උබත් දැලඹුවෙක් තමයි- Motivation

EU Trader

Active member
  • Oct 19, 2018
    250
    163
    43
    උබත් දැලඹුවෙක් තමයි- ජිවිතේ දිනන්න

    සමහර විට උබේ ජිවිතෙත් දැලඹුවෙක්ගේ ජිවිතේ වගේ ඇති කවුරුවත් ගනම් ගන්නේ නැතුව ඇති ගොඩක් දුක් විදිනවා ඇති අතේ සල්ලි නැතුව ඇති එහෙනම් උබත් දැලඹුවෙක් තමයි.
    දැලඹුවෙක් දැක්කහම කවුරුත් ඒ දැලඹුවට ආදරේ කරන්නේ නැහැ මොකද ඌව ඇගේ ගෑ උනත් කසන්න ගන්න නිසා සමහර විට ඒක ඌට ආයුදයක් වෙන්න ඇති ඌව ආරක්ශා කරගන්න.
    උබත් දැලඹුවෙක්, උබේ දුප්පත් කම සල්ලි නැතිකම ආයුදයක් කරගනින් ජීවිතේ දිනපන්.
    සල්ලි නැතිකම දුප්පත් කම දුකට හේතුවක් කරගන්න එපා ඒක ආයුදයක් කරගනින්.
    දුප්පත් කම දැනෙන්න දැනෙන්න උබ හිතපන් ජිවිතේ දිනන්න ඕනී කියලා.
    උබ ආදරෙන් පැරදිලාද ජිවිතේ මොකක් හරිම දේකින් පැරදිලා වගේද? ඒ දේම උබේ ජිවිතේ දිනන Motivation එකක් කරගනින්.
    දවසක කවුරුත් ගනම් ගන්නේ නැති ඒ දැලඹුවා සමනලයෙක් වෙනවා සමනලයෙක් දැක්කහම ඒ දැලඹුවෙක්නේ කියලා කාටත් මතක නැහැ ඒ සමනලයට ආදරේ කරන්න ගන්නවා.
    දිනලා පෙන්නපන් උබේ ජිවිතේ හැමෝම උබට ආදරේ කරයි.
    මම දන්නවා උබ ගොඩ එනවා කියලා උබ ජිවිතේ දිනනවා කියලා.
    මම උබව විශ්වාස කරනවා..




    Rep ලබාදෙන කට්ටියටත්,
    Bump ලබාදෙන කට්ටියටත්,
    අනිත් කට්ටියටත් ගොඩක් ස්තුතී.
    අසා සිටි බලා සිටි ඔබ සැමටත් ස්තුතී.
    පින් ඇත්තෝ අනුමෝදන් වෙත්වා!!



    ( http://www.elakiri.com/forum/showthread.php?t=1886079 )- ජිවිතේ ජයගමු Keep Trying
     
    Last edited: