උපාධි කඩ සහ දන්සැල්

priyasadm4

Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    උපාධි කඩ සහ දන්සැල්

    මම මෙහි රචකයා නොවේ fb එකේ දැකලා එළකිරියේ share කලේ...

    කඩය සහ දන්සල; දෙකෙන්ම වෙන්නේ එකම දේය, එනම් බඩ පිරවෙන එකය. ආහාර මානව අයිතිවාසිකමකි, එය මා විශේෂයෙන් පැහැදිලි කලයුතු නැත. කඩයට තමන් සල්ලි ගෙවිය යුතු අතර දන්සලේ ආහාර වලට තවකෙකු සල්ලි ගෙවයි. එතනදී ද දන්සලත්, කඩයත් අතර මහා වෙනසක් නැත.

    දන්සල් වඳින්නා අහාර ගන්නා විටද, අහාරය ගත් පසුද දන්සල පවත්වන්නාට හා එයට ආධාර උපකාර කල සියල්ලන්ටම සිතින් හෝ පින් දීම සිරිතකි, දන්සල් වඳින්නා කවරදාකවත් දන්සලෙන් කෑ පලියට වෙසක් දවසේ කඩෙන් කන මනුස්සයාට ගල් ගසන්නේ නැත මන්දයත් තමන් දන්සලෙන් කෑ බත් පතට කඩෙන් කන මනුස්සයාද සමහරවිට ආධාර කර තිබෙන්නට පුළුවන් නිසාය, තවද එසේ නොකරන්නේ තමාට මනුස්ස හැදියාවද ඇති බැවිනි. කඩයට යන්නේ සල්ලි තිබෙන පලියට වන්නට හැකිය, එහෙත් සිහියට ගත්යුත්තේ මෙම කඩයට පැජෙරෝ එකෙන් ජැන්ඩියට එන කට්ටිය අතරේම, කාලයක් තිස්සේ සල්ලි එකතුකරගෙන පවුලම එක්කන් එන අහින්සකයෝද එන බවය.

    දන්සලේ කතාවද මීට වෙනස් නොවේ, අහින්සකයෝ සේම, සල්ලි විසික්කරන්න පුළුවන් මහත්තුරුද දන්සල් වඳී. කෙසේහෝ එතනදී ද මෙහි මහ වෙනසක් පෙනෙන්නට නැත, කිමද දන්සල පවත්වන්නා හෝ, කඩයේ අයිතිකාරයා හෝ, එන මනුස්සයාගේ පසුම්බියේ, නැතිනම් ක්‍රෙඩිට් කාඩ් එකේ ශේෂය සොයා නොබලන බැවිනි.

    දන්සලට ඇතුල්වන්නට පෝලිමේ සිට කට්ට කන්න අවශ්‍ය බව සත්‍යයකි, එහෙත් දන්සලේදී වූව ද කඩයේදී වූව ද කෝකියා උයන බත හපා කෑ යුතුය, නැතිනම් දිරවන්නේ නැත. දන්සලට නොගිහින් කඩයට යන්නේ දත් නොතිබෙන නිසා නොවන බව අප පසක් කල යුතුමය. මන්දයත් කෑමට අවශ්‍ය අවම දත් ප්‍රමානය නොතිබෙන්නාට මගදී කෑම නවත්වන්නට සිදුවෙන නිසාය. තවද, කඩයේ කෑම උයන්නේ කෙසේද යන්න නොපෙනෙන බව සැබැය එහෙත් එහි කෝකියා හොඳනැතැයි කියා දන්සල් වඳින්නා කවදාවත් හොයාබලන්නේ නැතුව කෑගහන්නේද නැත.

    මන්ද දන්සලේ කෝකියා හා කඩයේ කෝකියා එකම පුද්ගලයා වියහැකි නිසාත්, කඩයෙන් කන්නේ තමාට මෙන්ම දත් ඇති, කන්නට මානව අයිතිවාසිකම් ඇති මිනිසුන් පමණක් බව දන්සල් වඳින්නාට වැටහෙන නිසාවෙනි. සුපිරි කෝකියා අපිට කැම උයන්නේ නැතැයි කියා දන්සල් වඳින්නා හඬන්නේ ද නැත, මන්ද තමාට උයන කෝකියාද තමාට වරදක් නොකරන බව වැටහෙන නිසාය.

    කඩයේ ප්‍රමිතිය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් බලාගනී, දන්සලේ ප්‍රමිතිය පී. එච්. අයී. මහත්තයා බලාගනී. හාස්‍යයකට මෙන් එතනද මහ වෙනසක් නැත. නිහතමානි දන්සල් වඳින්නා තමාගේ පාඩුවේ දන්සල වඳී, ඔවුනට අනුන්ට ගල් ගැසීමට කිසිම උවමනාවක් නැත මන්දයත් තමාට ලැබුන අවස්ථාව මහමෙරක් සේ ඔවුනට වටින බැවිනි. කඩයට යන්නාද තමාගේ පාඩුවේ තමාගේ කාරිය කරගනී, මන්ද එසේ නොකලහොත් තමාට වෙන පාඩුව එලිපිටම පෙනෙන නිසාය. සබැවටම එතනදී ද මහ වෙනසක් නැත. වෙනස වන්නේ මෙතැනය, සමහර දන්සැල් වඳින්නන් තමා පෝලිමේ කට්ට කෑ නිසා ආහාර ලබාගතයුත්තේ තමන් පමණක් යැයි සිතයි. ඔවුන් සිතනා ආකාරයට, පොලිමේ නොසිටින අයට, දත් ද, බඩගින්නක් ද නොමැත. එබැවින් ඔවුන් සිතනා ආකාරයට අනෙක් මිනිසුන් බඩගින්නේ සිටිය යුතුය.

    හාස්‍යයට කාරණය වන්නේ මෙම දන්සල් වදින්නන් අනෙකාගෙ දත් ගැන හෝ බඩගින්න ගැන මෙලෝ සංසාරයක අදහසක් නැතුව මෙසේ දෙඩවීමය. මොවුන්ට කඩයට ගොඩවී විපරම් කරන්නට ද අදහසක් නොමැත, එහෙත් මොවුන් විසින්ම මවාගත් මායාවක සිට කඩයට ගල් ගසයි. සන්තාපයට කරුණ මෙය නොවේ, දන්සලට වියදම් කල මනුස්සයාට හිමිවියයුතු පින් මෙවැන්නන් විසින් අහෝසිකර දැමීමය. එතනින් එය නවතින්නේද නැත, පෝලිමේ අද්දරට වී තුන් හතර පාරකට බත් බෙදාගෙන අනෙක් අයටද දන්සල වැඳීමට ඇති අවස්ථාවද අහුරයි.

    කඩයේ හෝ දන්සලේ සත්‍යවශයෙන්ම වෙනසක් නැත, වෙනසක් පෙනෙන්නේ ලැබිච්ච දේ අගය නැති අයටය.

    Source - https://www.facebook.com/lasiru?fref=ufi
     
    • Like
    Reactions: chethana kalan

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කඩයේ ප්‍රමිතිය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් බලාගනී,

    මේක නැති එකයි ප්‍රශ්නය
    මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන සෞඛ්‍ය අමාන්ත්‍යාන්ශයේන් පැවැත්වු පරික්ෂණයේ රිපොර්ට් එක කියවන්න .
     
    • Like
    Reactions: priyasadm4

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    කඩයේ ප්‍රමිතිය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් බලාගනී,

    මේක නැති එකයි ප්‍රශ්නය
    මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන සෞඛ්‍ය අමාන්ත්‍යාන්ශයේන් පැවැත්වු පරික්ෂණයේ රිපොර්ට් එක කියවන්න .

    SAITM eke quality eka gana kiyanna danna bn. A handa eka gana nam man katha karanna. et munta Kothalawala ekat cancel karanna onelune :frown::frown:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කඩයේ ප්‍රමිතිය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් බලාගනී,

    මේක නැති එකයි ප්‍රශ්නය
    මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන සෞඛ්‍ය අමාන්ත්‍යාන්ශයේන් පැවැත්වු පරික්ෂණයේ රිපොර්ට් එක කියවන්න .

    government unta one ban SAITM eka vahanna. unta quality eka tibbath ekai
    natatth ekai. :no:
    quality eka nattanam eka hadagannai kiyanna one. namuth government un kiyanne nidahasa adyapanayak gana kiyala vahana ekak ganai.
     
    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    ado math sliit bn..eth api kamathi na yako moratuwa wahenawata..apita yanna bari una kiyala monawa karannada...
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    machan oya Gov Pvt kiyla board ella ganne nathuwa wade hariyata karagena eliyata bahapalla.eliyedi okkoma ekai...

    :yes::yes::yes::yes::yes:
    එක තමා බන් .. මොකෙන් ආවත් වැඩ බැරි නං කැපෙනවනේ .. මාත් gov uni මට නං අව්ලක් නෑ gov ඒවා නැති කරන නැතුව තව කොච්චර privet ඒවා තිබ්බත් ,
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    ඔව් බන් ඒක ඇත්ත
    මාත් gov uni

    Machan oya edit karapu comment ekata wachanayak kiyanna one, oyage kathawa 100% atta.

    Mokada machan PVT Uni unath Fee eka gewapu paliyata degree eka denne nha ne. mamath International Student Kenek UK Uni ekaka. apith Assignment / Presentation / Project marigena karala duk widala thama milestone achive karanne.

    Oyata puluwan nam compare karala balanna wadi deyak one nha Content eka. mokakda industry ekata yanakota wadipura awashya wenne kiyala.

    Mama athdakimen kiyanne GOV UNI wala innawa girawa dala padam karala Special/ 1st Class dagena ena aya Industry eke kicha wena widiya dannawa. PVT wala nhamai kiyanawa nha, % gathoth adui.

    Mama me katha karanne IT Industry eka gana anithwa gana kiyanna loku danumak nha. Ape rate loku competition ekak thiyena job walin ekak thamai IT releted jobs.
     
    ඔව් මචං මට කාත් එක්කවත් argv කරන්න ඕනි නැති නිසා del කළා බන් cmnt එක
    මම වැඩිය IT පැත්ත දන්නේ නැහැ මචං මම mgmnt

    කොතන උනත් මහන්සි වෙලා ඉගෙන ගන්න හදන මිනිහට අත දෙන්න ඕනි ප්‍රසංසා කරන්න ඕනි
     
    Last edited:
    කඩයේ ප්‍රමිතිය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් බලාගනී,

    මේක නැති එකයි ප්‍රශ්නය
    මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන සෞඛ්‍ය අමාන්ත්‍යාන්ශයේන් පැවැත්වු පරික්ෂණයේ රිපොර්ට් එක කියවන්න .

    apitha asai balanna oya report 1 danna balanna.
    obata jaya