ඒ කාලේ අනුරපුරේ බස් එකේ ගිහාම එතන ඉදන් ගොඩක් තැන්වලට පයින් යන්නේ. පදුරු කැලැ මැද්දෙනුත් යනවා. අපේ මාම බැදපු එක්කෙනාගේ අම්මයි තාත්තයි (ගොඩක් වයසයි) ගේමක් නැතිව ඇවිදිනවා. වැඩිහිටි කන්ද නගිනවා.සිරා මචන්
අපිවත් බලාගෙන අම්මලා කෑමත් උයල බඩුත් උස්සන් යනවා ඒ කාලේ
අපේ ගනුන්ට මොන ලබ්බක්වත් බැ
එක දිගට සතියක් ඉව්වොත් ලෙඩ
ඒ ට්‍රිප් තමා බන් ෆන්
වෙන නඩේක ඉන්න කෙල්ලෙක් දිහා බලාගෙන
එක ගොඩේ පධුරු වල නිදා ගන්නකොට මාරු
ඉස්සර පොන් තිබ්බෙත් නැ පොටෝ ගහන්න කවුරුත් ඇත්තෙත් නැ
උදේම නැගිටිඅල මුණ පොඩ්ඩක් හෝදගෙන මොනා හරි ඇදුමක් දාගෙන යනවා ඉතින්
පට්ට හොදේ ඒ කාලේ
දවසක් මරු වැඩක් උනා. ට්‍රිප් එකේ 100 විතර හිටිය. රෑට කැවා. මහනුවර ගිහිල්ල ලොකු හෝල් එකක නැවතුනේ. පැදුරු එලා ගත්තා. හැමෝම නිදා ගන්න සෙට් උනා. ලයිට් එකක් නිව්වා. එහෙම්ම මට නින්ද ගියා
ටික වෙලාවකින් මට ඇහැරුනා. ලයිට් ඔක්කොම දාල. මම විතරයි පැදුරේ. අම්මල තාත්තලා ඔක්කොම පෙන්න නැහැ. අනිත් අයත් වැඩිය පෙන්න නැහැ. වෙලාව බැලුවා. රැ දෙකයි. මොන මගුලක්ද මේ? මට හිතාගන්න බැහැ. ටික වෙලාවකින් මට තේරුණා බඩ හරියෙන් පොඩි වේදනාවක්. නැගිටලා ගිය කකුස්සි පැත්තට . කකුස්සි 3-4 තිබ්බ වගේ මතකයි. බෙහෙත් ගන්න පෝලිම වගේ කට්ටිය පේලියට ඉන්නවා රෑ දෙකට කකුස්සි යන්න. සමහරුන්ට මල පැනල. කකුස්සියේ ඇතුලේ ඉදන් කෑ ගහනවා.
පස්සේ බලනකොට රෑ කෑමට නුහුරු කොල ජාතියක් තිබිළලු. හැමෝටම දෙපාර තුන්පාර බඩ ගිහිල්ල. පොඩි අයට එතනම. රෑ 2.00 විතර ඉදන් යුද්දයක් වගේ. හැමෝම නැගිටලා. කොපි හදනවා.
ඊලග දවසෙත් කෑම පැකට් එක හම්බුනාම කට්ටිය නොකා බලන් ඉන්නවා





.. ආසාවේ බෑ..
එදා නම් පට්ටම ආතල් එකක් ගත්තේ..
)