1. මට බං 0 ඉදල මම යන speed එකට පුලුවන් තරම් ඉක්මනට එන්න ඕනේ.. ඒ නිසා අතුරු පාරක හරි ඉදල main එකට දැම්මොත් ලොවෙත් මගේ ගානට එනකම් එකතැන පාගල ගන්නවා (ඒ කිව්වෙ මගේ වේගෙ 60 කියහන්කෝ 0 ඉදලා ඒ ගානට මට ඉක්මනට එන්න ඕනේ.. හිමීට accelerate කරන එක අරහන්..
2. වෙන උන් හයියෙන් යන්න පුලුවන් පාරෙ 30-40ට කොටනව දකිද්දි මට මල පනිනවා..

ඒ නිසාම මමත් කවදාවත් එහෙම කොටන්නේ නෑ (මට වගේම අනිත් උන්ටත් උන්ගේ කාලෙ වටිනවනේ) ඒ නිසා හැමවෙලේම මට ඉස්සරහින් තියෙන වාහනේ speed එකටමයි මමත් යන්නේ... අම්මලා ඔය කඩයක් බලන්න slow කරන්න කිව්වත් මම එහෙඅ ය්න්නැ.. ඕන්නම් කඩේ පහු උනොත් හරවන් යනවා ඇරෙන්න...
3. මම ඉතිම් කොළඹ නෙවෙයිනේ.. මෙහෙ තියෙන්නෙ ඇරල යන්න පුලුවන් කෙලින් පාරවල්

ඉතිම් ටවුන් එකෙන් පිට වාහන නැත්තම් මගේ max speed එක 90-100kmph... මේක තමා අප්පච්චි එක්ක යද්දි එපාම වෙන තැන මොකද අප්පච්චිගේ max speed එක 80kmph.. ඉතිම් හැමවෙලේම චුරු චුරුව

ගොඩක් වෙලාවට 90kmph තමා යන්නේ..
4. තනි ඉර කැපිලි සහ කහ ඉරේ ඉස්සර කරන එක ලයිසන් ගත්ත දවසේ ඉදලම පුරුද්දක් විදිහට කරන්නේ නෑ...
විශේශයෙන් තියෙන්නේ ඔය 4 තමා බන්.. (පාරෙ එලවන්නෙනම් සෑහෙන් කල කිරිලා අහු මුලු වලින් දාල විනයක් නැතුව එලවනවා දකිද්දි මටනම් එකසිය ගානට මල පනින්වා ඉතිම්:andry:

)
5. p.s.- ආහ් තව එකක්.. මට 50-100m ක් විතර එක කෙලින් reverse කරන්න සෑහෙන අමාරුයි.. මේ පැතිවල පාරවල් ලොකු නිසා එහෙම කරන්න වෙන්නෙම නෑ.. එ නිසා එහෙම කරල පුරුද්දක් නෑ... ඒ හින්දම එකපාරක් කෑගල්ලේ ගිහින් පටු පාරක ආපස්සට හෙන දුරක් යන්න වෙලා මල කට්ටක් කෑවා.