උන්ඩියල්/හවාලා නවත්වන්න ක්‍රම නැද්ද...?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මම උණ්ඩියල් හරහා යුරො 12000 ක් දැම්මා. දිගටම දාන්නෙත් උණ්ඩියල් හරහා. මම අවු දෙකක් හිරවෙලා ඉදියා ලංකාවට යන්න බැරිව. ඊට හේතවු රට වහල අපෙන් ජරා විදියට සල්ලි ගත්තා. ඒ මදිවට උඔලත් කියනව ඇහුනාඔය කාල කන්නි රටම හිටපන් කිය..
    උබත් දිලිත්ටයි ප්‍රසන්නටයි කප්පම් සල්ලි ගෙව්වද?
     
    • Haha
    Reactions: ryangate2

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    godak prashna visadenawa gota pakaya giya nam... habai ita passe kawuda enne kiyalath kiyanna one...
    ara fb eke wage horek innawa nam gahala panannawa wage talks hari yanne na meka ratak... habai hama ekama palayan palayan kiwwata kawuda ita passe eka kiyala kiyanne na... including JVP and sajithge set eka...
    un oka hariyata kara nam minissunta aluth balaporoththuwak enawa... eken thama godak dewal hadaganna puluwan...
    oya change eka hariyata wuna nam minissu salli ewanawa hariyata padu wunath...
    ape karumeta eka wesige puthekwath hariyata kiyanne na ekak... palayan palayan kiya kiya innawa...
    amathikam gaththa unta baninawa... ehenam kiyapan ko munta dipan kiyala... ekko apith gannam kiyala... ehemath na...
    maha pake pakayo 225 inne... :(
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    බැංකු හරහා ඒවුවහම රාජපක්ෂ ගේ සාක්කුවට යනවා කියලා කියන කොහොමද බං .
    සල්ලි එන්නේ ගෙදර අයගේ අකවුන්ට් වලට
    I think When we do Undial, a portion goes to Basil and Kabral as those are the 2 who brought Undial to a safe way of transaction.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උන්ඩියල් හවාල කරන්නේ වෙනම උන් ජාතියක් නෙවේ බන්. මහා බැංකුවෙන් ඩොලර් මාරු කරන්න අවසර දීල තියෙන ඔය බැංකු නොවන අනික් තැන වලින්ම තමා.
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    උන්ඩියල් කියන්නෙ නෙට්වර්ක් එකක්. බුද්ධි අංශ වලට තියෙන්නෙ මැදපෙරදිග උන්ඩියල් පොරකට සල්ලි දීල ලංකාවට සල්ලි යවන්න කියන්න. සල්ලි ලංකාවෙ තියන අපේ බැංකු එකවුන්ට් එකට සල්ලි වැටුන එකවුන්ට් එක ඇල්ලුව සීස් කලා. ඒකෙ අයිති කාරය ඇල්ලුව එතනින් ගොඩක් තොරතුරු ගන්න පුළුවන්. ඒ වගේ අර බැංකු එකවුන්ට් එක එක්ක ගනුදෙනු කල අනිත් එකවුන්ට් වලින් නෙට්වර්ක් එකට ඇක්සස් ලැබෙනවා. නෙට්වර්ක් එකේ තියන ඔක්කොම එකවුන්ට් සීස් කලා අයිතිකාරයන්ගෙ දේපල යම් නීතියක් ගෙනත් රාජසන්තක කලා.

    ඊට පස්සෙ ඉතින් මහා පරිමාන උන්ඩියල් නතර වෙනවා.

    රජය හරියට ඉන්නවා නම් 100% නතර කරන්න පුළුවන්
    උඹට හිතෙන්නෙ නැද්ද සාමාන්‍ය ජනතාව උනු අපිට තේරෙනව නම් උඹ කියල තියෙන විදිට හරි මේ උණ්ඩියල් කෙරුවාව නවත්තන්න ඕනි කියල, මේ රටේ මහ තැන් වල ඉන්න කාලකණ්නි මහ උන්ට ඒ දේ තේරෙන්න නැතුව ඇද්ද කියල? මම හිතන්නෙ උන්ට තේරෙනවා.. ඒ වගේම මට හිතෙන්නෙ මේ උණ්ඩියල් කෙරුවාව පිටිපස්සෙ මහ හොරු ඉන්නවයි කියල.. මතකද පහුගිය කාලෙ කතාවක් එළියට ආවා රුපියල් ප්‍රින්ට් කරලා, ඒ සල්ලි වලින් පිටකොටුවෙ තිබුණු ඩොලර් ගත්තයි කියල?

    මෙහෙම උණොත්,
    උඹ ප්‍රකෝටි ගාණක සල්ලි ප්‍රින්ට් කරනවා.. ඊට පස්සෙ විදේශ ශ්‍රමිකයො වැඩිපුර ඉන්න රටවල් වලට උඹේ නියෝජිතයො යවනවා උණ්ඩියල් වැඩේට.. උන් ඒ ඒ රටවල් වලට ගිහින් විදේශ විනිමය මිළදී ගන්නවා.. උඹ ඒ සල්ලි වලට අදාලව මේ රටේ උන්ට අර ප්‍රින්ට් කරපු සල්ලි දෙනවා.. (එතකොට උඹ නීති විරෝධීව මුද්‍රණය කරපු මුදල් නොට්ටු සමාජයේ සංසරණය වෙනවා..) ඊට පස්සෙ අර පිටරටවල් වල තියෙන විදේශ මුදල් යොදවලා වාහන, කුඩු වගේ ජාවාරම් කරනවා.. උගන්ඩාව වගේ රටවල් වල විදේශ මුදල් ආයෝජනය කරනවා... එහෙම වෙන්න බෑ ද?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    විදේශ ප්‍රේෂණ බිලියන 7ක්ද කොහෙද තිබුනලු දැන් 3යිලු එන්නෙ. මේකට ප්‍රධාන හේතුව උන්ඩියල්/හවාලා කියල තමයි කියන්නෙ. මේව තහනම් කරානම් සෑහෙන ලොකු වෙනසක් වෙයි ආර්ථිකයෙ කොහොමද ඒක කරන්නෙ. මට හිතෙන ක්‍රමයක් තමයි විදේශගත අයගෙ ලිස්ට් එකක් ග්‍රාමසේවකල හරහා අරගන්න ඕන. උසාවි නියෝගයක් වගේ ක්‍රමේකින් ඒ අයගේ පවුල්වල අයගෙ එකවුන්ට් වලට මුදල් ලැබෙන ක්‍රම හොයන්න ඕන. බැංකු හරහා එන්නෙ නැතිව ලංකාවෙ කවුරුහරි සල්ලි දාල තියනවනම් ඌව අල්ලගන්න පුළුවන් අදාල ඩිපොසිට් කරපු බැංකු හරහා.මේ විදියට උන්ඩියල් කරන එවුන්ව දිගට හරහට කොටු කරගත්තනම් වැඩේ සෑහෙන දුරකට කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙයි. මේ විදියට තව ක්‍රම ඇති. එහෙම තියෙද්දිත් ඇයි තාම මේ ක්‍රම නවත්වන්න උත්සාහ නොකරන්නෙ?
    පොන්නයෝ දෙන්න ඉල්ලා අස්වෙන එක .. එතකොට නිකන්ම නැවතී
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    bonna purudu kenek bona eka nawattanna hadanawa wage tamai

    issara minissu salli ewwe banks through
    2021 anduwa 200 rate eke tiyan hitiya unrealistic widiyata
    etakota tamai wedi rate walata eliye options hoyagatte
    ewala raha watunama ayet banks walin ewanna naha

    anika politicians lata thamange benefits sacrifice karala patan gattoth minissu hithana widiya wenas wei
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    උන්ඩියල් කියන්නෙ නෙට්වර්ක් එකක්. බුද්ධි අංශ වලට තියෙන්නෙ මැදපෙරදිග උන්ඩියල් පොරකට සල්ලි දීල ලංකාවට සල්ලි යවන්න කියන්න. සල්ලි ලංකාවෙ තියන අපේ බැංකු එකවුන්ට් එකට සල්ලි වැටුන එකවුන්ට් එක ඇල්ලුව සීස් කලා. ඒකෙ අයිති කාරය ඇල්ලුව එතනින් ගොඩක් තොරතුරු ගන්න පුළුවන්. ඒ වගේ අර බැංකු එකවුන්ට් එක එක්ක ගනුදෙනු කල අනිත් එකවුන්ට් වලින් නෙට්වර්ක් එකට ඇක්සස් ලැබෙනවා. නෙට්වර්ක් එකේ තියන ඔක්කොම එකවුන්ට් සීස් කලා අයිතිකාරයන්ගෙ දේපල යම් නීතියක් ගෙනත් රාජසන්තක කලා.

    ඊට පස්සෙ ඉතින් මහා පරිමාන උන්ඩියල් නතර වෙනවා.

    රජය හරියට ඉන්නවා නම් 100% නතර කරන්න පුළුවන්
    වැටලුවා කියලා දනගත්ත ගමන් කැබිනට් දොර ජලෙන් ඇමතිලා ටික රනිල්ගෙ ගෙදර දුවයි. ඕවා කරන්නෙත් දේශපාලකයොම තමයි බන්
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    විදේශ ප්‍රේෂණ බිලියන 7ක්ද කොහෙද තිබුනලු දැන් 3යිලු එන්නෙ. මේකට ප්‍රධාන හේතුව උන්ඩියල්/හවාලා කියල තමයි කියන්නෙ. මේව තහනම් කරානම් සෑහෙන ලොකු වෙනසක් වෙයි ආර්ථිකයෙ කොහොමද ඒක කරන්නෙ. මට හිතෙන ක්‍රමයක් තමයි විදේශගත අයගෙ ලිස්ට් එකක් ග්‍රාමසේවකල හරහා අරගන්න ඕන. උසාවි නියෝගයක් වගේ ක්‍රමේකින් ඒ අයගේ පවුල්වල අයගෙ එකවුන්ට් වලට මුදල් ලැබෙන ක්‍රම හොයන්න ඕන. බැංකු හරහා එන්නෙ නැතිව ලංකාවෙ කවුරුහරි සල්ලි දාල තියනවනම් ඌව අල්ලගන්න පුළුවන් අදාල ඩිපොසිට් කරපු බැංකු හරහා.මේ විදියට උන්ඩියල් කරන එවුන්ව දිගට හරහට කොටු කරගත්තනම් වැඩේ සෑහෙන දුරකට කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙයි. මේ විදියට තව ක්‍රම ඇති. එහෙම තියෙද්දිත් ඇයි තාම මේ ක්‍රම නවත්වන්න උත්සාහ නොකරන්නෙ?
    තියෙනවා, ක්‍රම තියෙනවා
    උන්ඩියල් කරන එවුන් බැංකුවට සල්ලි දාන්නේ ස්ලිප් වලින්.
    මෙහෙම ලොකු ගානක් දාන එවුන් ට්‍රෙස් කරන් හොයල බලන එක අමාරු නැහැ

    මේ වගේ එවුන් සෙට් එකක් අල්ලලා හිරේ දැම්මනම් මාස 6ක් විතර අලුත් නීතියක් හදල උන් වදවෙනවා
    ඉන්දියාවේ මේ ක්‍රමේ කරනවා, ලක්සෙට වඩා බැංකුවට වැටෙන හැම පාරකටම කෝල් එකක් එනවා විස්තර අහන්න. මේ ක්‍රමේ අපේ රටෙත් හදන්න ඕන.
    5000 කොළ අවලංගු කරලා අලුතෙන් 4000 විතර කොලයක් ඉන්ට්‍රෝ කරන්න ඕන.
    සල්ලි වැටෙයි හෝ ගාල.
    හොරු ඇතුලේ ඉද්දි මේවා කරන්න හිට්ලර් කෙනෙක් එන්නම ඕන.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    විදේශ ප්‍රේෂණ බිලියන 7ක්ද කොහෙද තිබුනලු දැන් 3යිලු එන්නෙ. මේකට ප්‍රධාන හේතුව උන්ඩියල්/හවාලා කියල තමයි කියන්නෙ. මේව තහනම් කරානම් සෑහෙන ලොකු වෙනසක් වෙයි ආර්ථිකයෙ කොහොමද ඒක කරන්නෙ. මට හිතෙන ක්‍රමයක් තමයි විදේශගත අයගෙ ලිස්ට් එකක් ග්‍රාමසේවකල හරහා අරගන්න ඕන. උසාවි නියෝගයක් වගේ ක්‍රමේකින් ඒ අයගේ පවුල්වල අයගෙ එකවුන්ට් වලට මුදල් ලැබෙන ක්‍රම හොයන්න ඕන. බැංකු හරහා එන්නෙ නැතිව ලංකාවෙ කවුරුහරි සල්ලි දාල තියනවනම් ඌව අල්ලගන්න පුළුවන් අදාල ඩිපොසිට් කරපු බැංකු හරහා.මේ විදියට උන්ඩියල් කරන එවුන්ව දිගට හරහට කොටු කරගත්තනම් වැඩේ සෑහෙන දුරකට කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙයි. මේ විදියට තව ක්‍රම ඇති. එහෙම තියෙද්දිත් ඇයි තාම මේ ක්‍රම නවත්වන්න උත්සාහ නොකරන්නෙ?
    මේ උන්ඩියල් කරනව ඇත්තේ
    කුරුටු ගාමී එවුන් ජේප්පො මරක්කලයො ඕකුන් නිකන් ඉදල සල්ලි හොයන්නේ කොහොමද
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,131
    113
    Dubai
    උණ්ඩියල්/හවාලා ක්‍රම අද ඊයේ ඉඳන් තිබ්බ දෙයක් නෙවෙයි බන්. මේක සෑහෙන්න කාලයක ඉඳන් තියෙන දෙයක්. නමුත් මේක මේ විදියට උඩු දිව්වේ ආණ්ඩුවේම වරදින්. කොරෝනා කාලේ රට ඉඳලා එන මිනිස්සුන්ගෙන් පට්ට අසාධාරණ විදියට සල්ලි කඩා ගන්න ඉඩ දුන්නා හෝටල් වලට එහෙම. කොරෝනා අවධානම අඩු වීගෙන යනකොට වෙන රටවල් ඒ රටවල් ඇරලා මිනිස්සුන්ට සාධාරණ වෙනකොට අපේ රටෙන් වෙනස්ම ප්‍රථිපත්තියක් අනුගමනය කරේ. උඹලා උනත් ඒ දවස් වල එලකිරියේ ඉඳගෙන කෑ ගැහුවේ රට වහපල්ලා රට ඉන්න එව්න්ට එහෙම ඉන්න කියපල්ලා කියලා. එන්න දෙන්න එපා කියලා. මතකද දන්නේ නෑ කිරියේ අයවලුන්ට

    අනික් ප්‍රධානම කාරනය නම් අපේ රටේ Dollar Rate එක Fixed කරලා තිබ්බා. ඒ කියන්නේ ලොක් කරලා තිබ්බා. ඇත්ත Dollar Rate එක ඒ Fixed කරපු ගානට වඩා සෑහෙන්න ප්‍රමානයකින් වැඩි වටිනාකමක් තිබ්බත් අත්තනෝමතික විදියට Fixed කරපු නිසා තමන් දුක් මහන්සියෙන් හම්බ කරලා රට ඉඳලා එවන ඩොලරයට හරි වටිනකමක් ලැබුනේ නෑ මිනිස්සුන්ට. නමුත් උණ්ඩියල් හවාලා ක්‍රමය හරහා ඇත්ත ඩොලරයේ වටිනාකම මිනිස්සුන්ට ලැබුනා. උණ්ඩියල් හවාලා ක්‍රම ඒ කාලේ ඉඳලා තිබ්බට මිනිස්සු ගොඩක් ඒ ගැන දැණුවත් වෙලා හිටියේ නෑ. නමුත් අර මෝඩ තීරණ නිසා මිනිස්සු නිකන්ම මේ ක්‍රමයට හුරු උනා. උඹලා උනත් දුක් මහන්සියෙන් රටක රස්සාවක් කරා නම් ඒ හම්බකරන ඩොලරයට සාධාරණ වටිනාකමක් බලාපොරොත්තු වෙනවා නේද? ඒකම තමයි මෙතන උනේ. ඒකයි මිනිස්සු උණ්ඩියල් හවාලා ක්‍රම අනුගමනය කරේ. ඒකට කපුටාස්, කබ්බා ඇතුළු ආණ්ඩුවේ හැම එකාම වග කියන්න ඕන

    උදාහරණයක් මම උඹට දෙන්නම්. ඒ දවස් වල ඩිරාම් වලට බැංකුවෙන් ගෙව්වේ රුපියල් 55ක්. ඒත් ඒ දවස් වල ඩිරාම් වල ඇත්ත ගාන රුපියල් 85කටත් එහා. මේක සෑහෙන්න කාලයක් තිබුනා. මනුස්සයෙක් ඩිරාම් 1000ක් බැංකුව හරහා ලංකාවට යවපුවාම රුපියල් 55000ක් වගේ මුදලක් විතරයි යන්නේ. ඒත් උණ්ඩියල් යවනකොට අර 85ම ගෙවන නිසා 85000ක් යනවා. බලපන් එතනම කීයක්ද කියලා. රටක දුක් මහන්සියෙන් හම්බකරන එකා බලන්නේ රුපියලක් හරි ගෙදරට වැඩියෙන් යවන්න.
    දැන් මිනිස්සු ඒ රසට හුරු වෙලා ඉවරයි. මේකෙන් ගොඩ එන්න නම් ඩොලරයේ හරි වටිනාකම බැංකු වලින් ගෙවන්න ක්‍රම සලසන්න ඕන. එහෙම උනාම ආයෙත් මිනිස්සු හරි ක්‍රමයට සල්ලි එවාවි.

    සැලකිය යුතුයි: ආඩම්බරයෙන් කියමි, මොන රේට් එක තිබ්බත්, මොන විදියට Fixed කරලා තිබ්බත් මම මේ වෙනකල් සල්ලි එව්වේ බැංකුව හරහා විතරයි. :yes:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ශ්‍රී ලංකා මහ බැංකුවට (CBSL) අනුව 2022 අප්‍රේල් මාසය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ 50% ට වඩා අඩු වී ඇත.

    රුපියල ස්ථාවර කිරීමට මහ බැංකුව උත්සාහ දැරුවද සංඛ්‍යා පහත වැටීම සිදුවේ.

    වාර්තාවට අනුව, රුපියල 80% කින් අවප්‍රමාණය වුවද එක්සත් ජනපද ඩොලර් ආකර්ෂණය කර ගැනීමට මහ බැංකුව අපොහොසත් වී ඇත.

    කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව සඳහා විදේශ මුදල් හුවමාරු කිරීමේ ප්‍රධාන මූලාශ්‍රයක් වන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින්ගේ ප්‍රේෂණ 2022 මාර්තු මාසයේදී සුළු දියුණුවක් දක්නට ලැබුණි. ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ පෙබරවාරි මාසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 205 සිට මාර්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 318 දක්වා වැඩි විය.

    ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල පාවීමට ගත් තීරණයෙන් පසුව ප්‍රේෂණවල වැඩි වීමක් අපේක්ෂා කළ නමුත් එම පියවර අපේක්ෂිත ප්‍රතිඵල ලබා දීමට අසමත් විය. (NewsWire)
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    මම උණ්ඩියල් හරහා යුරො 12000 ක් දැම්මා. දිගටම දාන්නෙත් උණ්ඩියල් හරහා. මම අවු දෙකක් හිරවෙලා ඉදියා ලංකාවට යන්න බැරිව. ඊට හේතවු රට වහල අපෙන් ජරා විදියට සල්ලි ගත්තා. ඒ මදිවට උඔලත් කියනව ඇහුනාඔය කාල කන්නි රටම හිටපන් කිය..
    Noted with thanks
     
    • Haha
    Reactions: Awatiyal

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    උඹට හිතෙන්නෙ නැද්ද සාමාන්‍ය ජනතාව උනු අපිට තේරෙනව නම් උඹ කියල තියෙන විදිට හරි මේ උණ්ඩියල් කෙරුවාව නවත්තන්න ඕනි කියල, මේ රටේ මහ තැන් වල ඉන්න කාලකණ්නි මහ උන්ට ඒ දේ තේරෙන්න නැතුව ඇද්ද කියල? මම හිතන්නෙ උන්ට තේරෙනවා.. ඒ වගේම මට හිතෙන්නෙ මේ උණ්ඩියල් කෙරුවාව පිටිපස්සෙ මහ හොරු ඉන්නවයි කියල.. මතකද පහුගිය කාලෙ කතාවක් එළියට ආවා රුපියල් ප්‍රින්ට් කරලා, ඒ සල්ලි වලින් පිටකොටුවෙ තිබුණු ඩොලර් ගත්තයි කියල?

    මෙහෙම උණොත්,
    උඹ ප්‍රකෝටි ගාණක සල්ලි ප්‍රින්ට් කරනවා.. ඊට පස්සෙ විදේශ ශ්‍රමිකයො වැඩිපුර ඉන්න රටවල් වලට උඹේ නියෝජිතයො යවනවා උණ්ඩියල් වැඩේට.. උන් ඒ ඒ රටවල් වලට ගිහින් විදේශ විනිමය මිළදී ගන්නවා.. උඹ ඒ සල්ලි වලට අදාලව මේ රටේ උන්ට අර ප්‍රින්ට් කරපු සල්ලි දෙනවා.. (එතකොට උඹ නීති විරෝධීව මුද්‍රණය කරපු මුදල් නොට්ටු සමාජයේ සංසරණය වෙනවා..) ඊට පස්සෙ අර පිටරටවල් වල තියෙන විදේශ මුදල් යොදවලා වාහන, කුඩු වගේ ජාවාරම් කරනවා.. උගන්ඩාව වගේ රටවල් වල විදේශ මුදල් ආයෝජනය කරනවා... එහෙම වෙන්න බෑ ද?
    ඔතන ප්‍රින්ට් කල හොර සල්ලි හොරත් නෙමේ මචන්. අර පොරේ ගහපු සල්ලි එහෙම කබ්බා ඇප්රුව් කරලා සේරියල් නම්බර්ස් එහෙම හරි විදිහට දාල ගහපුවා. ඒවා LOLC එකෙන් තමා සුදු කරලා තියෙනේ. අරෙහෙන් රියාල් එහෙම දානකොට මෙහෙන් ඒවා දානවා සිම්පල්.
     
    • Like
    Reactions: Awatiyal

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    අපි ඩොලර් එවුවොත් සර් ගූ නැව් ගන්නවා, උස කුලුණක් හදනවා, රොකට් යවනවා, ප්‍රමාද ගාස්තු ගෙවනවා, ජොගින් ටැක් හදනවා....

    බැසිල් 10% ගහනවා
    🤣

    මම උණ්ඩියල් හරහා යුරො 12000 ක් දැම්මා. දිගටම දාන්නෙත් උණ්ඩියල් හරහා. මම අවු දෙකක් හිරවෙලා ඉදියා ලංකාවට යන්න බැරිව. ඊට හේතවු රට වහල අපෙන් ජරා විදියට සල්ලි ගත්තා. ඒ මදිවට උඔලත් කියනව ඇහුනාඔය කාල කන්නි රටම හිටපන් කිය..

    උඹලට අැවිදින මිනිස් බෝම්බ කියල අර මහින්දානන්දය කිව්ව අැහුනේ නැද්ද?🤣🤣