අන්න ඒකයි කතාව. අපිට කොහොමවත් ගන්න බෑ. ඒජන්සි කාරයෝ ඇතුලෙන් ඔක්කොම ගන්නවා. ඉතුරු කීපයත් වන් ක්ලික් ගන්නවා දාපු ගමන්. ඒකට රෙඩි වෙලා තමයි ඕපන් කරන්නේ. කිසිම චාන්ස් එකක් නෑ පිට අයට.ගන්න බෑ ගන්න බෑ. හේතුව බල්ක් ගන්න පරයෝ ටිකක් ඉන්නවා . උන් අරන් එලියේ වැඩි ගානට දෙනවා . මේක මාෆියාවක් . මාත් ස්ටේශන් මාස්ටර් කෙනෙක් අල්ලන් ඉන්නේ එයාලට ටිකට් දෙකක් රිසව් ලැබෙනවා එකෙන් තමා මාත් ගන්නේ .
ඒසී, ඔඩිසි, තර්ඩ් ක්ලාස් රිසර්ව් ඔක්කොම තියනවා හැබැයි හොඳම සීට් ටික ලංකාවේ මිනිස්සුන්ට නෑ. ගන්නවා නං 1200 ටිකට් එක ගන්න ඕන 6000 ට පිටින්.
අහිංසක මිනිස්සුන්ට යන්න තියන ටිකට් එකත් විකුනං කන එක හරි කියන මේ වගේ අයත් ඉන්නවා. මේ වගේ ඉන්නකන් ඉතින් සිස්ටම් චේන්ජ් කරන්න කියල පෙළපාලි යන්න විතරයි තියෙන්නේ. චේන්ජ් නං වෙන්නේ නෑ. මේ මහත්තය කොයි ඉස්ටේසමේ ද වැඩ කරන්නේ? 