියෙන කතාවක්. ඒත් පට්ටපල් බොරුවක්. මේ කතාවට අනුව ඇල්බර්ට් අයින්ටයින් වගේ ම බුදුනුත් මෙ සීමාව ඉක්මවා ගිය අය කියලයි සමහරු කියන්නේ. ඒත් ඇත්තට ම නම් අපි හැමෝ ම වගේ අපේ මොළය 100%ක් ම පාවිච්චි කරනවා.

විද්‍යාත්මක පර්යේෂණවලට අනුව නම්, මොළේ පාවිච්චි කරන්නෙම නෑ කියල අපිට සමහර වෙලාවට හිතෙන පට්ටපල් මෝඩයෝ වගේ ම දේශපාලනඥයෝ වුණත් තමන්ගේ මොළය 100%ක් ම පාවිච්චි කරනවා. ඒ වගේ ම අපේ මොළයේ ගොඩක් කොටස් හැමවෙලාවෙම ක‍්‍රියාකාරීවයි පවතින්නේ. අපි නිදාගෙන ඉන්න වෙලාවට පවා ඒ කොටස් ක‍්‍රියාත්මක වෙනවා. අපේ මොළයේ එක්එක් කොටස්වලින් කෙරෙන කාර්යයන් වෙනස්.

ඒකයි අනතුරක් වගේ දෙයක් නිසා මොළයේ පොඩි කොටසකට හරි හානියක් වුණොත් ඒකෙ ප‍්‍රතිඵලය ගොඩක් දරුණු වෙන්නෙ.

මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි

yimg_VTBva6-389x480.jpg

රොබට් නොක්ස් කීවා කියන මේ කතාව අපට උගන්වන්නේ ගොවිතැනට ඒ කාලේ තිබුණු පිළිගැනීම කොච්චරද කියල පෙන්වන්නයි. ඒත් මේක තනිකර ම රොබට් නොක්ස්ගේ අදහස අමු අමුවේ විකෘතිකිරීමක්.

රොබට් නොක්ස්, උඩුනුවර හා යටිනුවර ගැන ලියපු විස්තරය තමයි මේ විදියට විකෘතිකරලා තියෙන්නෙ. නොක්ස්ගේ පොතට අනුව උඩුනුවර හා යටිනුවර පලාත් සහ ඒ පැත්තෙ ජීවත්වෙන අය අනෙත් පළාත්වලට වඩා උසස් කියල පිළිගැනීමක් තිබිලා තියෙනවා. ඒ නිසා, රජෙක් පත්කරගන්න ඕන වුණොත් කරන්න තියෙන්නෙ උඩුනුවර-යටිනුවර දෙපලාතෙ ඉන්න ඕන කෙනෙක්ව අරන් ගිහින් පොඩ්ඩක් හෝදලකරල ගන්න එකයි කියල කතාවක් ඒ පැත්තෙ මිනිස්සු අතර තිබිලා තියෙනවා.

කොටින්ම මේකෙ කියවෙන්නෙ ඒ පලාත්වල ජීවත් වුණු මිනිස්සුන්ට තමන්ගේ පරම්පරාව සහ තත්ත්වය ගැන තිබුණු අධිතක්සේරුව ගැන මිස ගොවිකම ගැන නෙවයි. ඒ කතාව තමයි මේ අපේ කට්ටිය එයාලා ආසා විදියට වෙනස්කරලා අරන් තියෙන්නේ.

ඒවගේම තව තර්කයක් තමයි නොක්ස් ඕකෙන් අදහස් කරලා තියෙන්නේ උඩරට හිටපු හැම ගොවියෙක්ම (ඇත්තටම කියනවානම් ගොවිගම කියන කුළයේ අය ) රජුගේ ලේ ඥාතීන් වෙනවා කියන එක.

මේ නිසා රජු නිතර කුමන්ත්‍රණ වලට බයෙන් ඉන්නේ. ඔහු තම මතය උත්කර්ශවත් කරන්න කියනවා, මේ උඩුනුවර යටිනුවර [වෙන ඕනෑම තැනක නොවේ] කුඹුරක ඉන්න ගොවියෙක් ගොඩට අරගෙන ඔහුගේ මඩ සෝදා දැම්මොත් ඔහු රජකමට සුදුසුයි කියා [ඒ කියන්නේ ඊට සුදුසු ලේ නෑකම තියෙන බව විනා ගොවියා උත්තමයෙකි කියා නොවේ].

මේක තමා අපි ගොවියා ගොනාට අන්දන්න අනාදිමත් කලෙක සිට පාවිච්චි කරන්නේ.

source: http://vidya-gaweshana.blogspot.com/2016/05/blog-post_14.html
 
අපි පාවිච්චි කරන්නේ මොළයෙන් 10%යි

yimg_k8zVfE-640x426.jpg

මේක චිත‍්‍රපටිවලට පවා තේමාවෙලා තියෙන කතාවක්. ඒත් පට්ටපල් බොරුවක්. මේ කතාවට අනුව ඇල්බර්ට් අයින්ටයින් වගේ ම බුදුනුත් මෙ සීමාව ඉක්මවා ගිය අය කියලයි සමහරු කියන්නේ. ඒත් ඇත්තට ම නම් අපි හැමෝ ම වගේ අපේ මොළය 100%ක් ම පාවිච්චි කරනවා.

විද්‍යාත්මක පර්යේෂණවලට අනුව නම්, මොළේ පාවිච්චි කරන්නෙම නෑ කියල අපිට සමහර වෙලාවට හිතෙන පට්ටපල් මෝඩයෝ වගේ ම දේශපාලනඥයෝ වුණත් තමන්ගේ මොළය 100%ක් ම පාවිච්චි කරනවා. ඒ වගේ ම අපේ මොළයේ ගොඩක් කොටස් හැමවෙලාවෙම ක‍්‍රියාකාරීවයි පවතින්නේ. අපි නිදාගෙන ඉන්න වෙලාවට පවා ඒ කොටස් ක‍්‍රියාත්මක වෙනවා. අපේ මොළයේ එක්එක් කොටස්වලින් කෙරෙන කාර්යයන් වෙනස්.

ඒකයි අනතුරක් වගේ දෙයක් නිසා මොළයේ පොඩි කොටසකට හරි හානියක් වුණොත් ඒකෙ ප‍්‍රතිඵලය ගොඩක් දරුණු වෙන්නෙ.

source: http://vidya-gaweshana.blogspot.com/2016/05/blog-post_14.html
ඇස් දෙක මැද්දෙන් නහය පටන් ගන්න තැන තවත් ඇහැක් තියෙනවාය කියල දන්නවද. සුද්දාගෙ විද්‍යාවෙන් ඕකට කියන්නෙ පයිනීල් ග්‍රන්ථිය කියලා. ඒ කියන්නෙ පයිනීල් ග්‍රන්ථිය තියෙන්නෙ ඇස් දෙක මැද්දෙ තියෙන අස්ථියට ඇතුලෙන්. මේක උත්තෙජනය වුණාම ආලෝක සංවේදී වෙනවා. ඇහැක් වගේ පේන්න ගන්නවා. නමුත් දැන් කාලේ ඒක අක්‍රියවයි පවතින්නෙ. ඒක ක්‍රියාත්මක කරවගන්න ඕනා. ඒකට ඖෂධ හෝ යෝගා අභ්‍යාස පාවිච්චි කරන්න ඕනා. ඒකෙන් අදහස් වෙන්නේ සාමාන්‍යයෙන් ඇඟේ අක්‍රිය වුණ ස්නායු තියෙනවා කියන එකනේ. එතකොට කොහොමද කියන්නෙ ඇත්තටම නිතර වෙලේම අපි මොළෙන් 100%ක් පාවිච්චි කරනවා කියලා :confused:.:rolleyes:
 
Jun 2, 2016
154
119
0
Sri Lanka
ඉදිරියේ රාළ;20906429 said:

මේක කියවන්න;

https://en.wikipedia.org/wiki/Pineal_gland#Society_and_culture
 
ඔතන තියෙන්නෙ පයිනීල් ග්‍රන්ථිය ගැන සුද්දො හොයාගත්ත තරම නේ. ඔයිට එහා ගිය දෙවල් හොයාගෙන තියෙනවා පෙරදිග මිනිස්සු. ඒවා නෑ wikipedia වල. ඒවා තියෙන්නෙ වෙන තැන් වල. ඒවත් බලන්න.

Last edited:

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉදිරියේ රාළ;20906453 said:
    ඔතන තියෙන්නෙ පයිනීල් ග්‍රන්ථිය ගැන සුද්දො හොයාගත්ත තරම නේ. ඔයිට එහා ගිය දෙවල් හොයාගෙන තියෙනවා පෙරදිග මිනිස්සු. ඒවා නෑ wikipedia වල. ඒවා තියෙන්නෙ වෙන තැන් වල. ඒවත් බලන්න.

    :confused::eek::nerd:
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    ඉදිරියේ රාළ;20906453 said:
    ඔතන තියෙන්නෙ පයිනීල් ග්‍රන්ථිය ගැන සුද්දො හොයාගත්ත තරම නේ. ඔයිට එහා ගිය දෙවල් හොයාගෙන තියෙනවා පෙරදිග මිනිස්සු. ඒවා නෑ wikipedia වල. ඒවා තියෙන්නෙ වෙන තැන් වල. ඒවත් බලන්න.

    thanks for sharing.!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ කොහෙද බන් එහෙම තියෙනේ?

    9 වෙනි පරිච්චේදේ ප්‍රස්තා පිරුළු කියල වෙනම කොටසක් ඇති එකේ තියෙන්නේ. මම ගාව තියෙන්නේ වෙන පරිවර්තනයක් එකේ නං තියෙන්නේ මෙහෙම.

    ගොවියා කුඹුරෙන් ගෙන මඩ සොදාගත්කල රජකමට සෑහෙයි" - හන්දුරු වංශයේ උසස් මිනිසුන් සිටින කන්දඋඩ ශිෂ්ටත්වය, ප්‍රතිභානය, පරාර්ථ කාමිත්වය යන මේ ගැන කීමකි.
     
    මෙන්න මෙහෙමයි නොක්ස්ගේ පොතේ තියෙන්නේ;

    PART I
    CHAP. I.
    A general Description of the Island.

    These two Counties I last named, have the pre-eminence of all the rest in the Land. They are most populous, and fruitful. The Inhabitants thereof are the chief and principal men: insomuch that it is a usual saying among them, that if they want a King, they may take any man, of either of these two Counties, from the Plow, and wash the dirt off him, and he by reason of his quality and descent is fit to be a King. And they have this peculiar Priviledge, That none may be their Governour, but one born in their own Country.
     
    Last edited: