මෙහෙමයි සිද්දිය, මම එලියෙ වාඩි වෙලා ඉද්දි ඈතින් ප්ලේන් එකක් යනවා.
එකක් කිව්වට එකක් නෙමෙයි දෙකක්. එක උඩ එක.

හොදට බලද්දි තමයි දැක්කේ. ඊට පස්සෙ මන් පොඩි එවුන්ට කතා කරනවා මෙහෙ වරෙන් මෙන්න එක උඩ එක ප්ලේන් දෙකක් යනව කියල.
කෝම හරි උන් එද්දිම වගේ උඩ ප්ලේන් එක වෙන පැත්තකට යනවා පත සයිස් කලුයි සුදුයි ප්ලේන් එකක්. 
ඒත් අර පහතින් යන ප්ලේන් එක තවම එනවා ඒක අපිව පාස් කලේ නෑ එන අතරෙ තමයි මන් කියන්නෙ. කොහොම හරි පිටිපස්සෙ ඉදන් කව්ද කියනවා ඒක වැටෙන්නයි එන්නෙ කියලා. හුටා
මටත් ඒක් මීටර් උනේ ඌ කිව්වම මන් කෑගහනවා ඔන්න ප්ලේන් එක වැටෙනවා කියල.ඒත් එක්කම අපිව පාස් කරන් ගිහින් ප්ලේන් එක දබක් වෙනවා පුපුරනවා දුම දානවා පේනවා.

හොදම එක මේක් යකෝ මන් දුවන ගමන් පෝන් එක අරන් එලකිරියෙ ත්‍රෙඩ් එකක් දානවා යකෝ ප්ලේන් එකක් වැටුනෝ කියල.

කලබලේට දාගන්න බෑ අත් වෙව්ලනවා. පස්සෙ අපි බිල්ඩිමක ඉදන් බල සීන් වගයක් දැක්කා ඒත් ඒ ටික පැහැදිලි නෑ.

කොහොම හරි මන් හීනෙන්ම ගෙස් කරනවා වැටිච්ච තැන ප්ලේන් එක.

පස්සෙ මන් ආයෙත් දකිනවා ප්ලේන් එක වැටිල තියෙන්නෙ ගාල්ලෙ වරායට නේවි හෝ එයාෆෝස් එකෙන් කැලි දෙකක්කට ප්ලේන් එක අරන් යනවා.
හැබැයි ගාලු වරාය තියෙන්නෙ සම්පූර්නයෙන් වැරදි පැත්තක මන් ගෙස් කරපු හරිය තමයි හරිම තැන වැටෙනවනම්. මොන උට්ටක්ද මන්දා තවම මැවි මැවී පේනවා. ප්ලේන් එක කොලයි සුදුයි. 
කව්ද එකෙක් දාල තිබුන නේද හීන ව්ල පාට පේනවද කියල.

හීන එක්ස්පර්ට් ලා ඉන්නවනම් ඔලුව කන්නෙ නැතුව තෙරුමක් කියපන්.


දැන් ටිකකට කලින් නැගිට්ටෙ හීනෙ දැකලා.

