( මුළු එකම කියවන්නේ නැත්තන් අන්තිම වැකිය කියවලා ඉන්න)
ඒ කාලේ ගම් වල මිනිස්සු සන්තෝසෙන් ඉන්න ඇති දැන් ඉන්න මිනිස්සුන්ට වඩා. කන්න ඕන දේවල් වගා කරගෙන ඉන්න පිරිස වැඩි නිසා කෑම වල ලොකු අඟ හිඟ තියෙන්නත් නැතුව ඇති එහෙමටම. එළියේ බූරු ඇඳේ නිදා ගන්න කොට කොහොමට සනීපයක් තියෙන්න ඇති ද? කරන්ට් තෙල් පොහොර ගෑස් ප්‍රශ්න මුකුත් නෑ. සරලව මිනිස්සු එක්ක කතා කරලා අත්දැකීම් බෙදා ගන්න ඇති. පත්තරේ, කැලෑ පත්තරේ, ගමේ කඩ පිලෙන්, ළිඳ ළඟ සංගමෙන් විස්තර ඕපාදූප ටික දැන ගන්න එක තමයි ඒ කාලේ විදිය.
සරල ඉලක්ක තමයි ඒ කාලේ මිනිස්සුන්ට තියෙන්න ඇත්තේ. හරි හමන් ගෙයක් දොරක් මෙට්ටයක් කොට්ටයක් වැසිකිලියක් නැති වුණත් හිතේ සැනසිල්ලේ නිදා ගන්න ගොඩක් මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඇති.ගමේ කඩේ මුදලාලිට ණය වුන රුපියල් සත කීපයක් ඇරෙන්න වෙන ණය හිලව් තියෙන්න නැතුව ඇති.
කරන්ට් බිල් ෆෝන් බිල් වතුර බිල් මුකුත් නෑ. සීතල වතුර ටික වසක් විසක් නැතුව සැපට නාගන්න ඇති.
ගම් වදින අලියෝ ඒ දවස් වල මේ තරම් ඉන්න නැතුව ඇති. බොරු ආටෝපෙට වියහියදම් කරන්න සල්ලි නැති හින්දා සරල ඇදුම් ඇඳලා ඉන්න ඇති. ලෝකේ ප්‍රශ්න තමන්ගේ කර ගන්න ඒ ප්‍රශ්න දන්නේවත් නැති හින්දා තමන්ගේ ප්‍රශ්නයක් ගැන නිවී සැනසිල්ලේ කල්පනා කරගෙන ඉන්න ඇති.
කරන්ට් ගියාම මේ වගේ දේවල් හිතෙනවා ඉතින්.

Last edited: