උඹලට වැදිලා නැද්ද(මෙහෙ ඇවිත් දාලා යන්න)

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේකත් හෝමෝද ? :shocked: :shocked:
    කවුරු හරි මට ලඞ්කාවෙ හෝමෝ සින්දු ටික ලිස්ට් එකක් වශයෙන් දාපංකො :baffled: :baffled:
    තේරුං එක්ක :baffled: :baffled:
    මං හිතුවෙ පුන් සඳ රෑට ඇවිදින් එක විතරයි කියල හෝමෝ සින්දු වලට තියෙන්නෙ :sorry: :sorry:

    ඒ දෙසැම්බර් මාසයේ එක් වැහිබර හීතල හැන්දෑවකි. සිහින් පොදක් සමඟින් අපි බෝඩිං කාමරයට පිවිසුනේ හවස හය හමාරට පමණි. සුරතේ තිබූ පොත් කිහිපය මේසයට විසිකල අපි ඉක්මනින් නාගෙන පැමිණියේ බදුලු සීතල කපාගෙන යන උණුසුම් ඉඟුරු තේ එකක්ද සුරතින් රැගෙනය. පුටු ඇන්දේ නවා දමා තිබූ උදාරයාගෙ ඩෙනිම ගුලිකොට ඇඳට වීසිකල මම පුටුව අනිත් පැත්ත හරවා කකුල් දෙපැත්තට දමා එහි උනෙමි. ඒ වෙනවිටත් ඇඳ වියලට බරවී තේක බොමින් පොතක් දෙස බලා සිටි ලකියා මං වීසිකල ඩෙනිම ගෙන දොර මුල්ලට වීසි කරන විට ඉතා මනරම් වාග් මාලාවකින් අප දෙදෙනාටම සංග්‍රහ කල උදාර ඩෙනිම රැගෙන කාමරය හරහා ගැටගසා තිබූ රෙදි වැලට දැම්මේය.

    "අඩේ දාපන්කො බං සිංදුවක්" මම කීවෙමි.

    උදාරයා උගේ ෆෝන් එක ගෙන ගීතයක් ප්ලේ කොට එය මේසය මතට වීසි කලේය.

    එය මා ඇළුම් කල ගීතයක් විය. කෙසේ වුවද උදාර ගීත විචාරය පටන්ගත්තේය.

    "බලහංකො බං මේකි කියන කතාව, ඒකිගෙ මල්නම් පිපිලලු. ඒත් ගෙඩි නෑලු. ඕකිට ගෙඩි හදල දෙන්නනම් පුලුවන්...."

    ඔහු එසේ කීවේ ගීතයේ "මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට.." යන කොටසටයි.

    මමද හූ මිටි තියමින් උගේ කතාවට පෝර දැම්මෙමි.

    "ඒ ඕක නවත්තපං බං." ලකියා එසේ කීවිට අප පුදුම වූයේ වෙනදට මෙවන් කතාවල පුරෝගාමිය ඔහු වන හෙයිනි. එනිසා ඌ කීව එක මායිම් නොකර අපි අපේ විචාරය දිගටම කරගෙන ගියෙමු. කටට බ්‍රේක් නැති උදාර තවත් හිරිකිත කතාවක් කියා දැම්මේය. මටද හිනාව නවත්තාගත් නොහැකි විය. අපි දෙදෙනා හඬ නගා සිනාසුනෙමු. එක්වරම සිදුවූයේ නොසිතූ දෙයකි.

    'දඩාස්' හඬින් ලකියා උගේ අත තිබූ පොත පොළොවේ ගැසීය. "අඩෝ @#%තො. ඔය කතාව නවත්තගනින්." යි මහ හඬින් කෑගසමින් ඇඳෙන් පැන අප දෙදෙනා අසලට පැමිණ අප දෙස බලා හිඳ දිගු සුසුමක් හෙලීය.

    "මචං ඔය සිංදුවට මොකවත් කියන්නෙපා. මං ඔය සිංදුවට ගොඩක් ආදරෙයි බං. මං විතරක් නෙවෙයි, අපේ ගම් පළාතෙ හැමෝම ඔය සිංදුවට ආදරෙයි. ඔය අපේ ගමේ කතාව බං. ඔය අපේ ගමේ හැම ගෑනියෙක්ගෙම ජීවිතේ මචං. ඔය සිංදුවේ විදියටම අද රෑටත් අපේ ගමේ එවුන් හේන් රකින්න යනව බං. ගෑනු තනියම ගෙවල්වල හූල්ලනවා. උන් උන්ගෙ තරුණ කාලෙ හේනට කුඹුරටම දියකරනවා. තමන්ගෙ අලුත බැඳපු කෙල්ල කටු මැටි ගෙදර තනියෙන් දාල මූණ ඉඹල යන කොල්ලා සමහර විට ආයෙ ගෙදර එන්නෙ නෑ. ඌට අලි ගහනවා. ඕකයි මචං අපේ ගමේ ජීවිතේ. ඒ නිසා ඔය සිංදුවෙන් කියන්නෙ අපේ ගමේ ජීවිතේ බං. අපේ කෙල්ලොන්ගෙ ජීවිතේ. අපේ කෙල්ලන්ගේ ප්‍රාර්ථනේ. ඒනිසා අපි කවුරුත් ඔය සිංදුවට ජාතික ගීයට වගේ ආදරෙයි. ඒ නිසා ප්ලීස් මචං, උඹල වෙන ඕනි සිංදුවක් බයිට් එකට ගනිල්ලා. ඒත් මේ සින්දුව ජෝක් එකකට ගන්නෙපා.
    "ඒක හරියට අපේ ජීවිත ජෝක් එකකට ගත්තා වගේ. අපේ ගෑනුන්ව අපහාසෙට ලක්කෙරුව වගේ. අපේ ගමේ ඉන්නෙ හරි අහිංසක මිනිස්සු බං"
    කියමින් ඔහු හිස් තේ කෝප්පයද ගෙන කාමරයෙන් පිටව ගියේය. අපි දෙදෙනාට කට උත්තර නැතිවිය. ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ අපි මූණෙන් මූණ බලා සිටියෙමු.

    ලකියා නොහොත් ලක්ෂාන්, උසස් පෙළ සඳහා බදුල්ලට පැමිණියේ අම්පාරේ සිටය. එනම් දිගාමඩුල්ලේ සිටය. එනිසා ඔහු මෙම ගීතයේ සුවඳ උපරිමේට විඳගත් අයෙකු විය. ලකී වැඩිපුර සිංදු අහපු එකෙක් නෙවෙයි. උගේ පවුලේ හේන් ගොවිතැන් කරන කවුරුත් හිටියෙත් නෑ. ඒත් ඌට උගේ ගමේ සුවඳ හොඳටම දැනිල තිබුනා. ඔහු ඒ අව්‍යාජ ගැමි සුවඳට දැඩිව බැඳිලා හිටියා.නමුත් මේ ගීතයේ කතාව අපේ ජීවිතයට එච්චරම සමීප නැති නිසා අපිට ඒ සංවේදී හැඟීම ඒ දවස් වල එච්චරම දැනුන් එ නෑ.නමුත් ලකිය අපි දෙන්නටම හොඳ පාඩමක් කියල දුන්නා. එදා ඉඳන් මේ ගීතය මගේත් ගීතයක් උනා.

    ගීතය ඇහෙන හැම වෙලාවකම රටේ එක් කොටසක දිවි ගෙවන මගේම අයියලා, අක්කලාගෙ, මල්ලිලා නංගිලාගේ දාඩිය සුවඳ, ඔවුන්ගේ දුක වේදනාව මටත් දැනෙන්න ගත්තා. උන් මගේම එවුන් කියල මගේ පපුවට දැනෙන්න පටන්ගත්තා. ඒ විතරක් නෙවෙයි, ගීතය ඇහෙන හැම වෙලාවකම සීතල බදුල්ලට හිත දුවල ගියා. ජීවිතේ එක් පරිච්ඡේදයක් වෙච්ච හුරුපුරුදු බෝඩිං කාමරේ උනුසුම ආයෙත් හදවතට ගෙනාව. ඔක්කොටම වඩා රත්තරං යාලුවෙක්ගෙ සංවේදී හදවතක රස්නෙ හුඟාක් ළඟින් දැනෙන්න ගත්තා.

    *******************************

    ඉතිං මේ මතකයන් පෙළත් එක්ක විනාඩි හතලිහක් ගෙවිල ගියා. අර මුලින් කිව්ව කර්ණාංජලිකාව මොහොතකටවත් ඇහුනෙම නෑ. කොහොමහරි බහින තැනත් ළං උනා. මං එතනින් බැහැගත්තා. බස් එක ඈතට ඇදිල යනකොට "හිත හිරිවට්ටන ඔය ලොකු ඇස්දෙක ලියාගන්න සින්නක්කර.." යැයි කිසියම් පිසාචයකු කාන්තා ඇස් දෙකක් උගුල්ලා ගලවා උගේ අතට සින්නක්කරේටම ලබාදෙන ලෙස ඉල්ලමින් කෑමොර දෙනු මගේ දෙසවනට ලාවට ඇසීයමින් තිබුනා.

    මෙවන් ගීත යැයි කියාගන්නා අඳෝනා අතර ඉහතින් කී ගීතය තැබිය යුත්තේ කිනම් මළුවකදැයි ගෙදරට පයින් එනතුරුම මගේ හිත මගෙන් ප්‍රශ්න කරන්න ගත්තා.

    "පුන් සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
    රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද
    තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ
    රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිව

    නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
    පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට
    මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
    මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට

    රන් කඳ සේම පින්සර මාගෙ ඇතු නිදන
    රන්මල් යාන හීනෙන් දකින පින පමන
    තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන
    රන්කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන"

    ගායනය - නිරෝෂා විරාජිනී
    පද - රත්න විජේසිංහ
    තනුව - ඔස්ටින් මුණසිංහ

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
    පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
    සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
    අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මල් මල් හීනය සීතල උදයේ පැල්පත් මීදුම මැද ඇඳිලා..
    නිල වන් අහසේ පින් බර යුගයක රන්වන් රන්වන් හිරු නැගිලා

    නන්දා මාලිනී කියන මේක මට ඇහුනේ, යුද්දෙ ඉවර වෙලා ටික දවසකට පස්සේ.. එදා උදේන්ම මම වැඩට යමින් හිටියේ.. හෝමාගම ඉඳන් පිටකොටුව යන 138 බස් එකක.. ඒ වෙලාවෙ බස් එක මාකුඹුරේ හයිවෙ එක හරහා තිබුන වෙල මැදින් යනගමන් තිබ්බෙ.. එතකොට හයිවෙ එක හදලා තිබුනේ නෑ.. මාකුඹුර පිවිසුම තිබුන තැන තිබ්බෙ මහා විශාල වෙල්යායක්.. එක මැදින් තමයි 138 පාර තිබුනේ.. බස් වල ඔයවගෙ සින්දු යන්නෙ නැති උනත් ඒ බස් එකේ වෙළඳ සේවය දාලා තුබුනේ.. මට තවම මතකයි වෙල පැත්තට වෙන්න ඉර පායගෙන ඇවිත් තිබ්බා.. වෙල මීදුමෙන් වැහිලා තිබ්බේ.. පැල්පත් මුකුත් තිබ්බෙ නැති උනත් ඈතින් මීදුම අස්සෙන් නියර දිගේ පාරට එන මිනිස්සු ටිකක් නම් දැක්කා.. මට එද හිතුනා දැන්නම් රටේ ප්රශන් ඉවරයි.. අපේ ජාතියටම දැන් නිදහසේ ඉන්න පුලුවන්.. මේ වගේ උදයවල් ඉස්සරහට දිගටම තියේවි කියලා..

    අදටත් මේ සිංදුව ඇහෙන කොට ඒ හැඟීම තාම එනවා...
    නපුන්සකයො, තම්බි, කොටි සහා සමලින්ගිකයො දැන් පිස්සු නටුවට.. මගේ රට කොහොම හරි ආරක්ශා වෙයි කියන හැඟීම තාම තියනවා...
     
    • Like
    Reactions: මම බෙනා

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    කන්ද උඩින් අරුණ නැගෙන හිමිදිරියේ..
    පුංචි නුඹේ ඔමරි සිනා මල් හසරැල්ලේ..
    සුබ දිනක් උදාවේ...
    ජීවිතේ කතාවේ...

    උදේ පාන්දර වැඩට යන ගමන් කෙල්ලව හම්බ වෙනව මහරගම දී (දැන් ඇය මගේ බිරිඳ ) ප්රශ්න ඔලුවෙ පිරිලා, හිතලා උදේ බස් එකේ තෙරපිලා හම්බවෙන්න මහරගමින් බැහැලා යනකොට එයා ඇවිත් හිනා වෙවී මං එනදිහා බලාගෙන ඉන්නවා... සේරම ප්රශ්න, තෙහෙට්ටු කොහේ යනවාද මන්දා...යුනියන් ප්ලෙස් එකට යනකම් මගෙ සන්තොෂම පැය 1 1\2.
     
    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    මේ බැදුණු සෙනේ කෙදිනද මා පවසන්නේ
    ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
    අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අභිසාරිකාවන්ගේ
    උන්මාද නෙත් අතරේ
    අයාලේ ගිය ජීවිතේ
    ඔබෙනි ඵල ගැනුනේ

    රාග ගිණි ජාලාවේ
    ප්‍රේමයේ උනුසුම් සුසුමේ
    වෙනද ඔබෙන ලැබුණේ
    අයාලේ ගිය ජීවිතේ
    ඔබෙනි ඵල ගැනුනේ

    ආදරය යන වදනේ
    මනුලොවේ මිනිසත් භවයේ
    මහිම ඔබෙනි දැනුනේ
    අයාලේ ගිය ජීවිතේ
    ඔබෙනි ඵල ගැනුනේ
     
    • Like
    Reactions: මම බෙනා

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බිඳුනු පෙම් හද නිවාලන්නට
    කඳුළ නුඹ ආ දා
    අඳුර රජයන හුදෙකලා හිත
    නුඹට පෙම් බැන්ඳා

    සරාගික වූ නෙතින් ගිලිහී
    ජීවිතෙන් පිදු ආදරේ
    නිමා වූ සිහිවටන පමණකි
    දෙනෙත් දෑලේ ඉදිවුනේ
    කඳුළ නුඹ පිපුණා
    දැවී ගිණිගත් පෙම් සුසානේ
    කඳුළු මල් පිපුණා

    ප්‍රේම ආතුරයන් වෙලා
    ජීවිතේ තනි මංසලේ
    දිනෙක ඇය මා අමුත්තන් සේ
    යළිත් හමුවේවී
    කඳුළ නුඹ නාඬන්
    දුරස් වන්නේ නැතේ නුඹ මා
    කඳුළ නුඹ නාඬන්
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    අම්මා නැති මට කිරි අම්මා වී.......

    අම්මා නැති මට කිරි අම්මා වී
    කරුවල ගෙදරට මිණි පහනක් වී
    දැනගත් දා සිට පෙරුම් පිරූවේ
    අක්කේ මම මතු සක්විති වෙයි සිතලා දෝ

    පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ
    උදේට ලිප ළඟ කඩයප්පන් ගොඩවේ
    දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
    පනමට දී මගෙ නැණ නෙත් පෑදූයේ

    මෝරා හද ගැබ පෙම්මල් නැහැ පිපුණේ
    ඉහිලා බඳවට ගෝමර ළතැවෙන්නේ
    බාල යොවුන් හඳ වැහැරී ගේ ඇතුලේ
    මා ලද ශිල්ප ද නුඹ හා එක මුල්ලේ

    ගේය පද - ලුෂන් බුලත්සිංහල
    සංගීත නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

    https://youtu.be/RVEwGntpi4c
     
    • Like
    Reactions: මම බෙනා

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මල් මල් හීනය සීතල උදයේ පැල්පත් මීදුම මැද ඇඳිලා..
    නිල වන් අහසේ පින් බර යුගයක රන්වන් රන්වන් හිරු නැගිලා

    නන්දා මාලිනී කියන මේක මට ඇහුනේ, යුද්දෙ ඉවර වෙලා ටික දවසකට පස්සේ.. එදා උදේන්ම මම වැඩට යමින් හිටියේ.. හෝමාගම ඉඳන් පිටකොටුව යන 138 බස් එකක.. ඒ වෙලාවෙ බස් එක මාකුඹුරේ හයිවෙ එක හරහා තිබුන වෙල මැදින් යනගමන් තිබ්බෙ.. එතකොට හයිවෙ එක හදලා තිබුනේ නෑ.. මාකුඹුර පිවිසුම තිබුන තැන තිබ්බෙ මහා විශාල වෙල්යායක්.. එක මැදින් තමයි 138 පාර තිබුනේ.. බස් වල ඔයවගෙ සින්දු යන්නෙ නැති උනත් ඒ බස් එකේ වෙළඳ සේවය දාලා තුබුනේ.. මට තවම මතකයි වෙල පැත්තට වෙන්න ඉර පායගෙන ඇවිත් තිබ්බා.. වෙල මීදුමෙන් වැහිලා තිබ්බේ.. පැල්පත් මුකුත් තිබ්බෙ නැති උනත් ඈතින් මීදුම අස්සෙන් නියර දිගේ පාරට එන මිනිස්සු ටිකක් නම් දැක්කා.. මට එද හිතුනා දැන්නම් රටේ ප්රශන් ඉවරයි.. අපේ ජාතියටම දැන් නිදහසේ ඉන්න පුලුවන්.. මේ වගේ උදයවල් ඉස්සරහට දිගටම තියේවි කියලා..

    අදටත් මේ සිංදුව ඇහෙන කොට ඒ හැඟීම තාම එනවා...
    නපුන්සකයො, තම්බි, කොටි සහා සමලින්ගිකයො දැන් පිස්සු නටුවට.. මගේ රට කොහොම හරි ආරක්ශා වෙයි කියන හැඟීම තාම තියනවා...

    කන්ද උඩින් අරුණ නැගෙන හිමිදිරියේ..
    පුංචි නුඹේ ඔමරි සිනා මල් හසරැල්ලේ..
    සුබ දිනක් උදාවේ...
    ජීවිතේ කතාවේ...

    උදේ පාන්දර වැඩට යන ගමන් කෙල්ලව හම්බ වෙනව මහරගම දී (දැන් ඇය මගේ බිරිඳ ) ප්රශ්න ඔලුවෙ පිරිලා, හිතලා උදේ බස් එකේ තෙරපිලා හම්බවෙන්න මහරගමින් බැහැලා යනකොට එයා ඇවිත් හිනා වෙවී මං එනදිහා බලාගෙන ඉන්නවා... සේරම ප්රශ්න, තෙහෙට්ටු කොහේ යනවාද මන්දා...යුනියන් ප්ලෙස් එකට යනකම් මගෙ සන්තොෂම පැය 1 1\2.

    Visual imageries :cool::cool:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන් සහස් සුවහස් පැතුම් බල මහිමෙන් ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම්...ඔබ, මැකී යනු මතකෙන්...

    සංසිඳුවා සිත පහන් කරන්නේමි මේ පෙම කුළුඳුල් පෙමය සිතා..
    එන්නෙමි පසුපස සංසාරේ කැපවෙමි ඔබ සිතු ගැනම සිතා

    බැඳි සෙනෙහස රන් රස මෙන් වේයා
    සිඳු කුස වන් ගං කොමලිය සේයා
    සිසිවත තුරුලෙහි සාමුව සේයා
    පතිනිය පති කුලයට පැමිනේයා.

    අදටවත් ඇහැට කඳුලක් එන්නෙ නැතුව ඔය සින්දු තුනෙන් එකක්වත් අහන්න බෑ මට..
     
    Last edited:

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    නුබ දුවෙකු උනත් මට පුතෙකු උනත් නුබෙ හිස පලදන්නේ
    වෙනසක් නැති එක ආදරයයි ආදරයයි ආදරයයි..

    සුදු ඇත් පොව්වෙක් සුදු පියුම සොඩින් ගෙන
    පදකුණු නොකලත් සිරියහනේ
    පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිදු
    මට රජ පැටියෙක්

    හන් කිති කවමින් කුසතුල සක්මන් කරනා
    නුබ දගයෙකු වී දැයි නිකමට මෙන් මට සිතේනා
    පැටියෝ.... නුබ දුවෙකු උනත් මට පුතෙකු උනත් නුබෙ හිස පලදන්නේ
    වෙනසක් නැති එක ආදරයයි ආදරයයි ආදරයයි..

    කුසතුල දරුවැයි මතු බුදුවන පෙරුමන් නෑ
    ලෙය කිරි කර පෙව්වැයි උදම් අනන්නට රිසි නෑ
    පැටියෝ.... නුබ දුවෙකු උනත් මට පුතෙකු උනත් මා නුබට පුදන්නේ
    සැබෑව දිදුලන ජීවිතයයි ජීවිතයයි ජීවිතයයි..

    • Like
    Reactions: මම බෙනා

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ

    ඇත්තටම ලස්සනයි මචන්
    9.gif
    9.gif
    9.gif
    9.gif

    රෙප් මචන්, :)
     
    • Like
    Reactions: hirugalbandara

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මල් මල් හීනය සීතල උදයේ පැල්පත් මීදුම මැද ඇඳිලා..
    නිල වන් අහසේ පින් බර යුගයක රන්වන් රන්වන් හිරු නැගිලා

    නන්දා මාලිනී කියන මේක මට ඇහුනේ, යුද්දෙ ඉවර වෙලා ටික දවසකට පස්සේ.. එදා උදේන්ම මම වැඩට යමින් හිටියේ.. හෝමාගම ඉඳන් පිටකොටුව යන 138 බස් එකක.. ඒ වෙලාවෙ බස් එක මාකුඹුරේ හයිවෙ එක හරහා තිබුන වෙල මැදින් යනගමන් තිබ්බෙ.. එතකොට හයිවෙ එක හදලා තිබුනේ නෑ.. මාකුඹුර පිවිසුම තිබුන තැන තිබ්බෙ මහා විශාල වෙල්යායක්.. එක මැදින් තමයි 138 පාර තිබුනේ.. බස් වල ඔයවගෙ සින්දු යන්නෙ නැති උනත් ඒ බස් එකේ වෙළඳ සේවය දාලා තුබුනේ.. මට තවම මතකයි වෙල පැත්තට වෙන්න ඉර පායගෙන ඇවිත් තිබ්බා.. වෙල මීදුමෙන් වැහිලා තිබ්බේ.. පැල්පත් මුකුත් තිබ්බෙ නැති උනත් ඈතින් මීදුම අස්සෙන් නියර දිගේ පාරට එන මිනිස්සු ටිකක් නම් දැක්කා.. මට එද හිතුනා දැන්නම් රටේ ප්රශන් ඉවරයි.. අපේ ජාතියටම දැන් නිදහසේ ඉන්න පුලුවන්.. මේ වගේ උදයවල් ඉස්සරහට දිගටම තියේවි කියලා..

    අදටත් මේ සිංදුව ඇහෙන කොට ඒ හැඟීම තාම එනවා...
    නපුන්සකයො, තම්බි, කොටි සහා සමලින්ගිකයො දැන් පිස්සු නටුවට.. මගේ රට කොහොම හරි ආරක්ශා වෙයි කියන හැඟීම තාම තියනවා...

    ශා ඔයා මාර දර්ශනයක්නේ දැකලා තියෙන්නේ ආ...
    9.gif

    මටත් නිකන් මැවිලා පෙනුනා කියලා තියෙන විදිහට. :)
    ඔයා කියන කතාවනම් 100% ඇත්ත
    රෙප් මචන් :)
     
    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    ආශා නිරාශා මැවු
    ඈ ස්වප්න මායාවකි
    ස්නේහේ ගගුල් ප්‍රෙමේ තැවුල්
    මැව් ඉන්ද්‍රජාලේ ඇයයි...

    නිරාශා නිරාශා
    :(:(:(