උතුම්_මිනිසෙක්
සුද්දන් අතර හොඳ සුද්දෝද, නරක සුද්දෝද වෙති....නරක සුද්දන් විසින් ලෝකයට ඇති කරන ප්‍රශ්ණ, හොඳ සුද්දෝ විසඳීමට ඉදිරිපත් වෙති....ටෝනි මුලින් නරක සුද්දෙක් වුනේය...ටෝනි නම් සුද්දා මුලින්ම කල්ලන්ට සැළකුවේ කැත විදිහටය...එහෙම හිතන්න ටෝනිට හුරු කළේ ඔහුගේ ස්කොට්ලන්ත දෙමාපියන් සහ ඔහු දකුණු අප්‍රිකාවේ උපන් සමයේ සමාජයේ රජ කළ "ධවල ආධිපත්‍යයයි".. දකුණු අප්‍රිකාවේ කල්ලන්ට බල්ලන් ලෙස සළකනු දකිමින් වැඩුණු ටෝනි, තමන්ට ...රැහැණිව පිති පන්දු එසවූ බටහිර ඉන්දීය කොදෙව් කල්ලන්ට බැන්නේය...කල්ලෝ ටෝනිට පාඩමක් ඉගැන්නූහ....ටෝනි ඒ පාඩම හොඳින් ඉගෙන ගත්තේය...ක්ලයිව් ලොයිඩ් නම් උදාර මිනිසාගෙන්ම ඉගෙන ගත්තේය...
වැරදි කිරීම මිනිස් ගතියකි...ඒ උනත් වැරදි හදා ගැනීම දේව ගතියකි....ටෝනි මේ දේව ගතිය හුරු කර ගත්තේය...ටෝනි ඉන් පසුව ප්‍රසිද්ධියේ සමාව ගැනීමෙන් නොනැවතී, අප්‍රිකාවේ කල්ලන්ට බෙහෙත් කරන රෝහල් 13 ක අරමුදල් තර කරන්නට ජීවිත කාළයක් මහන්සි උනේ ඒ නිසාය...
ටෝනිට, ටෝනිගේ බාසාවෙන්ම කිව්වොත් "Little Sri Lankans" ලා ප්‍රියමනාප වන්නේ මේ අතරය...ටෝනි අපට "ලිට්ල්" කීවේ අපිව පහත් කරන්නට නොව, අපට තියෙන ඇල්ම නිසාය...අපි මහා ලොකු යෝධයන් යැයි කියා බෙරිහන් දෙන අතර, අපේ ක්‍රිකට් වලටම දිගට හරහට කෙළවන, අපේම සමහර මිනිස්සු දකින විට, අපිට "ලිට්ල්" කිව්ව ටෝනි ගේ මනුස්සකම හොඳින් කැපී පෙනෙන්නේය..."Little Kalu" ගේ අවනත නොවන පිති හරඹයෙන් උද්දාම වූ ටෝනි, එවක් පටන් 1996 ක්‍රිකට් කිරුළ තෙක්ම අපව වචනයෙන් ඔසවාගෙන ගියේය...එයින් පසුව, අද උදෑසන වන තෙක්ම ඔහු අපේ ජයෙන් උදම් වෙමින්, අපේ පරාජය හමුවේ දුක් වෙමින්, ක්‍රම ක්‍රමයෙන් "අපේ මිනිහෙක්" බවට පත්විය....අපිටත් ටෝනි විස්තර විචාරක කුටියේ නැතුවම බැරිවිය....ලංකාවේ අන්නාසි ගෙඩියට ආදරය කළ ටෝනි, ලංකාවට එන තෙක් නො-ඉවසිල්ලෙන් බලා සිටි අන්නාසි වෙළෙන්දෝ බොහොමයක් විය...ඒ ඔහුගෙන් මිළක් අය කර ගන්නට නොව, ඔහු අන්නාසි නොමිළයේම කා ප්‍රීති වනු බලන්නටය...නරක සුද්දන් අපේ ක්‍රිකට් ක්‍රීඩාවට කැපිළි කෙටිලි දාන විට, ටෝනි නම් හොඳ සුද්දා අපි වෙනුවෙන් කට ඇරියේය....කල්ලෙක් වූ මුරලිදරන් වෙනුවෙන් කට ඇරියේය....
ජාත්‍යන්තර වත්, ටෝනි නැති විස්තර විචාරක කුටිය හද්දා පාලු විය...ටෝනි ඉන්නා විට විස්තර විචාරය "සතුටු සාදයක්" බව කිව්වේ ඉන්දියාවේ රවි ශාස්ත්‍රීය...ටෝනි ඒ තරමට ප්‍රිය මනාප චරිතයක් විය....ටෝනි නම් වූ නරක සුද්දා, ටිකෙන් ටික හොඳ සුද්දෙක් වී, අන්තිමට කොයි කවුරුත් ඇලුම් කරන, ශ්‍රේෂ්ඨ සුද්දෙක් බවට පත් වුණේය...
ටෝනි ආයෙ එන්නෙ නැත...විස්තර විචාරක කුටි කොපමණ හඬා වැටුණත්, ටෝනිගේ හඬ ආයෙ මයික්‍රෆෝන කම්පනය කරන්නේද නැත....ටෝනි වැනි අය ආයෙ එන්නේද නැතැයි අපට අනුමානයෙන් කිව හැකිය....ඒ, දැන් අමුම අමු බුකි කාරයන්ගේ කාළකණ්නි ජෝගියක් වී ඇති මහත්වරුන්ගේ ක්‍රීඩාව තුළ, අසූචි ගොඩේ තිබෙන රුපියලත් දිවෙන් ගන්නා එවුන් මිස, ටෝනිලා වගේ මහත්තුරු බිහි නොවෙන නිසාය....
මහත්තුරුන්ගේ ක්‍රීඩාවේ අවසන් මහත්තුරු කීප දෙනාත් මෙසේ නික්ම යමින් සිටිති...
ටෝනි...!....ඔබට නිවන් හෝ ස්වර්ග මෝක්ෂ හෝ වෙනත් මොකක් හරි පතන්නට අප ඉදිරිපත් නොවෙමු..!...ඒ වෙනුවට, ඔබ මතු භවයක දී අප අතරම ශ්‍රී ලාංකිකයෙක් වී ඉපදේවා යැයි පතන්නෙමු ...!...ඔබ මෙලොවට සහ ශ්‍රී ලාංකික අපට කළ සෑම දෙයකටම ස්තූතියි.