උන්ගේ හිනාවට ඇඬුනා මචං

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
උන්ගේ හිනාවට ඇඬුනා මචං

43395163_1328075470661041_4937550843646836736_n.jpg



මේ ගුරුතුමිය ගයාරා. වැඩ කරන්නේ දකුණේ දුෂ්කරම පාසලක. මේ පාර ශිෂ්‍යත්වේ පාසලෙන්ම ලිවේ ළමයි දෙන්නෙක් විතරයි. ඇත්තටම ඒ වගේ පැති වල ශිෂ්‍යත්වේ කියන්නේ අම්මලාගේ විභාගයක් නම් නෙමෙයි. ළමයින්ව ගොඩ දාන්න උණක් තියන ගුරුවරයෙක් උන්නොත් මිසක් ඒ මල් අයිති කැලේටම විතරයි.

පාසැලේ ඉතිහාසයටම ළමයෙක් ගත්තු උපරිම ලකුණු ගාන 112ක්. ඉතින් මේ ගුරුතුමියට පුළුවන් වෙනවා මේ ළමයි දෙන්නගෙන් එක්කෙනක්ව ඒ සිමාවෙන් ඔබ්බට අරන් යන්න. එක දරුවෙක් ලකුණු 125ක් ගන්නවා. අනෙත් දරුවාට ලකුණු 106ක් . කිසිම අමතර පංතියකට නොගිහින් ගෙවල්වලින් කිසිම උදව්වක් නැතිව තනි මේ ගුරුතුමිය කල දේ නම් සැබෑම හපන් කමක්.

මේ ගුරුතුමී ශිෂ්‍යත්වෙට කලින් මේ ළමයි දෙන්නට පොරොන්දුවක් වෙනවා. ඒ සීයට එහා ලකුණු ගත්තොත් මෙයාලව කොළඹ එක්කන් යන්න. පීසා හට් එක්කන් යන්න. ලස්සන ඇදුමක් සපත්තු ජෝඩුවක් අරන් දෙන්න. ලේශර්වල්ඩ් එක්කන් යන්න. ස්ට්‍රෝබෙරි අරන් දෙන්න. මොකද ඒ කොල්ලෝ දෙන්නා ඔය එකක්වත් දැකලා නෑ.

රජයෙන් ලැබෙන වැටුපට වඩා වැඩ කරනා රත්තරන් මිනිස්සු තවමත් ලංකාවේ අඩු නෑ. බුලත් අතක් අරන් ඉස්සරහට එන අහිංසක ළමයෙකුට බැන වදින කාලකන්ණි ඇමතිලා එක්ක බලද්දී මේ වගේ දිරිය දියණියන් රටටම සම්පතක්. ඉතින් ලංකාව තාම පර වෙලා නෑ. විකසිත වෙන්න පුංචි තල්ලුවක් විතරයි ඕනේ. ඒ දේ දැන් ඉන්න කොල්ලෝ කෙල්ලන්ට කරන්න පුළුවන්.

උපුටා ගැනීම : සමීර සාලින්ද පෙරේරා මහතා
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "ඒ සීයට එහා ලකුණු ගත්තොත් මෙයාලව කොළඹ එක්කන් යන්න. පීසා හට් එක්කන් යන්න. ලස්සන ඇදුමක් සපත්තු ජෝඩුවක් අරන් දෙන්න. ලේශර්වල්ඩ් එක්කන් යන්න. ස්ට්‍රෝබෙරි අරන් දෙන්න"

    Fuck :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Kohe hari inna kollek allagena sapa widinnama balagena inna ganu inna rataka ohoma teacher kenek gana ahannat sathutui..:cool:
     
    Last edited:
    • Like
    Reactions: ruchira55