ඔය ආර්ය සිංහල ගතියද ?
මල ගෙවල් වලට අඩන්න හොදයි ගැනියෙක් වගේ සාප කරන්න එපා පිරිමියෙක් වෙයන්
කැත කට් එක. 











ඔය ආර්ය සිංහල ගතියද ?
මල ගෙවල් වලට අඩන්න හොදයි ගැනියෙක් වගේ සාප කරන්න එපා පිරිමියෙක් වෙයන්






ජාතික ආරක්ශාව පැත්තෙන් ඕකේ..ඒත් බං මේ දෙකයි පනහේ පාර්ලිමට් හොරු සෙට් එක පාර උන්ගේ වගේ යනකොට උන්ට පාරේ ඉඩ දෙන්ඩ ඕනිද
වෛද්‍ය කැල්ල නම ඉස්සරහට දාගන්න එක මම අනුමත කරන්නේ නැ
//.යුධ හමුදාව මිනිස්සුන්ට එරෙහිව තිරිසන් වැඩ කරන්න යොදවපු නිසාම තමා උන්ගේ ඔලු අවුල් වෙලා ,ගිල්ටි වෙලා තියෙන්නේ. ඒ ඔලු හදන්න වෙදාට අවස්ථාව එන්නෙත් ඔය කියන මර්ධනේ නිසාම තමා. //
රුවන් ජයතුංග කියන්නේ යුධ හමුදාවේ මානසික වෛද්‍ය ඒකකයේ දෙවනිය (හිටපු හමුදා වෛද්‍යවරයෙක්)
හිනමනෙන් පෙලිච්ච ලේකම් කනේක්ගේ අධිපත්‍යට සිවිලි පුරවැසියන් නතුවීම නැවතිය යුතුයි
----------------------------------------------------------------------------------------
GMOA හෙවත් රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ගැන වෛද්‍යවරයෙකුගේ ඇසකින්
මම 1995 - 2009 අතර කාලය තුල රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ සක්‍රිය සාමාජිකයෙකු වූයෙමි. මේ කාලය අතරතුර රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට සාමූහිකත්වය ගිලිහෙන්නට නොදී සහාය දුනිමි. එසේම 1997-1999 යන කාල වල රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ මීගමුව රෝහල් ශාකාවේ නිලයක් ද දැරුවෙමි. එසේම 2009 වසරේ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ ගොඩනැගිල්ල සඳහා වේතනයෙන් රුපියල් 6000 ආසන්න මුදලක් කපා ගැනීමටද අනුමැතිය දුනිමි. මේ නිසා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ගැන කතා කිරීමට මට අයිතියක් තිබෙන බව සිතමි.
මගේ අදහස අනුව GMOA හෙවත් රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ලංකාවේ තිබෙන බලවත් වෘත්තීය සමිතියකි. එම නිසා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ කේවල් කිරීමේ හැකියාව ඉහලය. මේ බලය භාවිතා කල යුත්තේ වෘත්තිකයන්ගේ වෘත්තීයභාවය ආරක්‍ෂාකර ගැනීම සඳහා මෙන්ම රෝහල් වල ගුණාත්මක භාවය ඉහල දැමීම සඳහා රෝගියා කේන්ද්‍ර කරගත් ක්‍රියා මාර්ගයකිනි.
ලංකාව වැනි රටක උගත් බුද්ධිමත් වෘත්තිකයන්ට තැනක් නැත. එය කටුක සත්‍යයකි. අසීරුවෙන් ඉගනගෙන සමාජයට බුද්ධිමත් දායකත්වයක් දෙන වෘත්තිකයාට වඩා දේශපාලනයට අවතීර්ණ වූ නූගත් හරක් හොරුන් වරප්‍රසාද අතින් ඉහලින් සිටිති. දේශපාලනීකරණය දසත පැතිරී තිබේ. ලංකාව යනු නූගතුන් විසින් බුද්ධි මතුන්ව අඩන්තේට්ටම් කරමින් පාලනය කරන රටකි. එම නිසා බොහෝ වෘත්තිකයන්ට සිදුව ඇත්තේ රට හැර යාම හෝ අකමැත්තෙන් වූවද මජර ක්‍රමයට අනුගත වීම හෝ ඊට එරෙහිව පොදු ජනයා අතර ජනප්‍රිය නොවන ක්‍රම වේදයකින් තම වෘත්තීය සටන ගෙන යාමටය.
අප සීමාවාසික සේවාව කල කාලයටත් වඩා රෝහල් අද දේශපාලනීකරණය වී තිබේ. අප සීමාවාසික සේවාව කල කාලයේ ඇලික් අළුවිහාරේ වැනි බලවත් මැර දේශපාලකයන්ට පවා රෝහල් වලට අනවශ්‍ය ලෙස ඇගිලි ගැසීමට අප ඉඩ නොදුන්නෙමු. 1994 මැතිවරණ කාලයේ මම මාතලේ රෝහලේ ශල්‍ය වාට්ටුවේ රෝගීන් බලමින් සිටි අවස්ථාවක වාට්ටුවට ඇතුළු වීමට ගිය ඇලික් අළුවිහාරේ ගේ පුතෙකුද එළියට යැවූ අයුරු මට සිහිපත් වේ. නමුත් අද කාලයේ දේශපාලකයෙකු එන විට වෛද්‍යවරයා නලාවත් ගෙන ඔහුගේ දෙපතුල ලඟට යයි. ඔහු ඉදිරියේ කොන්ද කෙලින් තබාගෙන නොසිටී. මේ හැර රෝහල් වල ගුණාත්මකභාවයන් ඉහල දැමීමට රෝගී සත්කාරයේ ගුණාත්මක භාවය නංවාලීමට ප්‍රබල බාධකයක් ලෙස මෙම රෝහල් දේශපාලනීකරණය හඳුනාගත හැකිය.
ලංකාවේ සියළු වෘත්තිකයන් අතුරෙන් වෛද්‍යවරු ලංකාවට කැපී පෙනෙන සේවාවක් කොට තිබේ. එය නම් සංවර්ධිත රටවල් වල සෞඛ්‍යය දර්ශකයන්ට ආසන්නයට යන අන්දමට අපගේ බොහෝ සෞඛ්‍යය දර්ශකයන් ඉහල නග්වා තිබේ. එසේම බෝවන රෝග ගනනාවක් ලංකාවෙන් තුරන් කොට තිබේ. මෙම සාර්ථකත්වය ලබා ගැනීමට සෞඛ්‍ය සේවයේ අනෙකුත් පාර්ශවද උපකාරී වී තිබෙන බවද මෙහිදී කිව යුතුය.
රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයට රජයක් දණ ගැස්සවීමට සමත් බලයක් තිබේ. මේ බලය භාවිතා කල යුත්තේ කෙසේද ? යම් කිසි රජයක් ප්‍රජාතාන්ත්‍රවාදී මාර්ගයක නොයමින් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන විට එම රජය නිසි මගට ගැනීමේ ලා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයට හැකියාවක් තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය තම බලය භාවිතා කල යුත්තේ එවැනි අවශ්තා වලදීය. එහෙත් සමහර විට පටු දේශපාලන අභිමතාර්ථයන් සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය භාවිතා කිරීම අනුමත කල නොහැක.
අතීතයේ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය වෙනුවෙන් අභීතව සටන් වැදුනු සෙන්පතියන් පසු කාලයක දේශපාලකයන් ගේ අවශ්‍යතා මත තම වෘත්තීය අභිමානය පාවා දුන් අයුරු තාජුඩීන් සිද්ධියේ දී අප දුටුවෙමු. එම නිසා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයට තම ජීව ගුණයන් දිය කර නොගන්නා සහ ජීව ගුණයන් විකුණා නොදමන නායකයන් අවශ්‍ය කෙරේ. මේ සඳහා ආත්මාර්ථකාමීත්වයෙන් තොර එලෝත්පාදක නායකත්වයක් සෑම කාලයකදීම තිබිය යුතුය.
රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය විසින් අතීතයේදී දියත් කරන ලද සමහරක් වර්ජන අසාධාරන බව මම සිතමි. පුද්ගලික හේතූන් නිසා , වෘත්තීය කුහක භාවය මත ,පුද්ගල බ්ලැක්මේල් කිරීම් මත , සමහර දේශපාලකයන්ට කඩේ සඳහා අාදී වශයෙන් රෝගීන් ගේ දිවි තර්ජනයට ලක් කිරීමෙන් කරන වර්ජන නොමනා බව මම තරයේ අදහමි. අතීතයේ මෙවැනි වර්ජන වලදී අපගේ රෝහල් වල හදිසි සේවා අප පවත්වාගෙන ගියෙමු.
ලංකාවේ සෞඛ්‍යය සේවයේ වෘත්තිකයන් අතර බලපතළ ලෙස පැතිරී ගිය වෘත්තීය කුහකත්වය , ඉරිසියාව තිබේ. මේ නිසා සෞඛ්‍යය සේවයට ඉතා හිතකර වූ තීරණ ගනනාවක් හමස් පෙට්ටියට යැවීමට මෙම කුහක ඉරිසියා මානසිකත්වය සමත් වී ඇත. මේ කුහක මානසිකත්වයට එරෙහිව යාම වෙනුවට සමහර අවස්ථා වලදී රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය විසින් ඊට අනුගතවී තිබේ. එය සිදු නොවිය යුතු තත්වයකි.
එසේම වෛද්‍ය සේවයේ වැරදි කරන ලද පුද්ගලයන් , පශ්චාත් උපාධි ආයතන වල තම හිතවතුන් , ඤාතීන් විභාග වලින් සමත් කරවන දූෂිත පුද්ගලයන් , විශ්ව විද්‍යාල වල සුදුසුකම් ඇත්තන් කපා දමමින් තම හිතවතුන් බඳවා ගන්නන් , ස්ථාන මාරු කිරීම් වලදී අයථා ක්‍රියා කරන්නන් වැන්නවුන් ආරක්‍ෂා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ඉදිරිපත් නොවිය යුතුය. අතීතයේ මෙවැන්නවුන් ආරක්‍ෂා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ඉදිරිපත් වූ අවස්ථා කීපයක් තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය යනු උගත් වෘත්තිකයන් පිරිසකගෙන් සැදුම් ලද සංගමයකි. එම නිසා එකී සංගමය විසින් ගන්නා තීරණ සදාචාරාත්මක මෙන්ම ප්‍රජාතාන්ත්‍රවාදීද වීම වැදගත් වේ.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
http://transyl2014.blogspot.com/2016/02/gmoa.html
ඔය ආර්ය සිංහල ගතියද ?
මල ගෙවල් වලට අඩන්න හොදයි ගැනියෙක් වගේ සාප කරන්න එපා පිරිමියෙක් වෙයන්



මෙක නම් මුන්ගෙ ලබ්බක් හින්දා ඇති වෙච්ච දෙයක් නෙමෙ .අර පවුල් සෞඛ්‍ය සෙවිකාවන් වගෙ ගමෙන් ගමට දැනුවත් කිරීමෙ ක්‍රියාවලියන් හී නිරතවෙන මිනිස්සුන් නිසා තමා අපෙ සෞඛ්‍ය උඩට ඇවිලා තියෙන්නෙ. මුන් කරන්නෙ හම්බ කිරිල්ල විතරයි තනිකරම.
ඔය ගොටාබයාගේ සෙට් එක. උ එනකොට සිංහලු කාණුවට බහින්න ඕනා. මමත් ඕක එක පාරක් දැක්ක. දැන් ඉතිං ඒවාට විඳවනවා බලු වෙලා.
ගාර්ඩ් එකට හිටපු උනුත් ඔලුව ඉදිමිලා හිටියේ.
Colombo valadi oya kiyana time ekedi, ohoma deval unane, Ava kaley ,Ltte paraingen , Sinhala Nayakain arakksha kirima sadaha nea. Gotabaya Mahathmayata , Maragena marena Ltte praharayak une oya time ekedi nedha? Eka nisa oya vage security methods gattha eke varadak penna naha. Gotabaya Mahathmaya nathi una nam, Ubala api plan gahala war eka dinannadha ?? Road eken poddak ayin vela inna bari ubala, war ekedi, Soldiers la karana kapa kirim diha poddak balahan.
Road eken ayinata venava kiyanne ,Lat valakata bahinava kiyana eka neve. Namuth eka deyak mathak karanna ona, Colombo vala aya adha baya nathuva Lat ekata yanneth, war eka nathi nisaya.Appaaa.. gotabhaya mahaththaya kiyanawanam lat walakata unath bessama mokada neda ban...
රඹා;20764858 said:ජාතික ආරක්ශාවට සහය නොදීම අබිමානය නෙවෙයි. එහෙමනම් හමුදාවෙන් බෑග් චෙක්කරන වෙලාවට ඒකට ඉඩනොදීමත් අබිමානය වෙන්න ඕන.
ඔය ආර්ය සිංහල ගතියද ?
මල ගෙවල් වලට අඩන්න හොදයි ගැනියෙක් වගේ සාප කරන්න එපා පිරිමියෙක් වෙයන්
Road eken ayinata venava kiyanne ,Lat valakata bahinava kiyana eka neve. Namuth eka deyak mathak karanna ona, Colombo vala aya adha baya nathuva Lat ekata yanneth, war eka nathi nisaya.