උණ්ඩියල්/හවාලා ක්‍රම අද ඊයේ ඉඳන් තිබ්බ දෙයක් නෙවෙයි බන්. මේක සෑහෙන්න කාලයක ඉඳන් තියෙන දෙයක්. නමුත් මේක මේ විදියට උඩු දිව්වේ ආණ්ඩුවේම වරදින්. කොරෝනා කාලේ රට ඉඳලා එන මිනිස්සුන්ගෙන් පට්ට අසාධාරණ විදියට සල්ලි කඩා ගන්න ඉඩ දුන්නා හෝටල් වලට එහෙම. කොරෝනා අවධානම අඩු වීගෙන යනකොට වෙන රටවල් ඒ රටවල් ඇරලා මිනිස්සුන්ට සාධාරණ වෙනකොට අපේ රටෙන් වෙනස්ම ප්‍රථිපත්තියක් අනුගමනය කරේ. උඹලා උනත් ඒ දවස් වල එලකිරියේ ඉඳගෙන කෑ ගැහුවේ රට වහපල්ලා රට ඉන්න එව්න්ට එහෙම ඉන්න කියපල්ලා කියලා. එන්න දෙන්න එපා කියලා. මතකද දන්නේ නෑ කිරියේ අයවලුන්ට
අනික් ප්‍රධානම කාරනය නම් අපේ රටේ Dollar Rate එක Fixed කරලා තිබ්බා. ඒ කියන්නේ ලොක් කරලා තිබ්බා. ඇත්ත Dollar Rate එක ඒ Fixed කරපු ගානට වඩා සෑහෙන්න ප්‍රමානයකින් වැඩි වටිනාකමක් තිබ්බත් අත්තනෝමතික විදියට Fixed කරපු නිසා තමන් දුක් මහන්සියෙන් හම්බ කරලා රට ඉඳලා එවන ඩොලරයට හරි වටිනකමක් ලැබුනේ නෑ මිනිස්සුන්ට. නමුත් උණ්ඩියල් හවාලා ක්‍රමය හරහා ඇත්ත ඩොලරයේ වටිනාකම මිනිස්සුන්ට ලැබුනා. උණ්ඩියල් හවාලා ක්‍රම ඒ කාලේ ඉඳලා තිබ්බට මිනිස්සු ගොඩක් ඒ ගැන දැණුවත් වෙලා හිටියේ නෑ. නමුත් අර මෝඩ තීරණ නිසා මිනිස්සු නිකන්ම මේ ක්‍රමයට හුරු උනා. උඹලා උනත් දුක් මහන්සියෙන් රටක රස්සාවක් කරා නම් ඒ හම්බකරන ඩොලරයට සාධාරණ වටිනාකමක් බලාපොරොත්තු වෙනවා නේද? ඒකම තමයි මෙතන උනේ. ඒකයි මිනිස්සු උණ්ඩියල් හවාලා ක්‍රම අනුගමනය කරේ. ඒකට කපුටාස්, කබ්බා ඇතුළු ආණ්ඩුවේ හැම එකාම වග කියන්න ඕන
උදාහරණයක් මම උඹට දෙන්නම්. ඒ දවස් වල ඩිරාම් වලට බැංකුවෙන් ගෙව්වේ රුපියල් 55ක්. ඒත් ඒ දවස් වල ඩිරාම් වල ඇත්ත ගාන රුපියල් 85කටත් එහා. මේක සෑහෙන්න කාලයක් තිබුනා. මනුස්සයෙක් ඩිරාම් 1000ක් බැංකුව හරහා ලංකාවට යවපුවාම රුපියල් 55000ක් වගේ මුදලක් විතරයි යන්නේ. ඒත් උණ්ඩියල් යවනකොට අර 85ම ගෙවන නිසා 85000ක් යනවා. බලපන් එතනම කීයක්ද කියලා. රටක දුක් මහන්සියෙන් හම්බකරන එකා බලන්නේ රුපියලක් හරි ගෙදරට වැඩියෙන් යවන්න.
දැන් මිනිස්සු ඒ රසට හුරු වෙලා ඉවරයි. මේකෙන් ගොඩ එන්න නම් ඩොලරයේ හරි වටිනාකම බැංකු වලින් ගෙවන්න ක්‍රම සලසන්න ඕන. එහෙම උනාම ආයෙත් මිනිස්සු හරි ක්‍රමයට සල්ලි එවාවි.
සැලකිය යුතුයි: ආඩම්බරයෙන් කියමි, මොන රේට් එක තිබ්බත්, මොන විදියට Fixed කරලා තිබ්බත් මම මේ වෙනකල් සල්ලි එව්වේ බැංකුව හරහා විතරයි.
