වැඩක් නෑ මචන් තව දවසකින් ඔය ගුරුතුමියට තව වැඩි දවසක් පාසලේ සේවය කරන්න ලැබෙන එකක් නෑ , එක තමයි ලංකාවේ ක්‍රමය .
මම දන්නා අක්ක කෙනෙක් ඉන්නවා එයා උපාධිධාරී නැටුම් ගුරුතුමියක් , දකුණේ පාසලක තමයි වැඩකරන්නේ , තවම එයා ඒ පාසලට ගිහිල්ලා අවුරුදු 5යි , හැමදාම ගෙදර ඉඳලා ( මාතර ) පැය 1.5ක් බස් එකේ යන්න ඕන පාසලට
පාසලේ අවුරුදු 120ක ඉතිහාසයේ ප්‍රථම වතාවට , ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ සමස්ථ ලංකා නැටුම් තරඟ වලින් ලොකු ලොකු ඉස්කෝල පරද්දලා මෙයාලා දිනනවා , මේ වැඩවලට මෙයා තමන්ගේ සල්ලිත් සැහෙන්න වියදම් කරනවා
දැන් පාසලේ ඉන්න ගමේ ගුරුවරුන් ගෙන් එයාට කැපිල්ල , එත් එයා ඒවා ගණන් ගන්නේ නැතිව වැඩකරනකොට ගමේ ගුරුවරු පාසල හැරගියපු මැර ශිෂ්‍යයෙක් ( මේ දවස්වල නමකියවෙන රටේ නමගිය අපරාධ කරුවෙකුගේ නෑදෑයෙක් ) දාලා පහර දෙන්න හදලා
දැන් ඒ ගුරුතුමිය මාතරට මාරුවීමක් ගන්න හදනවා බැරිඋනොත් රැකියාවෙන් අස්වේවි මොකද එයාගේ හස්බන්ට සාමාන්‍යයෙන් හොඳට සල්ලි තියෙනවා
මේ සියල්ලටම එකම හේතුව ගමේ ගුරුවරුන්ට වඩා පිටකෙනෙක් කැපීපෙනෙන ලෙස මහන්සි වී වැඩකිරීම
oya wage wada karanne rajaye rassawak, pension ekata witharak gaththa haththa bn: ewage ewun wadi: ekayi sinhala haththata hariyanne naththe

