උත්තම ධාතු වන්දනා සහ හිරු TV

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    උත්තම ධාතු වන්දනා සහ හිරු TV

    හිරු ඔබට නොකී කතාව

    මෙවර මුතියංගන රජ මහා විහාරස්ථානයේ තමයි ධාතු වන්දනා කිරීම සදහා අවස්ථාව ලබා දුන්නේ ...මමත් ඇතුළු පිරිස බොහෝ දුරක් ගෙවා පළමු දින රාත්‍රී 8.30 පමණ තමයි බදුල්ලට ආවේ ...
    ඒ වෙනකොටත් සැදැහැවතුන් පෝලිම් ගැහිලා ...
    අපි අවේ ධාතු වන්දනා කරන්න නිසා පන්සලට නොයා පෝලිමේ අගට එකතු උනා ..එතකොට වෙලාව රාත්‍රී 9 කියමුකෝ ...පස්සේ තමයි තේරුනේ මේ පෝලිමේ අග කිලෝමීටර් 6 ක් දුරකින් තිබුනේ කියල ....දෙන්න දෙන්න නෙවෙයි එක පොදියට තමයි දිගටම පෝලිම....අද දින රාත්‍රී 9 ට පෝලිමට එකතු උන අපි ධාතු වන්දනා කරේ පසු දින රාත්‍රී 11.00 විතර ..

    ඒ කියන්නේ පැය 26 ක් එක දිගට පෝලිමක ඉදලා ...ඒක නම් ඉතාම අපහසු උනා සියලුම දෙනාට ... අන්තිම වෙනකොට හිටගෙන ඉන්නවත් බෑ ...

    පන්සල තුලට ඇතුළු වෙනකන් හිරු එකේ එකෙක්වත් දැක්කේ නෑ අපි ...අඩුම ගානේ පන්සල ආසන්නයට එනකන් පොලිසියේ එකෙක්වත් නෑ ...

    පටන් ගන්නකොට දෙන්න දෙන්න ගානේ පෝලිමේ හිටියට පස්සේ මීමැසි පොදිය වගේ ..පෝලිමේ පස්සේ ඉන්න එවුන් හොරෙන් මුලට එකතු වෙනවා ...බැනගන්නවා ...ගහගන්නවා ...තෙරපෙනවා ...ළමයි වඩාගෙන ගැහැණු අය එතකොට වයසක ආච්චිලා විදපු දුක දැක්කම ඇත්තටම දුකයි ..පන්සලට එනකන්ම ඔය විදිය තමයි ...
    මේ වන්දනාවේ යන කට්ටියද කියල හිතුන රණ්ඩු සරුවල් දැක්කම ...
    ක්‍රමවත්ව පෝලිමක් හදල ලස්සනට මේ මිනිස්සු ටික යවන්න එක පොලිස් කාරයෙක් නෑ ...හිරු එකේ මොකෙක්වත් නෑ . ...අඩුම ගානේ මුතියංගනය දායක සභාවෙනවත් මොකෙක්වත් නෑ ...මිනිස්සු සත්තු වගේ ඇන කොටාගන්නවා ..

    රෑ ඉදල ඉන්න මිනිස්සුන්ට උදේට tolilet යන්න කිසිම වැඩ පිළිවෙලක් නෑ ...95% ක්ම හිටියේ දුර බැහැරින් ආපු සැදැහැවතුන් ...ඒ මිනිසුන්ට වතුර උගුරක් දෙන්න තේ ටිකක් දෙන්න පාන් කැල්ලක් දෙන්න හිරු එකේ මොකෙක්වත් නෑ ...
    පෝලිමෙන් පිට ගිහින් ආයේ එතෙන්ටම ආවත් බැනුම් තමයි ...වටේ පිටේ හිටිය මිනිස්සු office වල අය තමයි වතුර උගුරක්වත් දුන්නේ...

    අර megablast කියයි අරව කියයි මේවා කියයි කොටි ගණන් වියදම් කරන මුන්ට අර මිනිස්සු ටිකට කට්ලට් එකක්වත් හදල බෙදාගෙන යන්න හිතුනේ නැද්ද අඩුම ගානේ .....මේ වගේ පෝලිමක ඉන්නකොට කව්රුවත් තනි තනිව කන්නේ නැ බන් ...එහෙම කන්න බෑ ...කව්රුවත් එහෙම කරන්නේ නෑ ....කව්රුන් විසින් හෝ හැමෝටම දෙනකන්ම ඉන්නවා හැමෝම බඩගින්නේ හරි ...එකයි හේතුව මේ වගේ වෙලාවක දන්සල් දෙන්න කියන ...දවසක් හිටගෙන ඉන්න මිනිස්සුන්ට බංකු ටිකක් පුටු ටිකක් පාර අයිනෙන් දාල දෙන්න තරම් සංවිධාන ශක්තියක් නැද්ද මුන්ට ....පැය හතර පහක් පෝලිමක හිටගෙන ඉදල බලන්න පුලුවන්නම් ඔය මොනවත් ඕනි නෑ ...එත් මුළු දවසක් හිටගෙන ඉන්නවා කියන එක .....

    හිත කලකිරුනම සිද්ධිය තමයි පය 26 ක් තිස්සේ ඉතාම අපහසුවෙන් වන්දනා කිරීමට පැමිණෙන දිගු පෝලිමට පන්සල ඇතුලතදී විශාල පිරිසක් හොරෙන් රිංගවීම ...පෝලිම් ලග ඉන්න හිරු එකේ සංවිදායක එවුන්ම තමයි ඒ වැඩේ කරන්නේ ...පොලිස් කාරයොත් පොන්නයෝ වගේ බලන් ඉන්නේ ...මිනිස්සු බනිනවා උන් ඔක්කොටම වන්දනාවේ ආවද කියන එකත් අමතක කරලා ...වයසක ආච්චිලා ලෙඩා දුකලා නම් කමක් නෑ ..මේ කොල්ලෝ කුරුට්ටෝ පට්ට ගෑණු ගොඩක් අය බදුල්ල අවටම වගේ තමයි පෙන්නේ ...

    ඒකට නම් හිත ගොඩක්ම කලකිරුන වගේම නැවත හිරු විසින් සංවිදානය කරන මෙවන් වැඩසටහනකට නැවත යන්නේ නෑ කියන එකත් ඒ වෙලාවේම හිතුන ...පෝලිමේ ආපු හැමෝම හිරු එකට බැන බැන ආවේ ...හරියට සංවිදානය කරගන්න බැරි නම් මේ වගේ බාරදුර්ය දේවල් නොකර ඉන්න ඕනි .... ධාතු වන්දනාව කියන්නේ hiru megablast වගේ ලාබ advertising එකක් නොවන බව මින් පසුවටවත් හිරු මදය ජාලයේ ඉහල සිට පහලට තේරුම් ගන්නවානම් හොදයි
    ...
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඕක තමා ලංකාවට වෙච්ච සන්තෑසිය. නිකං දෙන්න ගියාම අයිතිවාසිකම් ඉල්ලං එනවා. කන්න බොන්න දීලා ධාතු පෙන්නුවනං හරහට දාලා නැලෙවුවෙ නෑ කියලත් බනියි. ඕං මිනිස්සු.
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඕක තමා ලංකාවට වෙච්ච සන්තෑසිය. නිකං දෙන්න ගියාම අයිතිවාසිකම් ඉල්ලං එනවා. කන්න බොන්න දීලා ධාතු පෙන්නුවනං හරහට දාලා නැලෙවුවෙ නෑ කියලත් බනියි. ඕං මිනිස්සු.

    උබ ඔය පෝලිමක හිටියේ නෑනේ ...පැය 3 හතරක් නම් අවුලක් නෑ ..අවම පහසුකම්වත් නෑ ඒකයි අවුල ...සංවිදානය අන්තිමයි ...නැතුව කට්ලට් කෑල්ලක් කන්න නැති උන පෙරේත කමට නෙවෙයි බොල කිව්වේ ...මොකෝ ඔය මිනිස්සු මෙතෙක් කල් නොකා නොබී මැරුණේ නැනේ බන් ...අවස්තානුකුලව හිතපන් ...TV එකේ කියන්නේ පෙන්නන්නේ එකක් කරන්නේ එකක් ...ඒකයි කිව්වේ..දැන් බලපන් මම කියපු දේවල් වලින් උබට කියන්න හිතුනේ කට්ලට් කෑල්ල ගැන විතරනේ ...ඕං මිනිස්සු
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,606
    28,571
    113
    duminda silva ge ayya daathu pennanawa kiwwahama balanna yana hondama harak
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ane manda ban hemadama dathu penwanawa kiyala eka eka lakunu daganna programme. oya yana keeyen kee denekda hithe pirisiduwen dathu wadinnama yanne. hemoma yanne dathu deka balagena thamanta arawa denna mewa denna kiyala prarthanawak karala enna thamai.
     

    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    උබ ඔය පෝලිමක හිටියේ නෑනේ ...පැය 3 හතරක් නම් අවුලක් නෑ ..අවම පහසුකම්වත් නෑ ඒකයි අවුල ...සංවිදානය අන්තිමයි ...නැතුව කට්ලට් කෑල්ලක් කන්න නැති උන පෙරේත කමට නෙවෙයි බොල කිව්වේ ...මොකෝ ඔය මිනිස්සු මෙතෙක් කල් නොකා නොබී මැරුණේ නැනේ බන් ...අවස්තානුකුලව හිතපන් ...TV එකේ කියන්නේ පෙන්නන්නේ එකක් කරන්නේ එකක් ...ඒකයි කිව්වේ..දැන් බලපන් මම කියපු දේවල් වලින් උබට කියන්න හිතුනේ කට්ලට් කෑල්ල ගැන විතරනේ ...ඕං මිනිස්සු


    ඇත්ත කතාව හුඟ දෙනෙක් ඕක කිව්වා බලාගෙන ඉද්දි පෝලිම් පනින එක තමා ලොකුම අවුල
     

    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    uba minisunta kanna bomna dunna na kiyala boru kiyanna apa.athi venna kanna dunna.habai polim panina kathavai.toilet nathi kathavai athha.apith gihin athivenna dansal dunna.avasa gedarada athulin thamai lokkonge kattiya hora parin yavve.anthimata hiru aken vena pass gahala mantri kattiyake kattiya beduva.avula thamai muthi yangane dayaka sabave kattiya avata pansal vala dayaka sabavata mekata atha gahanna dunne nathi aka.
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    පබ්ලිසිටි එක වැඩියි නේද ? ට්වි එක දැම්මත් , රේඩියෝ එක දැම්මත්,හිරු ට්වි news දැම්මත්
    රෙනෝ ද සිල්වා මයි පෙන්නන්නේ... එයාගේ ගුණ මයි වයන්නේ

    කුඩු ගෙනල්ල මේ රටේ අනාගතේ වනසලා දැන් දතුන් වහන්සේලා හිස මත තියාගෙන යන එක හොඳ වැඩක් ද ?
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    uba minisunta kanna bomna dunna na kiyala boru kiyanna apa.athi venna kanna dunna.habai polim panina kathavai.toilet nathi kathavai athha.apith gihin athivenna dansal dunna.avasa gedarada athulin thamai lokkonge kattiya hora parin yavve.anthimata hiru aken vena pass gahala mantri kattiyake kattiya beduva.avula thamai muthi yangane dayaka sabave kattiya avata pansal vala dayaka sabavata mekata atha gahanna dunne nathi aka.

    ඉතින් බං මම කිව්වේ හිරු එකෙන්වත් සංවිදායක කමිටුවකින්වත් ඔය මිනිස්සුන්ට මොනවත් දුන්නේ නෑ කියල ...උබල නැත්නම් මිනිස්සුන්ට වතුර උගුරක් නෑ...කියල තියන දේ හරියට කියවපන්...අනික කට්ටියක් එනවා එක තැනක නතර වෙනවා බනිස් ටිකක් බෙදනවා යනවා ...තව කට්ටියක් යෝගට් බෙදනවා යනවා ...සමහරුන්ට ලැබෙනවා සමහරුන්ට මොනවත් නෑ ...අනික මේ වගේ පෝලිමක ඉන්නකොට කව්රුවත් තනි තනිව කන්නේ නැ බන් ...එහෙම කන්න බෑ ...කව්රුවත් එහෙම කරන්නේ නෑ ....කව්රුන් විසින් හෝ හැමෝටම දෙනකන්ම ඉන්නවා හැමෝම බඩගින්නේ හරි ...එකයි හේතුව මේ වගේ වෙලාවක දන්සල් දෙන්න කියන ...අපි අතින් වියදම් කරන තව කට හරි අනිවාර්යෙන් කන්න දෙන්න ඕනි කියන එක නෙවෙයි කිව්වේ ... ..කෑම හරි බිම හරි බෙදනකොට ක්‍රමවත්ව ඒක කරේ නෑ කියන එක ...අනික ඔය පෝලිමේ 2 km විතර වඩයක් ගන්නවත් කඩයක් නෑ ..සංවිදායක කමිටුවක එකෙක්වත් නෑ පැත්ත පළාතක ...මම කිව්වේ සංවිදානය අන්තිමයි කියල ....පන්සලක් ඇතුලේ හෝ පැමිණෙන පෝලිමේ හෝ කෑ කෝ ගහන් රණ්ඩු ඇති නොවන විදියට මුලින් මේ දේවල් plan නොකරපු එක ගැනයි බන් කිව්වේ ...හිරු නෙවෙයි කව්රු කලත් නිවැරදි සංවිදනයක් තියෙන්න ඕනි කියල කිව්වේ
     
    Last edited:

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    උදේ හවස බණ අහලා දවස් ගණන් පෝලිමේ ඉන්නා තරම් මිනිස්සු ශ්‍රද්ධා සම්පන්න උනා නම්........ලංකාවට පොලිසියක් බන්ධනාගාරයක් ඕනේ නෑ බන්....එහෙනම් ඉතින් මේ වෙනවා වගේ ස්වභාවික විපත් වත් වෙයිද මේ පුජනීය රටට.........
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    වෙන කෙනෙක් fb එකේ දාපු post එකක්....මට කියන්න ඕනි වුනෙත් මේ දේ තමයි ...තව ඩිංගක් හොදට සංවිදානය කරා නම්

    VOQxewV.jpg
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    අනේ මන්ද... පිනක් කරගන්න ගියාට මටනම් මේ වැඩ පේන්නෙම ලංකාවේ මීඩියා කාරයින්ගේ ගුලි කාල දිරවගන්න බැරි වුන මිනිස්සු.
    නැත්නම් සල්ලි දෙන්න ඕනෙද ට්වි, රේඩියෝ අහන්න

    කිසිම මාධ්‍යක් මිනිස්සුන්ට පොඩි හරි ආදරයක් නෑ
    උන්ගේ රේටින්ග් වැඩි කරගන්න තමයි හැමදේම
    අපේ මිනිස්සුනටත් මොකක්හරි කිවම ඔහේ පෝලිමේ යනවා
    ගිහින් වලිගෙ පාගාගෙන නහින්න හදනවා
    (දැන් කෑගහපිය ආගමට අපහස කලයි කියලා)

    ධාතු වඳින එක පිනක් තමයි, හැබැයි මේ වැඩ වලින් දෙගොල්ලොම හොඳට පව් නම් කරගන්නවා කියලා පේනවා

    (බණ කථා දන්නා අය දන්නවා ඇති එක කාලෙක රජ කෙනෙක් වැලි ගොඩක් එකතු කරලා "-"මේ වැලි ගොඩේ මේ ලෝකේ ජිවත් වුන උතුමන්ගේ ධාතු බිඳක් හෝ තිබේනම් එයට මාගේ වන්දනාව මෙසේ කරමි "කියලා වැලි ගොඩකට වැඳලා ඒ පිනෙන් දිව්‍යලෝකේ ගියා කියලා)

    මේ කාලේ හැටියට හොඳම වැඩේ එක එකා පස්සේ යන්නේ නැතුව, අර හාමුදුරුවෝ හොඳයි, මේ පන්සල හොඳයි කියා කියා ඉන්නේ නැතුව තම තමන් හරියට බුදු දහම පිළිපදින එකයි.
    මොකද ලංකාවේ හොඳම ප්‍රොඩක්ට් එක තමයි බුද්ධාගම
     
    Last edited:

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අපේ උන් මොඩයි බං.නාකි ගැනු අඩනවා එ මදිවට .ඔක දැක්කා කියලා මිනිසුන්ගේ හිතේ තියෙන කුහක කම් වෙනස් වෙන්නේ නැනේ
     

    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    මචන් මේ සීන් එක ඇත්ත. මමත් දැක්කා. හිරු එකෙන් බොරුව කරේ.
    සංවිදානය කරල තිබ්බ විදිහ අන්තිමයි.
    මිනිස්සු සැහෙන්න දුකක් වින්ද පොලිම්වල.ගොඩක්ම හිටියෙ වයසක අය, ගැනු අය සහ ලමයි.
    පෝලිම දුරයි 5km විතර. කරන්න තිබ්බේ දාතු තිබ්බ කුටියට පෝලිම් තුනක් වත් සමාන්තරව හදන එක.
    එහෙම කරානම් පොලිම ඉක්මනට ඉවර වෙනව. මේකෙ උනේ මිනිස්සු 3න් දෙනෙක් විතර පලලට තිබ්බ පෝලිම කුටියට කිට්ටු වෙනකොට තනි පෝලිමකට හැරෙව්ව එක. එතකොට ගොඩාක් වෙලා යනව ටික දෙනෙක්ට බලන්නත්. හිරු එකෙන් මේ වැඩේ කරේ හිතලමයි. සෙනග ඉන්නව කියල පෙන්නන්න. අන්තිමට බලනකොට එකම මිනිස්සු ටික තමා ඉදල තියෙන්නෙ දිගටම. මිනිස්සු පැය 24කට වඩා පොලිමේ. එහෙම මිනිස්සු ඉදලත් අමරුවෙන් කුටියට කිට්ටු වෙන තැන හිරු එකෙන් එයල අදුරන අය පෝලිමට හොරට දනවා VIP කියල. එකෙනුත් අමරුවෙ වැටුනෙ පෝලිමේ හරියට ආපු මිනිස්සු.
    මේ පොලිමේ හිටිය මිනිස්සුන්ට හිරු එකෙන් කිසිම දෙයක් කරේ නෑ. අඩු ගානේ වතුර ටිකක් වත් දුන්නෙ නෑ. ඒක කරෙත් ගමේ අය සහ අවට කාර්යාල වල මිනිස්සු. කොහොමහරි දාතු ප්‍රදර්ශනය අද උදේ ඉවර වෙලා. පාරවල් අයින හොදටම ජරා වෙලා.
    අද පාන්දරත් පෝලිම තිබ්බලු. ඒ උනාට අද ඉවර කරන්න ඔනි නිසා එලි වෙනකොට කුටියෙ දොරවල් හතරම ඇරල පෝලිම ඉක්මනට ඉවර කරල. ඔය වැඩේ කලින්ම කරන්න තිබ්බෙ. අන්තිමට මිනිස්සු දාතු බලන්න ඇවිත් රන්ඩුත් වෙලා තමයි ගෙවල් වලට ගියෙ. හිරු එකෙන් මේ වැඩේ කරාට වඩා හොඳයි නිකන් හිටියනම් මෙහෙම සංවිධානය කරනවට වඩා :no::no::no:
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    :cool: macho methana une thanikarama bzns ekak,, channel eke publicity eka wadi kara gannay salli hamba kara gannay tamay meka kare.. dathu wandanawak nam ay adhara ekathu karanne ethanama??.. polime inna minissunta kiyala tynawa etanata gihin purse adinna denne naha panduru denawa nam danma salli athata aran tiya ganna kiyala. ethanin adhara mudal anna athi aduma koti 6k7k witara hiru ekata..eeken kotiyak witara dey muthiyanga pansalata.. tawa kotiyak damuko wiyadamata giya kiyamuko. net profit athi koti 5k aduma.. ow toilet facilities mokuth naha hiru eke un dunne hugak aya hospital gihin tynawa chu amaruwa hadila.. polim 2k witara ekata danna puluwan unath hugak digata TV eke polima pennanna oni nisa thani polimak damma.. ahinsaka minissu paw.
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මචන් මෙතන හිරු එකේ වැරැද්දක් නෑ. හිරු එකේ සෙට් එකටත් කෑම බීම , ඉන්න තැන් සෙට් කරලා දෙන්න ඕනි පන්සලෙන්. ධාතු ආරක්ෂක කමිටුවද කොහෙද මට නම හරියට මතක නෑ අර සුදු ඇදගෙන ඉන්න කට්ටිය ඒකට්ටියටත් කෑම බීම දෙන්නේ පන්සලෙන්. වන්දනා කරන්න එන අයට දන්සල් වගේ ඒවා දෙන ඒවා ඉතින් අවට ගම්වාසීන් , විවිධ ආයතන වලින් තමයි කරන්නේ. මාස 2 , 3කට කලින් දිස්ත්‍රික් ලේඛම් , විදුලි බල මණ්ඩලය , ජල සම්පාදන මන්ඩලය , පොලිසිය , ඒ ප්‍රදේශයේ නගර සභාව හෝ ප්‍රාදේශීය සභාව වගේ හැම අංශයකින්ම පන්සලත් එක්ක සාකච්ඡා කරලා තමයි සංවිධානය කරන්නේ. හිරු එක ඒවට එන්නේ නෑ. වස්කඩුව පන්සලේ හාමුදුරුවො තමයි සැරින් සැරේ සංවිධාන කටයුතු කොහොමද කියලා හොයලා බලන්නේ. 2014 අපේ පන්සලෙත් තිබුනා ඒ හින්දයි මමත් දන්නේ.
     

    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    මචන් මෙතන හිරු එකේ වැරැද්දක් නෑ. හිරු එකේ සෙට් එකටත් කෑම බීම , ඉන්න තැන් සෙට් කරලා දෙන්න ඕනි පන්සලෙන්. ධාතු ආරක්ෂක කමිටුවද කොහෙද මට නම හරියට මතක නෑ අර සුදු ඇදගෙන ඉන්න කට්ටිය ඒකට්ටියටත් කෑම බීම දෙන්නේ පන්සලෙන්. වන්දනා කරන්න එන අයට දන්සල් වගේ ඒවා දෙන ඒවා ඉතින් අවට ගම්වාසීන් , විවිධ ආයතන වලින් තමයි කරන්නේ. මාස 2 , 3කට කලින් දිස්ත්‍රික් ලේඛම් , විදුලි බල මණ්ඩලය , ජල සම්පාදන මන්ඩලය , පොලිසිය , ඒ ප්‍රදේශයේ නගර සභාව හෝ ප්‍රාදේශීය සභාව වගේ හැම අංශයකින්ම පන්සලත් එක්ක සාකච්ඡා කරලා තමයි සංවිධානය කරන්නේ. හිරු එක ඒවට එන්නේ නෑ. වස්කඩුව පන්සලේ හාමුදුරුවො තමයි සැරින් සැරේ සංවිධාන කටයුතු කොහොමද කියලා හොයලා බලන්නේ. 2014 අපේ පන්සලෙත් තිබුනා ඒ හින්දයි මමත් දන්නේ.

    නැ මචන්. හිරු එකෙන් කරේ පොලිම් දිග වෙලා මිනිස්සු අමරුවෙන් ඉද්දි තව පබ්ලිසිටි දීල තව මිනිස්සු ගෙන්න ගන්න උත්සහ කරපු එක සහ පොලිමේ නියම විදිහට ආපු මිනිස්සු අසරන කරමින් පෝලිමට VIP කියල හොරට මිනිස්සු දාපු එකයි විතරයි.
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    නැ මචන්. හිරු එකෙන් කරේ පොලිම් දිග වෙලා මිනිස්සු අමරුවෙන් ඉද්දි තව පබ්ලිසිටි දීල තව මිනිස්සු ගෙන්න ගන්න උත්සහ කරපු එක සහ පොලිමේ නියම විදිහට ආපු මිනිස්සු අසරන කරමින් පෝලිමට VIP කියල හොරට මිනිස්සු දාපු එකයි විතරයි.
    ඔවු බන් හිරු එකට ඕනි සෙනග ගොඩාක් ආවා කියලා පෙන්නන්නනේ
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    minissunge attitudes wala waraddane. hamadema neethi dala hadanna na minissu danaganna oni hariyata polimaka idala wade karagena enna