පොදු අපේක්ෂක ධුරය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට තමන් එකඟ වූයේ අවම තරමින් ආණ්ඩුවෙන් 45 දෙනෙකු ගලවාගෙන එන බවට පොරොන්දු වූ නිසා වුවත් මේ වන තෙක් ආණ්ඩුවට දැනෙන පළුවක් ගැලවුණේ නැතැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට දෝෂාරෝපනය කර තිබේ.
මුල්ම මාධ්‍ය සාකච්චාවට 20කට වැඩි පිරිසකුන් ඉන් පසුව තවත් විශාල පිරිසකුත් ගෙන එන බවට පොරොන්දු වුවත් මෙතෙක් එසේ එන ලකුණක් හෝ නැති බව පවසමින් චන්ද්‍රිකාට පිළිතුරු දෙන්නට ඉඩක් නොතබමින්ම පවසා ඇති එජාප නායකයා සිරිසේන දිනවන මැතිවරණ සැලැස්ම සකස් කිරීම අතහැර දමි කොළඹින් පිටත්ව ගොස් ඇත.