උඹලගේ Driving Patterns | Skills | Habits මොනවද?

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    හ්ම්ම්.. මේකයි කාරණේ.. අපි එකිනෙකා වාහන එලෝන විදි වෙනස් නේහ්.. හැමෝටම ආවෙණික විදි තියෙනවා.. උඹලට ආවේණික උඹලගේ විදි මොනවද..?

    මට මේ නූල දාන්න හිතුනේ අද උදේ මම වම් පැත්තෙන් අයින් කරලා නැවැත්තුවා කෙනෙක්ව බස්සන්න.. පස්සෙන් ආපු වීල් එකක්, මූ මගේ පස්ස ගාවින්ම කැපුවානේ.. මම බලාගෙන කණ්නාඩියෙන් දැන් වද්දයි දැන් වද්දයි කියලා.. මූ කන ගාවින් අරගෙන තව මට අත දික් කරල බයිනවත් එක්ක යනකොට.. ටවු කන්ඩ.. වෙලාවකට එපා වෙනවා වාහන එලවන එක..

    මෙහෙමයි මගේ විදි.

    1) මම යන්නේ හෙමින්.. කිසි කලබලයක් නෑ.. හයිවේ 100 ට එහා පාගන්නේ නෑ.. අවශ්‍යම උනොත් ඕටෙක් කරනවා.. Risky overtake නෑ..වංගුවල අනිවා හෝන් ගහනවා.:rofl: පාර මාරුවෙන අය / හරවන්න බලන් ඉන්න අයට මම ඉඩ දෙනවා.. හතර මං හන්දිවල හොඳට බලලා තමා දාන පැත්තකට දාන්නේ..
    2) ඉස්සර සබ් එක දාගෙන EDM දාගෙන සද්දෙට එළවපු කාලයක් තිබ්බා.. එහෙම එලවද්දි කුලප්පුවක් එනවා.. එලවන්නෙත් වේගෙන්... නොසන්සුන්. පස්සේ හිතලම නවත්ත ගත්තා.. දැන් Door speakers only. ගාන්ට දාගෙන යනවා.
    3) Accident 1st ගොඩාක් ඉවහල් උනා පාලනයක් ඇතිව එලවන්න..
    4) රිවස් අවුලක් නෑ.. කණ්නාඩි දෙක බලලා මීටර් 100 ක් හරි රිවස් කරන්න පුළුවන්..
    5) මට අහු මුලුවල පාක් කරද්දි මම ටිකක් nervous ... මට බයක් එනවා වදී , ගෑවෙයි කියලා.. හිතේ හැටියට මට නිදහසේ පාක් කරන්න ඕන.. එහෙම බැරි තැන් වල මම එහාහින් ඉඩ තියෙන තැනක නවත්තනවා.
    6) අහු මුලු අතරින් රිවස් කරන එකත් මට පේන්නම බැරි උට්ටක්.. :dull:
    7) ගෙදර මිනිස්සු, විශේෂයෙන් තාත්තා එක එලවද්දි හයියෝ එපා වෙනවා... එයා ඉස්සරහ කියන්නේ ඉවරයි.. එයා කියන විදියට ඕනේ එලවන්න.. ගිය සතියේ නුගේගොඩ ගිහින් එපාම උනා.. :growl::growl::growl:
    8) මට හරවන්න ඕනේ උනොත් හිතට සැටිස් පොට් එකක් හම්බවෙනකන්ම මම ‍යනවා.. ඉස්සරහ හිටපු එවුන් මට ඕනේ තරම් බැනලා තියෙනවා කොහෙද උට්ටෝ යන්නේ අතනින් හරවන්න තිබ්බනේ කියලා.. ඒත් මට සැටිස් නැත්නම් මම හරවන්නේ නෑ..
    9) මොකක් හරි පොට් එකක් හොයාගෙන එලෝනවා කියන එක එපා වෙනවා.. ඒ කිව්වේ Drive කරන ගමන් කෝ කෝ මෙතනද එහාද. ගගා එලවන්න මට අමාරුයි.. පස්සේ උන් හෝන් ගහනකොට එපා වෙනවා..
    10) එලවද්දි කෝල් ආන්සර් කරන්නේ නෑ.. නවත්තලා තමා ගන්න එකක්..
    11) ඉස්සරහ මොකෙක් හරි ගාටන කොට හරි වාත වෙනකොට හරි. "අයියෝ මොන උට්ටක් කරන්වද මන්දා " කියලා කටට එනවා..
    12) ඕන බඩ කඩිත්තුවක් එලවන්න පුළුවන්.. ඔටෝ මැනුවල්..
    13) සාමන්‍යය වේගෙන් යනකොට ආහ් මෙතනින් නවත්තන්න කීව ගමන් මම නවත්තන්නේ නෑ.. ටිකක් ගිහින් තමා නවත්තන්නේ.. එක පාරට නැවැත්තුවොත් බඩුම තමා. කලින් හරෝන තැන් මට කියන්න ඕනේ.. නැත්නම් මම ගහගෙන යනවා.. ලොල්..
    14) මොනම හේතුවක් මතවත් අනික් Drivers ලට අපහසුතාවක්, වාතයක් වෙන විදියට එලවන්නේ නෑ.. පාර්ක් කරන්නෙත් නෑ..
    15) දැනට අවුරුදු 18 ක ඉඳන් එලෝනවා.. එකම දවසයි හැප්පුනේ යූ ටර්න් එකක් ගහන්න ගිහින් ඉස්සරහා එකා එක පාරට බ්‍රේක් ගැහුවා.. ඉස්සරහ කුඩු උනා..

    උඹලත් දාගෙන පලයල්ලා..
     

    dingi man

    Active member
  • Feb 2, 2015
    214
    72
    28
    mma nam oya heppena ewwa gena hitanne ne ban.. onna ohe wikunanakotama paint eakak gahala denawa.. danata ohee pawichchi karanawa
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    පුලුවන්තරන් හෝන් එක ගහගෙන, හමුවෙන හැම ඉඩකින්ම රිංගලා, දකුණෙන් වමෙන් දෙකෙන්ම ඉස්සරකරන්, කිසිම එකෙකුට ඉස්සර කරන්න දෙන්නේ නැතුව ,අතුපාරවල් වලින් එකෙකුටවත් පාරට දාන්න දෙන්නේ නැතුව, කහ ඉරෙන් පාර පනින උන්ටත් බැනගෙන මගේ ගමන මම යනවා................ 😎😎
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    අඩේ. අහන්නත් සතුටුයි මම වගේ habits තියෙන එකෙක් ගැන :love:
    ඔතනින් වෙනස් වෙන්නේ අහුමුළු parking වලදි nervous වෙන එකයි, ඕනිම එකක් driving කරන්න පුළුවන් කිව්ව එකයි විතරයි.මට තියෙන්නේ CC1 category (old license). ඒ නිසා වෙන එව්වා බෑ. කලාතුරකින් වගේ හදිස්සි වෙනවා නොදැනීම. ඒ වෙලාවේ හදිස්සියක් ඇත්තටම නැත්නම්, හිතලම control වෙනවා. තව මම සින්දු අහන්න කැමති නෑ driving වෙලාවෙදි.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    *උදේටනම් කෙළගෙන වැඩට එනවා .පාරේ ඉන්න කෙල්ලෝ දිහා බලන්නේ නැ .එක පාරක් බලන්න ගිහින් කාර් එකක ඇන්න .
    ඔෆ් වෙලා එනකොට නම් හිමිට එන්නේ

    *වයිෆ් ගේ ගෙදර අය එක්ක වාහනේ යන්න කැමති නෑ .නැග්ගොත් කාට හරි බැන බැන යනවා එපාවෙනවා.

    *වයිෆ් ගේ ගෙදර ය එක්ක යනවනම් වයිෆ් ඉස්සර සිට් එකට එන්න ඕනේ නැත්නම් අව්ල් .

    *හයියෙන් සින්දු අහන්නේ නැ .

    *වාහනේ යද්දී කාත් එක්කවත් කතාකරන්න ආස නැ යාලුවෝ වයිෆ් ඇරෙන්න

    *ලෝන්ග් ඩ්‍රයිව් වලට පට්ට ආසයි.

    *පාරේ ඉඩ දෙන්නේ නැති උන්ගේ ඇගට කපනවා හිටපු ගමන්

    *කාර් එක පරණ නිසා හයිවේ එකේ 100 ට යන්නේ නැ .යන්න ඕන උනොත් යනවා .70-80
    වගේ තමා යන්නේ ඒ යනකොටත් ඊට වඩා ලොටන උන් හම්බෙනවා කියනකො ඔක්කොම අලුත්ම වාහන හයිබ්‍රිඩ්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මම ඉතින් බයික් එකේ තමා ගමන වැඩි හරියක්, ට්‍රිපක්/ඕප් රෝඩ් පාරක් ගියොත් තාත්තගෙ වාහනෙ අරන් යන්නෙ

    1. හිමීට යන්නෙ 50/60. හයිවෙ උනත් උපරිම 90 තමයි. පරන වාහන යන්න පුලුවන් උනාට ඕනෙ තැන නවත්තන්න බෑ.
    2. මට නන් සින්දු ඇලජික් ඒ වෙලාවට, දාන්නෙත් නෑ. එන්ජින් ආර් පී එම් එකයි, ටයර් සද්දෙයි ඇහෙන්න තියෙන්නෙ ඕනෙ. කතා කරනවටත් මම කැමති නෑ.
    3) කලින් බයික් එක එක පාරක් පෙරලුනා, වෙන හැප්පිලා නෑ
    4) රිවස් අවුලක් නෑ.
    5) පාක් කරද්දි ඉඩ තියෙන තැනක නවත්තනවා.
    6) අපේ තාත්තත් එහෙමයි, කන්ද පේනකොට ගියර් එක දාගන්ඩ ඕනෙ. අනික වලක් තියනව නන් එයා දකුනෙන් දාන්ඩ හිතන් ඉදල, මම වමෙන දැම්මොත් ඒකටත් බනිනව.
    එයාගෙ හිතෙ තියන ට්‍රැක් එකෙක් මම යන්ඩ ඕනෙ
    7) මට හරවන්න ඕනේ උනොත් හිතට සැටිස් පොට් එකක් හම්බවෙනකන්ම මම ‍යනවා
    8) මොකක් හරි පොට් එකක් හොයාගෙන එලෝනවා කියන එක එපා වෙනවා. එක්කෝ මැප් එකෙ බලාගෙන යනවා.
    9) කෝල් කරන එකා අනුව වෙනස් වෙනව, ටවුන් එකෙ නන් ගන්නෙ නෑ, ඈතක නන් , පාලු පාරක නන් ගන්නව
    10) ඉස්සරහ මොකෙක් හරි ගාටන කොට හරි වාත වෙනකොට හරි. ඌට ඉඩ එනකන් ඉදලා, ලයිට් එක පාරක් ගහල ඉඩ ඉල්ලනව, හෝන් ගහල ඉල්ලනවා.
    දෙන්නෙ නැත්නන් කොහෙන් හරි දාල උගෙ ඇගටත් අල්ලලා ගන්නවා
    11) ඕන බඩ කඩිත්තුවක් එලවන්න පුළුවන්.. ඔටෝ මැනුවල්..
    12) පිටිපස්සෙ එන එකා අනුව නවත්තන්නෙ, රයිඩර්ලා / ඒ බී එස් නෑ වගේ නන් පොතෙ විදියට නවත්තන්නෙ
    13) පාඩුවෙ යන අයට මොනම හේතුවක් මතවත් අනික් ඪ්‍රිවෙර්ස් ලට අපහසුතාවක්, වාතයක් වෙන විදියට එලවන්නේ නෑ. පාර්ක් කරන්නෙත් නෑ.
    14) දැනට අවුරුදු ~ 20 ක ඉඳන් එලෝනවා. බයිල් එක පෙරලුනා එක පාරක්.
    15) රෑට / පාන්දරට තමා යන්ඩ බලන්නෙ, කොහෙ හරි දුර යනව නන්.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,970
    21,990
    113
    ගම මහනුවරයි
    Mata penna ba 3 wheel bike wam paththen overtake karanwa.. block assen ringanna enawata 🤬🤬🤬 un laginma kapana Eka mara prashnayak.. unta mara confident.. 😐

    Shutters pahath karala banapu welawaluth nathuwama nemei... Wamen overtake karana ewunta...

    But man inne waddapuwama ugenma okkoma salli aran hadanna... Mokada un padamak igenaganne na nathanm...

    Issara math sindu ahagena yanne.. but dan adu karala thiyenne.. mokada waddala giyath ahenne na 😂😂 Eka parak ehema una...

    Slow yanne... 60 limit Eka... Apita highway nane... 🤷‍♂️ 80 wage max yana welawal nathuwamath na..

    Bike , 3wheel ewunta parata daddi Ida denne na whane bagayak pare dagena ... Balen yanna innawa nam..... But car ekak dagalanawa nam man nawaththala Ida denawa...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    ඕනෙම එකෙක් ගේ වාහනයකට අඟලක් දෙකක් වෙනකන් ළං කරලා මානසිකව වට්ටනවා. ඉස්සරහා එකා කොටනව නම් ලොරි හෝන් ගහනවා. (කාර් වුණාට, හෝන් ලොරි).

    ආමි කාරයෝ, ත්‍රී වීල් එවුන් එක්ක වළි දාගෙන තියෙනවා.

    බස්, ට්‍රිපර් අයට හෙ'ඩ් ලයිට් ගහලා සප් එක දෙනවා.

    අනතුරු වෙන්න යන එව්වා දකිද්දී හෙඩ් ලයිට්, හෝන් ගහලා අවදානම පෙන්වනවා.

    ගෑණු එළෝනවා පේන්න බෑ.... දැක්කොත් කොහොම හරි over take කරනවා නැත්නම් මැද ට වෙන වාහන 2,3ක් දාගන්න වා.


    Priority list

    Pedestrians
    Cyclists
    Bikers
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,112
    113
    පාරෙ වහාන නැත්තම් ස්පීඩ් ලිමිටං එක ලං වෙනකන් පාගනව නැත්තම් හෙමින් යනව.

    කවදාවත් මංතීරු දෙකක පාරක U Turn ගහන්නෙ නෑ. ළඟතියන කඩයක් ඉස්සරහට රිවස් එක ගහල දකුණට කපල යනව.

    හයිවේ එකේ 100 තියාගෙනම යනව.

    ඉස්සරහ කහ ඉරක් දැක්කාම ස්ලෝ කරනව.

    වැස්සකදි පාරෙ පයින් යන මිනිස්සුන්ට පාර පනින්නයි බයික් වලටයි ඉඩ දෙනව.

    පස්සෙන් ඇවිල්ල හෝන් හෙඩ් ගහද්දි වමට කරල ස්ලෝ කරල ඉඩ දීල උගෙ පස්සෙන් ගහින් මමත් හෝන් එකක් ගහනව හෙඩ්. මේක තමයි මගෙ නරක පුරුද්ද.

    ට්‍රැෆික් එකේදිත් පස්සෙන් ඇවිත් හෝන් ගහනවනම් ඉඩ දෙන්නෙම නෑ.

    බේසික් නීති ඒ විදියටම පිලිපදිනව. තනි ඉරේ ඉස්සර කරන්නෙ නෑ වටරවුමෙ දකුණෙ උන්ට ඉඩ දෙනව.

    අවුරුදු 4ක් ඩ්‍රයිවින් මාම ට්‍රැෆික් එකේ ඉද්දි පස්සෙන් එකෙක් ඇවිත් හැප්පුව ඒක තමයි එකම හැප්පිල්ල.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    1. මට බං 0 ඉදල මම යන speed එකට පුලුවන් තරම් ඉක්මනට එන්න ඕනේ.. ඒ නිසා අතුරු පාරක හරි ඉදල main එකට දැම්මොත් ලොවෙත් මගේ ගානට එනකම් එකතැන පාගල ගන්නවා (ඒ කිව්වෙ මගේ වේගෙ 60 කියහන්කෝ 0 ඉදලා ඒ ගානට මට ඉක්මනට එන්න ඕනේ.. හිමීට accelerate කරන එක අරහන්..

    2. වෙන උන් හයියෙන් යන්න පුලුවන් පාරෙ 30-40ට කොටනව දකිද්දි මට මල පනිනවා..:angry: ඒ නිසාම මමත් කවදාවත් එහෙම කොටන්නේ නෑ (මට වගේම අනිත් උන්ටත් උන්ගේ කාලෙ වටිනවනේ) ඒ නිසා හැමවෙලේම මට ඉස්සරහින් තියෙන වාහනේ speed එකටමයි මමත් යන්නේ... අම්මලා ඔය කඩයක් බලන්න slow කරන්න කිව්වත් මම එහෙඅ ය්න්නැ.. ඕන්නම් කඩේ පහු උනොත් හරවන් යනවා ඇරෙන්න...

    3. මම ඉතිම් කොළඹ නෙවෙයිනේ.. මෙහෙ තියෙන්නෙ ඇරල යන්න පුලුවන් කෙලින් පාරවල්:D ඉතිම් ටවුන් එකෙන් පිට වාහන නැත්තම් මගේ max speed එක 90-100kmph... මේක තමා අප්පච්චි එක්ක යද්දි එපාම වෙන තැන මොකද අප්පච්චිගේ max speed එක 80kmph.. ඉතිම් හැමවෙලේම චුරු චුරුව:dull: ගොඩක් වෙලාවට 90kmph තමා යන්නේ..

    4. තනි ඉර කැපිලි සහ කහ ඉරේ ඉස්සර කරන එක ලයිසන් ගත්ත දවසේ ඉදලම පුරුද්දක් විදිහට කරන්නේ නෑ...


    විශේශයෙන් තියෙන්නේ ඔය 4 තමා බන්.. (පාරෙ එලවන්නෙනම් සෑහෙන් කල කිරිලා අහු මුලු වලින් දාල විනයක් නැතුව එලවනවා දකිද්දි මටනම් එකසිය ගානට මල පනින්වා ඉතිම්:andry::dull: )


    5. p.s.- ආහ් තව එකක්.. මට 50-100m ක් විතර එක කෙලින් reverse කරන්න සෑහෙන අමාරුයි.. මේ පැතිවල පාරවල් ලොකු නිසා එහෙම කරන්න වෙන්නෙම නෑ.. එ නිසා එහෙම කරල පුරුද්දක් නෑ... ඒ හින්දම එකපාරක් කෑගල්ලේ ගිහින් පටු පාරක ආපස්සට හෙන දුරක් යන්න වෙලා මල කට්ටක් කෑවා.:dull:
     
    Last edited: