ඊයෙන් අවසන් වූ සසල හද විල් තෙරට පසු වදනක්

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
සමුගැනීමක් ගැන කියනව.. පටන් ගැන්මක් දන්නෙත් නෑ කියහන්කො... :eek::sorry:
ඊයා යකෝ උඹ 2009 එකෙක් නෙ :shocked:
මම නම් දන්නෙ නැහැ කිව්වත් කමක් නැහැ :P
තෝ හෙණ පරණ එකෙක් නෙ :shocked:
 

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    ප.ලි.
    සසල හද විල් තෙර පැරනි වැඩසටහන් සියල්ලම එළකිරි අද්මිනිස්ත්‍රාසිකාරතුමාන් හට බාර දීමට අනාගතයේ දී කටයුතු සම්පාදනය කොට ඇති අතර, ඒවායේ බාගත කර ගැනීමේ සබැදි සහ පැරණි සසල හද විල් තෙර වැඩසටහන් රේඩියෝවෙන් නැවත ප්‍රචාරය කිරීමේ කටයුතු එතුමන් විසින් සම්පාදනය කරනු ඇත.

    ekanam loku deyak...
    mama oba thuma hambuna welawaka illaganna kiyala hitan hitiye
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    :( හොද දේවල් අපි එනකොට ඉවර වෙලා වගේ.
    මම එක වැඩසටහනක් ඇහුවා. ඒක ඉතාමත් රසවත් වැඩසටහනක්.
     

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    දත් කිබුල සහෝදරයණනි ඔබේ අඩුව අපට දැනේ සසල හද විල්තෙර නිරතුරුවම හද සසල කරවීමට සමත් වුයේ ඔබගේ තිබු සියුම් සංවේදී භාවය නිසාය . ඔබට ස්තුතියි !

    ජය වේවා !!!!!
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඉස්සර නං හැමදාම වගේ රේඩියෝ ඇහුව.. King kobra සහෝ ගොඩක් වෙලාවට රේඩියෝ අහන්න එන්න කියල VM දැම්මත් Data නොමැතිකම සහ රාත්‍රිය අවිවේකි වීම නිසා අද වෙද්දී මට රේඩියෝ අහන්න එන්න බැරි වුනත් එළකිරි රේඩියෝ ගැන පොඩි දැනුවත්කමක් තියෙන නිසා මෙහෙම කොටන්නං.. මන් වැඩසටහනට / ත්‍රෙඩ් එකට ආවේ නැති වුනත් මෙහෙම දෙයක් තියෙන බව දැනගෙන සහ ඒක ගැන සතුටින් හිටියේ මොකද මේ කිරියේ දකින්න තියෙන දේවල් එක්ක..හැම තැනම කිය කිය නොගියත් මේක මෙතන කියන්න ඕනේ ..

    බීට් එක පමණක් සින්දුව කරගත්තු , විෂුවල් වලින් මෙගා නාට්ටි පෙන්නන සින්දු සංස්කෘතියක් හැදිලා තියෙන අද වගේ කාලේ ලංකාවේ ප්‍රධාන රේඩියෝ නාලිකාවලත් යන්නේ නැති විදිහේ වැඩසටහනක් කිරීම ගැන කිඹුලා අන්කල්ට ස්තුතියි.. කිරියට එන විවිධ ක්ෂේත වල අය , වැඩිපුරම අයිටී සයිඩ් එකේ අයගේ අවිවේකී ජීවන රටාවත් එක්ක ඒගොල්ලන් එකතු කරගෙන ගීතයක තියෙන සාහිත්‍යය ගැන කතා කරන , මිනිස්සුන්ට රසවින්දනය පුරුදු කරන , ගීතයක් මගින් මිනිස්සුන්ව ඥාණනය කරවන්න කැප වුනු මේ වගේ වැඩසටහන් කවුරුන් හෝ කෙනෙක් මුල් වෙලා මේ කිරිය් ආයේ පටන් ගන්නවා නං හොඳයි .. නැත්තන් මේක තවත් එක රේඩියෝවක් විතරක් වෙලා යාවි.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ටොමා තවමත් එළකිරි රේඩියෝ එක ගැන නොදන්නා සෑහෙන සාමාජිකයන් ඉන්නවා කියලා මේ ත්‍රේඩ් එක බලනකොට පෙනවා :(:( ඒ කියන්නේ එළකිරි රේඩියෝ ගොඩක් සාමාජිකයන් අතරට ගිහින් නෑහැ කියලා :( මම වුනත් එළකිරියේ ක්‍රියාකාරි වුනේ 2012 වගේ, ඒත් මම එළකිරි රේඩියෝ හා සම්බන්ධ වුනේ 2013 අවසානයේ, මම ඒ කාලේ රේඩියෝ වැඩසටහන් ගැන අහලා තිබුනට කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ කියලා දැනුමක් තිබුනේ නෑ. රොකට්90 මිත්‍රයා තමයි මම එළකිරි රේඩියෝ ඒකට පාර කියුවේ. :D ඒදා ඉදන් අද දක්වා මම රේඩියෝ අහනවා. කිරියට ගොඩවෙන ගොඩක් දෙනා මේ රේඩියෝ ගැන දන්නේ නෑ කියලා මට හිතෙනවා :no::no:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යකෝ ඊයෙන් සසල හද විල් තෙර ඉවරයිද?
    ශික්.මම හිතන් හිටියේ ලබන සිකුරාදා අන්තිම වැඩසටහන කියලා.
    කොහොම උනත් වැඩසටහන නවත්වපු එක අපරාධයක්.අපිට සුභාවිත ගීතයක් අහන්න තිබුන තැන.වැඩසටහන තරුණ කාලෙදිම මරලා දැම්මා කියලා හිතෙනවා.

    කොහොම උනත් දහසක් වැඩරාජකාරී මැද්දේ වසර හතරක් අපි වෙනුවෙන් වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන අපි කිඹුලයියට කෘතඥ වෙනවා.පුලුවන්නම් අපි වෙනුවෙන් ආයිත් පාරක් වැඩසටහන පටන් ගන්න.

    කිඹුලයියාගේ සියලු බලාපොරොත්තු එයාකාරයෙන්ම ඉෂ්ඨ සිද්ද වේවා.ඒ වගේම පවුලේ හැමෝටම නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා.අපි වෙනුවෙන් වැඩසටහන කරගෙන ආවට ගොඩක් පින් කිඹුලයියේ ඔයාට.

    ඒ වගේම නැවතිලා තිබුන රේඩියෝ වැඩසටහන නැවත පටන් ගන්නට මූලිකත්වය ගෙන ක්‍රියාකල ටොම් අයියටත් බොහොම පින්
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    සසල හද විල්තෙර වැඩසටහන මට අසන්න ලැබුනේ අහම්බෙන්, නමුත් මම පළමු වතාවේදීම වැඩසටහන කරගෙන යන ආකාරය පිලිබඳ වගේම අසන්න ලැබුණු ගීත පිළිබඳව දැඩි රුචිකත්වයක් දැක්වුව. නිතර හැම වැඩසටහනක එක්කම සම්බන්ද වෙන්න නොලැබුනත්, හැකි සැම අවස්තාවකදීම සවන් දුන්න. සියළු ම දේට අවසානයක් තිබිය යුතු ය යනු සොබා දහමේ නීතියට අනුව සසල හද විල් තෙර වැඩසටහන දත් කිඹුලා සහෝ නවත්වුවේ සයිබර් අවකාශයේ ලොකු හිඩැසක් ඇති කරමින්.

    වසර හතරක් කියන්නේ ලොකු කාලයක්. එතරම දීර්ඝ කාලයක් වැඩසටහන පවත්වාගෙන එම පිළිබඳව, තමන්ගේ පුද්ගලික කටයුත් අතපසු කරමින්, කාලය ධනය ශ්‍රමය වැයකරමින්, එලකිරියෙහි සුභාවිත ගීතය ප්‍රිය කරන සියලු ශ්‍රාවක ශ්‍රාවිකාවන් වෙනුවෙන් කල මේ කැපකිරීමට මේ මෙහෙවරට දත් කිඹුලා සොයුරාට බොහෝ ස්තූති වන්ත වෙමි. ඔබ වැනි සත්පුරුෂයින් මේ සමාජයේ බෙහෙවින් දුලබ වෙති. ඔබ වැනි අයෙකුගේ ඇසුර පවා අප ලබන භාග්‍යයකි. මේ මෙහෙවර වෙනුවෙන් ඔබට බොහෝ පිං.

    දත්කිඹුලා සොයුරාගේ අනාගත සැලසුම් සිතූ පැතූ ආකාරයෙන්ම සාර්තක වේවායි පතමි.
    තෙරුවන්සරණයි!
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    වැඩසටහන නතර කිරිම ඇත්තෙන්ම කණගාටුවට කරුණක් :(:( ඒත් කිඹුලා ලොකු කැපකිරිමක් එක්ක මෙච්චර කල් ඔය වැඩසටහන පවත්වාගෙන ආපු එකම ගොඩක් වටිනවා. විල්තෙර ගුණාත්මක භාවය හා එහි රසවින්දනය ගැන ආයෙත් කියන්න දෙයක් නෑ :love::love::love:

    :yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    දත්කිඹුලා සොයුරාගේ අනාගත සැලසුම් සිතූ පැතූ ආකාරයෙන්ම සාර්තක වේවායි පතමි!