උකස්

Audit1

Junior member
  • Aug 21, 2024
    33
    8
    8
    සහෝල
    රත්තරන් උකස් තියන්න පොලිය අඩුම බැංකුව මොකද්ද මේ දවස් වල . ලක්ෂ 10ක් විතර ගන්න ඕන.

    බේරගන්න නම් අවරුදු දෙක තුනක් වත් යයි වගේ.

    ස්තුති
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,551
    11,255
    113
    🌎
    images-1.jpg
    Bump
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,717
    2
    54,354
    113
    Samahara ewage podi podi keli missing wena seen tiyanawa (ex-neckless hook). So choose reputed bank.

    රාජ්‍ය බැංකුවක (මහජන බැංකුව ඈ) කීර්තිනාමය පුස්සක් වූ වගයි..

    හැමෝම අලුත් ජනාධිපති කෙනෙක් පත් කරන් සතුටින් ඉන්න වෙලාවක,
    කියන්න යන්නෙ අපූරු කතාවක් , ඒත් මේක කියන්න ඕනි කතාවක්,,

    මේක රත්තරන් කතාවක්..

    කවුරුත් දන්න කීර්තිමත් නාමයක් තියෙන මහජන බැංකුව ගැනයි මේ කතාව..

    පහුගිය කාලවකවානුව රටේ කාටත් අමාරු කාලයක් ලොකු අවශ්‍යතාවයකට මං ,
    ඔව් මං මගේ පවුලෙන් ඇත්තටම තාත්තාගෙන් මට ලැබුනු උරුමයක් උනු රත්තරන් පවුම් 5ක කාසියකින් පවුමකට කිට්ටු වෙන්න හදපු මාලයට එල්ලන රදවනයකින් යුතු පෙන්ඩන්ට් එකක් උකස් තියනවා, කඩවත නිකාඩෝ එක ලග තියෙන මහජන බැංකුවේ ,, මොකක්ද ඒ විශ්වාස නාමය..
    🤔


    දැන් ඒක වැඩක්ම නැ..
    වාර්ෂිකව පොළී ගෙවන්න මේ මාසේ 5 වෙනිදා ගියාට , එයාලා මට පෙන්ඩන්ට් එක පෙන්නන්නෙ නෑ..

    මං හේතුව ඇහුවාම ඒ කාන්තාව එයාලගේ mistake එකක් කියලා කියන්නෙ ,,

    ඊලග ස්ටොක් එක ගනිද්දි ඒක ඕනි නම් ආවොත් පෙන්නන්නම් කියනවා..

    ම๬ අඳාල පොළිය ගෙවන කොට එම තැනැත්තිය කියනවා
    "තව මේකෙන් ඔයාට ලක්ෂ 7ක් වෙන්න සල්ලි ගන්න පුලුවන් "
    ඒ වෙලේ මං කියනවා
    "මේක මට තාත්තා දුන්නු දේ,,මගේ තාත්තා මට අන්තිමට දුන්නු දේ,,
    මට ආයේ මේකෙන් සල්ලි ගන්න ඕනි නෑ.
    මං පුලුවන් ඉක්මන් මේක ගන්නවා .."

    ඒත් හිතුවා පොළී ගෙවන්න ගිය එකාගෙන් ඇයි එහෙම ඇහුවේ කියලා මේ වෙද්දි හේතුව පැහැදිලී මට
    🤬


    එහෙම කියලා ගෙදර ආවත් හිතට දැනෙන සැකය නිසා අතට මුදල් ආ වහාම මං ගිය සිකුරාදා 20 දා නිවාඩුවකුත් දාලා මේක බේරගන්න යනවා,
    ලක්ෂ 4කට වැඩි මුදලක් ඒ වෙලේ මං ගෙවලත් සෑහෙන වෙලාවක් රැදෙනවා මගේ පෙන්ඩන්ට් එක ගන්න,
    බැංකුවේ මහත්මයෙක් ඇවිදින් මුදල් ගෙවූ බව තහවුරු කරලා මගේ අතට පොලිතීන් පැකට් එකෙන් කඩලා පවුම් 5 රන් පවුම ලබා දෙනවා,

    දෙයක් අඩුයි කෝ මේකෙ රන් ගුන්ඩුව.
    රත්තරන් මාලයට එල්ලන රන් ගුන්ඩුව නෑ..
    මං කාසිය අතේ තියන් ඒ බව කියනවා..

    පෙන්ඩන්ට් එක ආහ් දැන් ඒක පෙන්ඩන්ට් නෙවී කාසිය,, තිබ්බ පොලිතින් බෑග් එක ඇතුලේ ස්ලිප් එක එලියට ගන්න ඒ මහත්තයා ,
    මගේ අතේ කාසියේ බර කිරනවා..

    ඇතුලේ ස්ලිප් දෙකයි ,,එකක් ඔර්ජිනල් අනික ෆොටෝ කොපි, බර රවුම් කරලා කියලා තියෙනවා දැන් තියෙන බර,,
    එතනින් එහා උනු දේවල්..

    මැනේජර් නෝනා මේ ගැන දැනගත්තාම ආවේම
    🫤
    එයැයිට එච්චර දෙයක් නෙවී මේක,,

    ආහ් ඔයාලට නේද මේ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ කියලා වටේ ඉන්න ස්ටාෆ් එකටත් කතා කරලා කැබින් එකට ඇතුලට අපිත් එක්ක ගියා..

    මේ ටික මං බොහෝම කෙටියෙන් ලියන්නේ,
    මොකද වැදගත්ම කොටස අද උනු නිසා..

    වරද පිලිගන්නවා, අපි විමර්ශනයක් තියනවා ,
    මේවා ඉතිං කැඩෙනවා නැමෙනවා ,අනික අපේ ඔඩිට් වලින් චෙක් කරනවා,, එතකොට උනාද දන්නෙ නෑනේ
    අපේ අම්මා අහනවා දැන් ඔයාලගේ කීර්තිමත් නාමය මොකක්ද වෙන්නෙ, අපි කොහොමද ඔයාලව විශ්වාස කරන්නේ..
    මගේ තව ඇතුලේ බඩු තියෙනවා කොහොමද ඔයාලා ඒවාට තව දුරටත් වගකියන්නේ..
    කියලා මං අහනවා..

    මේ මගේ තාත්තා දුන්නු දේ, ඔයාලා මේ මගේ සෙන්ටිමෙන්ටල් දෙයක් එක්ක සෙල්ලම් කරන්නෙ..
    මූල්‍යමය වටිනාකමට එහා ගිය හැගීම් බැදීම් මතක එක්ක තියෙන දේකට අගයක් දෙන්න පුලුවන් ද..
    එයාලගේ ලස්සන කතා,,

    වැටිලා ඇති ,කැඩෙන්න ඇති, වදින්න ඇති ,ඇඹුනාද දන්නෙ නෑ..

    ඈ යකෝ, පවුමකට කිට්ටු රත්තරන් ගුලියක් මුං මේ ගංජා ගහලාද කතා කරන්නේ..

    විමර්ශනය කරනවා අපි, බිදුනු කැඩූනු නැති උනු දේ වටිනාකමට බරට අපි කියන තැනකින් හදලා දෙනවා..
    ඕන් උත්තරය..

    එතකොට ඔක්කොම හරිද..
    ආහ් ඔක්කොම හරිද..
    මේක මට අහු උනේ නැත්නම් මොකක්ද කරන්නේ,
    වෙච්ච ඩැමේජ් එක හදන්න පුලුවන් ද තිබ්බ විදිහටම ඈ..
    ලැජ්ජා වෙන්න මහජන බැංකුව
    ලැජ්ජා වෙන්න..
    මනුස්සයෙක් නැති කමට ආදරෙන් හදාගත්තු ,මිලදී ගත්තු උරුමයෙන් ලැබුනු දෙයක් උකස් තියන්නෙ,
    බොලාට හොරෙන් කඩන්න ගලවන්න නෙවී..
    රජයේ බැංකුවක දෙයක් තියන්නෙ උකස් බඩු කඩේකට නොයන්නෙ
    විශ්වාසය මත..
    කෝ බොලෑ ලගේ විශ්වාසය..
    කෝ..

    දැනුනු කම්පනය ,නොහිතපු මොහොතක උනු මේ සන්තාසිය..නිසා අම්මත් මාත් හිටියේ දරාගන්න බැරි මානසික තත්ත්වයක..
    මගේ රත්තරන් පවුම් 5 කාසිය නඩු භාණ්ඩයක් විදිහට , අවම මුදලක් ඇතුලේ තියන් රු 500ක් ආයෙම ඇතුලට ගත්තා..
    සල්ලිත් ඇතුලේ රත්තරන් බඩුවත් ඇතුලේ දැන් නියමයි..

    එක කොල කෑල්ලක්, අඩුගානේ ෆෝන් නම්බර් එකක් අතට දුන්නෙ නෑ, මේ කීර්තිමත් රාජ්‍ය බැංකුවක් වෙච්ච කඩවත මහජන බැංකුව..
    අම්මයි මායි ගෙදර ආව විදිහවත් මතක නෑ,,

    බැංකුවෙන් එලියට එද්දි විජේබණ්ඩාර මහත්තයා කෝල් කරා, ඒ කෝල් එක බැංකුව ඇතුලේදී ආවා නම් කියලා මට අදටත් හිතෙනවා,, හයියක් නැති මට හයියක් උනා ඒ වචන
    ❤


    ගෙදර ඇවිත් ඕනිම් දෙයක් අකුරු කරන ,fb ලියන මං එදා ලීවේ
    මහජන බැංකුවේ වැඩ කරන කෙනෙක් මගේ account එකේ ඉන්නවාද කියලා විතරයි..
    හැබැයි ම๬ අපේ සර්ගෙන්, මැඩම්ගෙන් ඇහුවා මේ ගැන,, කරන්න ඕනි මොනාද කියලා ඇහුවා ,,ඒ වගේම අපේ පවුලේ නීතීඥතුමාගෙන්,,

    පහුවදා චන්දේ, ඊයේ චන්දෙ කියවලා ඉවර වෙලා අලුත් ජනාධිපති ජනවරමකින් තේරී පත් උනා..
    අද ,
    අලුත් ජනාධිපතිතුමාගේ දිවුරුම් දීම බලන්න ලක ලෑස්ති වෙද්දි,,
    නොදන්න නම්බර් එකකින් කෝල් එකක්..
    ආන්සර් කරපු මං ,,
    මේ කවුද..
    මං මේ මහජන බැංකුවේ මැනේජර් ,,
    ඇයි ඔයාලා මෙහෙ ආවේ, මං ඇහුවේ නොපහන් ස්වරූපයෙන්..
    එදා උනු සිද්ධිය ගැන කතා කරන්න,,
    ෆෝන් එක අනික් පැත්තට කට් කරපු මං අම්මට කීවා,,අපි තාම උදේ ඇහැරපු ගමන්..
    සෑහෙන වෙලාවක් යන්න ඇති දොර අරින්න ,,

    මැනේජර් නෝනත්, තව ඔවුන්ගේ නිලධාරිනියකුත් , එදා උන්නු නිලධාරී මහත්මයාත් උන්නා,,
    දැන් මොනාද ඔයාලට කියන්න තියෙන්නෙ ,
    මිස් ඔයා ෆේස් බුක් ලියලා තියෙනවා , ඒක අයින් කරගන්න ,,

    😁
    මං fb ලීවේ මොකක්ද
    එතකොට නෝනට උත්තර නෑ.. මේ ගැන කියලා ෆොටෝ දාලා එහෙම

    🫤
    මට ඉතිං ඒ වෙලේ කියන්න ඕනි ටික
    🤬
    🤬
    🤬
    🤬
    🤬
    🤬
    🤬
    🤬
    🤬
    🤬
    🤬
    🤬
    🤬
    🤬
    🤬
    🤬


    ලීවේ නෑ යකුනේ, ලීව දේවත් නොදැන ගෙවල් හොයන් ඇවිදින්..
    ඒ පෝස්ට් එකේ තියෙන කමෙන්ට් ,,
    පොලිසි යන්නත් කියලා ලියලා තියෙනවා..
    බැලුම්මහර බැංකුවේ කට්ටිය ගැනත් ලියලා තියෙනවා..
    ඒ කීවේ ලග උන්නු අනිත් නිලධාරිනිය..

    ඉතිං ,,
    ඒක හරි නෑනේ ..
    මගේ ඇගේ ඉන්න යක්ෂණිය ඕන් පටන් ගත්තා කතා කරන්න,,

    ඔයා මොනාද කියන්නෙ , ඒකේ තියෙන කමෙන්ට් දැක්කාද..

    බෑනේ මිස් ,, ඒක ඇතුලේ friends only දාලා තියෙන්නෙ ,,

    ඒක පබ්ලික් දාලා තියෙන්නෙ ,,
    අනික මං re comment කරේ නෑ..
    මගේ එකවුන්ට් එකේ මහජන බැංකුවේ කෙනෙක් ඉන්නවාද කියලා විතරයි ඇහුවේ..
    මං අද වෙනකම් මොකුත් ලීවේ නෑ, හැබැයි අද ලියනවා,, ඔච්චර දවසක් උන්නෙ ඔයාලා රාජ්‍ය බැංකුවක් නිසා,, රාජ්‍ය නිලධාරීන් නිසා..
    මාත් රාජ්‍ය නිලධාරියෙක් නිසා..

    හැබැයි මං අද ලියනවා..
    මේ ලියන්නේම ඒකයි..
    ලියන එක මගේ අයිතිය ,, ඒකට ඔය ශක්‍රයාගේ පුතා වයිමා ආවත් නවත්තන්න බෑ..
    ඒ සදෙව්ලොව උන්දෑලා වැරදිත් කරලා , ඇවිදින් මට කියනවා fb post එක අයින් කරන්නලූ..
    බොලා පැටලුනේ වැරදි එකියක් එක්ක,,
    වැරදිම වැරදි එකියක් එක්ක..

    මේ සෙල්ලම් කරන්නෙ මූල්‍යමය වටිනාකමට එහා ගිය හැගීම් වලින් පිරිච්ච මගේ දෙයක් එක්ක..
    එදා මගේ අම්මා ඔය රත්නරන් බඩුව තියන්න මගේ අම්මා ගියා නම්, මගේ අම්මා ඕක බෑග් එකේ දාගෙන ගෙදර එයි..
    එතකොට ,, තව කීදෙනෙක් ට මේ වගේ වැඩ කරලා තියෙනවාද?

    මහජන බැංකුව ඔබට වරදින්න හේතුවක් තියේ පොළී ගෙවපු එකා ආයේ එන්නෙ ලබන අවුරුද්දේ ,,එතකම් කල් තියේ එහෙම හිතුවා නේද..
    කීදෙනෙක් මෙහෙම රවට්ටනවාද..
    ලැජ්ජා වෙන්න මහජන බැංකුව
    මිනිස්සුන්ගේ හැගීම් එක්ක කරන මේ බලු වැඩේ..
    රත්තරන් බඩු කියන්නෙ ආභරණ කියන්නෙ මූල්‍යමය වටිනාකමට එහා ගිය දෙයක්..
    ඒ දේවල් වලට වටිනාකමක් නියම කරන්න බෑ..

    මට ඔයාලා ලියුමක් දෙන්න,, මේ උනු දේ කියලා , පෙන්ඩන්ට් එක ඔයාලා ලග කියලා , මේ ගැන විමර්ශනයක් කරන බව කියලා
    එතකොට මැනේජර් නෝනා රීජනල් මැනේජර් මහත්තයා , නමත් මතකයි උන්දෑගේ..
    ෆෝන් එක මං මල්ලිට ගන්න කීවේ මගේ යක්ෂාවේෂය නිසා මං මොනවා කියාවිද කියලා නොතේරෙන නිසා..
    ඒ උත්තමයා කතා කරපු විදිහ මරු..
    උන්ට මේක jast a thing..

    ඔය වගේ ඒවා වෙනවා, හදලා දෙන්නම් ,ලියුම් දෙන්න බෑ,, අම්බෝ ඉතිං ඒ උත්තමයාගේ පොර ටෝක් එක..
    යකෝ මුන් අපේ බදු වලින් පඩි අරන්,
    වැරැද්දත් තව කොරලා දාන රැස්,,
    ලැජ්ජා වෙන්න මනුස්ස උපතක් ලැබිලා ඔය වෙන හැසිරීමට..
    විමර්ශනයක් වෙනවා,
    අනේ මේ.. අපි නොදන්න විමර්ශන,
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ..

    මට ඇත්තටම කියපු ගොඩක් මතක නෑ, හෙමින් මතක් වෙයි .
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,717
    2
    54,354
    113
    හැබැයි මෙච්චරයි, මේක මට උනා කියන්නෙ ඔය කාට උනත් වෙන්න පුලුවන් ,,
    කවුරු උනත් මින් මතු හදිසියට රත්තරන් බඩු බැංකුවේ තියනවා නම් , ගෙදරින් ගෙනියන්න කලින් ෆොටෝ කීපයක් ඈන්ගල් කීපෙකින් ගහගන්න..
    මොකක්ද ඉතිං ඇතුලේ දී රත්තරන් කෑලි අතුරුදන් වෙන්න පුලුවන් , වෙන කෑලි පෑස්සෙන්න පුලුවන් ,,
    කොටින්ම එහෙම උනොත් අපිට මේන් මේ කොටස වෙනස් කියලා හොයාගන්න..

    වැදගත්ම දේ කඩවත නිකාඩෝ එක ලග බෝගහ ලග තව විදිහකින් කියනවා නම් මහජන බැංකුවේ රත්තරන් බඩු තිබ්බ ඈයෝ ගිහින් චෙක් කරගන්න මොකද ඔය බේරන් ඇවිදින් වහන් කරන් ඉන්නෙ බොරු එකක් වෙන්න පුලුවන් ,

    කැරට් 22/24 න් හදපුවා 18 වෙලා තියෙන්න පුලුවන් ,,ආන් ඒක දැනගන්න ..

    අපි කතාවට කියන්නෙ හොරු පැන්නත් ගෙදර රත්තරන් බඩු නෑ..බැංකුවේනේ තියෙන්නෙ ,
    හැබැයි මිත්‍රවරුනි බැංකුවේ තියන ඒවා ඊටත් වඩා unsafe..
    මං මගේ තාත්තා දුන්නු පෙන්ඩන්ට් එක වගේම අඩුවකින් ඇදලා ගලෝපු දැන් තියන පවුම් 5 පෙන්ඩන්ට් එක නෑ ඒක දැන් කාසියක් කරලානේ ආන් ඒකේ ෆොටෝ දානවා..

    එක ඉල්ලීමයි.. මට කරන උදව්වක් විදිහට මේක ශෙයාර් කරලා දෙන්න..
    අපි දන්නෙ නෑ උකසින් බේරන් ගෙදර අල්මාරියේ ඔය ගිහින් තියන් ඉන්න බඩු ඇත්තටම රත්තරන් ද කියලා ..
    නොදන්න අයට දැනගන්න..

    මේ වගේ දූෂිත රාජ්‍ය ආයතන, රාජ්‍ය නිලධාරීන් කවුද ?
    මේ වගේ හොර වැඩ කරන ඕනෑම ආයතන, අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු,වලට වැඩිකල් නෑ වැඩිදුර නෑ..
    වෙන්න ඕනි දේ ලෝකධර්මතාවය බලාගනී..

    මේ පෝස්ට් එක දාන්නේම..
    උදේ ගෙදර ඇවිදින් පෝස්ට් එක අයින් කරගන්න කියපු නිසාම..
    ඒත් කලින් පෝස්ට් එකක් දැම්මේ මහජන බැංකුවේ වැඩ කරන කෙනෙක් ඉන්නවාද කියලා අහලා මිසක.. එයැයිලාගේ දස්කම් කියලා නෙවී..
    අනික මිනිස්සු දැනගන්න ඕනි මහජන බැංකුවේ මේ අපූරුම අපූරු ක්‍රියාකලාපය..

    මහජන බැංකුව ඔබතුමන්ලා වැරදි මනුස්සයෙක්ට ගැහුවේ ,,ආන් ඒක දැනගන්න
    😁



    6Tz0qfo.jpeg



    ycovi1e.jpeg


    YyMhav5.jpeg


    34JePvt.jpeg



    wl1pBre.jpeg


    lmf9UDQ.jpeg



    j2XyO6B.jpeg



    Prabuddhika Hendawitharana