Anuraya, Gotawa elewwa wage aragalayak awilla elawla..Namal genna baratama campaign yana kalayak wenawa oya kaale...![]()
ඔව් ඒකනම් වෙන්න පුලුවන් මොකද අවුරුදු 76 ක් තිස්සේ විනාශ කරපු රට ලොකේ දක්ෂම දේශපාලකයෝ ආවත් අවුරුදු 4න් ගොඩගන්න බැහැ.
රට හදන්න ඇත්තටම ඕනේකමක් තියෙනවනම් ඔය කාලය ඇතුලත ප්‍රායෝගිකව කරන්න පුලුවන් එකම දේ හරියට නඩු අහලා හොරකම් කරපු දේශපාලකයෝ ටික හිරේ දාන එකයි. තව හොරකම ඇතුලු අපරාධවලට අධිකරණයෙන් දඬුවම් ලබපු පුද්ගලයන්ට ඡන්දේ ඉල්ලන්න බැරිවෙන්න නීති ගේන්න ඕනේ එතකොට නාමල් වගේ අයට ආයේ එන්න බැහැ. තව හොරකම් කරන්න බලාපොරොත්තුවෙන් දේශපාලනයට එන්න බැරිවෙන්න නීති හැදෙන්න ඕනේ :- පක්ෂ මාරු කරන්න බැරිවෙන්න , ඡන්දෙට කලින් වත්කම් උපයාගත් ආකාරය ඔප්පු කිරීම වගේ ඒවා. එහෙම ගෙනාපු නීති ජනමත විචාරණයකින් තොරව වෙනස් කරන්න බැරිවෙන්න ඕනේ.
ඔය ටික කලොත් අනුරව එලෙව්වා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මොකද මොන පක්ෂය බලයට ආවත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් නොවෙන නිසා.
රට හදන පලමු පියවර තමයි දේශපාලකයන්ගේ හොරකම නැතිකරන එක. හොරකම් කරන දේශපාලකයෝ වැඩ කරන්නේ ඊළඟ ඡන්දේ දිනන්න මිනිස්සු රවට්ටන්න මිසක් රට හදන්න නෙමෙයි. හොඳම උදාහරණය තමයි වැඩකරන මිනිස්සුන්ගෙන් 36% ටැක්ස් ගහලා නිකන් ඉන්න මිනිස්සු පවුල් ලක්ෂ ගාණකට අස්වැසුම දෙන එක.