උතුම් වැඩක් ❤️

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    29 සෙනසුරාදා, ඒ කියන්නෙ ඊයෙ වෙලාව රෑ 10.16 යි ... රුවන්වැලිසෑය එන්ට්‍රන්ස් එක ගාව හරියටම පාර්කින් එක ඉස්සරහ... මාත් ඒ වෙලාවෙ වැඳල එලියට ඇවිත් හිටියෙ... ටික වෙලාවකින් මනුස්සයෙක් ආව ටිකක් පොඩි කාඩ්බෝඩ් පෙට්ටියකුත් අරගෙනම... මන් ඒත් බැලුවා මේ මනුස්සය මේක විසික් කරන්නද යන්නෙ මේ කියලා... නෑ... ටිකකින් මේ මනුස්සයා පාරෙ ඒ හරියෙ තිබ්බ අයිස්ක්‍රීම් කාල දාපු කොල ඇහිදින්න ගත්තා... සේරම එකතුකර කර අර පොඩි පෙට්ටියට දාගත්තා... මාත් ගොඩක් වෙලා බලන් හිටියා ටිකකින් ඒ මනුස්සයා ඒ ලග තිබ්බ අයිස්ක්‍රීම් වෑන් එක ලඟට ගිහින් ආයෙ ආවා.. එතකොටයි වැඩේ තේරුනේ... ඒ මනුස්සයටත් තිබ්බ අයිස්ක්‍රීම් විකුණලා රෑ වුනාම ගෙදර යන්න... අනිත් මිනිස්සු පූජා භූමිය කියලත් නොබලා තැන් තැන් වල කුණු දානකොට ඒ මනුස්සය ඒව එකතු කරනවා... ඇයි ඒ.. එහෙම නෙවෙයිද වෙන්න ඕනේ... ඇයි අපි හැමෝටම එහෙම වෙන්න බැරි... තව මනුස්සයෙක්ට පෙන්න විතරද මිනිස්සු හොද වෙන්න ඕනේ.. සෝශල් මීඩියා වල පෙන්නන්න විතරද මිනිස්සු හොඳ දේවල් කරන්න ඕන... මොනවා වුනත් වෙන්න ඕන දේ මෙහෙම එක මනුස්සයෙක් දෙන්නෙක් හරි කරන එක ගැන සතුටුයි...😌🙏

    #ගී🌸🌼 Copied
    8D0C7136-4762-443B-88A3-BA530F5DADFF.jpeg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඒම හරියටම බක්තියෙන්ම කරපු උතුම් වැඩක් කියන්න බෑ

    සමහර වෙලාවට උද්යාන, පූජා බූමි, පාක්, පුරා විද්යා ස්තාන අවට මේව විකුනන අයට ඔඩර් එකක් දීල තියනව තාමන් විකුනන දේවල් වල අපද්‍රව්ය පරිසරයට එකතු වෙන එක නවත්තන්න කියල.

    ඒ පොරොන්දුව පිටයි, එ අයට ඔතන බිස්නස් කරන්න දෙන්නෙ. ඒක එහෙම නොවුනොත් ඔතනින් යන්න කියනවා.

    එතකොට මෙයා,

    1. ඇත්තටම බක්තියෙන් කරා වෙන්නත් පුලුවන්
    2. හෙටත් මෙතන අයිස්ක්‍රීම් විකුන්නන ඕනෙ නිසා කරා වෙන්නත් පුලුවන්.

    පරිසරය පිරිසිදුව තියෙනව කෝම උනත්.



    දැන් ඔයාලා ඒක දැකල ශතුටු උනා එක හරි. මාත් ඉතින් මොනව හරි කියන්ඩ එපැයි :baffled: :D
    Thank me later
     
    Last edited: