පුළුවන්නන් මේකත් කියවල බලන්න ..fb එකේ දැක්කෙ..
පසුගිය දින කීපය තුල ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් අතර විවිධ හැල හැප්පීම් ෆේස්බුක් මගින් මට දකින්නට ලැබුණි. මම ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලැබුවෙමි. මා විදේශගත වී තවම දෙමසකි. ඒ නිසා වර්තමාන ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය ගැන මට අවබෝධයක් ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාලවල කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කිරීමෙන් ලබාගත් අත්දැකීම් ගොනු කරගෙන මෙම සටහන තබන්නට සිතුවෙමි.
අධ්‍යාපනයට මුදල් අය කිරීම.
ශ්‍රී ලංකාව ලෝකයේ නොමිලේ අධ්‍යාපනය ලබාදෙන රටවල් ස්වල්පයෙන් එකකි. අවාසනාව වන්නේ එම නොමිලේ අධ්‍යාපනය ලබන සමහර අය එය භාග්‍යයක් නොව අයිතිවාසිකමක් ලෙස සැලකීමයි. ඒ නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් තමන්ට ලැබුණු මහඟු අවස්ථාවට ගරු කල යුතුය. රටේ ජනතාව වියදම් කරන මුදලට උපරිම සාධාරණයක් කොට මැනවින් ඉගෙනගත යුතුය. එසේ නොකරන්නේ නම් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධව හඬ නැගීමට ඔබට අයිතියක් නැත.
පෞද්ගලික විශ්ව විද්‍යාලවල පාඨමාලා සඳහා මුදල් අයකෙරේ. එය කිසිවෙකුටත් නැවැත්විය නොහැක. හෝටල් හිමි ධනවතෙකුට හෝටලය දන්සලක් කරන ලෙස බලකරන්නට කිසිවෙකුට අයිතියක් නැත. නමුත් හෝටලයේ කෑම නියම ප්‍රමිතියට නැත්නම් ඒ සඳහා පියවර ගතයුතුය.
අධ්‍යාපනයේ ප්‍රමිතිය
ශ්‍රී ලංකාවේ බොහොමයක් රාජ්‍ය විශ්ව විද්‍යාල, පෞද්ගලික විශ්ව විද්‍යාලවලට වඩා ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහලින් ඇත. ඇතැම් පෞද්ගලික විශ්ව විද්‍යාල ලෝකයේ කීර්තිමත් විශ්ව විද්‍යාල හා සම්බන්ධ වී පාඨමාලා ලබා දුන්නද මේ තත්වය තවමත් එසේමය. මෙයට ප්‍රධානම හේතුව වන්නේ අධ්‍යාපනයේ ප්‍රමිතිය ශිෂ්‍ය කණ්ඩායමේ මට්ටම මත රඳා පැවතීමයි. ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ස්ථිර නොවන (visiting) ආචාර්යවරයෙකුට නිතරම පාලනාධිකාරයෙන් කියන දේවල් වන්නේ; "සර්, ගොඩක් tough බලන්න එපා", "වැඩිය repeat කරන්න එපා", "එක පාරක් repeat කරාම ඇති සර්", "මේ පාර external quality assurance එකට සර්ගේ subject එක දාන්නේ නෑ. ඒක tough වැඩියි" වැනි දේවල්ය. ශිෂ්‍යයින් රඳවා ගැනීමට මෙවැනි තත්වය බාල කිරීම් පෞද්ගලික විශ්ව විද්‍යාලවල අනන්තවත් සිදුවෙන බව සියලු දෙනා දැනගත යුතුය. තමන් හරිහැටි පිළිතුරු නොලිව් විෂයන්ට හොඳ සාමාර්ථ ලැබෙන්නේ ඒ නිසා බව ශිෂ්‍යයෝ නොදනිති. පෞද්ගලික විශ්ව විද්‍යාලවල සමහරක් ව්‍යාපෘති ඔවුන්ගේ නිර්මාණ නොවේ. නමුත් කෙසේ හෝ ඔවුන්ටත් දඬුවමක් නොදී පාස් කිරීමට පාලනාධිකාරය වගබලාගන්නා බවද ශිෂ්‍යයෝ නොදනිති. රාජ්‍ය විශ්ව විද්‍යාලයක පාලනාධිකාරය කිසිවිටෙක එවැනි බලපෑම් කරන්නේ නැත. මෙසේ කිරීමට සිදුවී ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ සාමාන්‍ය කුසලතා මට්ටම රාජ්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ සාමාන්‍ය මට්ටමට වඩා ඉතා පහල මට්ටමක පැවතීමයි. (පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉතා දක්ෂ සිසුන් මෙන්ම රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඉතා අඩු හැකියාවෙන් යුත් සිසුන් ඇත. මා සංසන්දනය කලේ සාමාන්‍ය මට්ටමයි) මේ හේතුවෙන් ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල විශාල අර්බුදයකට මුහුණ දී ඇත. ශිෂ්‍යයන්ගෙන් ගන්නා මුදල්වලින් ලයිට් බිල්, වතුර බිල්, කාර්ය මණ්ඩලයේ පඩි හා විවිධ නඩත්තු වියදම් ගෙවිය යුතු අතර ඒවිට පර්යේෂණ හා විද්‍යාගාර වෙනුවෙන් වැඩි මුදලක් ඉතිරි නොවේ. ශිෂ්‍ය ප්‍රජාවද පර්යේෂණ සඳහා යොමු නොවීම නිසා පෞද්ගලික ආයතන වලින් එන ආධාර, විදෙස් පර්යේෂණ ආධාර හා ද්විතියික උපාධි (MSc, PhD) පාඨමාලා ආදිය කරා යොමුවීමද අඩුය. මේ නිසා ඔවුන්ට අනුග්‍රහය දක්වන විදේශීය විශ්ව විද්‍යාල බලාපොරොත්තු වන ප්‍රමිතිය පවා රඳවාගැනීම අපහසු වී ඇත. මේ සියල්ලට මුල බඳවා ගැනීමේ පටිපාටියේ ඇති අඩුපාඩුවයි.
විශ්වවිද්‍යාල බඳවාගැනීමේ පටිපාටිය
රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ ගැටුම A3 හා S3 අතර ගැටුමක් ලෙස අර්ථකථනය වනු මම දුටුවෙමි. මෙය ඉතා සාවධ්‍ය තර්කයකි. රාජ්‍ය විශ්ව විද්‍යාලයකට අයදුම් කිරීමට S3 ලබාගැනීම ප්‍රමාණවත්ය. (ඔහුට/ඇයට රජයේ සරසවි වරම් නොලැබෙන බව සත්‍යයකි). නමුත් S3 ලැබූ ශිෂ්‍යයාත් සරසවි යාමට අවම සුදුසුකම් සපුරා ඇත. රාජ්‍ය විශ්ව විද්‍යාලවල තිබෙන ඉඩකඩ හිඟය නිසා ඉතා විශාල ශිෂ්‍ය ප්‍රජාවක් කපාහැර (Z-score මගින්) ඉහලින්ම සමත් වුවන්ට පමණක් සරසවි වරම් හිමිවේ. පෞද්ගලික විශ්ව විද්‍යාලයක අවශ්‍යතාවය මතුවන්නේ එවිටයි. යන්තම් සරසවි වරම් අහිමි වූ ශිෂ්‍යයන්ට එමගින් අවස්ථාව ලැබිය යුතුය. නමුත් අප සිතන පරිදි එය එසේ වන්නේද? ලෝකයේ බොහොමයක් පෞද්ගලික විශ්ව විද්‍යාලවල බඳවාගැනීමේ පටිපාටිය තීරණය කරන්නේ රජයයි. එනම් රාජ්‍ය විශ්ව විද්‍යාලවලට බඳවාගන්නා පටිපාටියම පෞද්ගලික විශ්ව විද්‍යාලද අනුගමනය කල යුතුය. ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල එසේ සිදු නොකරයි. සිදුවන්නේ මුලින් ආ පිළිවෙලට අවස්ථාව දීමයි. (First Come First Serve) මේ ක්‍රමය වෙනුවට පෞද්ගලික විශ්ව විද්‍යාලත් Z-Score පදනම් කරගත් බඳවාගැනීමක් සිදුකලොත් හා උසස්පෙළ ඉතා ඉහල දක්ෂතා දැක්වූ ශිෂ්‍යයන් පිරිසකට ශිෂ්‍යත්ව ලබාදුන්නොත් ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල, රාජ්‍ය විශ්ව විද්‍යාල මට්ටමට දියුණු වනු ඇත.
මේවා සිදු කිරීමට යහපත් මෙන්ම ව්‍යාපාරික බුද්ධියක් සහිත පාලන මණ්ඩලයක් පෞද්ගලික විශ්ව විද්‍යාලවල සිටිය යුතුය. එමෙන්ම මනා ප්‍රතිපත්ති සැකසිය හැකි අධ්‍යාපන අමාත්‍ය හා කාර්ය මණ්ඩලයක් සිටිය යුතුය. දැන් සිටින්නේ මුදලට කෑදර පාලනධිකාරින් සහ ගොබ්බ ඇමැතියෙකි. ඔවුන් සමග ඔවැනි යහපත් දේ කිරීමට සිතීමම මහත් මෝඩකමකි. එසේ වුවත් කුමන හෝ හඬක් නැගීමට පිරිසක් සිටින බවක් පෙනේ. නමුත් ඔවුන්ගේ සටන් පාඨ නොගැලපෙන බව නම් කිව යුතුය.
ගැලපෙන සටන් පාඨ
"හොර උපාධි කඩය හකුලගනිව්", "වසාදමව්", "නොමිලේ දියව්" වැනි සටන් පාඨ මම දැක්කෙමි. ඒවා අනුවණ බව කිව යුතුය. නිවැරදි පාඨයන් වන්නේ, "Z-Score මගින් බඳවාගනිව්", "ශිෂ්‍යත්ව දියව්", "හොරට පාස් නොකරව්" වැනි ඒවාය. දැන්වත් දේශපාලන පක්ෂවල අතකොලු නොවී නිවැරදි දෙය කිරීමට, නිවැරදි දෙය දැකීමට, අලුත් ලොවක් ගැන සිතීමට මේ උගත් දරුවන් යොමුවිය යුතුය.
නුසුදුසු තීරණ
"මාලඹේ හොර වෛද්‍ය උපාධි කඩය" නිතරම ගැටුමට මුල්වන බව පෙනීයයි.
වෛද්‍ය උපාධියක මූලිකම අංගයක් වන්නේ සායනික පුහුණුවයි. රාජ්‍ය විශ්ව විද්‍යාල වෛද්‍ය සිසුන් සිව් වසරක් ඉරිදා හැර සතියේ සෑම දිනකම උදේ වරුවේ සායනික පුහුණුව ලබති. අවසන් වසර සම්පුර්ණයෙන්ම ගත වන්නේ මහාචාර්ය ඒකක (professorial unit) වලය. රාජ්‍ය ශික්ෂණ රෝහල්වල සියලුම ලෙඩ රෝගවලට පාහේ බඳුන්වූ රෝගීන් ඇත. මාලඹේ විශ්ව විද්‍යාලයට මේ තරම් පුළුල් සායනික පුහුණුවක් නොලැබෙන බව කාට වුනත් වැටහිය යුතුය. එහෙත් ඒ හේතුවට SAITM ශිෂ්‍යයන් හා උරණ වීමත්, ඔවුන්ව හෙළා දැකීමත් සුදුසුද? වෛද්‍යවරයෙකු වීම ඔවුන්ගේත් ආශාවයි. මනා සායනික පුහුණුව ක්‍රමවේදයක් සැදුවොත් ඔවුන් එය අනුගමනය කරනු ඇත. වරද ඔවුන්ගේ නොවේ. නුසුදුසු තීරණ ගත් පාලනාධිකාරියෙයි. සායනික පුහුණුව සඳහා මුදල් අයකරන රෝහලක් ඇතිකර එයට රජයේ රෝහලකට මෙන් රෝගීන් පැමිණෙයි බලාපොරොත්තු වීම කෙතරම් මෝඩකමක්ද? කල යුතුව තිබුනේ ඒ වියදමෙන් රජයේ රෝහල් කීපයක් ශික්ෂණ රෝහල් කර මහාචාර්ය ඒකක පිහිටුවා ආණ්ඩුවට යම් ගෙවීමක් කරමින් ඔවුන්ගේ ශිෂ්‍යයන්ටද සායනික පුහුණුව දීමයි. (දැනට පවතින ශික්ෂණ රෝහල් රාජ්‍ය විශ්ව විද්‍යාල වලටද ප්‍රමාණවත් නොවෙමින් පවතින නිසා පෞද්ගලික වෛද්‍ය ශිෂ්‍යයින්ද ඒවාටම යොමු කිරීම ප්‍රයෝගික නොවේ). මනා ව්‍යාපාරික මනසක් ඇති අයෙකුට මීටත් වඩා හොඳ ක්‍රමයක් කල්පනා වනු ඇත. ලංකාවේ අවාසනාවට පෞද්ගලික විශ්ව විද්‍යාල මුදල්වලට කෑදර මුදලාලිලටත්, අධ්‍යාපන ඇමතිකම "ඕනේ ගොනෙකු"ටත් හිමිවී ඇත. ඒ නිසා එවැනි විසදුමක් වෙනුවන් අරගල කිරීමට සිදුවනු ඇත. රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් එකතුවී මේ අරගලය කළහොත් ඇමතියා කම්බස්ය. ඒ නිසා එය සිදු නොවීමට ඔවුන් සුක්ෂම ලෙස වගබලා ගනිති.
ශිෂ්‍ය එකමුතුව
රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් අතර ගැටුමෙන් වාසිය වන්නේ දේශපාළුවන්ටය. රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල සිසු ගැටුම් වලින් මේ සියලු විශ්ව විද්‍යාල වැසීගොස් නූගත් ජනතාවක් ඉතිරිවීම ඔවුන්ගේ අරමුණයි. දැන් පාර්ලිමේන්තුවේ සිටින ගොබ්බ රැලට අවශ්‍ය එවැනි ජනතාවකි. ඒ නිසා පාසලේදී බත්පත බෙදාගත් සහෝදරයින් හා නැවත එක්වී මනා අධ්‍යාපන ප්‍රතිපත්ති, බඳවාගැනීමේ පටිපාටි වෙනුවෙන් එක්වී සටන් කළහොත් එය රටට වැඩදායකය. නැතිනම් ඔබ ඌරන් මෙන් කැකුණ තලද්දී දියවන්නාවේ හබන් කුකුලන් පාටි දමනු ඇත.
තරිඳු මියනවල

habai itin adupadu hadaganna muwawen waradi tiyeddima eka neetigatha karaganna dagalana eka kujeethai neh bn
api wirudda ekata. dan oya SAITM eka dala kochcharakal unada ai tama adupadu hadaganna bari??
onanm ekath kiyannam