ඊජිප්තුවේ අර්බුද මැද තානාපති අංශ අයුධ බිස
තම රටේ පවත්නා දේශපාලන අර්බුදය මැද සමහර තානාපති අංශ රට තුළට ගිනි අවි හා සන්නිවේදන උපකරණ ගෙන ඒමට ප්‍රයත්න දරන්නේ යැයි ඊජිප්තු විදේශ අමාත්‍යාංශය චෝදනා කර සිටියි. කයිරෝවේ පිහිටි සමහර විදේශ තානාපති කාර්යාල තානාපති වරප්‍රසාද හා මුක්තිය භාවිතා කරමින් තානාපති භාණ්ඩ තොග තුළ සඟවා ගිනි අවි හා සන්නිවේදන උපකරණ ගෙන ඒමට ප්‍රයත්න දරන බව විදේශ අමාත්‍යාංශයේ අවධානයට ලක්ව ඇතැයි ඔවුන්ගේ නිවේදනයේ දැක්වේ. රජයේ අවසරයකින් තොරව ගෙන එනු ලබන මෙම භාණ්ඩ රාජ සන්තක කරනු ලබන බවද එහි වැඩිදුරටත් සඳහන්ය. එහෙත් ඔවුන් මෙසේ අවි ජාවාරමක යෙදී සිටින තානාපති අංශ මොනවාදැයි නිශ්චිතවම සඳහන් කර නැත.