උපාලි කීර්තිසේන

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    උපාලි කීර්තිසේන

    8ASesS3.jpg


    “අම්මගේ ඇහැ ඔපරේෂන් කරලා අයින් කළා. අයියයි එයාගේ දරුවොයි අම්මට සලකනවා. ඒත් අම්මවයි මාවයි බලාගත්තු මල්ලි නැති අඩුව කාවටත් මකන්න බැහැ”.

    තමරා කීර්තිසේන කතා කළේ ඉතා දුක්මුසු හඬකින්. ඉඳහිට නැගෙන ඉකිය තදකරගන්න හදනකොට ඇගේ කටහඬත් මැකී යනවා. ඒ හින්දම හරස් ප්‍රශ්න අහන්නේ නැතුව අපි ඇයට කතා කරන්න ඉඩ දුන්නා.

    තමරා කීර්තිසේන කියන්නේ උපාලි කීර්තිසේනගේ අක්කා, වේදිකාව, සිනමාව වගේම පුංචි තිරය තුළත් දශක කීපයක් රැඳී සිටි උපාලි 2016 පෙබරවාරි 3 වැනිදා අතුරුදන් වූ පුවත බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණා. තවමත් ඔහු ගැන තොරතුරක් නැහැ. ඒත් අද වෙද්දී බොහෝ අයට උපාලිව අමතක වෙලා. දැන් ඔබ හිතනවා ඇති “රිද්ම” තුළින් අපි ඇයි මේ විදිහට උපාලිගේ මතකය අලුත් කරන්න හදන්නේ කියලා. අතුරුදන් වූ උපාලිගේ කතාවටත් වඩා අප හමුවේ සිටින උපාලිගේ අම්මගෙයි අක්කගෙයි කතාව ගොඩක් සංවේදී හින්දායි අපි මේ ඉඩකඩ ඒ කතාවට වෙන් කරන්න හිතුවේ.

    “අම්මගෙ ඇඟේ අසනීප තත්ත්වයක් තිබුණා. මීට කලිනුත් ඔපරේෂන් එකක් කළා. මල්ලිට වෙච්ච දේ ගැන හිතලම අම්ම ගොඩක් දුර්වල වුණා. අඬලා අඬලම ඇහැ තවත් නරක් වුණා….”

    දැන් ඔය දෙන්නා තමන්ගේ ජීවිතේ ගෙනියන්නේ කොහොමද?

    අයියගේ ළමයි උදව් කරනවා. මල්ලිගේ බැංකු ‍පොත් දෙකක සල්ලි තියෙනවා. ඒත් ඒවා ගන්න වුණත් අපි කාටවත් විදිහක් නැහැ.

    ඇයි ඒ ?

    ඒ සල්ලි ගන්න මල්ලිගෙ මරණ සහතිකේ ඉදිරිපත් කරන්න ඕනේ. අම්මා තදින්ම විශ්වාස කරන්නේ මල්ලි තවම ජීවතුන් අතර ඉන්නවා කියලයි. කවදාහරි මල්ලි එයි කියන අදහසින් අම්ම තවමත් පාර බලාගෙන ඉන්නවා. ඉතින් කොහොමද මල්ලිගේ මරණ සහතිකයක් ගැන අම්ම එක්ක කතා කරන්නේ.

    තමරාගේ කතාව සිහිපත් කරන්නේ “පුරහඳ කළුවර” චිත්‍රපටයේ කතාවමයි. වන්නි හාමිට (ජෝ අබේවික්‍රම) පුතාගේ මිනී පෙට්ටිය දැක්කත් ඔහු විශ්වාස කරන්නේ නැහැ තමන්ගේ පුතා මියගිය බව. ඒ තමයි අම්මා කෙනෙකුගේ, තාත්තා කෙනෙකුගේ ආදරයේ බල මහිමය.

    “සාස්තර බැලුවා. අංජනම් බැලුවා, ගොඩක් අය කියන්නේ මල්ලිව හිරකරගෙන ඉන්නවා කියලයි. ඒ අතරේ අපිව රවට්ටලා මුදල් ගත්තු වංචාකාරයෝත් හිටියා. ඒත් අම්ම තවමත් ඒ දේවල් විශ්වාස කරනවා.”

    මේ ප්‍රශ්නය නීතිය ඉදිරියටත් ගියා නේද?

    මල්ලිත් එක්ක අන්තිමට ඔය ගමන ගිය කෙනාව තමයි අපිට සැක. එයා හරි කපටි මිනිහෙක්. අපි ‍පොලීසියටත් එයාව සැකයි කියලා කිව්වා. එයා ‍පොලීසිය මගහැරියා. මම බොහොම උපායශීලී විදිහට එයාව ගෙදරට ගෙන්වා ගත්තේ. ඊට පස්සේ “ඔයා වැරදි නැත්නම් කට උත්තරයක් දෙන්න” කියලා ‍පොලීසියට එක්කරගෙන ගියා. ‍පොලීසිය එයාගේ කට උත්තරය අරගෙන ආපහු ගෙදර යැව්වා. දැන් එයා ආගිය අතක් නෑ. ජා ඇල තිබුණ එයාගේ සැලුන් එකත් වහලා දාලා.

    දැන් ඊළඟට මොනවද කරන්න හිතාගෙන ඉන්නේ ?

    වගකිවයුතු හැමෝටම බැගෑපත් වුණා. මගේ මල්ලී අවුරුදු දහයකින් හරි එනවා නම් අපි කැමතියි. ඒත් ඇත්තටම එයාගේ ජීවිතේට මොනා හරි වෙලා නම් අපි ඒක තහවුරු කරගත යුතුයි නේද? අර සැකකාර පුද්ගලයාගේ සැලොන් එක තිබුණේ ජා ඇල. මල්ලි නැතිවුණ අලුත ජා ඇල පැත්තේ ‍පොහොර බෑග් එකක දාලා මිනියක් තියෙන බව ආරංචි වෙලා අපිව කැඳෙව්වා.

    ඔබලා ඒ සිරුර හඳුනාගත්තද?

    නැහැ. ඊට පස්සේ ආයේම ඒක අතුරුදන් වෙලා කියලා දැනගන්න ලැබුණා. තවත් මාස ගණනකට පස්සේ අපිට ආයෙම කැඳවීමක් ලැබුණා. ශරීරයේ කොටස් හමුවෙලා තියෙන බවත්. ඩී.එන්.ඒ. පරීක්ෂණයකින් මේක මල්ලිගේ ශරීරයමද කියලා තහවුරු කරගන්න පුළුවන් බවත් දන්වලා. අම්මා අසනීපයෙන් සිටි නිසා මම ගිහින් ඒ පරීක්ෂණයට මුහුණ දුන්නා. අද වනතුරු ඒකේ කිසිම වාර්තාවක් නැහැ. අපි ගොඩක් දැන උගත් සමාජය ගැන ලොකු අවබෝධයක් තියෙන අය නමෛයි. අපි දන්නෑ ඩී.එන්.ඒ. පරීක්ෂණයක ප්‍රතිඵල එන්න කොයි තරම් කාලයක් ගතවෙනවද කියලා. 2017 දී විතර තමයි ඒ පරීක්ෂණය කළේ. අපි ප්‍රතිඵල එනකල් තවමත් මග බලාගෙන ඉන්නවා.

    ආරියවංශ කුලතිලක
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මූ එක්ක ට්‍රිප් එක ගිය යාළුවො ටික පොලිසියට ගෙනල්ල උන්ගේ ඇට ලාච්චුවේ දැම්මනම් ඇත්ත එළියට එයි.යාළුවො මාළුවො
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Mamath oya manussayata mokada une kiyala me lagadith nikam net eke hoyala baluwa hamba welada kiyala. Ada thamai meken danagaththe muu thamath na kiyala
     

    guy de alwis

    Member
    Jul 26, 2018
    4
    1
    0
    yaluwo ekka siripade gihin thama athurudhan une. meyath ekka giya aya kiyla thibuna meya thaniyen apasu enna ho wena parakin apasu enna awa kiyla, athurudhan wenkota laksha 3 -4 ratharan palada hitiya bawa thama kiyanne.policiya wadi unanduwakin mea gana hewwe nahe kiyala thama hithenne.aparade daksha naluwek,
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මේ සිද්දිය ගැන අදයි ඇහුව්වේ , පිස්සු හැදෙනවා නේ . මේ නළුවාට නම් කැමති නැහැ හැබැයි මේ වගේ ජනප්‍රිය එකෙක් නැති වෙලා හොයාගන්න බැරි නම් අපි වගේ එකෙක් නැති වුනාම පොලිසිය හොයලා බලයි ද???
    මෙතන වෙන ලොකු සින් එකක් තියනවා වගේ කව්රුත් කියන්නේ නැති
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මචන් මම පොඩ්ඩක් සර්ච් කරල බැලුව නෙට් එකෙ. මූ අන්තිමට ට්‍රිප් එකක් ගිහින් අනුරාධපුරයේ .ඊට පස්සෙ එතනින් සිරිපාදෙ එනව කියල ඇවිල්ලා.තනියම. එනකොටත් මුගෙ ඇගෙ ලොකු රත්තරන් චේන් එකකුයි,බ්‍රෙස්ලට්,මුදු තිබ්බලු. සුවර් එකට ඒ ටික ගන්න මරල දාන්නැති.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    පෝරිසාදයා;23467604 said:
    මචන් මම පොඩ්ඩක් සර්ච් කරල බැලුව නෙට් එකෙ. මූ අන්තිමට ට්‍රිප් එකක් ගිහින් අනුරාධපුරයේ .ඊට පස්සෙ එතනින් සිරිපාදෙ එනව කියල ඇවිල්ලා.තනියම. එනකොටත් මුගෙ ඇගෙ ලොකු රත්තරන් චේන් එකකුයි,බ්‍රෙස්ලට්,මුදු තිබ්බලු. සුවර් එකට ඒ ටික ගන්න මරල දාන්නැති.

    ඕව දාගෙන පාරේ යනවද බං අද කාලේ.මහ මෝ‍ඩ මනුස්සයෙක්.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මේ සිද්දිය ගැන අදයි ඇහුව්වේ , පිස්සු හැදෙනවා නේ . මේ නළුවාට නම් කැමති නැහැ හැබැයි මේ වගේ ජනප්‍රිය එකෙක් නැති වෙලා හොයාගන්න බැරි නම් අපි වගේ එකෙක් නැති වුනාම පොලිසිය හොයලා බලයි ද???
    මෙතන වෙන ලොකු සින් එකක් තියනවා වගේ කව්රුත් කියන්නේ නැති

    bump
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    muge phone eka ekema track karala balanna thibunane

    හැම දේම කරල බලල තමා බන් තියෙන්නෙ මගෙ හිතේ.
    මූ තනියම අනුරාධපුරෙන් එනකොට කවුරු හරි ගේමක් දෙන්න ඇති රත්තරන් බඩු ටික ගන්න