ඊයෙන් අවසන් වූ සසල හද විල් තෙරට පසු වදනක්

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    විනීත සංගීතයෙන් අප හදවත් රසවත් කල කිඹුලයියෙ, ඔබ මේ කරගත්තාවු පිණෙන් ඔබේ ඉදිරි ජීවිත කටයුතු සියළුම ආකාරයෙන් සාර්ථක වේවා!!! කියලා ප්‍රාර්ථනා කරනවා....
    eb17eb1cd6ff.jpg

    2Q==
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔන් ලයින් රෙඩියෝ ගැන කියනවා නම් මටත් වැඩසටහන් කිහිපයක් අහගන්න පුලුවන් උනා.. කිබුලා සුපිරියටම කරා..:cool: අද කාලේ කොම්පියුටරේ අස්සේ ඉන්න එකෙක් මොහෙම ලස්සනට සින්හල බෂාව හසුරුවනවා අහන්න ලැබුන එකත් ලොකු සතුටක් උනා.. කිබුලා අයියා වුර්තියෙන් කාර්‍යබහුල චරිතයක්.. ඒ වගේ කෙනෙක් සති අන්තයේ තමන් ගේ වටිනා කාලය රෙඩීයෝ වෙනුවෙන් වැය කරලා අනිත් අයට වටිනා දෙයක් ඉදිරිපත් කිරිම සම්බන්දයෙන් අපි හැමෝම කිබුලාට ස්තුති වෙනවා... කිබුලා විල්තෙරින් සමු ගත්තා සෙ කිරියෙනුත් සමු ගනිද?.. මොකද මම් කිබුලාගෙ කොමෙන්ටුවක් දැක්කා වෙන ත්‍රේඩ් එකක.. කිබුලත් අඹ ගෙඩියෙන් එලියට යන්න යන සීන් එකක් වගෙ තියෙන්නෙ..:dull::dull:

    ස්කුවියා එක්ක ඇමසියා එක්ක දාගන්න වලි වලිනුත් , ඒ කොමෙන්ටු වලිනුත් අපි විනොද උනා.. :lol::lol:

    අවසාන වශයෙන් යලිත් වරක් කිබුලාට ස්තුති
    ඔබේ ඉදිරි ජීවිත කටයුතු සියළුම ආකාරයෙන් සාර්ථක වේවා!!! කියලා ප්‍රාර්ථනා කරනවා.... :):)
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව

    ප.ලි.
    සසල හද විල් තෙර පැරනි වැඩසටහන් සියල්ලම එළකිරි අද්මිනිස්ත්‍රාසිකාරතුමාන් හට බාර දීමට අනාගතයේ දී කටයුතු සම්පාදනය කොට ඇති අතර, ඒවායේ බාගත කර ගැනීමේ සබැදි සහ පැරණි සසල හද විල් තෙර වැඩසටහන් රේඩියෝවෙන් නැවත ප්‍රචාරය කිරීමේ කටයුතු එතුමන් විසින් සම්පාදනය කරනු ඇත.

    මේක නම් ලොකු දෙයක්
    අන්තිම එක ඉවර වෙනකම් අහන්න බැරි වුනා... :(:(

    ගොඩක් දේවල් දැනගත්ත,
    සෑහෙන්න වටිනා දෙයක් වුනා මහන්සි වෙලා ඉන්නකොට හිත සැනසෙන්න පැය 2ක් 3ක් එක දිගට අහන් ඉන්න පුළුවන් නිසා
    කිඹුල් මාමට ගොඩක් පින්
    :):):cool::cool:
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සසල හද විල් තෙර; සුභාවිත ගීතයට මා නැවතත් ඇද බැද තබා ගත්තා යැයි කිවහොත් එය ඉතා නිවැරදියි.
    මෙවන් වැඩ සටහනක් ඉතාමත් කැපවීමෙන් සිය ඉතා කාර්ය බහුල ජීවන ක්‍රමය තුල ගෙන ආ දත් කිඹුලා සොයුරාට ශීර්ෂප්‍රාමපූර්වක ස්තූතිය හද පත්ලෙන් පිරිනමමි.
    එක් වැඩසටහනකට ඔහුගේ යාබද අසුනේ හිද සම්මාදම් වීමට ඉඩ හසර ලබාදීමට ප්‍රණාමය පුද කරන අතර , මා සතු සීමිත මිතුරු ගොන්නට ඔහුවත්, තවත් මිතුරන් කිහිප දෙනෙකුත් අසුලා ගන්නට ලැබීම පූර්ව ජන්මාන්තර කුසලකර්මයක් ලෙස අදහමි.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේකයි මල්ලී.....
    අතිරස වුනත් නිතර කන කොට එපා වෙනව කියල කතාවක් තියනවා....
    ඕනෑම දේකට ස්වාවිකව හිමි ආයුකාලයක් තියනවා. සසල හද විල් තෙරට ආයු කාලය වසර 4ක් ලෙස මා ගනන් හැදුවා, අත්දැකීමෙන්.

    රේඩියෝවෙන් මම ඉදිරිපත් කලේ සසල හද විල් තෙර පමණක් නොවේ. ප්‍රේම සැදෑවෝ නමින් හෙළ, ඉංගිරිසි සහ හින්දි ප්‍රේම ගීත ම පමණක් ගෙන ආ වැඩසටහනුත්, එළකිරි යාන්ස් බාර් විත් අංගොඩයා නමින් විහිළු කතා-යාන්ස් ගෙන එන කොමිටල්/ලොල් මට්ටමේ වැඩසටහනකුත් මා ගෙන ආවා. (අංගොඩයා ලෙස කතා කලේ මා බව මේ ප්‍රසිද්ධියේ පවසන්නේ පළමු වතාවට වන අතර, ඒ පිළිබදව දැන සිටියේ රේඩියෝවේ සොයුරන් අතලොස්සක් පමණි)

    ඒ නිසා එළකිරි රේඩියෝවේ පවතින ඉඩ අවකාශය අති විශාලයි. නියම ආකාරයෙන් වැඩසටහන් ආකෘතියකට ඉදිරිපත් වේ නම් තවමත් එළකිරි රේඩියෝවේ ක්‍රීඩා, පරිගණක සහ තාක්ෂණ, ඉංගිරිසි ගීත, හින්දි ගීත, ශ්‍රාවක ඉල්ලීම්, මැදහත් දේශපාලන විත්ති ආදී වැඩසටහන් ආකෘති ඉතා විශාල ගනනක් රැදී පවතිනවා......

    කලකට පෙර සොදුරු වූ අතීතයක දී එළකිරි රේඩියෝව තමා එළකිරියේ හඩ බවට පත් වී තිබුණේ....

    :):):)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Thank You TOM AYYA..

    AH21HRs.jpg

    එලකිරි රේඩියෝ එක ගැන කියනව නම් මුල් කාලයේ දවස් 7ට වැඩසටහන් 16ක් විකාෂණය කරන්න තරම් සාරවත් උන ඔන්ලයින් රේඩියෝ එකක් උනත් රේඩියෝ එක කරපු ගොඩක් සාමාජිකයන්ට තමන්ගේ කාර්යබහුලත්වය නිසා මේක දාලා යන්න උනා. සමහරු කාලෙකදි අලුතින් රේඩියෝව කරන්න එකතු උනා. එහෙම එකතු උන සමහර අය කරේ වැඩසටහන් එකක් දෙකක්. ගොඩක් අයට ආසාවට රේඩියෝව කරනවා කියලා පටන්ගත්තට මේක කරගන යන්න තරම් ශක්තියක් තිබුනෙ නෑ කිව්වොත් ඒක තමයි ඇත්ත. සමහරුන්ට නම් පුද්ගලික හේතු තියන්න ඇති. නමුත් මගේ නම් අදහස වැඩක් බාර ගත්තනම් අරහේතු මේ හේතු ඉදිරිපත් කරලා ලත් තැනම ලොප් කරන්නේ නැතුව යම් කාළයක් කරගෙන යන්න පුලුවන් වෙන්න ඕනේ. මොකද එලකිරි රේඩියෝ ඉතිහාසයේ ඉදලා මෑතක් වෙනකන් ප්‍රෝග්‍රෑම් 1 ක් 2 ක් හෝ කීපයක් කරලා හිටිහැටියේම අතුරු දහන් උන කට්ටිය තමයි වැඩිපුර හිටියේ.

    යමක් කරන්න යම් ප්‍රමාණයකට කැප කිරීමක් කළ යුතුමයි. ඒක දැනුන, කළ නොහැකි අය වැඩසටහනක් හෝ දෙකක් යනකොට වැඩේ අත අරිනවා තවත් සාමාජිකයින්ට එක වැඩසටහනක් වත් කරන්න වෙන්නේ නෑ. මොකද ඕන ඕන විදියේ දේවල් රේඩියෝ වෙන් කරන්න දෙන්නේ නෑ ඒකට යම් පරාසයක් හා විනයක් අවශ්‍යයි, :dull::dull::dull: ඒ හැරණුම ඒ දවස් වල වැඩසටහන් කරපු බොහෝ දෙනෙක් ඒ වෙනුවෙන් කැප කිරීම කලා.. ඒත් එක තැනකදි අපිට යම් ගැටළු වගයකට මුහුණ පෑමට වෙනවා. එතනදි "මොකටද මේ කැප කිරීම කරන්නේ...?" ඒ තැනදි උත්තර හම්බුණ අය වැඩසටහන් ඉදිරියට අරන් ගියා නොලැබුණ අය වැඩසටහන් අත හැරියා. දත් කිඹුලා ඒ ගොඩක් අයට වැටෙන්න නොදී අල්ලගෙන හිටියේ රේඩියෝවෙ ම අනාගතය වෙනුවෙන්. ඒ දේ දැක දැකත්..එක තැනක් වෙනකන් ආපු මම..යම් තැනකින් නතර උනා..ඒ සඳහා මට මගේ පුද්ගලික කාරණයක් තිබුණා. කොච්චර පුද්ගලික වැඩ තිබුණත් සිකුරාදට සසළ හද විල් තෙර වැරදුණේ නෑ..එතන අපිට කිඹුල අයියගෙන් ඉගෙන ගන්න දේවල් තිබුණා..:):):) එළකිරි සිටිනතාක් කල් ඔහු අපේ රෙඩියෝවේ ගුරුන්මය.මහා සමුගැනීම් 100ක් කරත් ඒක වෙනස් වෙන එකක් නෑ.. :):):):)

    එක තැනකදි අපි සියල්ලම අසාර්ථක උනා. අපෙන් පසුව පිරිසක් මේ වැඩේ කරන් යන විදියට හදා ගන්න. මගෙන් පසුව තරිඳු මල්ලි අද වෙනකන් මේ ගේම ඇදන් එනවා.දත්කිඹුලගේ, සැස්ලිට් ගේ ,ටූ ලිට්ල් ඇතුලු බොහෝ සාමාජිකයින්ගෙන් පසුව ඒ තැන භාර ගන්න අය මේ වෙනකන් අපිට හොයා ගන්න බැරි උනා..ඉතින් රේඩියෝ කරන්න කැමැත්තක් , ඒ වගේම කැපවීම තියෙන්න ඕන.

    හැමදේම මුදලට යට සමාජෙක මුදලට වඩා වටින ගොඩක් දේවල් උඹලට ලබා ගන්න තිබුණා කිඹුල හිටිය සමයේ රේඩියෝවට එකතු උනා නම්.. :(:(:( රේඩියෝවෙන් උගත හැටි දේ බොහොයි... මම දන්නේ නෑ සමහර විට දැන් පරක්කු වැඩි ඇති..ඒත් උත්සාහ කරල බලන්න.මොකද මේ කිඹුල අයියා වැඩෙන ගස් වලට කොහොමත් පාර කියා දෙනවා. ඔහුට ඒ සඳහා අපි කාටත් වඩා වුවමනාවක් තිබුණා අදටත් ඒ දෙ එහෙමම වෙන්න පුලුවන්..

    ඔබ එනතුරු කඩුල්ල අද්දර සමහර විට තමව හෂාන් ඩිශ් සිටිය හැකියි.
    :lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉස්සර නං හැමදාම වගේ රේඩියෝ ඇහුව.. King kobra සහෝ ගොඩක් වෙලාවට රේඩියෝ අහන්න එන්න කියල VM දැම්මත් Data නොමැතිකම සහ රාත්‍රිය අවිවේකි වීම නිසා අද වෙද්දී මට රේඩියෝ අහන්න එන්න බැරි වුනත් එළකිරි රේඩියෝ ගැන පොඩි දැනුවත්කමක් තියෙන නිසා මෙහෙම කොටන්නං.. මන් වැඩසටහනට / ත්‍රෙඩ් එකට ආවේ නැති වුනත් මෙහෙම දෙයක් තියෙන බව දැනගෙන සහ ඒක ගැන සතුටින් හිටියේ මොකද මේ කිරියේ දකින්න තියෙන දේවල් එක්ක..හැම තැනම කිය කිය නොගියත් මේක මෙතන කියන්න ඕනේ ..

    බීට් එක පමණක් සින්දුව කරගත්තු , විෂුවල් වලින් මෙගා නාට්ටි පෙන්නන සින්දු සංස්කෘතියක් හැදිලා තියෙන අද වගේ කාලේ ලංකාවේ ප්‍රධාන රේඩියෝ නාලිකාවලත් යන්නේ නැති විදිහේ වැඩසටහනක් කිරීම ගැන කිඹුලා අන්කල්ට ස්තුතියි.. කිරියට එන විවිධ ක්ෂේත වල අය , වැඩිපුරම අයිටී සයිඩ් එකේ අයගේ අවිවේකී ජීවන රටාවත් එක්ක ඒගොල්ලන් එකතු කරගෙන ගීතයක තියෙන සාහිත්‍යය ගැන කතා කරන , මිනිස්සුන්ට රසවින්දනය පුරුදු කරන , ගීතයක් මගින් මිනිස්සුන්ව ඥාණනය කරවන්න කැප වුනු මේ වගේ වැඩසටහන් කවුරුන් හෝ කෙනෙක් මුල් වෙලා මේ කිරිය් ආයේ පටන් ගන්නවා නං හොඳයි .. නැත්තන් මේක තවත් එක රේඩියෝවක් විතරක් වෙලා යාවි.
    :):):yes:
    ටොමා තවමත් එළකිරි රේඩියෝ එක ගැන නොදන්නා සෑහෙන සාමාජිකයන් ඉන්නවා කියලා මේ ත්‍රේඩ් එක බලනකොට පෙනවා :(:( ඒ කියන්නේ එළකිරි රේඩියෝ ගොඩක් සාමාජිකයන් අතරට ගිහින් නෑහැ කියලා :( මම වුනත් එළකිරියේ ක්‍රියාකාරි වුනේ 2012 වගේ, ඒත් මම එළකිරි රේඩියෝ හා සම්බන්ධ වුනේ 2013 අවසානයේ, මම ඒ කාලේ රේඩියෝ වැඩසටහන් ගැන අහලා තිබුනට කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ කියලා දැනුමක් තිබුනේ නෑ. රොකට්90 මිත්‍රයා තමයි මම එළකිරි රේඩියෝ ඒකට පාර කියුවේ. :D ඒදා ඉදන් අද දක්වා මම රේඩියෝ අහනවා. කිරියට ගොඩවෙන ගොඩක් දෙනා මේ රේඩියෝ ගැන දන්නේ නෑ කියලා මට හිතෙනවා :no::no:
    ඔව් මචං සෑහෙන්න ඉන්නවා නොදන්න අය. :( රේඩියේ අහන අපි මේ ගැන අනිත් අයව දැනවත් කරනවා මදි වගේ.

    යකෝ ඊයෙන් සසල හද විල් තෙර ඉවරයිද?
    ශික්.මම හිතන් හිටියේ ලබන සිකුරාදා අන්තිම වැඩසටහන කියලා.
    කොහොම උනත් වැඩසටහන නවත්වපු එක අපරාධයක්.අපිට සුභාවිත ගීතයක් අහන්න තිබුන තැන.වැඩසටහන තරුණ කාලෙදිම මරලා දැම්මා කියලා හිතෙනවා.

    කොහොම උනත් දහසක් වැඩරාජකාරී මැද්දේ වසර හතරක් අපි වෙනුවෙන් වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන අපි කිඹුලයියට කෘතඥ වෙනවා.පුලුවන්නම් අපි වෙනුවෙන් ආයිත් පාරක් වැඩසටහන පටන් ගන්න.

    කිඹුලයියාගේ සියලු බලාපොරොත්තු එයාකාරයෙන්ම ඉෂ්ඨ සිද්ද වේවා.ඒ වගේම පවුලේ හැමෝටම නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා.අපි වෙනුවෙන් වැඩසටහන කරගෙන ආවට ගොඩක් පින් කිඹුලයියේ ඔයාට.

    ඒ වගේම නැවතිලා තිබුන රේඩියෝ වැඩසටහන නැවත පටන් ගන්නට මූලිකත්වය ගෙන ක්‍රියාකල ටොම් අයියටත් බොහොම පින්

    ස්තූතී මල්ලි :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සසල හද විල්තෙර වැඩසටහන මට අසන්න ලැබුනේ අහම්බෙන්, නමුත් මම පළමු වතාවේදීම වැඩසටහන කරගෙන යන ආකාරය පිලිබඳ වගේම අසන්න ලැබුණු ගීත පිළිබඳව දැඩි රුචිකත්වයක් දැක්වුව. නිතර හැම වැඩසටහනක එක්කම සම්බන්ද වෙන්න නොලැබුනත්, හැකි සැම අවස්තාවකදීම සවන් දුන්න. සියළු ම දේට අවසානයක් තිබිය යුතු ය යනු සොබා දහමේ නීතියට අනුව සසල හද විල් තෙර වැඩසටහන දත් කිඹුලා සහෝ නවත්වුවේ සයිබර් අවකාශයේ ලොකු හිඩැසක් ඇති කරමින්.

    වසර හතරක් කියන්නේ ලොකු කාලයක්. එතරම දීර්ඝ කාලයක් වැඩසටහන පවත්වාගෙන එම පිළිබඳව, තමන්ගේ පුද්ගලික කටයුත් අතපසු කරමින්, කාලය ධනය ශ්‍රමය වැයකරමින්, එලකිරියෙහි සුභාවිත ගීතය ප්‍රිය කරන සියලු ශ්‍රාවක ශ්‍රාවිකාවන් වෙනුවෙන් කල මේ කැපකිරීමට මේ මෙහෙවරට දත් කිඹුලා සොයුරාට බොහෝ ස්තූති වන්ත වෙමි. ඔබ වැනි සත්පුරුෂයින් මේ සමාජයේ බෙහෙවින් දුලබ වෙති. ඔබ වැනි අයෙකුගේ ඇසුර පවා අප ලබන භාග්‍යයකි. මේ මෙහෙවර වෙනුවෙන් ඔබට බොහෝ පිං.

    දත්කිඹුලා සොයුරාගේ අනාගත සැලසුම් සිතූ පැතූ ආකාරයෙන්ම සාර්තක වේවායි පතමි.
    තෙරුවන්සරණයි!
    :):yes:
    ඔන් ලයින් රෙඩියෝ ගැන කියනවා නම් මටත් වැඩසටහන් කිහිපයක් අහගන්න පුලුවන් උනා.. කිබුලා සුපිරියටම කරා..:cool: අද කාලේ කොම්පියුටරේ අස්සේ ඉන්න එකෙක් මොහෙම ලස්සනට සින්හල බෂාව හසුරුවනවා අහන්න ලැබුන එකත් ලොකු සතුටක් උනා.. කිබුලා අයියා වුර්තියෙන් කාර්‍යබහුල චරිතයක්.. ඒ වගේ කෙනෙක් සති අන්තයේ තමන් ගේ වටිනා කාලය රෙඩීයෝ වෙනුවෙන් වැය කරලා අනිත් අයට වටිනා දෙයක් ඉදිරිපත් කිරිම සම්බන්දයෙන් අපි හැමෝම කිබුලාට ස්තුති වෙනවා... කිබුලා විල්තෙරින් සමු ගත්තා සෙ කිරියෙනුත් සමු ගනිද?.. මොකද මම් කිබුලාගෙ කොමෙන්ටුවක් දැක්කා වෙන ත්‍රේඩ් එකක.. කිබුලත් අඹ ගෙඩියෙන් එලියට යන්න යන සීන් එකක් වගෙ තියෙන්නෙ..:dull::dull:

    ස්කුවියා එක්ක ඇමසියා එක්ක දාගන්න වලි වලිනුත් , ඒ කොමෙන්ටු වලිනුත් අපි විනොද උනා.. :lol::lol:

    අවසාන වශයෙන් යලිත් වරක් කිබුලාට ස්තුති
    ඔබේ ඉදිරි ජීවිත කටයුතු සියළුම ආකාරයෙන් සාර්ථක වේවා!!! කියලා ප්‍රාර්ථනා කරනවා.... :):)
    කිරියෙන් යන්න නම් දෙන්නෙ නෑ :yes: එහෙම උනොත් කට්ටිය සංවිධානය කරලා ක්ලීනික් එක වටලනවා.
    radio eka aya naggala ganna ona
    eluth ewwo enna ona
    eth naggala ganna parana ewwoth inna ona
    :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක නම් ලොකු දෙයක්
    අන්තිම එක ඉවර වෙනකම් අහන්න බැරි වුනා... :(:(

    ගොඩක් දේවල් දැනගත්ත,
    සෑහෙන්න වටිනා දෙයක් වුනා මහන්සි වෙලා ඉන්නකොට හිත සැනසෙන්න පැය 2ක් 3ක් එක දිගට අහන් ඉන්න පුළුවන් නිසා
    කිඹුල් මාමට ගොඩක් පින්
    :):):cool::cool:
    මටත් අන්තිම එක ඉවර වෙනකල් අහන්න බැරි උනා.
    සසල හද විල් තෙර; සුභාවිත ගීතයට මා නැවතත් ඇද බැද තබා ගත්තා යැයි කිවහොත් එය ඉතා නිවැරදියි.
    මෙවන් වැඩ සටහනක් ඉතාමත් කැපවීමෙන් සිය ඉතා කාර්ය බහුල ජීවන ක්‍රමය තුල ගෙන ආ දත් කිඹුලා සොයුරාට ශීර්ෂප්‍රාමපූර්වක ස්තූතිය හද පත්ලෙන් පිරිනමමි.
    එක් වැඩසටහනකට ඔහුගේ යාබද අසුනේ හිද සම්මාදම් වීමට ඉඩ හසර ලබාදීමට ප්‍රණාමය පුද කරන අතර , මා සතු සීමිත මිතුරු ගොන්නට ඔහුවත්, තවත් මිතුරන් කිහිප දෙනෙකුත් අසුලා ගන්නට ලැබීම පූර්ව ජන්මාන්තර කුසලකර්මයක් ලෙස අදහමි.
    :)
    Parana programs tika ikmanata denna kiyala mama yojana karami :)
    :yes:
    යමක් කරන්න යම් ප්‍රමාණයකට කැප කිරීමක් කළ යුතුමයි. ඒක දැනුන, කළ නොහැකි අය වැඩසටහනක් හෝ දෙකක් යනකොට වැඩේ අත අරිනවා තවත් සාමාජිකයින්ට එක වැඩසටහනක් වත් කරන්න වෙන්නේ නෑ. මොකද ඕන ඕන විදියේ දේවල් රේඩියෝ වෙන් කරන්න දෙන්නේ නෑ ඒකට යම් පරාසයක් හා විනයක් අවශ්‍යයි, :dull::dull::dull: ඒ හැරණුම ඒ දවස් වල වැඩසටහන් කරපු බොහෝ දෙනෙක් ඒ වෙනුවෙන් කැප කිරීම කලා.. ඒත් එක තැනකදි අපිට යම් ගැටළු වගයකට මුහුණ පෑමට වෙනවා. එතනදි "මොකටද මේ කැප කිරීම කරන්නේ...?" ඒ තැනදි උත්තර හම්බුණ අය වැඩසටහන් ඉදිරියට අරන් ගියා නොලැබුණ අය වැඩසටහන් අත හැරියා. දත් කිඹුලා ඒ ගොඩක් අයට වැටෙන්න නොදී අල්ලගෙන හිටියේ රේඩියෝවෙ ම අනාගතය වෙනුවෙන්. ඒ දේ දැක දැකත්..එක තැනක් වෙනකන් ආපු මම..යම් තැනකින් නතර උනා..ඒ සඳහා මට මගේ පුද්ගලික කාරණයක් තිබුණා. කොච්චර පුද්ගලික වැඩ තිබුණත් සිකුරාදට සසළ හද විල් තෙර වැරදුණේ නෑ..එතන අපිට කිඹුල අයියගෙන් ඉගෙන ගන්න දේවල් තිබුණා..:):):) එළකිරි සිටිනතාක් කල් ඔහු අපේ රෙඩියෝවේ ගුරුන්මය.මහා සමුගැනීම් 100ක් කරත් ඒක වෙනස් වෙන එකක් නෑ.. :):):):)

    එක තැනකදි අපි සියල්ලම අසාර්ථක උනා. අපෙන් පසුව පිරිසක් මේ වැඩේ කරන් යන විදියට හදා ගන්න. මගෙන් පසුව තරිඳු මල්ලි අද වෙනකන් මේ ගේම ඇදන් එනවා.දත්කිඹුලගේ, සැස්ලිට් ගේ ,ටූ ලිට්ල් ඇතුලු බොහෝ සාමාජිකයින්ගෙන් පසුව ඒ තැන භාර ගන්න අය මේ වෙනකන් අපිට හොයා ගන්න බැරි උනා..ඉතින් රේඩියෝ කරන්න කැමැත්තක් , ඒ වගේම කැපවීම තියෙන්න ඕන.

    හැමදේම මුදලට යට සමාජෙක මුදලට වඩා වටින ගොඩක් දේවල් උඹලට ලබා ගන්න තිබුණා කිඹුල හිටිය සමයේ රේඩියෝවට එකතු උනා නම්.. :(:(:( රේඩියෝවෙන් උගත හැටි දේ බොහොයි... මම දන්නේ නෑ සමහර විට දැන් පරක්කු වැඩි ඇති..ඒත් උත්සාහ කරල බලන්න.මොකද මේ කිඹුල අයියා වැඩෙන ගස් වලට කොහොමත් පාර කියා දෙනවා. ඔහුට ඒ සඳහා අපි කාටත් වඩා වුවමනාවක් තිබුණා අදටත් ඒ දෙ එහෙමම වෙන්න පුලුවන්..

    ඔබ එනතුරු කඩුල්ල අද්දර සමහර විට තමව හෂාන් ඩිශ් සිටිය හැකියි.
    :lol::lol::lol::lol:

    :):)

    මෙහෙම කතාවකුත් කිඹුලගේ කමෙන්ටුවේ තියනවනේ

    බලාපොරොත්තු සහගතව ජීවත් වන්න මාගේ මිත්‍රවරුනි,
    ජීවිතය තවමත් තරුණයි!!!!!
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    රන්දිකේ හිතෙන්නේ නැද්ද මහා සමාජය අත්විදින දේම තමා රේඩියෝවත් අත් විදින්නේ කියලා.
    වර්තමානයේ බොහෝ තරුණ දරුවන්, එක දේක අරමුණු එල්ල තියාගෙන කාගෙන ඉදීමේ ලොකු අඩුවක් තියනවා. ඒ විතරක් නෙවෙයි, තමන් ගෙන් මහා සමාජයට වෙන්න තියන යුතුකම සහ වගකීම ඉෂ්ඨ කිරීමේ අඩුවක් තියනවා. මම හිතන්නේ මේ කාරණය තමා රේඩියෝවට කණ කොකා අඩන්න ප්‍රමුඛතම කාරණය.

    ඔබ කියන දේ හරි. අළුතින් පැල වැවෙනව නම්, මම ලෑස්තියි ප්‍රතිලාභ වලින් තොරව දිය සපයන්න.....
    ඒක ඔබට වඩා වයසින් වැඩිමල් කෙනෙක් වන මම, මහා සමාජය වෙනුවෙන් කරන යුතුකමේ සහ වගකීමේ එක කොටසක්......
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    kibul aiyata suba anagathayakata suba pathanawa. A wagema thawath me wape program elakiriye karagena yanna kawrun ho mul thena gani kiyala balaporoththu wenawa
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    එළකිරි අද්මිනිස්ත්‍රාසිකාරතුමාන් කියන්න කවුද?
    :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙළය සැනසූ මහා ගාන්ධර්වයානන් වන
    පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය අමරදේවයානන් ගේ
    අභාවය සිදුවී ඇති මේ සෝචනීය මොහොතේ,
    එතුමන් හට කෙරෙන බුහුමනක් ලෙස,
    එළකිරි රේඩියෝවෙන් මේ මොහොතේ සිට
    එතුමාණන් ගැන කෙරෙන
    අමර හරසර වැඩසටහන
    ප්‍රචාරණයට කටයුතු යොදා ඇති බව
    සංවේගප්‍රාප්ත සියළු සුභාවිත හෙල ගී ලෝලීන් හට
    මෙසේ දන්වමි.

    OBPbm.png

    cajfKRY.png

    * This is recommended!

    Listen via Media Players on PC or Mobile devices through

    Listen via Media Players on PC or Mobile devices through:

    High Quality:
    [ http://radio.elakiri.com:8000/stream_hq ] or [ radio.elakiri.com:8000/stream_hq.m3u]

    Low Quality:

    [ http://radio.elakiri.com:8000/stream_lq ] or [ radio.elakiri.com:8000/stream_lq.m3u]

    Now you can have ElaKiri Interactive Radio dedicated app on your Android Device

    cDHoA.png

    You Can always Keep In Touch With Our ElaKiri Interactive Radio! Official Fan Pages.

    cDHoA.png
    cDHoA.png

    එතුමාණක් ගේ අභාවය ගැන සැළකල සැනින්, රේඩියෝවෙන් මෙම වැඩසටහන ප්‍රචාරනය කිරීමට කටයුතු සම්පාදනය කල ජීටී සොයුරා සහ රේඩියෝ සොයුරා ප්‍රමුඛ එළකිරියේ පාලනාධිකාරයට මාගේ ශිර්ෂප්‍රණාමක ස්තූතිය.