මං ඩිග්රිය අවසන් කරන්න ආසන්නව ඉන්නවෙලාවෙ හිතුවෙවත් නැති විදිහට අම්ම නැති වුනා. ඒ එක්කම කෙල්ල යාලු වෙලා හිටපු ගෙදරින් අපිත් එක්ක තිබුනු සම්බන්දෙත් නැති වුනා. අම්මට අවුරුද්දෙ දානෙ දෙන්නත් ඉස්සර වෙලා තාත්ත අපිව දාල ගියා. ක්රිබ් එකට වැටිල ලීස් කරල බයික් එකක් ගන්න බැරුව හිටපු මගෙ ලගම යාලුවෙක්ට මගෙ නමටම බයික් එකක් අරන් දීල ඒකට 94000ක් ණය වුනා. කොටින්ම 2017-2018 අවුරුදු දෙක මගෙ ජීවිතේ තනිකර කණපිට ගැහුව. මට තාමත් හිතාගන්න බැරුව ඉන්නෙ මට මොකද වුනේ දැන් මොකද කරන්නෙ කොහෙන්ද පටන් ගන්නෙ කියල
අනිත් කිසිම දෙයක් නැති වුන එක ගැන මට දුක නෑ. ඒත් අම්ම නැති වුන එක මට තාමත් හීනයක් වගේ රෑට නිදාගන්න යන හැම වෙලාවටම මතක් වෙනව ඒ වෙලාවට මාර දුකක් දැනෙන්නෙ මට අසාධාරණ ජීවිතයක් ලැබුනෙ කියල හිතෙනව. මේ කියල තියන දේවල් මම වෙන කිසි කෙනෙක් එක්ක කියලත් නෑ කියන්න එහෙම කෙනෙකුත් නෑ දැන්. මේක තමයි මචන් මගෙ ජීවිතේ වේදනාත්මකම අත්දැකීම