උදාර මිනිසුන්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113


    15032730_353141145040219_2273825214143435695_n.jpg



    15036377_353141138373553_1615128604363308484_n.jpg



    15027459_353141128373554_5887602870038866356_n.jpg



    එක්සත් රාජධානියේ "ඇව්රෝ" ගුවන්යානා නිෂ්පාදන සමාගම දැවැන්ත අර්බුදයකට මුහුණපාමින් සිටියේය. තම ජෙට් යානාවල එන්ජිමෙහි පවත්නා දෙදරීම නිසා එහි අලවිය පහත වැටෙමින් තිබුණි.. එරට කිසිදු ඉන්ජෙරුනේරුවරයකුට එයට පිළියම් සොයා ගැනීමට නොහැකි විය...

    අවසානයේ මෙයට පිළියම් සොයන්නට මැලේසියන් සම්බවයක් සහිත ලාංකිකයකුට ඇරයුම් ලැබුණි... ඔහු එකල පේරාදෙණිය සරසවියේ ආචාර්යවරයකු ලෙස සේවය කල මහාලිංගම් මහතාය... ඇව්රෝ ගුවන් සමාගම මුහුණ දෙමින් තිබු ජෙට් යානාවල එන්ජිමේ පවත්නා දෙදරීමේ දෝෂයට පිළියම් සොයා දෙන මෙම අපුරු මිනිසා එකල ලෝකය මවිත කළේය...

    මෙයින් මහා උද්දාමයට පත්වූ එක්සත් රාජධානිය, මෙම අපුරු මිනිසාගෙන් ඉල්ලා සිටියේ ඕනෑම වරයක් ඉල්ලා සිටින ලෙසයි... විශාල මුදල් කන්දරාවක්, තනතුරු, යානවාහන, එරට පුරවැසිභාවය ඒ අතර විය.. මුදල් සදහා ඕනෑම දෙයක් කරන මෙවැනි සමාජයක මේ අපුරු මිනිසා ඉල්ලා සිටියේ ජෙට් යානා එන්ජිමකි.. ඒ පේරාදෙණිය සරසවිය උදෙසාය... අද දක්වා පේරාදෙණිය සරසවියේ සිසු දරුවන් ගුවන්යානා තාක්ෂණය පිළිබදව අධ්‍යනය කරන්නේ මේ එංජිම හරහාය... බොහෝ වරප්‍රසාද වෙනුවට ඔහු ඉල්ලා සිටියේ තමා ජීවත්වන රටේ දරුවන් අනාගතය වෙත ගෙන යන්නට ගුවන් එංජිමකි....

    ජනතාවගේ හෝ සාමුහිකත්වයක බලපෑම නිසා මහා පුරුෂයන් වන බොහොමයක් දෙනා පාලකයාගේ ගරුත්වය,ප්‍රශංසාව නිරතුරුව බලාපොරොත්තු වන බිමක මෙවැනි උදාරතර මිනිසුන් රටට වාසනාවකි... මහාලිංගම් මහාචාර්යවරයාට මේ පොළවේ කෙතරම් වටිනාකමක් ලබුනේදැයි මම නොදනිමි... පාලකයන් ඔවුන්ට වටිනාකම් ගොඩනගා ගත හැකි මිනිසුන් මෙන්ම ඔවුන්ගේ මරණද විකුණති... එහෙත් විකිණිය නොහැකි සැබෑ මිනිසුන් මගහරිති.. මෙම උදාර මිනිසා නිසොල්මනේ යාපනය රෝහලේදී අවසන් ගමන් ගියේ ජීවත් වූ බිමට මහා කීර්තියක් මෙන්ම අනාගත පරපුරේ අනාගතය උදෙසා මහා ජවයක් මේ පොළවේ තබමිණි... නුබ වැනි ආදරණීය මිනිසුන් හැමදාම ආදරයෙන් සිහිපත් කරන්නෙමු...
     

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    මම කැම්පස් ගිහින් නෑ අද තමයි මම මේ කතාව ඇසුවේ.
    කිකිළි බිත්තරයක් දාලා රටටම කෑගැහුවට කැස්බෑව බිත්තර සියයක් විතර දානවා.

    දැන් හරි මෙවන් තොරතුරු බෙදා හදා ගන්න වට ස්තුතියි
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මහාචාර්ය මහාලිංගම් ගැන ලියැවුණු බ්ලොග් පෝස්ට් දෙකක් තිලකසිරි ඒකනායක මහතාගේ "තිලක සිත"බ්ලොග් අඩවියේ (thilakasitha .blogspot ) තියනවා. 2015 වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාස වල පල කෙරුණ 'අහිමි වූ ජෙට් එන්ජිම' නමැති බ්ලොග් පෝස්ට් දෙකකින්ම මේ උතුම් මිනිසාගේ ගුණ ගැන කියැවෙනවා. මට ගෙඩි පිටින්ම ඒ පෝස්ට් දෙක මෙතැනට කොපි පේස්ට් කරන්න පුළුවන් උනත්, කෙනෙකුගේ බ්ලොග් අඩවියකින් අවසරයකින් තොරව යමක් උපුටා ගැනීම මම කරන්නේ නැහැ. කැමති කෙනෙකුට ඒ බ්ලොගයට ගිහින් කියවන්න පුළුවන්. මහාලිංගම් මහතාට එතුමා අදහන ආගමකට අනුව යහපතක්ම පතමි.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    My brother in law was fortunate enough to be guided by Prof Mahalimgam at Peradeniya Uni.
    He was great man. You don't find such great people even among academics now.
     

    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    දහස් ගණනින් සිසුන් කැලකට අනාගතය විවර කර ගැනීමට මග පෑදූ අපූර්ව අසමසම ඇදුරානෙනි.

    නිවන් දක්නා තුරාවට යලි ඉපදෙන කිසිදු ආත්මයක මේ මුඩුම, මජර බිමේ යලිදු පහල නොවීමට ඔබ සතු සියලු කුසල් හේතු වාසනා වේවා.