අරාබි නම්
අරාබි නම් වල වාසගම් තිබුනේ නෑ. නමක් සමන්විත වුනේ තමාගේ නම සහ පියාගේ නම එකට ඈඳීමෙන්. පුතෙක් නම් "අහවලාගේ පුතා" යන අරුත දෙන "ඉබ්න්" පදයෙනුත්, දුවක් නම් "අහවලාගේ දුව" යන අරුත දෙන "බින්ට්" පදයෙනුත් මේ සම්බන්ධ කිරීම සිද්ධ වුනා.
උදාහරණයකට හෂීම් කියල කෙනෙකුට යූසුෆ් කියල පුතෙක් සහ ෆාතිමා කියලා දුවක් ඉන්නවා නම්, ඔවුන් ගේ නම වුනේ "යූසුෆ් ඉබ්න් හෂීම්" සහ "ෆාතිමා බින්ට් හෂීම්". සමහර විට, විශේෂයෙන් ගෑණු ළමයින්, හැඳින්වුනේ පියාගේ නමින් වෙනුවට මවගේ නමින්. උදාහරණයකට "සයිනාබ් බින්ට් ෆාතිමා".
සමහර විට කෙනෙක් හැඳින්වුනේ ඔහුගේ නියම නමින් වෙනුවට ඔහුගේ දරුවෙක් ගේ නමින්. උදාහරණයකට අලී කියල කෙනෙකුට හසන් කියල පුතෙක් හිටියා නම් අලීව "අබු හසන්" කියන පටබැඳි නමින් හැඳින්වුනා. "අබු" කියන එකේ තේරුම "අහවලාගේ පියා". කාන්තාවක් නම්, "අහවලාගේ මව" කියන අරුත දෙන "උම්" පදය මෙහිදී භාවිතා වුනා. උදාහරණයකට "උම් සලමා". මේ විදිහට දරුවෙක් ගේ නමින් යෙදෙන පටබැඳි නම හැඳින්වුනේ "කුන්‍යා" කියලා.
සමහරු තමාගේ උපන් ගමේ හෝ නගරයේ නමින්, එහෙම නැත්තම් වෙනත් චරිත ලක්‍ෂනයක් අනුව යොදාගත්ත පටබැඳි නමකින් හැඳින්වුනා. උදාහරණයකට බග්දාද් නගරයෙන් ආ හුසේන් නම් පුද්ගලයෙක් "හුසේන් අල් බග්දාදි" කියල හඳුන්වන්න පුළුවන්. අලී නම් පුද්ගලයෙක් බොහෝ සත්‍යගරුක කෙනෙක් කියල ප්‍රසිද්ධ වුනොත් ඔහු "සත්‍යවාදී අලී" යන අරුත ඇති "අලී අල් සදීක්" නමින් හඳුන්වන්න පුළුවන්.
මක්කා නගරය
දකුණු සහ උතුරු අරාබියේ වෙළඳ නගර යා කරමින් රතු මුහුදු වෙරළ ඔස්සේ වැටී තිබුනු වෙළඳ මාර්ගයක "මක්කා" කියල නගරයක් තිබුනා. මේ නගරය අයිති වෙන්නෙ වර්තමාන සවුදි අරාබියට. මක්කා නගරය පිහිටා තියෙන්නෙ කඳුවැටි කිහිපයක් අතර තියෙන නිම්නයක.
මේ නගරයේ විශේෂත්වය වුනේ අරාබීන් වන්දනා කළ දෙවිවරුන්ට අයත් දේව රූප විශාල ප්‍රමානයක් සහිත ගොඩනැගිල්ලක් පිහිටා තිබීම. හතරැස් පෙට්ටියක හැඩය ගත් මේ ගොඩනැගිල්ල හැඳින්වුනේ "කාබා" නමින්. කාබාවේ විවිධ දේව රූප තුන්සිය හැටක් තිබුනු බව කියැවෙනවා. ඒ අතරින් වඩාත්ම පූජනීය වුනේ "කළු පාෂානය" නමින් හැඳින්වෙන ගලක්.
ඉස්ලාමීය පුරාවෘයන්ට අනුව මක්කා නගරය ගොඩ නංවන්නේ ඊබ්‍රහීම්, ඔහුගේ බිරිඳ වුනු හැගර් සහ ඔවුන් ගේ පුතා වුනු ඉෂමයිල්. ඊබ්‍රහිම් විසින් ඉඳි කළ "සැම් සැම්" නමින් හැඳින්වුනු ළිඳක් මක්කා නගරයේ පිහිටා තියෙනවා.
අරාබියේ විවිධ ප්‍රදේශ වල ඉඳලා වන්දනා කරුවන් විශාල ප්‍රමානයක් කාබාව වන්දනා කිරීම සඳහා වාර්‍ෂික වන්දනා ගමනක යෙදුනා. මේ වන්දනා සමයේදී කිසිම ආකාරයක ප්‍රචන්ඩ ක්‍රියාවක් කිරීම තහනම් වුනා. මේ නිසා කාබාව ආශ්‍රිත ප්‍රදේශය හැඳින්වුනේ "තහනම් දෙවොල" යන අරුත දෙන "මස්ජීද් අල් හරාම්" යන නමින්. මේ වන්දනා ගමන ඉස්ලාමයට පෙර තිබුනු වන්දනා ගමන් වලින් විශාලම සහ ප්‍රධානම වන්දනා ගමනක්. වන්දනා නඩවලට කෑම සහ වෙනත් දේ විකිණීම මක්කා නගරයේ ප්‍රධානම ආදායම් මාර්ගයක් වුනා. මේ නිසා මක්කා නගරය අවට තිබුණු අනෙක් නගර වලට වඩා ධනවත් නගරයක් වුනා.
ක්‍රි.ව. පස්වෙනි සියවසේදී "බැනු කුරෙයිෂ්" ගෝත්‍රය විසින් මක්කා නගරයේ බලය තහවුරු කරගන්නවා. ඔවුන් වන්දනා ගමන ආශ්‍රිතව තිබුනු වෙළඳාම සහ උතුරු - දකුණු වෙළඳ මාර්ග හරහා කෙරුනු කුළුබඩු වෙළඳාම තමන් අතට ගන්නවා. මේ නිසා විශාල ධනයක් රැස් කරගන්න ඔවුන්ට පුළුවන් වෙනවා. කුරෙයිෂ් ගෝත්‍රය ක්‍රි.ව. හයවෙනි සියවසේ තිබුනු ධනවත්ම සහ බලවත්ම අරාබි ගෝත්‍රයක්.
මක්කා නගරයේ ජනගහනය සම්පූර්නයෙන්ම අරාබි ජාතියකයන් ගෙන් සමන්විත වුනා. ඔවුන් ගෙන් බහුතරය දේව වන්දනා කරුවන්. ඊට අමතරව නෙස්තෝරියානු සහ වෙනත් ක්‍රිස්තියානින් සුළු ප්‍රමානයකුත් මක්කා නගරයේ හිටියා. ධනවත් වෙළෙන්දන් තමාගේ සේවය සඳහා ඉතියෝපියාවෙන් ගෙන්වූ අප්‍රිකානු ජාතික වහලුන් සහ මෙහෙකරුවන් තියාගෙන හිටියා.
ක්‍රි.ව. 570 දී මේ සියල්ල සදහටම උඩු යටිකුරු කරන සිද්ධියක් සිද්ධ වෙනවා. ඒ බැනු කුරෙයිෂ් ගෝත්‍රයට අයත් පවුලක "මුහම්මද්" නම් දරුවෙක් ඉපදීම.
Posted by සසර සැරිසරන පාදඩයා