මම අවුරුදු 35 කොල්ලෙක් මම නිතරම වගේ ඉන්නෙ මානසික ආතතියකින් එක එක විකාර දේවල් හිතෙනවා වැඩිය සමාජෙට බහින්නෙ නෑ කවුරුහරි විහිලුවක් කරත් අවුල් ඒකත් දවසම හිතෙනවා. මම කැමති නෑ කවුරුත් මගේ දිහා බලන් ඉන්නවට ටවුන් එකට ගියහමත් ඔය ඉන්න කෙල්ලො එහෙම බලනවට කැමති නෑ ගොඩක් වෙලාවට ඔය ඉන්න කෙල්ලො බලාගෙනම ඉන්නවා මට තරහ යනවා ඒ වගේ වෙලාවට මම රවාගෙන මූන දිහාවත් බලන්නෙ නැතුව යනවා නිතරම ඔය වගේ යාලුවෙක් එක්ක ගියත් හැමෝම විශේෂයෙන් මගේ දිහා අමුතුවට බලනවා වගේ හිතෙනවා ඒක ඇත්තටම වෙනවා වගේ දැනෙන්නෙ ඇයි ඒ මට එහෙම වෙන්නෙ කියලා හිතාගන්න අමාරුයි මේක රෝගයක්ද නැත්තන් එහෙම බලන් ඉන්නෙ සාමාන්‍ය දෙටක්ද ඒක මට උපදෙස් අවශ්‍යයි

