BUMP
SUNDARA GAMANAK.
AYETH ME WAGE TRIP EKAK GIYAMA KALIN EWA WAGE POST KARNNA.
Aniwaryenma machan!!
BUMP
SUNDARA GAMANAK.
AYETH ME WAGE TRIP EKAK GIYAMA KALIN EWA WAGE POST KARNNA.
අනේ බන් යන්තම් යාගන්න පුලුවන් චාන්ස් එකක් සෙට්වීගෙන එන්නෙ. අද ත්‍රෙඩ් එක හොයාගෙන බැලුවම එක ෆොටෝ එකක්වත් පේන්නෙ නෑ.




Photo penne මැණිකේ
Penunanam කොච්චර වටිනවාද petiyo

ඒක තමා මාමේ. මං ඔය පැත්තෙ යන්න හිතාගෙන ඉන්නෙ. ෆොටෝ එකක්වත් නෑ දැන්.![]()





එතනින් එහාට යන්න තැනක් නැති නිසා කන්දේ අනික් පැත්තට අපි ගමන් කලා. කෙලවරට කලින් අම්බලමක් වගේම පොඩි තොරණක් මගදී හමුවෙනවා.
![]()
![]()
![]()
![]()
දවල් කෑම කන්න අපි එතන තොර ගත්තා.
![]()
![]()
මම හිතන්නේ මම ජීවිතේට කාපු රසම පරිප්පු හොද්ද තමයි ඒ. කොච්චි මිරිස් දාලා හදලා තිබුන හොද්දේ රස වචනෙන් කියන්න බැහැ. කෑමෙන් පස්සේ අපි එතනම් විනාඩි කීපයක් විවේක ගත්තා. කන්දක් මුදුනේ ගහක් යට, ඈත කඳු දිහා බලාගෙන ඒ ගතකරන විනාඩි කීපය කොච්චර රසවත් ද කියන එක දන්නේ තවත් කඳු නගින්නෙක්ම විතරයි.
පහලට එන අතර
![]()
![]()
වැඩි වෙලාවක් යන්න කලින් පහලට බහින්න අපිට පුළුවන් වුණා. අපේ ඊළඟ නැවතුම වුනේ අසුපිනි ඇල්ල. අපේ ගමන් මාර්ගය වැටිලා තිබුනේ දික්පිටිය, අරනායක හරහා. දුර ප්‍රමාණය 12km විතර වුණා. හවස් වේගන එන නිසා අපි කොහෙවත් නතර නොවී අසුපිනි ඇල්ල පැත්තටම ගමන් කළා.
ගමන් මග
![]()
![]()
bike නතර කරන්න ගෙදරක් නොතිබුන නිසා bike පාර අයිනක නතර කරපු අපි පයින් ගමන පටන් ගන්නකොට වෙලාව හවස 4.30 පහුවෙලා. පටන් ගත්ත තැන ඉඳන් ඇල්ලේ ඉහල කොටසට එන්න ගොඩක් දුර අපිට පයින් ඇවිදින්න වුණා.
අතරමග හමුවෙන නැරඹුම් මැදිරිය
![]()
නැරඹුම් මැදිරිය උඩට අසුපිනි ඇල්ල පේන විදිය
![]()
![]()
අවට පරිසරය
![]()
අමාරු ගමනකින් පස්සේ අපි ඇල්ලේ ඉහළ කොටසට ලඟා වුණා. මහන්සිය කොච්චර තිබුනත් ඒ හැමදෙයක්ම අමතක කරවන්න පුළුවන් සුන්දරත්වයක් ඒ වටපිටාවේ තිබුනේ. වතුර පාරවල් කීපයක් තැන් කීපයකින් පහලට ගලාගෙන ගියා. video එක බලන්න. අසුපිනි ඇල්ලේ සුන්දරත්ව හොඳටම බලාගන්න පුළුවන් ෆොටෝ වලට වඩා video එකේ.
අසුපිනි ඇල්ලේ ඉහළ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඉර බැහැගෙන යන වෙලාව නිසා අවට තිබුනේ පුදුමාකාර සෞම්‍ය බවක්. පැය බාගයක් විතර ඇල්ල උඩ ගතකරපු අපි සාර්ථක පලවෙනි දවස පටන් ගැන්ම ඉඳන් හිතින් විඳිමින් හෙමින් හෙමින් පහලට ගමන් කලා.
එදා රෑ අපි ගතකලේ මාවනැල්ල කිට්ටුව අරනායක පාරේ guest house එකක. ඒක අයිති වුනේ මගේ නෑදෑ වෙන අයියා කෙනෙක්ගේ යහලුවෙකුට නිසා අපිට නවාතැන් ලැබුනේ සම්පූර්ණයෙන්ම නොමිලේ. දෙවනි දවසේ අපේ පළමු නැවතුම වුනේ ලක්ෂපාන ඇල්ල. ගොඩක් දුර යන්න තිබුන නිසා අපි උදෙන්ම නැගිටලා ලක ලැහැස්ති වුණා. උදේ 6 පහුවෙනකොටම අපි නවාතැනින් පිටවුණා. අපි ගිය මාර්ගය වුනේ උයන්වත්ත - දඹුලුවාව - හෙම්මාතගම - ගම්පොල - උලපනේ - නාවලපිටිය - ගිනිගත්හෙන හරහා ලක්ෂපාන.
අඹුලුවාව
![]()
ගම්පොල නගරයට අඹුලුවාව පේන විදිය
![]()
මගදී හම්බුන යාලුවෙක්
![]()
නාවලපිටිය - ගිනිගත්හේන අතර පින්තූර කීපයක්
![]()
![]()
![]()
![]()
![]()
![]()
කොහොමද තුන් දෙනා
![]()
ප්‍රධාන මාර්ගයෙන් හැරිලා ලක්ෂපාන ඇල්ල පැත්තට යන දුෂ්කර මාර්ගයේ අපිට හම්බවුනු සුන්දර තැන් කීපයක්
![]()
![]()
![]()
කැළණි ගඟ
![]()
![]()
![]()
![]()
විදුලි බලාගාර ව්‍යාපෘතියේ කොටසක්
![]()
යන මාර්ගය
![]()
![]()
![]()
![]()
![]()
අතරමග හමුවන පුවරුව
![]()
දුෂ්කර ගමනකින් පස්සේ ලක්ෂපාන ඇල්ලේ ඉහල කොටසට අපි එනකොට වෙලාව 11.15 විතර වුණා. ඇල්ලේ පහළ කොටසට යාමට අදහස් කරගෙන හිටයත් උඩ කොටසට අපි ආවේ අහම්බෙන්. ඒත් එහෙම වුනු එක කොයි තරම් හොඳද කියන දේ අපිට තේරුනේ අවට පරිසරයේ ලස්සන දැක්කම. ඇල්ල තිබුනේ ගොඩක් වේලිලා ගිය මට්ටමක.
ලක්ෂපාන ඇල්ල ඉහළ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ලක්ෂපාන ඇල්ලේ තිබ්බ විශේෂම දේ තමයි එක කොනක පිහිටලා තිබ්බ කුහරය. ඇල්ලෙන් වතුර පහලට වැටෙන තැනක ගලේ හැදුන සාමාන්‍ය තරමක කුහරයක් තියෙනවා. දෙතුන් දෙනෙකුට එක පාර ඒක ඇතුලට බැහැලා ඇල්ලෙන් පහල බලන්න හැකියාව තියෙනවා. Video එක බලන්න.
කුහරයට බැහැලා පහල බලන අපේ සෙට් එක
![]()
![]()
කුහරය
![]()
ඇල්ලෙන් පහල
![]()
![]()