මේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවන එක පාලනයකින් යුතුව කරන්න ඕනී.සමහර උපාධි පාඨමාලා පෞද්ගලික විශ්ව විද්‍යාල හරහා දුන්නාට කිසි ප්‍රශ්නයක් නෑ.විශේෂයෙන්ම කම්පියුටර් සහ සන්නිවේදන, තොරතුරු තාක්ෂනය, පෞද්ගලික ව්‍යාපරික සමාගම් සඳහා අවශ්‍යය උපාධි පාඨමාලා වගේ දේවල්.නමුත් මේ රටේ ඉහලම ඉල්ලුමක් තියෙන වෛද්‍ය, සිවිල් ඉංජිනේරු, පරිපාලන සේවය වැනි උපාධි පෞද්ගලික අංශය හරහා සල්ලි පදනම් කරගෙනම කරන එක තේරුමක් නෑ.
විශේෂයෙන්ම ගමේ දුප්පත් ගොවියාගේ දියණිය 75% ලකුණු අරගෙන ඇඟලුම් ශාලාවේ වැඩට යනකොට, ගමේ මන්ත්‍රිතුමාගේ දුව 50%ක් ලකුණු අරගෙන පෞද්ගලික වෛද්‍ය උපාධියක් ගැනීම මේ රටේ බහුතරයක් වන පීඩිත පංතියේ තරුනයන් සහ ජනතාව අතර අසහනය ඇති කරන්න පුලුවන්.
මේ ඇති කරන පෞද්ගලික විශ්ව විද්‍යාල ජනසතු කිරීමේ රැල්ලක් මේ රටේ ජනතාව තුල ලේසියෙන්ම ඇති කරන්න දේශපාලන වශයෙන් පරිණත නායකයෙක්ට පුලුවන්.මොකද මේ රටේ බහුතර ජනතාවට සහ ඔවුන්ගේ දරුවන්ට මෙහි ඉඩකඩ අවම නිසා මේවා ජන සතු කරන එක කිරි කජු වගේ කියලයි මට හිතෙන්නේ.විශෙෂයෙන්ම පංතියක සිසුවන් 50ක් හිටියොත් ඔවුන්ගෙන් දෙන්නෙකුටවත් මේ වගේ ඉගෙන ගන්න වත්කමක් නෑ.