උදව්වක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ~~ බුද්ධානුස්සති භාවනාව ~~

    1.බුද්ධානුස්සති මෙත්තාච - අසුභං මරණස්සති
    ඉතිඉමා චතුරාරක්ඛා - භික්ඛුභාවෙය්‍ය සීලවා

    සුසිල්වත් යෝගාවචර තෙම බුදු ගුණ, මෛත්‍රීය, අසුභය,මරණය යන චතුරාරක්ෂක භාවනා වඩන්නේය.

    2.අනන්ත විත්ථාර ගුණං - ගුණතෝනුස්සරං මුනිං
    භාවයෙ බුද්ධිමා භික්ඛු - බුද්ධානුස්සති මාදිතෝ

    බුද්ධිමත් යෝගාවචරයා චතුරාරක්ෂක භාවනාව අතුරෙන් පළමුව අනන්ත ගුණ ඇති සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පතළ ගුණස්කන්ධය භාවනා වඩන්නේය.

    3.සවාසනේ කිලේ සේසෝ - ඒකෝ සබ්බේනිඝාතිය
    අහූසුසුද්ධ සන්තානෝ -පූජානඤ්ච සදාරහෝ

    ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් නසා අතිශයින් සුද්ද සන්තාන ඇතියෝය, දෙවි මිනිසුන් විසින් කරනු ලබන අනේක ප්‍රකාර පූජාවන්ටද සුදුසු වූ සේක.

    4.සබ්බකාලගතේ ධම්මේ - සබ්බේ සම්මා සයං මුනී
    සබ්බාකාරේන බුජ්ඣ්ත්වා - ඒකෝ සබ්බඤ්ඤුතංගතෝ

    ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන යන සර්ව කාලයන්ට අයත්වූ සියලු ධර්මයන් තමන් වහන්සේ විසින් මනා කොට අවබෝධ කර එකළාව සරවඥත්වයට පැමිණි සේක.

    5. විපස්සනාදි විජ්ජාහි - සීලා දී චරණේහිච
    සුසම්ද්දේහි සම්පන්නෝ - ගගනාභේහි නායකෝ

    ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතිශයින් සමෘඬවූ ආකාශය බඳු වූ විදර්ශනා ඤාණාදී විද්‍යාවන්ගෙන් ද ශීලාදී චරණ ධර්මයන් ගෙන් ද යුක්තවන සේක.

    6. සම්මාගතෝ සුභංඨානං - අමෝඝවචනෝච සෝ
    තිවිධස්සාපි ලෝකස්ස - ඤාතානිරවසේසතෝ

    ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරම සුන්දර නිර්වාණයට මනාකොට වැඩි සේක.නොහිස් නොවරදින වචන ඇති සේක. ත්‍රිවිධ වූම ලෝකය නිරවශේෂයෙන් දැන වදාළ සේක.

    7.අනේකේහි ගුණෝඝේහි - සබ්බසත්තුත්තමෝ අහූ
    අනේකේහි උපායේහි - නරදම්මේ දමේසිච

    ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශීලාදී අනේක ගුණෝඝයන් කරණකොට සකල සත්ත්වයන්ටම උත්තම වූ සේක.අනේකෝපායයෙන් අදම්‍ය පුද්ගලයින් දමනය කළ සේක.

    8.ඒකෝ සබ්බස්ස ලෝකස්ස - සබ්බ සත්තානුසාසකෝ
    භාග්‍ය ඉස්සරියාදීනං - ගුණානං පරමෝනිධි

    ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සකල ලෝකයාට අසහාය ශාස්තෘන්, සර්වසත්තානු ශාසකයන් වහන්සේද වූ සේක.භාග්‍ය ඓශ්චර්‍ය්යාදී ගුණයන්ගේ පරම නිධානය වූ සේක.

    9.පඤ්ඤාස්ස සබ්බ ධම්මේසු - කරුණා සබ්බ ජන්තුස
    අත්තත්ථානං පරත්ථානං - සාධිකා ගුණජෙට්ඨිකා

    ඒ භාග්‍යවතුන් වහන්සේ ආත්මාර්ථ පරාර්ථ සාධනයෙහි ප්‍රධාන වූ ප්‍රඥාව සකල ධර්මයන්හිද, මහා කරුණාව සකල සත්ත්වයන් කෙරෙහිද පැතිර පවත්නාහ.

    10.දයාය පාරමී චිත්වා - පඤ්ඤා යත්තාන මුද්ධරී
    උද්දරී සබ්බ ධම්මේච - දයායඤ්ඤේච උද්ධරී

    ඒ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් පාරමී පුරා ප්‍රඥාවෙන් තමන් වහන්සේ සසරින් නැඟී සේක. සකල ධර්මයන් ද ප්‍රතිවේධ කළ සේක.මහා කරුණාවෙන් අන්‍යන් ද සසරින් ගොඩගත් සේක.

    11.දිස්සමානොපි තාවස්ස - රූපකායෝ අචින්තියෝ
    අසාධාරණ ඤාණඩිඩේ - ධම්මකායේ කථාවකාති.

    ඒ භාග්‍යවතුන් වහන්සේ රූපකාය ඇසට පෙනෙන්නේ නමුත් අචින්තනීයය.අසාධාරණ ඥානයෙන් ආඪ්‍ය වූ ධර්මකාය සම්පත්තිය ගැන කවර කථාද, අචින්ත්‍ය වන්නේමය.


    මේකෙ ඕඩියෝ එක හොයල දීපල්ලකෝ
     
    • Like
    Reactions: sidathsaumya