උපදෙස් අවශ්‍යයි.
අද මම කඩේකට ගියා. ගියේ මගේ යාළුවෙක්ගෙ මෝටර් බයික් එකකින්. මම මෝටර්බයික් පදින්න අළුත්. ඉතින් පාර මැද්දෙ කිහිප පාරක්ම නැවතුනා. කොහොම හරි කඩේට ආවා. පස්සෙ මම ඉල්ලපු බඩු ටික මුදලාලි ෂොපින් එකකට දාල දුන්න. ඒ ගමන්ම මම සල්ලිත් දුන්නා. ඉතුරු සල්ලි ටික මම ගත්තා. කීයක් දුන්නද කියලවත් ගණන් කරල බැලුවෙ නෑ. වැඩේ කියන්නෙ මම ඉතුරු සල්ගලි ටික අරගෙන ගත්තු බඩු ටික මම කඩේ මේස උඩ තියල ආවා. මම ආයෙ හැරිල යද්දි මුදලාලි මට කතා කරල කිව්වා මේ ටික ගෙනියන්නෙ නැද්ද කියල. මට මොකද්ද වෙලා තියෙන්නෙ මචන්ලා ? මම නිකන් වර්තමානයේ නෙමෙයි ජීවත් වෙන්නෙ.

මම හින්ද තව කවුරුවත් හිනා ෙවනවනම් මට ඊට වැඩි සතුටක් නෑ ෙබ්‍රා්. 