ගුරුවරුන්ට පටබැඳුණු නම් මතකෙට ආවේ ඉස්කෝලේ කාලේ සුන්දර මතක ගොඩක් එක්ක...
මම ඉස්කෝල දෙකකට ගියා. ඒ දෙකේම හිටපු සමහර ගුරුවරුන්ට නම් පටබැඳිලා තිබුණා... මෙන්න මතක්වුණු ටික
සරා - ඇත්ත නම සරත්. පොර 6 - 9 පන්තිවල ළමයින් ගේ විනය භාර වගේ හිටියේ. ඒ කාලේ අපි පට්ට බයයි.
වයා - සංගීත මිස්, 'ගීතයක් වයා' තමයි දිග නම.
සෝමේ - ඇත්ත නම සෝමසිරි. සැර වුණාට ආතල් ඩයල් එක. O/L ගණන් ඉගැන්නුවේ. 'පථය' පාඩම කරද්දී මිනිහා කිව්වා "කාන්තාවන්ට වගේ නෙවෙයි පිරිමි අපිට පථය ආදර්ශනය කරලා බලන්න හරි ලේසී..." කියලා. කෙල්ලෝ අන්දමන්දයි. කොල්ලෝ ටිකට ආතල් ඉතින්.
විනයක්කා - වයිස් ප්‍රින්සිපල් මැඩම් කෙනෙක්. කෙල්ලන් ගේ විනය භාර හිටියේ. කට සැර, හොඳ උස - මහත කෙනෙක්. කොල්ලෝ පවා බයයි.
ගැටපිච්චි - මේ මිස් පාඩම් උගන්නද්දී සැරින් සැරේ හැට්ටේ අස්සෙන් අතදාලා bra එක හදන පුරුද්දක් තිබ්බා
ගණයා - සැර හාමුදුරු කෙනෙක්
වකපුටේ (පස්සේ
පුටේ වුණා
)- පොඩි පන්තිවලට බුද්ධාගම උගන්වපු හාමුදුරුවෝ. මේ නම වැටුණේ නම් මම හින්දා

. දවසක් හාමුදුරුවෝ period එකේ ආවේ නැති නිසා ළමයි කෑ ගගහ හිටියා. මම තමයි ඒ කාලේ පන්තියේ උප නායකයා. එක පාරම වයිස් ප්‍රින්සිපල් මැඩම් (විනයක්කා) පන්තියේ දොර ගාවට ඇවිත් කට්ටියටම බැනලා පන්ති නායකයට නැගිටින්න කිව්වා. ඌ පන්තියේ නැහැ. ඒ ගමන උප නායකයා කෝ කියලා මාව නැගිට්ටවලා "දැන් කාගේ period එකද?" කියලා ඇහුවා. situation එකේ හැටියට මට හාමුදුරුවන් ගේ නම පවා අමතක වුණා. මම පට් ගාලා 'පන්ති වාර්තා පොත' පෙරළලා හාමුදුරුවන් ගේ නම බැලුවා. හාමුදුරුවන් ගේ ඇත්ත නම 'වගපුටේ සමිත' (හරියටම මතක නෑ දැන්. මේ වගේ නමක් තමයි) ඒත් කවුරු හරි එකෙක් වාර්තා පොතේ 'ග' යන්න උඩින් 'ක' යන්න ලියලා. මට කලබලේටම ඒකම කියවුණා "වකපුටේ සමිත හාමුදුරුවෝ" කියලා. පන්තියටම වැඩේ මාට්ටු. මැඩම්ට එක්කෝ තේරුණේ නැහැ, නැත්නම් තේරුණා කියලා ඇඟෙව්වේ නැහැ. එදා ඉඳන් හාමුදුරුවන්ට ඒ නම...
හෝතා (
ගෝතා) - O/L මිස් කෙනෙක්. අතීතයේ සිට පැවත එන නමක් නමක්. හේතුවක් දන්නේ නැහැ.
නාග සෝමා - ප්‍රා.තා.කු. උගන්වපු මිස්. සැර නිසා මේ නම පටබැඳිලා තියෙන්නේ.
කොණ්ඩමා - Art section එකේ උගන්වපු සර් කෙනෙක්. පොර දවසක් ළමයි ඉස්සරහ සාක්කුවට අතදාලා මොනවද හොයද්දී සාක්කුවේ තිබිලා කොණ්ඩම් පැකට එකක් වැටුණලු.
කේම්බ්‍රිජ් - මේකත් අතීතයේ සිට පැවත එන නමක්. පොර O/L ඉංග්‍රීසි උගන්වපු සර් කෙනෙක්. 'කේම්බ්‍රිජ්' කිව්වම අපිට මතක් වෙන්නේ Uni එක වුණාට පොරට නම වැටිලා තියෙන්නේ ඉස්සර පුශ්-බයිසිකලෙන් ඉස්කෝලෙ එද්දී වාහනේකට ඉඩදෙන්න ගිහින් පාලමකින් වැටුණ නිසාලු.
සායි /
සායියා - කොණ්ඩේ 'සායි බාබා' වගේ නිසා.
මෝටියා - නාට්‍යකරණය උගන්වපු සර්. නම වැටෙන්නට හේතුවක් නොදනී.
ලන්කට් - පොඩි පන්ති වලට ඉංග්‍රීසි උගන්වපු සර් කෙනෙක්. පොර එක එක කැටයම් දදා මුදුනා වෙන්න යන line ඒකක් තිබුණා. ඒත් නම වැටෙන්න හේතුවක් දන්නේ නැහැ.
ඉස්සා - විනය භාර සර්. නමට හේතු නොදනිමි. "
අම්මට හු%න කැ% හු%තිගෙ ප% ඉස්සා - ඇ%දෙක විකාගෙන බොග දානව දැක්කා" කියලා කොල්ලන් ගේ toilet එකක ලියලා තිබ්බා මතකයි.
සීලවතී - වයසක මිස් කෙනෙක්. හැමදාම ඇන්දේ සුදු සාරියක්
මෝඩ ජෝඩුව - ඉස්කෝලෙට අළුතින් ආපු සර්ලා දෙන්නෙක්. කොයි වෙලේ බැලුවත් ඉන්නෙම එකට.
රිපීට් - මේ පොර උගන්වනකොට කියන හැම වාක්‍යකම 'ඇත්තවශයෙන්ම කිව්වොත්' කියන කෑල්ල තියෙනවා. ඒකම රිපීට් වෙන නිසා නම වැටෙන්න ඇති.
මතක් වුණ නම් ටික තමයි ඔය. මේවා ඒ කාලේ ආතල් එකට කිව්වට ඇත්තටම ඒ ගුරුවරුන්ට අගෞරවයක් කරන්න අපේ හිත්වල තිබුණේ නැහැ. අදටත් පාරෙදි දැක්කත් දණ ගහලා වඳිනවා. subject උගන්වපු එකට වඩා ජීවිතේට දීපු අත්දැකීම්වලට ගෞරව කරන්න.
