අපේ පන්තියේ (2-3 වසරේ) නිතරම බයිට් කරන කොල්ලෙක් හිටිය. අපි කිව්වේ "ඩන්කන්" කියල. නියම නම මතක නැහැ. නමේ කොටසක් වෙන්න ඇති. දවසක් කොල්ලෝ එකතුවෙලා වටවෙලා ඌව බයිට් කරන කොට මම කැ ගහල කිව්වා මුගේ කලිසම ගලවමු කියල. එත් මු දුවල පැත්තකට ගිහිල්ල බේරුනා.
එත් එක දවසකට පස්සේ ඉදල ඩන්කන් ඉස්කෝලේ ආවේ නැහැ. තාත්තල කිව්වා එයයි, පවුලේ හැමෝම මැරිලා කියල. බොහොම දුප්පත් පවුලක්ලු. අල වගයක් තම්බගෙන කාල මැරිලා තියෙන්නේ. ඒ අතර වස අල ජාතියක් තිබිල.
මතක් වෙනකොටත් දුකයි.



බිලී ද කිඩ්, කොට නිහාල් ලා එක්ක කරට කර සටනක මූ ඉන්නවා...

