උදේනට....

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    උස්සපු කතාවක් fb එකෙන්...

    951195.gif


    මේක දේශපාලුවො සම්බන්ද පොඩි සීන් එකක් ඈ...
    ඉස්සර තිබුන ඇහැට කණට පෙනුනු ටිකක් ඩිමාන් පක්ෂ 3නෙ..

    ශ්‍රී.ල.නී.ප (දැන් මහරජාගෙ අයිටම් එක)
    එ.ජා.ප (සමනල රනිල්ගෙ අයිටම් එක)
    අනික
    ඉතිං ජ.වි.පෙ (අනුර මහත්තයගෙ අයිටම් එක)...

    අයිටම් වල පාට මතකනෙ.
    නිල්,කොල,රතු...
    මේ සීන් එක වෙච්ච කාලෙ ඡන්ද පෝස්ටර් හරිම සරළයි...
    වැඩිය කැටයම් නෑ..

    ඔය කාලෙ මැතිවරණ සීසන් එක ආවාම ශ්‍රි.ල.නි.ප එකෙ හිටපු බොහොම තරුණ ජවයෙන් යුතු බුවෙක් චන්දෙ ඉල්ලුවා..

    මෑන්ස්ගෙ නම උදේන..

    පොර හෙන ගීනියස් චරිතෙ..
    ඉතිං මිනිහා ගැහුවා චන්ද පෝස්ටරයක්..
    නිල්පාට උඩින්ම,දෙවෙනියට කොළ පාට,තුන් වෙනියට රතු පාට එන විදිහට තීරු තුනක ලස්සන පෝස්ටරයක්..

    උඩම තීරුවෙ මෙහෙම ගැහුවා " අපි උදේනට "....
    දෙවෙනි තීරුවෙ ගැහුවා " අපිත් උදේනට "....
    තුන් වෙනි එකේ ගැහුවා " අපි ඔක්කොම උදේනට "....
    මෙහෙම ගැහුවෙ පක්ෂ තුනේම හුදී ජනයා තමන් එක්ක කියලා පෙන්නන්න..
    (පොඩි ඇඩ් එකක්)....

    ඉතිං අපෙ උදේන මහත්තයා මෙහෙම ගහලා පෝස්ටරෙ ඇලෙව්වලු එයාගෙ හෙන්චයියන්ට ඔය තාප්ප වලයි,ලයිට් කනු වලයි,ලොරි බොඩි වලයි,පොදු වැසිකිළිවලයි තව එක්ක මගුල් වලයි අලෝලා ගේ ඉස්සරහත් එකක් ගැහුවලු හෙන සයිස් එකක්...

    දැන් ඉතිං මෑන්ස්ටත් පට්ට හැපී ඇයි ඔක්කොම වැඩ ටික ලෙසටම උනානෙ...
    අනික එහෙම ක්‍රියේටිව් පෝස්ටරයක් වෙන එකෙක්වත් ගහලා තිබුනෙත් නෑ....
    ඔක්කොම වැඩ ටික ඉවර කරලා ඔන්න අපේ උදේන මහත්තයා ගියාලු නිදා ගන්න....

    උදේ ඔන්න 9ට විතර නැගිටලා එනකොට කොල්ලො සෙට් එකක් අර දඩාර් කටවුට් එක ඉස්සරහට වෙලා හිනා වෙනවලු...
    බුවාට දැන් හෙන මළ් ඈ...

    යකො මුන්ට මෙහෙම මගෙ ගෙ ඉස්සරහට ඇවිත් හිනා වෙන්ඩ හයියක් කොහෙද කියලා..
    ඇයි ගෑනිත් අතින් කට වහගෙන මූ දිහා බලාගෙන හිනා වෙනවලු...
    හිටපන්කො අම්මගෙ බිව්ව කිරි මතක් කරඩ කියලා යකඩින්නත් අරන් ගියාලු දුං දාගෙන..
    කොල්ලො ටිකනං දිව්වලු...

    හැබැයි පාරට ගිහින් බැනර් එක පැත්තට හැරුනාම මිනිහට නිකං බොක සෙට් වුනා වගෙ දැනුනලු...

    ^ අර බැනර් එකේ ලස්සනට,බොහොම පිලිවෙලට,වටකුරු අකුරින් අර තීරු තුනේ ගහපු වාක්යවල් වල අන්තිම වචනෙට පස්සෙන් " මු " දාලා..
    :lol::lol: ඔන්න අපෙ අයියලගෙ වැඩ.. :lol::lol:

    source
    AvisHka MihiRaj Kappetipola
     
    • Like
    Reactions: asylum and ccmh