උප්පැන්නය වෙනස් කරන්න පුලුවන්ද ?

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    උප්පැන්නය වෙනස් කරන්න පුලුවන්ද ?

    මගේ උප්පැන්නේ නමක් වැරදියට දාපු වැරද්දක් තියෙනවා . ආපහු උප්පැන්නේ ඒ වැරැද්ද නිවැරදි කරලා අලුතින් උප්පැන්නයක් ගන්න පුලුවන්ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පුලුවන් කොළඹ නම් නරාහේන්පිට ඔය ඔෆිස් එක තියෙන්නෙ, 21ට අඩු නම් අම්ම තාත්තගෙ අවසරය සහ තව ලියුම් ටිකක් ඔනෙ වෙනව ග්‍රාම සේවකගෙ,දෙමාපිය ව්වාහ සහතික අරව මේව...21ට වැඩ් නම් කාගෙන්වත් මොකුත් ඔනෙ නම් ස්ව කැමැත්තෙන් පුලුවන්,
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    පුලුවන් කොළඹ නම් නරාහේන්පිට ඔය ඔෆිස් එක තියෙන්නෙ, 21ට අඩු නම් අම්ම තාත්තගෙ අවසරය සහ තව ලියුම් ටිකක් ඔනෙ වෙනව ග්‍රාම සේවකගෙ,දෙමාපිය ව්වාහ සහතික අරව මේව...21ට වැඩ් නම් කාගෙන්වත් මොකුත් ඔනෙ නම් ස්ව කැමැත්තෙන් පුලුවන්,

    මම කළුටර . කලුටර අය කොහෙටද යන්න ඕනේ :oo:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ]උප්පැන්නෙ එතනම වැරැද්ද නිවැරදි කරන්නෙ නැහැ
    අග හරියෙ තියනවා වෙනත් නම් කියල තීරුවක්, ඒකෙ නිවැරදි කරපු නම දානවා, දාල දැන් නම තියන තීරුවෙ ලියනවා අර තීරුවෙ අංකෙ දාල, ඒක බලන්න කියලා

    යන්න ඕන උප්පැන්නෙ රෙජිස්ටර් කරලා තියන කච්චේරියටද කොහෙද, උඹ ඉන්න පලාත අදාල නැහැ උප්පැන්නෙ රෙජිස්ටර් කරපු තැන තමයි ඔරිජිනල් කොපිය තියෙන්නෙ
     
    Last edited:

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ]උප්පැන්නෙ එතනම වැරැද්ද නිවැරදි කරන්නෙ නැහැ
    අග හරියෙ තියනවා වෙනත් නම් කියල තීරුවක්, ඒකෙ නිවැරදි කරපු නම දානවා, දාල දැන් නම තියන තීරුවෙ ලියනවා අර තීරුවෙ අංකෙ දාල, ඒක බලන්න කියලා

    යන්න ඕන උප්පැන්නෙ රෙජිස්ටර් කරලා තියන කච්චේරියටද කොහෙද, උඹ ඉන්න පලාත අදාල නැහැ උප්පැන්නෙ රෙජිස්ටර් කරපු තැන තමයි ඔරිජිනල් කොපිය තියෙන්නෙ

    මේකයි අවුල මගේ උප්පැන්නේ එහා පැත්තේ අර තියෙන්නේ දැනුම් දෙන්නගේ විස්තර කියල , අන්න එතන අම්මගේ විස්තර දාලා , අයෙත් යටින් පියා කියලත් දාලා :angry: අන්න ඒ පියා අයින් කරගන්න ඕනේ ,

    visa දැන එකකට :(