ඉන්දීය බිත්තරවලට වඩා දේශීය බිත්තරය ගණන් අඩු වෙයි…
ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මිලට වඩා අඩුවෙන් දේශීය බිත්තර පාරිභෝගිකයා හට ලබාදීමට පියවර ගෙන ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර් .එම් .සරත් රත්නායක පවසයි .
මේ අනුව රුපියල් 37 සිට 43 දක්වා මිලට වෙළඳුන් බිත්තර අලෙවි කරන බවත් ඇතැම් වෙළඳුන් රුපියල් 45ටත් බිත්තර අලෙවි කරන බවත් ඔහු සදහන් කරයි .
දේශීය බිත්තර මිල අඩු වීම පිළිබඳව අප වෙළෙඳපොළ තුළ කළ සොයා බැලීමේදී දේශීය බිත්තරයක් රුපියල් 37 සිට 43 දක්වා මිල ගණන් යටතේ අලෙවි කරන බව දැක ගන්නට ලැබිණ .
එසේම දේශීය බිත්තර පාරිභෝගිකයන් හට අවශ්‍ය පරිදි හිඟයකින් තොරව ලබාදීමට හැකි වී ඇතැයි පවසන සභාපතිවරයා මේ වන විට දේශීය බිත්තර නිෂ්පාදනය දිනකට ලක්ෂ 75 දක්වා ඉහළ ගොස් ඇතැයි ද කියා සිටියේය .
දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ යාම හේතුවෙනි ඉදිරි මාස කිහිපය තුළ බිත්තරයක් රුපියල් 30ත් 35ත් අතර මිලකට පාරිභෝගික ජනතාවට ලබාදීමට හැකි වනු ඇති බවද සභාපතිවරයා කීය .
-
https://lankasara.com/si/පුවත්/ඉන්දීය-බිත්තරවලට-වඩා-දේශ/
එළවළු මිලෙහි දැවැන්ත වෙනසක්
Thursday, 21 March 2024 - 14:05
මීට මාස කිහිපයකට ඉහතදී කිලෝවක් රුපියල් දහසක් තරම් ඉහළ ගිය කැරට් තොග මිල රුපියල් 240 දක්වා අඩුවී ඇති බව එළවළු වෙළෙඳුන් පවසනවා.
මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථනය සහ පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන රැසකට එළවළු තොග වැඩි වශයෙන් ලැබීම හේතුවෙන් එළවලු මිල සැළකිය යුතු ප්‍රමාණයකින් පහත ගොස් ඇති බවයි හිරු ප්‍රවෘත්ති කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ.
පසුගිය දිනවල රුපියල් 350කට අලෙවි වූ රතු ළුෑනු කිලෝවක මිල රුපියල් 110 දක්වා පහත වැටී ඇති අතර වෙළෙඳුන් අතරමැදි වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටින්නේ එළවළු මිල අඩුවීමේ වාසිය ජනතාවට උපරිමයෙන් ලබාදෙන ලෙසයි.
මේ අතර පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ කැරට් කිලෝවක මිල රුපියල් 200ක් හා , බෝංචි කිලෝවක් රුපියල් 160කටත් ලීක්ස් කිලෝවක් රුපියල් 150ත් අතර මිලකටත් පැවතියා.
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක සිල්ලර මිල දැක්වුණේ රුපියල් 240ත් ලෙසයි .
බෝංචි කිලෝවක් රුපියල් 240කටත් , ලීක්ස් කිලෝවක් රුපියල් 320කට සහ අමු මිරිස් කිලෝවක මිල රුපියල් 600ක් ලෙසද දැක්වුණා
මේ අතර අද වනවිට වෙළෙඳ පොළේ ඉන්දියාවෙන් ගෙන්වූ බිත්තරවල මිලටත් වඩා දේශීය බිත්තර මිල අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
සීමාවකින් තොරව සතොස හරහා ඉන්දියානු බිත්තරයක් රුපියල් 43ක මිලකට අලෙවි වන පසුබිමක ඇතැම් වෙළෙඳ සැල්වල දේශීය බිත්තරයක මිල රුපියල් 40ත් 50ත් අතර අගයක පවති බවයි හිරු කළ සොයා බැලීමකදී හෙළි වුණේ.
-
https://www.hirunews.lk/365398/එළවළු-මිලෙහි-දැවැන්ත-වෙනසක්