ලබන සතියෙ උඩවලවේ සෆාරියක් යන්න ඉන්නෙ.. පවුලෙ කට්ටිය එක්ක. මීට කලින් ගිහින් නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න උදව් කරන්න.
1. සෆාරි ජීප් එකක් කීයක් විතර වෙනවද? (අපේ කට්ටිය ඉන්නෙ ලොකු අය දෙන්නයි පොඩි උන් තුන් දෙනයි. (ඔක්කොම 5යි))
2. ජීප් එකක අපි 5 දෙනාට වඩා යන්න පුලුවන් නිසා, එතන ඉන්න වෙන කට්ටියත් දාගෙන යන්න පුලුවන් නේද? ගාන share කරගෙන? ඒක කොහොමද කරගන්නෙ?
3. සාමාන්‍යයෙන් පැය කීයක් විතර යනවද සෆාරි එකට? එක එක පැය ගනන් වලට තියෙනව නම්, පැය කීයක විතර සෆාරියක් ගැලපෙනවද, පොඩි උන් 3 දෙනෙක් ඉන්න නිසා? (පොඩිම එකාට වයස අවුරුදු 5යි)
4. සෆාරි ජීප් වල දන්න කියන contacts තියෙනවනම් කියන්න.
5. උදේ 8ට වගේ තමයි යන්න ඉන්නෙ. ඒ වෙලාව ok ද? (පොඩි උන් එක්ක ඊට කලින් අමාරුයි)
6. තව, සෆාරියෙදි ගෙනියන්න ඕනෙ, දැනගන්න ඕනෙ දේවල තියෙනව නම් කියන්න.
1. සෆාරි ජීප් එකක් කීයක් විතර වෙනවද?
3000-4500 වගේ වෙයි
2. ජීප් එකක අපි 5 දෙනාට වඩා යන්න පුලුවන් නිසා, එතන ඉන්න වෙන කට්ටියත් දාගෙන යන්න පුලුවන් නේද?
ඒක කරන්න යන්න එපා, මොකෙක් සෙට් වෙයිද දන්නෙ නෑනෙ, ගෝතයෙක් සෙට් උනොත් උඹලගෙ ට්‍රිප් එක්ත් ඉවරයි.
3. සාමාන්‍යයෙන් පැය කීයක් විතර යනවද සෆාරි එකට?
ෆුල් ඩේ, හාෆ් ඩේ ඇති, ෆුල් එකක් නන් 8-10ක් වෙයි. අවුරුදු 5හේ එවුන්ට නන් තේරුමක් නෑ, මොක ගියත් උබෙ වෙලාව තමා, සත්තු හම්බෙන්නෙත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්. හවස් වරුවෙ යනවා නන් හොදයි, ජලාසෙ වතුර බොන අලියෙක් ශුවර් එකට සෙට් වෙයි.
4. සෆාරි ජීප් වල දන්න කියන cඔන්ටcට්ස් තියෙනවනම් කියන්න.
පාක් ගේට් එක ගාවා ඉන්නවා බුරුතු පිටින්.
5. උදේ 8ට වගේ තමයි යන්න ඉන්නෙ. ඒ වෙලාව ඔක් ද? (පොඩි උන් එක්ක ඊට කලින් අමාරුයි)
8 ට නන් මදි, සත්තු සමාන්යෙන් එලියට බහින්නෙ උදේ 6-7/හවස 5-6 වගෙ. 2කෙන් එහෙක යන්න.
6. තව, සෆාරියෙදි ගෙනියන්න ඕනෙ, දැනගන්න ඕනෙ දේවල තියෙනව නම් කියන්න.
බොන වතුර, තොප්පි, පොඩි එවුන්ගෙ බඩු, සන් ග්ලාස්, මාස්ක්( දූවිලි ), juice & something to eat.
මෙහෙම දෙයක් කියන්නන්. කාගෙවත් බඩට කෙලින්න නෙවෙයි(කවුරු අවුල් ගියත් මට වැඩකුත් නෑ), ඇත්ත කියන්නෙ.
පුලුවන් කමක් තියනවා නන් තමන්ගෙ/යලුවෙක්ගෙ ඩබල් කැබ් එකක්/ජිප් එකක් සෙට් කරන් එකෙ යන්න. වින්ච් අනන් මනන් ඔනෙ නෑ, 4wd හොදටම ඇති පාඩුවෙ යනව නන්. සපාරි දුවන එවුන් ලොක හොරු(99.99%), උන් බලන්නෙ එක දවසට වැඩි ට්‍රිප් ගානක් යන්න මිසක්, පාර්ක් එක තැන්/සත්තු උබලට පෙන්නාන්න නෙවෙයි. උන් කරන්නෙ සත්තු වැඩියෙන් ඉන්න තැන් 3-4ක වාහ්නෙ කරකවලා, උඹලට අලි/මුවො ටිකක් පෙන්නනලා එලියට දානවා පැය 2න් වගේ. ඒකය් උන් ගොඩක් උදෙ 6-8, හවස 4-6 වගේ යන්නෙ. යාල/උඩවලවෙ මේ සීන් එක හොඩටම තියනව, අනිත් පාක් වලට වැඩිය, ඒවට ගොඩක් මිනිස්සු එනවනෙ. එක තැනක ඉදන් අනිත් පොට් එක කෙලගෙන යනවා, දූවිලි කාගෙන. පොඩි එවුන් නන් එක්කගෙන ගිහින් වැඩක් නෑ.
උබලගෙ වාහනේක යන්න පුලුවන් නන් , උඹලට පාර්ක් එකෙ එකෙක් දෙනවා, උ උබලට හොද සර්විස් එකෙක් දෙයි, යන්න පුලුව්න හැමතනම යයි. සත්තු දැක්කෙ නැත්තත්, කැලේ හරි බලන්න පුලුවන්. දවසම උනත්. උන්න් ඒකට බැදිලා ඉන්නෙ, දවසම අතුලෙ ඇවිදින්න ඕනෙ කිව්වොත් බෑ කියන්නෙ නෑ. කෑමත් අරන් උදෙ ගියාම හවස් වෙනකන් ඉදලා එන්න පුලුවන්. සෆරි උවුනුත් යයි, හැබයි 8-10ක් ඉල්ලය්. අනික උන් දන්නෙත් නෑ සත්තු ගැන උබලට කියල දෙන්න.
මේ ඔක්කොමට වඩා හොදයි, ඇතුලෙ park bunglow එකක් බුක් කරන්, රෑ ඉදල බලන්න, එතකොට හවස හරි උදේ හරි පාර්ක් එක බැලුවා, රෑ bunglow එකෙ හිටියා, උදෙත් ඕන් නන් බලලා(උදෙ 11 වෙනකන් පුලුවන්) එන්න පුලුවන්. ඒක වෙනස් ම experiance එකක්
පුලුවන් නන් වහනයක් හොයන් යන්න, ඒක වටිනව, ලාබයි.