ඊයෙ ප්‍රවෘත්ති වලට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ඊයෙ ප්‍රවෘත්ති වලට

    ඊයෙ ප්‍රවෘත්ති වලට කිව්ව ඩොකෙක් සහ ඩොකියක් වතුර ටැංකියක් උඩට නැඟල කියල. උංදෙන්නව පොලිසියෙන් අල්ලං ගිහින්. මොකද දන්නෙ නෑ සීන් එක ?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    p1-2.jpg


    කොළඹ ජාතික රෝහලේ අඩි 200 ක්‌ පමණ උසැති ජල ටැංකියට නැගීමට තැත් කළ එම රෝහලේ වෛද්‍ය පෙම් යුවළක්‌ පෙරේදා (08 වැනිදා) රාත්‍රි 10.50 ට පමණ අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි.

    අවුරුදු 33 ක්‌ වයසැති වෛද්‍යවරයා නුගේගොඩ පදිංචිකරුවකු බවත් 29 හැවිරිදි වෛද්‍යවරිය නුවර ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් පොලිසිය පවසයි.

    මෙම ජල ටැංකිය තාප්පයකින් වටකර ඇති බවත්, ඊට අමතරව පෞද්ගලික ආරක්‌ෂක නිලධාරියකු යොදවා සිටින බවත්, මෙම වෛද්‍ය පෙම් යුවළ ජල ටැංකියට නැගීමට උත්සාහ දරන අවස්‌ථාවේ ආරක්‌ෂක නිලධාරියා රාත්‍රි ආහාර ගනිමින් සිට ඇති බවත් හෙළිවිණැයි පොලිසිය පවසයි.

    ජල ටැංකියට යැමට ඇති ඉණිමග දිගේ ඉහළට ගමන් කරන දෙදෙනකු දැක ඇති ආරක්‌ෂක නිලධාරියා ආහාර ගැනීම නවතා වහාම ඒ ගැන ඒ ආසන්නයේ පොලිස්‌ මුරපොළේ නිලධාරීන්ට දැනුම් දී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන් එම ස්‌ථානයට පැමිණ ජල ටැංකියට යැමට ඇති ඉණිමගේ සිටි වෛද්‍ය පෙම් යුවළ බස්‌සවාගෙන ඇත.

    අනතුරුව මරදාන පොලිස්‌ ස්‌ථානය වෙත රැගෙන ආ වෛද්‍ය යුවළගෙන් ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ කර ඇත්තේ තමන් ආසාවට ජල ටැංකියට නැගීමට ගිය බවයි. තමන් දෙදෙනා නුදුරු දිනකදී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔවුන් පවසා ඇත.

    කෙසේ වෙතත් මෙම වෛද්‍ය පෙම් යුවළ දිවි නසා ගැනීම සඳහා ජල ටැංකියට නැගීමට උත්සාහ ගත්තේද? එසේ නොමැතිනම් මෙම යුවළ ජල ටැංකියට වස දැමීම සඳහා නැග්ගේද යන්න සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ සිදුකරයි.


    http://www.divaina.com/2017/04/10/news02.html
     
    • Like
    Reactions: AnuradhaRa

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දොස්තර කෙනෙක්ට නිදහසේ වතුර ටැංකියක් උඩට නගින්න නෑ මොකක්ද මේකෙ තේරුම :angry: :angry:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උන් දෙන්න වැඩේ කරලා හෝදගන්න වතුර ටැංකියට නගින්න ඇති. මේ වේස පොලිස් කාරයන්ට පිස්සු.:rofl: