උපාධි කඩ සහ දන්සැල්

Ud_perera

Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    පුළුවන්නන් මේකත් කියවල බලන්න ..fb එකේ දැක්කෙ..

    පසුගිය දින කීපය තුල ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් අතර විවිධ හැල හැප්පීම් ෆේස්බුක් මගින් මට දකින්නට ලැබුණි. මම ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලැබුවෙමි. මා විදේශගත වී තවම දෙමසකි. ඒ නිසා වර්තමාන ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය ගැන මට අවබෝධයක් ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාලවල කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කිරීමෙන් ලබාගත් අත්දැකීම් ගොනු කරගෙන මෙම සටහන තබන්නට සිතුවෙමි.

    අධ්‍යාපනයට මුදල් අය කිරීම.
    ශ්‍රී ලංකාව ලෝකයේ නොමිලේ අධ්‍යාපනය ලබාදෙන රටවල් ස්වල්පයෙන් එකකි. අවාසනාව වන්නේ එම නොමිලේ අධ්‍යාපනය ලබන සමහර අය එය භාග්‍යයක් නොව අයිතිවාසිකමක් ලෙස සැලකීමයි. ඒ නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් තමන්ට ලැබුණු මහඟු අවස්ථාවට ගරු කල යුතුය. රටේ ජනතාව වියදම් කරන මුදලට උපරිම සාධාරණයක් කොට මැනවින් ඉගෙනගත යුතුය. එසේ නොකරන්නේ නම් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධව හඬ නැගීමට ඔබට අයිතියක් නැත.
    පෞද්ගලික විශ්ව විද්‍යාලවල පාඨමාලා සඳහා මුදල් අයකෙරේ. එය කිසිවෙකුටත් නැවැත්විය නොහැක. හෝටල් හිමි ධනවතෙකුට හෝටලය දන්සලක් කරන ලෙස බලකරන්නට කිසිවෙකුට අයිතියක් නැත. නමුත් හෝටලයේ කෑම නියම ප්‍රමිතියට නැත්නම් ඒ සඳහා පියවර ගතයුතුය.

    අධ්‍යාපනයේ ප්‍රමිතිය
    ශ්‍රී ලංකාවේ බොහොමයක් රාජ්‍ය විශ්ව විද්‍යාල, පෞද්ගලික විශ්ව විද්‍යාලවලට වඩා ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහලින් ඇත. ඇතැම් පෞද්ගලික විශ්ව විද්‍යාල ලෝකයේ කීර්තිමත් විශ්ව විද්‍යාල හා සම්බන්ධ වී පාඨමාලා ලබා දුන්නද මේ තත්වය තවමත් එසේමය. මෙයට ප්‍රධානම හේතුව වන්නේ අධ්‍යාපනයේ ප්‍රමිතිය ශිෂ්‍ය කණ්ඩායමේ මට්ටම මත රඳා පැවතීමයි. ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ස්ථිර නොවන (visiting) ආචාර්යවරයෙකුට නිතරම පාලනාධිකාරයෙන් කියන දේවල් වන්නේ; "සර්, ගොඩක් tough බලන්න එපා", "වැඩිය repeat කරන්න එපා", "එක පාරක් repeat කරාම ඇති සර්", "මේ පාර external quality assurance එකට සර්ගේ subject එක දාන්නේ නෑ. ඒක tough වැඩියි" වැනි දේවල්ය. ශිෂ්‍යයින් රඳවා ගැනීමට මෙවැනි තත්වය බාල කිරීම් පෞද්ගලික විශ්ව විද්‍යාලවල අනන්තවත් සිදුවෙන බව සියලු දෙනා දැනගත යුතුය. තමන් හරිහැටි පිළිතුරු නොලිව් විෂයන්ට හොඳ සාමාර්ථ ලැබෙන්නේ ඒ නිසා බව ශිෂ්‍යයෝ නොදනිති. පෞද්ගලික විශ්ව විද්‍යාලවල සමහරක් ව්‍යාපෘති ඔවුන්ගේ නිර්මාණ නොවේ. නමුත් කෙසේ හෝ ඔවුන්ටත් දඬුවමක් නොදී පාස් කිරීමට පාලනාධිකාරය වගබලාගන්නා බවද ශිෂ්‍යයෝ නොදනිති. රාජ්‍ය විශ්ව විද්‍යාලයක පාලනාධිකාරය කිසිවිටෙක එවැනි බලපෑම් කරන්නේ නැත. මෙසේ කිරීමට සිදුවී ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ සාමාන්‍ය කුසලතා මට්ටම රාජ්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ සාමාන්‍ය මට්ටමට වඩා ඉතා පහල මට්ටමක පැවතීමයි. (පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉතා දක්ෂ සිසුන් මෙන්ම රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඉතා අඩු හැකියාවෙන් යුත් සිසුන් ඇත. මා සංසන්දනය කලේ සාමාන්‍ය මට්ටමයි) මේ හේතුවෙන් ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල විශාල අර්බුදයකට මුහුණ දී ඇත. ශිෂ්‍යයන්ගෙන් ගන්නා මුදල්වලින් ලයිට් බිල්, වතුර බිල්, කාර්ය මණ්ඩලයේ පඩි හා විවිධ නඩත්තු වියදම් ගෙවිය යුතු අතර ඒවිට පර්යේෂණ හා විද්‍යාගාර වෙනුවෙන් වැඩි මුදලක් ඉතිරි නොවේ. ශිෂ්‍ය ප්‍රජාවද පර්යේෂණ සඳහා යොමු නොවීම නිසා පෞද්ගලික ආයතන වලින් එන ආධාර, විදෙස් පර්යේෂණ ආධාර හා ද්විතියික උපාධි (MSc, PhD) පාඨමාලා ආදිය කරා යොමුවීමද අඩුය. මේ නිසා ඔවුන්ට අනුග්‍රහය දක්වන විදේශීය විශ්ව විද්‍යාල බලාපොරොත්තු වන ප්‍රමිතිය පවා රඳවාගැනීම අපහසු වී ඇත. මේ සියල්ලට මුල බඳවා ගැනීමේ පටිපාටියේ ඇති අඩුපාඩුවයි.

    විශ්වවිද්‍යාල බඳවාගැනීමේ පටිපාටිය
    රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ ගැටුම A3 හා S3 අතර ගැටුමක් ලෙස අර්ථකථනය වනු මම දුටුවෙමි. මෙය ඉතා සාවධ්‍ය තර්කයකි. රාජ්‍ය විශ්ව විද්‍යාලයකට අයදුම් කිරීමට S3 ලබාගැනීම ප්‍රමාණවත්ය. (ඔහුට/ඇයට රජයේ සරසවි වරම් නොලැබෙන බව සත්‍යයකි). නමුත් S3 ලැබූ ශිෂ්‍යයාත් සරසවි යාමට අවම සුදුසුකම් සපුරා ඇත. රාජ්‍ය විශ්ව විද්‍යාලවල තිබෙන ඉඩකඩ හිඟය නිසා ඉතා විශාල ශිෂ්‍ය ප්‍රජාවක් කපාහැර (Z-score මගින්) ඉහලින්ම සමත් වුවන්ට පමණක් සරසවි වරම් හිමිවේ. පෞද්ගලික විශ්ව විද්‍යාලයක අවශ්‍යතාවය මතුවන්නේ එවිටයි. යන්තම් සරසවි වරම් අහිමි වූ ශිෂ්‍යයන්ට එමගින් අවස්ථාව ලැබිය යුතුය. නමුත් අප සිතන පරිදි එය එසේ වන්නේද? ලෝකයේ බොහොමයක් පෞද්ගලික විශ්ව විද්‍යාලවල බඳවාගැනීමේ පටිපාටිය තීරණය කරන්නේ රජයයි. එනම් රාජ්‍ය විශ්ව විද්‍යාලවලට බඳවාගන්නා පටිපාටියම පෞද්ගලික විශ්ව විද්‍යාලද අනුගමනය කල යුතුය. ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල එසේ සිදු නොකරයි. සිදුවන්නේ මුලින් ආ පිළිවෙලට අවස්ථාව දීමයි. (First Come First Serve) මේ ක්‍රමය වෙනුවට පෞද්ගලික විශ්ව විද්‍යාලත් Z-Score පදනම් කරගත් බඳවාගැනීමක් සිදුකලොත් හා උසස්පෙළ ඉතා ඉහල දක්ෂතා දැක්වූ ශිෂ්‍යයන් පිරිසකට ශිෂ්‍යත්ව ලබාදුන්නොත් ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල, රාජ්‍ය විශ්ව විද්‍යාල මට්ටමට දියුණු වනු ඇත.
    මේවා සිදු කිරීමට යහපත් මෙන්ම ව්‍යාපාරික බුද්ධියක් සහිත පාලන මණ්ඩලයක් පෞද්ගලික විශ්ව විද්‍යාලවල සිටිය යුතුය. එමෙන්ම මනා ප්‍රතිපත්ති සැකසිය හැකි අධ්‍යාපන අමාත්‍ය හා කාර්ය මණ්ඩලයක් සිටිය යුතුය. දැන් සිටින්නේ මුදලට කෑදර පාලනධිකාරින් සහ ගොබ්බ ඇමැතියෙකි. ඔවුන් සමග ඔවැනි යහපත් දේ කිරීමට සිතීමම මහත් මෝඩකමකි. එසේ වුවත් කුමන හෝ හඬක් නැගීමට පිරිසක් සිටින බවක් පෙනේ. නමුත් ඔවුන්ගේ සටන් පාඨ නොගැලපෙන බව නම් කිව යුතුය.

    ගැලපෙන සටන් පාඨ
    "හොර උපාධි කඩය හකුලගනිව්", "වසාදමව්", "නොමිලේ දියව්" වැනි සටන් පාඨ මම දැක්කෙමි. ඒවා අනුවණ බව කිව යුතුය. නිවැරදි පාඨයන් වන්නේ, "Z-Score මගින් බඳවාගනිව්", "ශිෂ්‍යත්ව දියව්", "හොරට පාස් නොකරව්" වැනි ඒවාය. දැන්වත් දේශපාලන පක්ෂවල අතකොලු නොවී නිවැරදි දෙය කිරීමට, නිවැරදි දෙය දැකීමට, අලුත් ලොවක් ගැන සිතීමට මේ උගත් දරුවන් යොමුවිය යුතුය.

    නුසුදුසු තීරණ
    "මාලඹේ හොර වෛද්‍ය උපාධි කඩය" නිතරම ගැටුමට මුල්වන බව පෙනීයයි.
    වෛද්‍ය උපාධියක මූලිකම අංගයක් වන්නේ සායනික පුහුණුවයි. රාජ්‍ය විශ්ව විද්‍යාල වෛද්‍ය සිසුන් සිව් වසරක් ඉරිදා හැර සතියේ සෑම දිනකම උදේ වරුවේ සායනික පුහුණුව ලබති. අවසන් වසර සම්පුර්ණයෙන්ම ගත වන්නේ මහාචාර්ය ඒකක (professorial unit) වලය. රාජ්‍ය ශික්ෂණ රෝහල්වල සියලුම ලෙඩ රෝගවලට පාහේ බඳුන්වූ රෝගීන් ඇත. මාලඹේ විශ්ව විද්‍යාලයට මේ තරම් පුළුල් සායනික පුහුණුවක් නොලැබෙන බව කාට වුනත් වැටහිය යුතුය. එහෙත් ඒ හේතුවට SAITM ශිෂ්‍යයන් හා උරණ වීමත්, ඔවුන්ව හෙළා දැකීමත් සුදුසුද? වෛද්‍යවරයෙකු වීම ඔවුන්ගේත් ආශාවයි. මනා සායනික පුහුණුව ක්‍රමවේදයක් සැදුවොත් ඔවුන් එය අනුගමනය කරනු ඇත. වරද ඔවුන්ගේ නොවේ. නුසුදුසු තීරණ ගත් පාලනාධිකාරියෙයි. සායනික පුහුණුව සඳහා මුදල් අයකරන රෝහලක් ඇතිකර එයට රජයේ රෝහලකට මෙන් රෝගීන් පැමිණෙයි බලාපොරොත්තු වීම කෙතරම් මෝඩකමක්ද? කල යුතුව තිබුනේ ඒ වියදමෙන් රජයේ රෝහල් කීපයක් ශික්ෂණ රෝහල් කර මහාචාර්ය ඒකක පිහිටුවා ආණ්ඩුවට යම් ගෙවීමක් කරමින් ඔවුන්ගේ ශිෂ්‍යයන්ටද සායනික පුහුණුව දීමයි. (දැනට පවතින ශික්ෂණ රෝහල් රාජ්‍ය විශ්ව විද්‍යාල වලටද ප්‍රමාණවත් නොවෙමින් පවතින නිසා පෞද්ගලික වෛද්‍ය ශිෂ්‍යයින්ද ඒවාටම යොමු කිරීම ප්‍රයෝගික නොවේ). මනා ව්‍යාපාරික මනසක් ඇති අයෙකුට මීටත් වඩා හොඳ ක්‍රමයක් කල්පනා වනු ඇත. ලංකාවේ අවාසනාවට පෞද්ගලික විශ්ව විද්‍යාල මුදල්වලට කෑදර මුදලාලිලටත්, අධ්‍යාපන ඇමතිකම "ඕනේ ගොනෙකු"ටත් හිමිවී ඇත. ඒ නිසා එවැනි විසදුමක් වෙනුවන් අරගල කිරීමට සිදුවනු ඇත. රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් එකතුවී මේ අරගලය කළහොත් ඇමතියා කම්බස්ය. ඒ නිසා එය සිදු නොවීමට ඔවුන් සුක්ෂම ලෙස වගබලා ගනිති.

    ශිෂ්‍ය එකමුතුව
    රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් අතර ගැටුමෙන් වාසිය වන්නේ දේශපාළුවන්ටය. රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල සිසු ගැටුම් වලින් මේ සියලු විශ්ව විද්‍යාල වැසීගොස් නූගත් ජනතාවක් ඉතිරිවීම ඔවුන්ගේ අරමුණයි. දැන් පාර්ලිමේන්තුවේ සිටින ගොබ්බ රැලට අවශ්‍ය එවැනි ජනතාවකි. ඒ නිසා පාසලේදී බත්පත බෙදාගත් සහෝදරයින් හා නැවත එක්වී මනා අධ්‍යාපන ප්‍රතිපත්ති, බඳවාගැනීමේ පටිපාටි වෙනුවෙන් එක්වී සටන් කළහොත් එය රටට වැඩදායකය. නැතිනම් ඔබ ඌරන් මෙන් කැකුණ තලද්දී දියවන්නාවේ හබන් කුකුලන් පාටි දමනු ඇත.

    තරිඳු මියනවල
     
    • Like
    Reactions: madusha.stranger

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කඩයේ ප්‍රමිතිය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් බලාගනී,

    මේක නැති එකයි ප්‍රශ්නය
    මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන සෞඛ්‍ය අමාන්ත්‍යාන්ශයේන් පැවැත්වු පරික්ෂණයේ රිපොර්ට් එක කියවන්න .

    ඉතින් අඩුපාඩු හදන්න ඉඩ දෙන එකවන් තියෙන්නේ... ඇයි වහන්න දගලන්නේ....
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell

    Depattenma hithala kiyapu sirama kathawak :)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    12196061_418392665027111_5466017666813509911_n.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,729
    113
    ආශ්චර්යමත් රටක
    කඩයේ ප්‍රමිතිය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් බලාගනී,

    මේක නැති එකයි ප්‍රශ්නය
    මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන සෞඛ්‍ය අමාන්ත්‍යාන්ශයේන් පැවැත්වු පරික්ෂණයේ රිපොර්ට් එක කියවන්න .

    bump
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,729
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් අඩුපාඩු හදාගන්න දීපල්ලකෝ... උඹලගෙ බොක්කට වදියි කියල බයද?

    adupadu hadaganna kiyala tamai api kiyanne. :) mama meke onataram threads wala ehema kiyala tiyenawa. wahanna kiyanne na ban. :no: habai itin adupadu hadaganna muwawen waradi tiyeddima eka neetigatha karaganna dagalana eka kujeethai neh bn :P api wirudda ekata. dan oya SAITM eka dala kochcharakal unada ai tama adupadu hadaganna bari??

    dan awurudu ganakata kalinma oka gana report eka deela tiyenawane ai UGC recognition eka denna bari kiyala. eeta passe ee waradi hadanne natuwa intake gatta eka harida? etakota e apu aya eka danagena neweida awe? eyala babala da? sudusukam natuwa gatta aya mechcharakal ehema idala 5 years giyata passe sudusukam natuwa adala walapila anukampawen godayanna try karana eka harida bn? :) onna ona prashna tikatawat uttara deepan balanna. :)

    danwat sudusukam hadagena recognition eka illanna puluwan ne. anna ehema unama api ekata ekagawa katakaranawa. heta sudusukam gattat mulin gattu intakes walata e sudusukam nane. :no: e nisa eyalawa sudusukam tiyena doctors la widiyata piliganna bane bn. ehenam natiuna sudusukam/ training complete karala enna ona hari widiyata. ubata me salara dewal terenawa ati kiyala hitanawa.

    ps: matanam bokkata wadinne na oya moken unath. mama medicine newei karanne. :P mage field eke private courses/degrees dena than ona taram tiyenawa. api ewata kagahanne na. apita eeta wada hoda knowledge ekak hambawenawa kohomath:) meka eeta wada bayanaka nisa mehema kagahanne. mata one na hariyata training ekak / practical knowledge nati doctors la kiyaganna ayagen beheth/treatments ganna. :no::no: uba kamathida? mage gf, nangi medicine karanawa. adurana SAITM karana ayath innawa. e nisa SAITM ayagei GVt uni ayagei knowledge wenasa hodata dannawa bn :D onanm ekath kiyannam
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,729
    113
    ආශ්චර්යමත් රටක
    මං NSBM
    ඒත් !
    මට Moratuwa Uni වහනව දකින්න ඕනි නෑ !!
    rep+

    මං Moratuwa Uni
    ඒත් !
    මට NSBM වහනව දකින්න ඕනි නෑ !!

    :):):):)

    plus ape batchmates la NSBM eke homagama construction site eke training hitiya. meaning eka hadannath udaw kara :D
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,729
    113
    ආශ්චර්යමත් රටක
    adupadu hadaganna kiyala tamai api kiyanne. :) mama meke onataram threads wala ehema kiyala tiyenawa. wahanna kiyanne na ban. :no: habai itin adupadu hadaganna muwawen waradi tiyeddima eka neetigatha karaganna dagalana eka kujeethai neh bn :P api wirudda ekata. dan oya SAITM eka dala kochcharakal unada ai tama adupadu hadaganna bari??

    dan awurudu ganakata kalinma oka gana report eka deela tiyenawane ai UGC recognition eka denna bari kiyala. eeta passe ee waradi hadanne natuwa intake gatta eka harida? etakota e apu aya eka danagena neweida awe? eyala babala da? sudusukam natuwa gatta aya mechcharakal ehema idala 5 years giyata passe sudusukam natuwa adala walapila anukampawen godayanna try karana eka harida bn? :) onna ona prashna tikatawat uttara deepan balanna. :)

    danwat sudusukam hadagena recognition eka illanna puluwan ne. anna ehema unama api ekata ekagawa katakaranawa. heta sudusukam gattat mulin gattu intakes walata e sudusukam nane. :no: e nisa eyalawa sudusukam tiyena doctors la widiyata piliganna bane bn. ehenam natiuna sudusukam/ training complete karala enna ona hari widiyata. ubata me salara dewal terenawa ati kiyala hitanawa.

    ps: matanam bokkata wadinne na oya moken unath. mama medicine newei karanne. :P mage field eke private courses/degrees dena than ona taram tiyenawa. api ewata kagahanne na. apita eeta wada hoda knowledge ekak hambawenawa kohomath:) meka eeta wada bayanaka nisa mehema kagahanne. mata one na hariyata training ekak / practical knowledge nati doctors la kiyaganna ayagen beheth/treatments ganna. :no::no: uba kamathida? mage gf, nangi medicine karanawa. adurana SAITM karana ayath innawa. e nisa SAITM ayagei GVt uni ayagei knowledge wenasa hodata dannawa bn :D onanm ekath kiyannam

    ko kawruwat uttara deela nane mewata. ai uttara nadda?
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    ඔව් බන් ඒක ඇත්ත
    මාත් gov uni

    මේ ලංකාවේ අධ්‍යාපන රටාවක් තියෙනවා ඒක හදල තියෙන්නේ SSS තුනක් දාගෙන ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න ඕනි කියල දගලන මැට්ටෝ නෙමේ විද්වතුන්...ඒ ඒ වයසට අදාල කඩයිම් පසු කරන කෙනෙක් තමන්ගේ බුද්ධි මට්ටම පෙන්වලා තමාගේ රටේ තමන්ට ප්‍රගුණ කල හැකි සේවාව බර ගත යුතුයි,තාත්තල හොයපු සල්ලි CV වලට දාන්න එපා...තර්ක කිරීමේ හැකියාව...මතකය,,වේගය ,,,කාලය ,,,මේ හැමදේම මැනල තමා උබල fail කියල විභාග දෙපාර්තමේන්තුවෙන් සහතිකේ දුන්නේ,,,,යක්කෝ බාර ගනිවු..
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    government unta one ban SAITM eka vahanna. unta quality eka tibbath ekai
    natatth ekai. :no:
    quality eka nattanam eka hadagannai kiyanna one. namuth government un kiyanne nidahasa adyapanayak gana kiyala vahana ekak ganai.

    හරි හරි තාත්තට සල්ලි තියෙන උබලට මොලේ නැති මැට්ටනේ (අපේ පන්තියෙත් හිටිය ගොන් තඩි මේ කියපු දේ මේ මතක නැති.) මම අහන්නෙ ගොන් වස්සන්ගෙන් උබල වගේම අඩු ප්‍රථිපල දාන දරුවෝ දුප්පත් සමාජයේත් ඉන්නවා.හැබැයි උන්ගේ දෙමාපියන්ට සල්ලි නැහැ...උන්ගේ දෙමාපියෝ දුප්පත් මිනිස්සු...කුකුල්ලු මරල විකුණන රට ගොස් පස්චාත් පෙදෙස හෝදපු බල්ලෝ මරල සල්ලි හොයපු උන් නෙමේ,,,නිකන් තමන්ම බලපන් ඔය සල්ලි වල කොහේ හරි ජරාව තියෙනවා,,,,මොකද එහෙම කියන්නේ උබලගේ දෙමාපියෝ ඉංජිනේරුවෝ දොස්තරලානම් උබලට මොලේ නැති වෙන්න බැහැනේ,,,එක එහෙමනම් අපිට කරන්න දෙයක් නැහැ අම්මගෙන් පොඩ්ඩක් අහල බලන්න..ඒක නෙමේ අවුල ඔය අඩු ප්‍රතිපල ස 3ක් දාපු නැත්නම් C 1යි S 2යි දාපු දුප්පත් උන් උන්ට අදාල ජොබ් කරද්දී තොපිට බැරි ඇයි ...යකෝ උබලට සල්ලි නොතිබිල ඔහොම ගොන් ප්‍රතිපල දැම්මනම් කඩන්නේ පොල්ල්ල්ල් ,,,,, බැරිනම් බැහැ බන් ...මේ ලෝකේ ඕන තැනක ඕන EXAM එකක් වරෙල්ල කරන්න එදාටත් උබල FAIL ...වාණිජ ලෝකේ බිස්නස් කාරයෝ උබේ තාත්තගේ සල්ලි කඩාගන්න උබලගේ හරක් මොලේ USE කරලා උබලට දෙග්රී දීල සල්ලි අරන් තියෙන්නේ
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    නිදහස් අධ්‍යාපනය ඕනි.කවුරුහරි එකට විරුද්ධ වෙනවා නම් එක වැරදි..ඒ වගේම නිදහස් අධ්‍යාපනයෙන් හැමෝටම ප්‍රතිපල ගන්න බැරි නිසා පුද්ගලික අධ්‍යාපනයත් අවශ්‍යයි ..

    හැමෝටම රජයේ කැම්පස් යන්න බෑ ..අවුරුද්දකට 25,000 වගේ යන්නේ ලක්ෂ 2-3 ක් උසස්පෙළ කරාම ..එතකොට මේ ඉතිරි අය මොනවද කරන්නේ ..එයාලගේ අනාගතය ගැන කවුද බලන්නේ ..අපේ සමාජ ක්‍රමයත් එක්ක පළමු වසරේ සිට උසස් පෙළ වෙනකන් අපිට මාර්ගයක් තියෙනවා .අනිවාර්යෙන් යායුතු ..උසස්පෙළින් පස්සේ ළමයි කොටසක් කැම්පස් යනවා ..තවත් කොටසක් වෙනත් අධ්‍යාපන කටයුතු කරනවා ..බහුතරය රස්සාවල් හොයනවා ..එකයි ඇත්ත .උසස් පෙළ ලියන ළමයින්ගෙන් 50% ක් පමණ ජොබ් වලට යනවා ආර්ථික අපහසුකම් නිසා..

    එතකොට ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට යන්න පුළුවන් සීමිත ප්‍රමාණයකට විතරයි.මෙයාලා කියන්නේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න .කැම්පස් වලට බදවා ගන්න ප්‍රමාණය වැඩි කරන්න කියලා .එක බොහොම සාධාරණ ඉල්ලීමක් .එත් ප්‍රයෝගිකව මේක කරද්දී රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරගන්නා ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් සීමාවන් තියෙනවා ..අලුතෙන් විශ්ව විද්‍යාල ඇති කලත් එකේ සීමාවක් තියෙනවා ..

    මගේ නම් අදහස ගුණාත්මක පුද්ගලික විශ්ව විද්‍යාල අවශයි ..එතකොට පුළුවන් අය සල්ලි ගෙවලා එකට යනවා ..බැරි අයට නැවත වාරයක් උසස් පෙළ කරලා හොද ප්‍රතිපලයක් අරගෙන රජයේ කැම්පස් එන්න පුළුවන්.හැමෝටම නෙවෙයි ,සාපේක්ෂව දක්ෂ අය....
    මෙතැනදී දුප්පත් හෝ පෝසත් ළමයෙක් උනත් S 3ක් අරගෙන රජයේ කැම්පස් ඇවිල්ලා ගන්න උපාධිය ගැන ඔයාලා මොකද කියන්නේ ..එතකොට රාජ්‍ය විශ්ව විද්‍යාල වලට තියෙන ඒ පිළිගැනීම ..එක නිසා හැමෝම නෙවෙයි ..සාපේක්ෂව දක්ෂ අය විතරක් විය යුතුමයි

    එතකොට කෙනෙක් කියයි පුද්ගලික විශ්ව විද්‍යාල වල S 3 කරන්නේ කියලා ..ඔව් .පුද්ගලික විශ්ව විද්‍යාල වල විෂය පථය වර්තමාන තත්වයන් අනුව වෙනස් වේවි රැකියාවට ඔබින විධිහට යාවත්කාලින වෙනවා ..එත් ගන්න උපාධිය රාජ්‍ය විශ්ව විද්‍යාලයක තරම් පිළිගැනීමක් නෑ ..

    උපාධිය ගන්නේ කොහෙන්ද කියලා වැඩක් නෑ ..එකේ ගුණාත්මක බව තමයි වටින්නේ..ලංකාවේ උපාදියක් කියන්නේ title එකක් විතරයි ..එකේ ප්‍රයෝගික භාවිතයන් නෑ .ඔය මහලොකුවට ඉංජිනේරු \ වෛද්‍ය උපධි ගන්න අයගෙන් රටට වෙන වැඩේ මොකද්ද ..?..අඩුමගානේ මහලොකු බුද්ධිමතුන් කියන මෙයාලගෙන් වෙන්නේ රැකියාවක් කරන එක විතරයි ....පර්යේෂණ ,නව සොයාගැනීම කරන්න කාටවත් බෑ ..බොහොම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් කරයි ..වාණිජ උපාධි කරන අය රැකියාවක් කරද්දී තම දැනුම ප්‍රජෝනයට ගන්නේ කීදෙනාද ..?

    අවසානයේ මගේ අදහස නම් රාජ්‍ය සහ පුද්ගලික විශ්ව විද්‍යාල අවශයි ..එත් සීමාවන් තියෙන්න ඕනි ..රාජ්‍ය විශ්ව විද්‍යාල වලට එදා ඉදන්ම උසස් පෙලින් මේ සීමාව තියෙනවා .සාපේක්ෂව දක්ෂතාව වැඩි අය තෝරාගෙන උපාධි දෙනවා ..එත් පුද්ගලික අංශයේ එහෙම නෑ ..සල්ලි දෙනවා නම් උපාධිය කරන්න පුළුවන් ..එතනයි වැරැද්ද ...ඕනි කෙනෙක්ට english පුළුවන් නම් , උගන්වන දේවල් ටිකක් මහන්සි වෙලා පාඩම් කරාම pass වෙනවා ..අපි කවුරුත් දන්නා දෙයක් තමයි පුද්ගලික විශ්ව විද්‍යාල වල කොහොමහරි pass එකක් දෙන්න බලනවා යම්කිසි දැනුමක් තියෙන අයට....අන්තිමට වෙන්නේ ගුණාත්මක බැවින් අඩු උපාධියක් දෙනවා .
    .වෙන්න ඕනි ගුණාත්මක බැවින් වැඩි උසස් තත්වයේ උපාධියක් සීමිත පිරිසකට දෙන්න ඕනි ..රාජ්‍ය විශ්ව විද්‍යාල වල සීමා වීමක් වෙනවා ..පුද්ගලික ඒවගේ නෑ ..එක වෙනස් කරන්න ඕනි ඉක්මනටම .නැත්තන් අර INDIA වල වගේ ලිපිකරු තනතුරකටත් ආචාර්ය උපාධි කරපු අයත් ඉල්ලුම් කරයි ...උසස් පෙළ A 3 ක් තියෙන කෙනාටත් උපාධි තියෙනවා..S 3 තියෙන කෙනාටත් උපාධියක් තියෙනවා .. අන්තිමට 5 වසර ශිෂ්‍යත්වය වගේ තැනට මේ උපාධි වැටෙන්නේ ..