ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ඩ්‍රෝන් හමුදාව - දෙවන කොටස

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    කට්ටිය මේ වගේ මාතෘකා ගැන කියවන්න ඒ තරම් උනන්දුවක් නැති හින්දා දෙවෙනි කොටස දාන්න පරක්කු කලේ.නානලාගේ ගුණ ගයන නිසා සමහර මේවා බලන්නෙත් නෑ.ඔන්න එහෙනම් කතාවේ දෙවනි කොටස.

    9q7kY3t.png

    කාලයත් එක්ක ISIS නානලාගේ ඉස්ලාමීය රාජ්‍යය සිහිනය බිද වැටුණු හැටි.ඔය රතු පාටින් තියෙන්නේ උන්ගේ පාලන ප්‍රදේශ


    2015 කියන්නේ ISIS නානලාගේ තර්ජනය හොඳටම ඔඩු දුවලා තිබ්බ කාලයක්.සිරියාවේ අෂාඩ් පාලනය පෙරළෙන්න ඔන්න මෙන්න තියෙද්දී රුසියාව මැදිහත් වෙන්නේ ඔය නිසා.එහෙම නොවුනා නම් සිරියාව වගේම ඉරාකයෙන් වැඩි කොටසක් මේ වෙද්දීත් පාලනය කරන්නේ කියන මිලේච්ඡ කල්ලිය තමයි.2016 ඔක්තෝම්බර් මාසයේදී ඉරාක හමුදාවයි,කුර්දි සටන්කාමීනුයි ඉරාකයේ මෝසූල් නගරය ISIS නානලාගෙන් මුදා ගන්න ලොකු මෙහෙයුමක් පටන් ගන්නවා.ISIS නානලා ඩ්‍රෝන් යානා හදන්න,වැඩිදියුණු කරන්න පාවිච්චි කරපු කම්හල් 10කට වැඩිය හොයා ගන්නවා මේ මෙහෙයුමේදී ඉරාක හමුදාව.ඒ ඔක්කොම හම්බ වෙන්නේ මෝසුල් නගරයෙන්ලු.හම්බ වුන ඩොකියුමන්ට් වලින් පේන්න තිබ්බේ නානලා ටික ඩ්‍රෝන් යානා වෙපන් එකක් විදියට පාවිච්චි කරන්න සූදානම් වෙමින් ඉදලා තියෙන බව.

    ඔය කම්හල් වල තිබිලා හම්බ වුනා රිසිට් වල තියෙන විදියට මාසයක් ඇතුලට නානලා මිලදී ගෙන තිබ්බ ඩ්‍රෝන් උපාංගවල වටිනාකම ඩොලර් දහස් ගණනක්.මේවා මිලදී ගැනීමේ ඉදලා ඕන විදියට වෙනස් කරලා ෆ්ලයිට් මිෂන්ස් කිරීම වෙනකම් හැමදේම මුන් ලේඛන ගත කරලා තියෙනවා.ඒ ලිපි ලේඛන සහ පාවිච්චි කරපු ඩ්‍රෝන් යානා කිහිපයක් තමයි පහළ රූපයේ තිබෙන්නේ.

    iTXflm4.png


    දැන් බලමු අපි මුන් පාවිච්චි කරලා තියෙන ඩ්‍රෝන් යානා මාදිලි මොනවද කියලා.

    1999 අවුරුද්ද වෙද්දී ලෝකේ තිබ්බයි කියන්නේ ඩ්‍රෝන් මාදිලි 20ක් විතරයි.ඕක 2016 වෙද්දී 600 දක්වා වැඩි වෙනවා.ISIS නානලා හුගක් වෙලාවට මිලදී ගත්තේ ඩොලර් 650ත් 1,000 අතර මිලකට අලෙවි වුන ක්වාඩ්කොප්ටර් ඩ්‍රෝන් යානා.ක්වාඩ්කොප්ටර් කියන්නේ මේවාට රොටර් හතරක් තියෙන නිසානේ.උන් පාවිච්චි කරපු ක්වාඩ්කොප්ටර් වලට සාමාන්‍යයෙන් මිනිත්තු 10-30 අතර කාලයක් අහසේ ඉන්න පුලුවන්.එතකොට මේවා ක්න්ට්‍රෝල් කරන්න පුලුවන් උපරිම දුර කිලෝමීටර් භාගයේ ඉදලා කිලෝමීටර් 7ක් දක්වා වෙනවා.සාමාන්‍යයෙන් මේ ක්වාඩ්කොප්ටර් එකක් වෘත්තිය මට්ටමේ කැමරාවකින් සමන්විතයි.හුගක් වෙලාවට ඒ කැමරාවලින් ෆුල් එච්ඩී වීඩියෝ රෙකෝඩින් කරන්න පුලුවන් .

    VTgR8ND.jpg

    ඩ්‍රෝන් අලුතින් හදපු,මිලට ගත්තු වෙනස් කරපු කම්හලක් ඇතුලත


    SIFb2de.jpg

    හොයා ගත්තු Skyhunter ඩ්‍රෝන් යානයක්

    ISIS නානලා මේ ඩ්‍රෝන් යානාවල හැම ෆීචර් එකක්ම තමන්ගේ වැඩේට ගැලපෙන විදියට වෙනස් කරන්න ට්‍රයි එකක් දීලා තියෙනවා.මෝසූල් මෙහෙයුමේදී හම්බ වුන ඩ්‍රෝන් යානා පරීක්ෂා කරද්දී දැක ගන්න ලැබුණ විදියට මේවා පුපුරණද්‍රව්‍ය අරගෙන ගිහින් බිම දාන්න පුලුවන් විදියට වෙනස් කරලා තිබිලා තියෙනවා.

    නානලා පාවිච්චි කරපු ඩ්‍රෝන් යානා මාදිලි දෙකක් තියෙනවා.

    1.ස්ථිර/අචල තටු තියෙන ඩ්‍රෝන් යානා

    2.ක්වාඩ්කොප්ටර් වගේ මල්ටි රොටර් ඩ්‍රෝන් යානා



    පහල රූපයේ තියෙන්නේ උන්ගෙන් අල්ලගත්තු ඔය කියන ඩ්‍රෝන් මාදිලි දෙකේ යානා ටිකක්.

    gJe0VcU.png


    මේ වගේ ඩ්‍රෝන් යානා උන් බෝම්බ දාන්න පුලුවන් විදියට සහ හයි කොලිටි කැමරාවක් අරන් යන්න පුලුවන් විදියට වෙනස් කරලා තියෙනවා.එහෙම වෙනස් කලාට පස්සේ ඩ්‍රෝන් එකේ බර වැඩි වෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.ඒ හේතුව නිසා ඩ්‍රෝන්වලට අහසේ ඉන්න පුලුවන් කාලය මිනිත්තු 20 දක්වා අඩුවෙනවා.ඒ අවාසිය කොහොම වෙතත්,වෙනස් කිරීමවලින් පස්සේ මේවා සතුරු හමුදාවලට ලොකු හිසරදයක් වුනා.

    ස්ථිර නැත්නම් අචල තටු තියෙන ඩ්‍රෝන් යානා කියන්නේ ඔය අපි නිතර දකින මගී ගුවන් යානාවල වගේ තටු තියෙන ඩ්‍රෝන්.කල්ලිය හුගක් වෙලාවට පාවිච්චි කරලා තියෙන මේ මාදිලියේ ඩ්‍රෝන් යානා Skywalker X8 සහ SkyHunter කියන බ්‍රෑන්ඩ්ස් වල ඩ්‍රෝන්.මේවා උන් ඔත්තු බලන්න,නීරීක්ෂණ කටයුතු,බුද්ධි තොරතුරු එකතු කරන්න වගේම බෝම්බ දාන්නත් පාවිච්චි කරලා තියෙනවා.මේ යානාවල තියෙනවා වීඩියෝ ඩවුන්ලින්ක් සිස්ටම් එකක්.ඒ කියන්නේ අපි හිතමු දැන් ඩ්‍රෝන් එක සතුරු හමුදා කඳවුරකට උඩින් පියාසර කරන්නේ කියලා.කඳවුර ඇතුලේ වෙන දේවල් ඩ්‍රෝන් එකේ කැමරාවෙන් රෙකෝඩ් වෙනවා.ඒ වීඩියෝ එක එවෙලම සම්ප්‍රේෂණය කරනවා ඩ්‍රෝන් ඔපරේටර්ට.ඒ කියන්නේ ලයිව් වීඩියෝ ෆීඩ් එකක් බලාගන්න පුලුවන් සිස්ටම් එකක් තියෙනවා මේ ඩ්‍රෝන් වලට.ඔන්න ඕකයි ඔය වගේ ඩ්‍රෝන් එකක් ත්‍රස්තවාදියෝ ටිකක් අතට පත් වුනාම තියෙන අනතුර.උන්ට පුලුවන් කොහේ හරි ආරක්ෂිත තැනක හැංගිලා ඉදලා අපි කරන දේවල් බලන් ඉන්න.ඒ වගේම තමයි එවෙලෙම ඉලක්ක ගන්න.ඒ ඉලක්ක වලට මෝටාර්,කාලතුවක්කු ප්‍රහාර දෙන්න.

    K6gAMdp.jpg

    මේ රූපයේ තියෙන්නේ ඔරිජිනල් Skywalker X8(උඩ)සහ Skyhunter(යට) කියන බ්‍රෑන්ඩ් වල ඩ්‍රෝන් යානා දෙකක්

    මේ මාදිලියේ ඩ්‍රෝන් පහසුවෙන් මිලදී ගන්න පුලුවන් අන්තර්ජාලය හරහා.මේවායේ මිල ඩොලර් 200 වගේ වෙනවා(2016දී).පහල රූපයේ තියෙන්නේ නානලා පාවිච්චි කරපු ෆික්ස්ඩ් වින්ග් ඩ්‍රෝන් යානා කිහිපයක්.

    5iCWDTR.png


    මේවා හොයාගෙන තියෙන්නේ මෝසුල් මෙහෙයුමේදී.පේන විදියට මේ ඩ්‍රෝන් යානා උන් වැඩිදියුණු කරලා.උපරිම උසකින් ගමන් කරන්න,වේගය වැඩි කරගන්න,යන්න පුලුවන් දුර වැඩි කරගන්න වගේ දේවල් තමයි මේ වෙනස්කම්වලින් බලාපොරොත්තුවෙලා තියෙන්නේ.බලන්න ඉතින් කොච්චර උගත් දරුවෝද..වයර් දෙකක් ගෑව්වම ස්පාක් වෙනවට වඩා දෙයක් දැනන් ඉදලා තියෙනවානේ. :P

    OJiV4pR.jpg


    මේ ටයිප් එකේ ඩ්‍රෝන්වලට යන්න පුලුවන් උපරිම උස මීටර් 200ක්.මේ ඩ්‍රෝන් යානා සර්වෝමෝටරයක්,බැටරියක් සහ HD කැමරාවකින් සමන්විතයි.මේ සියලු කොටස් යානයේ බොඩි එකට හයි කරලා තියෙන්නේ.මේවා ස්ථිර තටු දෙකකින් යුක්ත වෙනවා.අපි නිතර දකින ගුවන් යානාවල වගේම මේ වර්ගයේ ඩ්‍රෝන් යානාවල තටු දෙකේ තියෙනවා "එලොරොන්" කොටස්.ඔය කොටස්වල චලනයෙන් තමයි යානා වමට දකුණට බර කරන්නේ.ඔය පැද්දීම පාලනය කරන්න ඕන සංඥා ලැබුණම ඒවා ක්‍රියාත්මක කරවන්නේ සර්වෝමෝටර් එකෙන්.

    ඔය පහළ රූපයේ තියෙන්නේ අචල තටු තියෙන යානාවල බෝම්බ අරන් යන්න පුලුවන් විදියට නානලා වෙනස්කම් කරලා තියෙන විදිය.වම් පැත්තේ තියෙන යානයේ මි.මි. 40 යේ බෝම්බ දෙකක් අරන් යන්න පුලුවන්.දකුණු පැත්තේ තියෙන යානයේ තටුවලට යටින් මි.මී. 40යේ බෝම්බ හතරක් ගෙනියන්න පුලුවන් විදියට වෙනස් කරලා.

    S5dD20h.png


    උඩ රූපයේ තියෙන ඩ්‍රෝන් යානයක් නිසා තමයි එක පාරක් කුර්දි සටන්කාමීයෝ දෙන්නෙක් මැරිලා,ප්‍රංශ සෙබලුන් දෙන්නෙකුට තුවාල සිදුවුනා කියලා ත්‍රෙඩ් එකේ පළවෙනි කොටසේ කියලා තිබ්බේ.ඔය වර්ගයේ යානයක් බිම වැටිලා,ඒක ඔය කියන ආමි එකේ සෙට් එකට හම්බ වෙලා තියෙනවා.ඒක පරීක්ෂා කරද්දී ඇතුලේ තිබ්බ මර උගුලක් පිපිරිලා ගිහින් තමයි මරණ සහ තුවාල සිද්ධ වෙලා තිබ්බේ.මේ වගේ ඩ්‍රෝන් යානාවල බොඩි එක ඇතුලේ මර උගුලක් හයි කරන්න තරම් ඉඩක් ඒවායේ තියෙනවා.ඒ හින්දා පිටස්තරයෙකුට පේන්නේ නෑ මේක මරාගෙන මැරෙන යානයක් කියලා.මේ ඩ්‍රෝන් මාදිලිය මරාගෙන මැරෙන ප්‍රහාරවලට වගේම බෝම්බ හෙළන්නත් උන් පාවිච්චි කරලා තියෙනවා.

    yUz5qsS.jpg

    ඔය තියෙන්නේ ඩ්‍රෝන් එකේ තටුවලට යටින් බෝම්බ දෙකක් එල්ලලා.


    Ue6BNfc.jpg

    මේක නානලාගේ propaganda වීඩියෝ එකක තිබ්බ දර්ශනයක්


    y0xsqZs.jpg

    උන් පාවිච්චි කරපු ස්කයිවෝකර් ඩ්‍රෝන් එකක්


    nA1or13.jpg

    මේ තියෙන්නේ ඔය ඩ්‍රෝන් එකේ බෝම්බ දෙක රිලීස් කරන වෙලාව.පේනවානේ කම්බි දෙකකින් තමයි ඒවා ඩ්‍රෝන් එකේ බොඩියට සෙට් කරලා තියෙන්නේ.


    ඔය තියෙන්නේ අපි දැන් කතා කරපු වර්ගයේ ඩ්‍රෝන් ටිකක්..මේවා නානලාගේ ඩ්‍රෝන් නිෂ්පාදනාගාරවල තිබිලා හොයාගත්තුව.

    6gcpRGS.jpg


    NfL8eON.jpg


    j0SuXNj.jpg


    ABGooEv.jpg



    ISIS නානලා ඩ්‍රෝන් එකක් ගුවන් ගත කරන හැටි...

    carYT4x.jpg


    muaP4OQ.jpg



    මේ තියෙන්නේ ඉරාකයෙන් සොයාගත්තු ISIS නානලාගේ ඩ්‍රෝන් නිෂ්පාදනාගරයක් ඇතුලත දර්ශන ටිකක්.මේකේ බලාගන්න පුලුවන් ඩ්‍රෝන්වලට අමතරව රොබෝ රථ වගේ දේවල් පවා.

    iZYaynK.jpg


    eJskPwY.jpg


    Y4JqdvC.jpg


    SuWYOkc.jpg


    f2DXla7.jpg


    6vXYasW.jpg



    මේ කොටස අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ.මොකද දෙවනි ඩ්‍රෝන් මාදිලිය ගැන දාන්න ගියොත් වචන 1000 නීතිය කැඩෙනවා.එතකොට මල්ටි ප්‍රොපෙලර් ඩ්‍රෝන් ගැන කතාව දෙකඩ වෙනවා.ඒ හින්දා ක්වාඩ්කොප්ටර් ගැන ඊලඟ කොටසදී කතා කරමු.ඩ්‍රෝන් නිෂ්පාදනය ,වෙනස් කිරීම් සිද්ධ වුනේ ඉරාකයේ විතරක් නෙමෙයි.මේ කොටස අවසන් කරන්නේ සිරියාවේ හමුදාව හොයාගත්තු නානලාගේ ඩ්‍රෝන් වැඩබිමක පෝටෝ ටිකකුත් එක්ක.

    bqIk1QQ.jpg


    tIGZL1r.jpg


    xrujata.jpg


    rZZy4d5.jpg


    Gu4tL7F.jpg



    ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ඩ්‍රෝන් හමුදාව - පළවෙනි කොටස