ඊශ්‍රායලය මුහුණදෙන ප්‍රධානතම තර්ජන 5

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඊශ්‍රායලය මුහුණදෙන ප්‍රධානතම තර්ජන 5

    ඊශ්‍රායලය මුහුණදෙන ප්‍රධානතම තර්ජන 5​


    TTb4sAX.jpg


    ඊශ්‍රායලය යනු බොහෝ සතුරන්ගෙන් වටවූ කුඩා රාජ්‍යයකි.එරට ආරක්ෂක අංශ සහ සාමාන්‍යය ජනයා ආරක්ෂාව සම්බන්ධව මුහුණදෙන ප්‍රධානතම තර්ජන 5ක් පහත දැක්වේ.




    ඊජිප්තු දේශසීමාව

    oMz2aSY.jpg

    ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ ත්‍රස්තවාදී ක්‍රියා නැවත පණ ලබන්නේ 2010 වසර ආරම්භයේ පටන්ය.අන්සාර් බයිට් අල්-මඩිස් නම් අන්තවාදී සටන්කාමීන් කණ්ඩායම(ISIS සංවිධානය සමඟ සම්බන්ධ කණ්ඩායමකි)සිනායි ප්‍රදේශයේ ක්‍රියාත්මක වේ.ඔවුන් ඊජිප්තු ආරක්ෂක අංශ ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරයි.මෙම ත්‍රස්තවාදීන් පසුගිය සමයේ ඊශ්‍රායලයේ ප්‍රදේශය වෙත රොකට් ප්‍රහාර එල්ල කරන ලදි.

    ඊශ්‍රායල ආරක්ෂක අංශවලට ඊශ්‍රායලයත් ඊජිප්තුවත් අතර 200km දිග දේශසීමාවේ අලුතින් ආරක්ෂක වැටක් ඉදිකරන්න මෙම ත්‍රස්ත තර්ජනය හේතුවිය.මෙම වැටේ වැඩ කටයුතු 2013 වසරේදී නිමාවිය.එහි විමර්ශන කටයුතු හොඳින් පුහුණුකල ඊශ්‍රායෙල ආරක්ෂක හමුදා සාමාජිකයන් පිරිසක් විසින් සිදුකරනු ලැබේ.

    2015 ජූලි මාසයේදී සිනායි ප්‍රදේශයේ සිටි රොකට් ප්‍රහාර 2ක් ඊශ්‍රායලයට එල්ල විය.සිනායි සටන්කාමීන් ISIS සංවිධානය සමග සම්බන්ධ වීමෙන් පසුව එල්ලවූ ප්‍රහාරය එයයි.එසේ නමුත් අන්සාර් බයිට් අල්-මඩිස් කණ්ඩායමේ මූලික ඉලක්කය ඊජිප්තු ආරක්ෂක අංශ වේ.






    ගාසා තීරය​

    J220unJ.jpg

    ගාසා තීරය පාලනය කරන්නේ හමාස් සංවිධානය සහ පලස්තීන ඉස්ලාමීය ජිහාද් යන සංවිධානයි.2014 වසරේ දී සිදුකල Operation Protective Edge මෙහෙයුම නිසා විනාශ වී ගිය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරක හැකියාවන් පසුගිය වසරේ සිටි ඔවුන් නැවත ගොඩ නගාගනිමින් තිබේ.ගාසා තීරයේ සම්පත් අවම බව පවා නොසලකා හමාස් සංවිධානය ඔවුන්ගේ අරමුදල්,මිනිස්බලය සහ උපකරණ ආයෝජනය කරමින් යුදමය හැකියාවන් නැවත ලබාගනිමින් තිබේ.

    සිවිල් වැසියන්ගේ වාසස්ථාන නැවත ගොඩ නැඟීම පමා කර හමුදාමය හැකියාවන්,ප්‍රහාරක බලය නැවත ගොඩනැඟීමෙහි ත්‍රස්තවාදීන් නිරතව සිටින බව අනාවරණය වී තිබේ.2015 ජූලි මාසයේදී ඊශ්‍රායලයේ ආරක්ෂක ඒජන්සියේ(ISA) අත් අඩංගුවට පත් හමාස් ත්‍රස්තවාදියෙක් සහ උමං කණින්නෙකු වන ඊබ්‍රහිම් ඇඩල් ෂාහාඩා ෂාර් විසින් අනාගතයේ දී ඉරානය සමග එක්ව ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට කරන ලද සැලසුම්,සටන් බිමේ යොදාගැනීමට බලාපොරොත්තුවන උපක්‍රම ආදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරන ලදි.හමාස් ත්‍රස්තවාදීන් ප්‍රමුඛත්වය දෙන්නේ සිවිල් වැසියන්ගේ අවශ්‍යතා ඉටුකිරීම නොව ඔවුන්ගේ යුදමය හැකියාවන් යළි ගොඩනඟා ගැනීම බව මින් හොඳින්ම පැහැදිලිවන කරුණකි.

    තරුණයන් බඳවා ගැනීම සහ පුහුණු කිරීමටද හමාස් සංවිධානය ප්‍රමුඛත්වය ලබාදෙයි.2015 වසරේ ගිම්හාන සමයේ දී හමාස් කඳවූරුවල ගාසා හි පලස්තීනුවන් 25,000කට පමණ සටන් පුහුණුව ලබා දී තිබේ.ඔවුන්ට මූලික පුහුණුවට අමතරව ඊශ්‍රායෙල හමුදා සාමාජිකයින් පැහැරගෙන යාම,උමං වලින් පිටව යෑම ආදී වැඩිදුර පුහුණුවීම් පවා ලබාදී තිබේ.ඊට අමතරව ආගමික වශයෙන් අන්තවාදී මත වලින් පෝෂණය කිරීමද මෙහිදී සිදුකරයි.

    අන්තර්ජාතිකව ලැබෙන අරමුදල්,පරිත්‍යාග යොදාගෙන තම යුදමය හැකියාවන් නැවත ගොඩනඟා ගනිද්දී ඔවුන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමද නොනවත්වා සිදුකරයි.2015 මැයි මාසයේ සිට නොනවත්වා මාසිකව රොකට් ප්‍රහාර එල්ල කිරීම සිදුවේ.

    නොබෝදා හමාස් සංවිධානයේ ජේ‍යේෂ්ඨයෙක් කියා සිටියේ අවට සිටින අරාබී ජාතීන් සටන් කිරීම සඳහා උනන්දු කරවීමට ඊළඟ සටනේදී ඊශ්‍රායලයට එරෙහිව අලුත් ඉදිරි පෙරමුණක් අවශ්‍ය වන බවයි. Operation Protective Edge මෙහෙයුම සමයේ හමාස් සංවිධානයේ ප්‍රකාශකයා අවධාරණය කලේ ලෙබලනයේ සිට ඔවුන්ගේ ත්‍රස්තවාදීන් උතුරුදිග ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන බවත් ඊළඟ ගැටුමේදී ඔවුන් ප්‍රසාරණය කල ප්‍රහාර සම්බන්ධීකරණයක් සමඟ සිදුකරන බවත්ය.





    ජූදා සහ සමාරා

    x4CrdJy.png

    Operation Brother’s Keeper මෙහෙයුම සහ ඊශ්‍රායෙල තරුණයන් තිදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ පටන් හමාස් සංවිධානය ඔවුන්ගේ ත්‍රස්ත ජාලය ජූදා සහ සමාරා ප්‍රදේශවල යළි නිර්මාණය කිරීමට උත්සාහ කරමින් තිබේ.ඊශ්‍රායෙල සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ලකිරීමට යොදාගත් ත්‍රස්තවාදීන්ගේ රහස් කුටි රැසක් ආරක්ෂක අංශ විසින් සොයාගන්නා ලදි.

    මෙම ගිම්හාන සමයේ ත්‍රස්තවාදීන් ප්‍රහාර රැසක් සමග අලුත්ම ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය කර තිබේ.2015 ජූනි මස 29 දා ත්‍රස්තවාදීන් ධාවනයේ යෙදෙන මෝටර් රථයක සිට ඊශ්‍රායෙල වැසියන් වෙත වෙඩි තබා තිබේ.එහිදී සිව්දෙනෙක් තුවාල ලබා තිබේ.

    තවත් මාරාන්තික තර්ජනයක් වන්නේ මෝටර් රථවලින් එන පලස්තීනුවන් මාර්ගයේ ගමන් කරන ඊශ්‍රායෙල වැසියන් සමූහ වශයෙන් යට කරගෙන යෑමයි(car ramming attacks).එවැනි මාරාන්තික ප්‍රහාර ජෙරුසලම,ජූදා සහ සමාරියා යන ප්‍රදේශ වල සිදුවේ.එවැනි වර්ගයේ ප්‍රහාර හමාස් සංවිධානය මෙන්ම සමාජ ජාල ඔස්සේ පලස්තීනුවන්ද බෙහෙවින් අගය කරයි.

    පෙට්‍රල් බෝම්බ ප්‍රහාර සහ ගල් ප්‍රහාරද දිගින් දිගටම සිදුවේ.අගෝස්තු මස 3 දා එවැනි ප්‍රහාරවලින් ජෙරුසලම ආසන්න ප්‍රදේශයකදී තිදෙනෙක් තුවාල ලැබීය.





    සිරියානු දේශ සීමාව

    Lkny2Fw.png

    ඊශ්‍රායෙල භූමිය ආසන්නයේ සිරියානු සිවිල් යුද්ධය සහ ත්‍රස්තවාදී සංවිධානවල ක්‍රියාකාරීත්වය මනාව පෙන්වන නිදසුනක් වන්නේ ඊශ්‍රායෙල-සිරියානු දේශ සීමාවේ ගෝලාන් උස්බිම්වල පිහිටුවා තිබූ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මුරපොල 2014 වසරේ සැප්තැම්බර් මාසයේදී අල්-නුස් රා පෙරමුණ නම් ත්‍රස්ත සංවිධානයේ අණසකට නතුවීමයි.al-Quneitra නගරය අවටින් කඩින්කඩ රොකට් ප්‍රහාර එල්ල වෙන අතර ඊශ්‍රායලය දෙසට පුපුරවා හැරීම් සිදුවේ.2014 වසරේ සැපතැම්බර් මස මුල් කාලයේ එල්ල වූ ප්‍රහාරයකින් ඊශ්‍රායෙල සෙබලෙක් තුවාල ලැබීය.ඉන්පසු 2015 අගෝස්තු මස 3දා මෝටාර් ප්‍රහාර 2ක් ගෝලාන් උස්බිම් වෙත පතිත විය.අගෝස්තු මස 20 දා සිරියාවේ ගෝලාන් උස්බිම් වලින් රොකට් ප්‍රහාර 4ක් ඊශ්‍රායෙල භූමිය එල්ල විය.නමුත් එම ප්‍රහාරවලින් කිසිදු හානියක් සිදුනොවීය.සිරියානු රජයට අයත් භූමියේ සිට ජිහාද් ත්‍රස්තයින් මෙම ප්‍රහාර දියත් කලහ.





    ලෙබනන් දේශසීමාව - හිස්බුල්ලා තර්ජනය​

    pm3GM5R.png

    සිරියානු සිවිල් යුද්ධයේදී බෂාර් අල් අෂාඩ් හට සහාය ලබාදෙනු පිණිස හිස්බුල්ලා ත්‍රස්තවාදීන් සිරියාවට අයත් ගෝලාන් උස්බිම් ප්‍රදේශයේ රැඳී සිටියි.හිස්බුල්ලා සංවිධානයේ බලකොටුව තවමත් දකුණු ලෙබනනයේ ඉතිරිව තිබේ.ඔවුන් මාරාන්තික ප්‍රහාර එල්ල කිරීමට තවමත් එම භුමිය යොදාගනියි.

    මෙම වසරේ ජනවාරි මස 28 වෙනිදා ලෙබනන් දේශසීමාවේ ඊශ්‍රායෙල් පාර්ශ්වයේ මුර සංචාරයේ යෙදුණු ඊශ්‍රායෙල භටයන් ඉලක්ක කර හිස්බුල්ලා ත්‍රස්තයන් එල්ල කල රොකට් ප්‍රහාරයෙන් දෙදෙනෙක් මියගියහ.

    එ.ජාතීන් (UN Resolution 1701)හා ගිවිස ගත් පරිද්දෙන් දේශසීමා වේ සිටිය හැක්කේ ලෙබනන් හමුදාවන්ට පමණක් වුවද එම ගිවිසුම් පවා නොසලකා හරිමින් මෙම ප්‍රහාරය එල්ල කරන ලදි.එසේම එම ප්‍රදේශයේ තම හමුදාමය හැකියාවන් වැඩිකර ගැනීමටද ත්‍රස්තවාදීන් ක්‍රියා කර තිබේ.බුද්ධි අංශ තොරතුරුවලට අනුව හිස්බුල්ලා සංවිධානය සන්නද්ධ ත්‍රස්තවාදීන් 30,000ක් පමණ නඩත්තු කරන අතර රොකට් 100,000ක් පමණ ඊශ්‍රායලය ඉලක්ක කර තිබේ.හිස්බුල්ලා නායක හසන් නසරල්ලාට අනුව මෙම රොකට්වලට ඊශ්‍රායලයේ ඕනෑම තැනකට ලගාවීමේ හැකියාව තිබේ.නොබෝදා ඔහු කියා සිටියේ "අපේ හමුදා සතු සංචිත ගැන ඊශ්‍රායලයට සිතාගැනීමටත් නොහැකිය" කියාය.




    Source:idfblog.com


    -HarshaLulzSec-
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    "අපේ හමුදා සතු සංචිත ගැන ඊශ්‍රායලයට සිතාගැනීමටත් නොහැකිය" :lol:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    lankawe yuda aparada gana katha karana UN eka israyalaya karana yuda aparada gana katha karanne nadda bang ?
     
    Last edited:

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    ශ්‍රී;18979023 said:
    lankawe yuda aparada gana katha karana UN eka israyalaya karana yuda aparada gana katha karanne nadda bang ?
    කතා කරනවා,යෝජනා පවා සම්මත කරගන්නවා.ඒත් ඒවා වඳුරු බෙට්ටක් තරමටවත් ඊශ්‍රායල් රජය ගණන් ගන්නේ නෑ.:lol::lol:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ශ්‍රී;18979023 said:
    lankawe yuda aparada gana katha karana UN eka israyalaya karana yuda aparada gana katha karanne nadda bang ?

    ඊශ්‍රායෙල් ඉන්නේ US එක්ක උන්ට veto power එක තියනව UN එකේ security council එකේ ඒවා veto කරලා දන්න පුළුවන් එතකොට සකච්චවට්වත් ගන්නේ නෑ ..
    UN එකේ වත් ලෝකේ කොහෙවත් හරි දේ කරනවා කියල මගුලක් නෑ .. තමන්ට වාසි වෙන දේ කරන්නේ .. එතකොට ඒ තැනට හරියන්න මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඕනේ එක තම ඊශ්‍රායෙල් කරන්නේ .. එහෙම නැතුව පොර සේ talk දිදී මේක ඇතුලට වෙලා ඉන්න එක නෙමේ ..
    මේක ඇතුලේ ඉදල ඇයි අරුන්ගේ ඒවා හොයන නැත්තේ අපේ ඒවා විතරක් හොයන්නේ මොකටද කිව්වට කව්ද ගණන් ගන්නේ .. ඇයි තොපේ ඒවා විතරයි තමයි හොයන්නේ තොපි අපිට මොනවා කරන්නද කියල පුකෙනුත් එක්ක හිනා වෙන්ව ඇති ..
    කරන්න තියෙන්නේ ඊශ්‍රායෙල් උන් වගේ මොලේ කල්පනා කරලා US නැත්තන් ලෝකේ බලේ තියන වෙන රටක් එක්ක හරි ඉන්න එක .. ඔක්කොටම පොර talk දෙන්න යන එක නෙමේ
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඊශ්‍රායල් එක්ක හැප්පෙන්න බෑ ඔය එක රටකටවත්.
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    රත්තරං;18979462 said:
    ආයේ පාරක් ගෙරි හම්බයෝ ටික පුකවල් පලාගන්න වගේ යන්නේ..:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:

    aiya dan aiya vahana tread walta reply karanne nathe :oo::oo::oo::oo:


    ;););););););)