ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාරයක්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාරයක්

    සිරියාවේ පිපිරීම: "ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාරයක්"


    සිරියාවේ දමස්කස් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපලට නුදුරින් සිදුවූ දැවැන්ත පිපිරීමට හේතුව ඊශ්‍රායලය එල්ලකළ මිසයිල ප්‍රහාරයක් බව සිරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.සිරියාවේ සානා පුවත් සේවය පවසන පරිදි ඉන්ධන ටැංකියක් සහ ගබඩාවක් හානියට පත්වී තිබේ.නමුත් සිරියාවේ කැරලිකරුවන්ගෙන් ලැබෙන ආරංචි මාර්ග පවසන්නේ සිරියානු යුද්ධයට එක්වී සිටින ලෙබනන් හෙස්බුල්ලා ව්‍යාපාරය විසින් පවත්වාගෙන යනු ලබන ආයුධ ගබඩාවකට මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවය.

    ඉරානය සහ හෙස්බුල්ලා සංවිධානය අතර සිදුවන අවි ජාවාරම වැලැක්වීම සඳහා දිගටම ප්‍රහාරයන් දියත් කරන බව ඊශ්‍රායලය කියා සිටියේය.නමුත් අද දමස්කස් නුවර සිදුවූ ප්‍රහාරයේ වගකීම තමන් භාර ගන්නා බව ඊශ්‍රායලය තවමත් නිවේදනයකර නොමැත.

    එක්සත් රාජධානිය මුලස්ථානය කොටගත් සිරියානු මානව හිමිකම් නිරීක්ෂක කණ්ඩායම වාර්තා කළේ අද (අප්‍රේල් 27) අලුයම දමස්කස් නුවර දැවැන්ත පිපිරීමක් සිදුවූ බවය.ඊශ්‍රායලයේ ගෝලාන් කඳුවැටියට ඉහළින් පියාසරකළ ඊශ්‍රායල් ප්‍රහාරක ජෙට් යානා මිසයිල ප්‍රහාරයක් එල්ලකළ බවත්, ඒවා දමස්කස් නුවර ගුවන්තොටුපළින් නිරිතදිග ප්‍රදෙශයේ පිහිටි හමුදා කඳවුරකට පතිත වූ බවත් සිරියානු රජයට හිතවාදී 'අල් මයාදීන්' රුපවාහිනී නාලිකාව වාර්තා කළේය.

    මෙම වාර්තා පිළිබඳව ප්‍රතිචාර දැක්වීම ඊශ්‍රායල් හමුදාව විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබ තිබේ.2011 වසරේ සිට ඇදී යන සිරියානු සිවිල් යුද්ධයෙන් මේ වනවිට 320,000 ට අධික පිරිසක් මියගොස් ඇති අතර වසර 6ක් ඉකුත්ව ගොස් තිබියදීත් තවමත් දේශපාලන විසඳුමක් පෙන තෙක් මානයක නොවේ.


    _95808903_1130d630-1343-4c7b-a8d9-a71fd5e9ef12.jpg


    BBC​
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඊශ්‍රායලෙන් ගැහුව නං මිසයිල වලට වුන දේ ගැන ඇත්තටම දුකයි ඒත් මොනා කරන්නද සිරියාවෙ මිනිස්සු මරල දාන්නත් එපායැ :( :(
    මිසයිලයක් හදන්න කොච්චර වියදමක් දරනව ඇද්ද :( :(